IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හිතුවොත් මොනවද කරන්න බැරි?

SAN_8358

 

මේ ශ්‍රීමාලි ෆොන්සේකා ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තේ, 2012 ආසියානු විවාහක රූ රැජිණ වීමත් සමගයි. නමුත් ඊට පෙර සිටම ඇය වෙළඳ දැන්වීම්වලට පෙනීසිටි බව කියන්න පුළුවනි. ඇත්තම කිව්වොත් ශ්‍රීමාලි ගැන බොහෝ දෙනා කතා වෙන්නේ එයා මේ දක්වා පෙනී සිටි දැන්වීම් නිසයි. ”ඊසියි-ලේසියි” වොෂින් මැෂින් දැන්වීම වගේම ලක්ෂපාන දැන්වීමේ විල්සන් අංකල්ගේ නෝනා වූ ශ්‍රීමාලි ගැන මේ දිනවල නම් බොහෝ අය කතා වන්නේ සෙව්වන්දි ටීචර් නිසයි. ඒ සියල්ලට අමතරව රූපලාවන්‍ය ශිල්පිනියක ලෙසත් අද ඇය අතිශයින්ම කාර්්‍යබහුලයි. දැන්වීම්, ටෙලිනාට්‍ය, රූපාලවන්‍ය වගේම නිරූපණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රකටව සිටින ශ්‍රීමාලි සඳැල්ල හැඩ කළ මොහොතකි මේ.

 


0101 ශ්‍රීමාලි, ඊසියි-ලේසියි කියන්නද? සෙව්වන්දි ටීචර් කියන්නද?
මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ රාත‍්‍රී 8ට විකාශය කෙරෙන, ශාන්ත සොයිසාගේ මේඝා නාට්‍යයේ සෙව්වන්දි ටීචර්ට ලැබෙන ප‍්‍රතිචාර ඉහළයි. මේ දක්වා මා ගැන බොහෝ දෙනා කතා කළේ දැන්වීම් නිසයි. ඒත් දැන් මේ ටෙලිනාට්‍යයේ චරිතය නිසා බොහෝ දෙනාගෙන් ඊට ලැබෙන්නෙ හොඳ ප‍්‍රතිචාර. එහි රණා (බිමල්) නමැති දඩබ්බර ගති ඇති තරුණයා හොඳමගට ගැනීමට වෙහෙසන චරිතයක්. එයා මට විතරයි මෙල්ල වෙන්නෙ. 


 

  0101ඔබ ක්ෂේත‍්‍රයට පැමිණියේ රූපලාවන්‍ය ශිල්පිනියක ලෙසයි. දැන් ඒ කටයුතුවලට මුල්තැන දෙන්නෙ නැද්ද?

මේ මොනදේ කළත් ශ්‍රීමාලි වැඩියෙන් තැන දෙන්නෙ රූපලාවන්‍ය වැඩවලටයි. රඟපෑමේ අංශයට මම ආසයි. විකාශය වූ ”ඉස්සර හට යන්න” ටෙලි නාට්‍යයෙන් තමයි පටන් ගත්තෙ. ඒ නාට්‍ය වගේම එහි රඟපෑ චරිතයත් ජනප‍්‍රිය වුණා. ඉතා හොඳින් මේ සියලූ කටයුතු කරගෙන යනවා.

 


0101 ”සෙව්වන්දි” චරිතය ලැබුණෙ කොහොමද? 
සෙව්වන්දි අහිසංක තරුණියක්. එයා බැ?රුම් වෙන්නෙ රණා නිසයි. මෙහි ප‍්‍රධාන චරිතයට මාව තෝරා ගැනීම ගැන ශාන්ත සොයිසා මහතාට ස්තූතිවන්ත වෙනවා.

 

SAN_83630101

 ආසියානු විවාහක රූ රැජින වීමෙන් පසු වෙනත් රූ රැජින තරගවලට නොගියේ ඇයි? 
ආසියානු කලාපයේ විවාහක රූ රැුජින තරගයෙන් ජයග‍්‍රහණය කළ පසු, තවත් තරඟ සඳහා අවස්ථා ලැබුණා. නමුත් රූපලාවන්‍ය වැඩ නිසා ඒවා අතරමග නතර වුණා. ඉන්පසු රූපලාවන්‍ය කටයුතු සහ දැන්වීම් නිරූපණයට නිරන්තරයෙන් දායක වුණා. 

 


0101 මේ දිනවල දැන්වීම් කීයක් විතර ප‍්‍රචාරය වෙනවද?
කලකට පෙරදී මම දායක වූ මැලිබන් නයිස්, ගුඞ් නයිට් මදුරු කොයිල්, ලක්ෂපාන සහ ඊසියිxලේසියි (සිංගර්) නිතර ප‍්‍රචාරය වෙනවා.

 


0101 රඟපෑම, දැන්වීම් නිරූපණය, රූපලාවන්‍ය කටයුතුවලට අමතරව රූපවාහිනී නිවේදනයට එක්වෙනවා නේද?
ස්වර්ණවාහිනී ආයතනයේ ”වෙඩින්” ප්‍රෝග‍්‍රෑම් එක සහ බ‍්‍රහස්පතින්දා දෙකයි-දෙක ප්‍රෝග‍්‍රෑම් එක ඉදිරිපත් කරන්න ලැබුණා.

 

0101 මේ ඔක්කොම කරන්න කාලය තියෙනවද?
හිතුවොත් මොනවද කරන්න බැරි? කාලයෙන් උපරිම ප‍්‍රයෝජන ගන්න  ඕනෑ. අවස්ථා ලැබුණාම ඊට ගරුකරන්න  ඕනෑ. ඒ අතින් මම හරි වාසනාවන්තයි. මේ ලැබුණු අවස්ථාවලට ගරු කරනවා. 

 

SAN_8310

0101 යාළුවෝ ඔබට කතා කරන්න ශ්‍රී කියලා නේද?
හැමෝම කියන්නෙ ‘ශ්‍රී’ කියලයි.

 

0101 ‘ශ්‍රී’ කොහොම කෙනෙක්ද?
දඟකාරයි. ඒ වගේම කටකාරයි කියලත් හිතෙනවා.

 

0101 එහෙම වීම හොඳද?
වැරදි දේ නොකර හරි දේ වෙනුවෙන් එහෙම වීම වරදක් නෙවෙයි. හරි දේ කරලා ජීවිතය සැහැල්ලූවෙන් ගෙවන්න ආසයි.

 

0101 මොකද නිතරම සිංගප්පූරුවට යන්නෙ?
මේ මගේ ලස්සන ශ්‍රී ලංකාව හැර මම ආසම අනෙක් රට සිංගප්පූරුවයි. නිවාඩුව එහි ගතකරන්න හරිම ආසයි. නමුත් වැඩිපුරම එහි යන්නෙ වෙඩින් එකට පෙර කෙරෙන ෆ‍්‍රී-ෂූට් නිසයි.

 

0101

 ඔබ බොලිවුඞ් නිළි ‘රාණි මුඛර්ජි’ වගේ කියලත් කියනවා නේද?

යාළුවෝ නම් කියන්නෙ එහෙමයි.

 

0101 ඇය හමු වී තිබෙනවාද? 
කතා කරලා නැහැ. දැකලා තියෙනවා.

 

0101 බොලිවුඩයේ ප‍්‍රකට නිළියකට රූපලාවන්‍ය කටයුතු කිරීමට අවස්ථාවක් ලැබී තිබෙන බවටත් ආරංචියි. ඒක ඇත්තද? 
ඒක දැනට රහසක්. පසුව කියන්නම්.

 

sadun-gamage-new



අදහස් (0)

හිතුවොත් මොනවද කරන්න බැරි?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 175 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 179 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1380 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 357 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 793 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 513 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24438 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site