IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


“හතළිස් වසරකින් බැරි වූ දේ දස මාසෙන් කළා“

 “අවුරුදු 40ක් තිස්සේ ජනතාව ඉල්ලූ දේශපාලන ප්‍ර‍තිසංස්කරණ අපි මාස 10න් දුන්නා. 19වන ව්‍යවස්ථා සංශෝධනය ඉක්මනින්ම කළා. ස්වාධීන කොමිෂන් සභා නවයක් දැන් පත් කරලා තියෙනවා“යැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අද ඉමදුව නව නගර සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීවෙන් අනතුරුව කියා සිටියේය.

“මේ යටතේ ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන පොළිස් කොමිසම ඇතුළු  කොමිෂන් සභා ඇති කළා. ඒ මගින් රාජ්‍ය පාලනය වඩාත් ප්‍ර‍ජාතාන්ත්‍රීය ක්‍ර‍මයකට ගෙන ඒමට හැකි වනවා. කළින්  ස්වාධීන පත්කිරීම් තිබුණේ නැහැ. ඒවා කලේ පෞද්ගලික හිතවත්කම් වලට හා බලපෑම් වලට අනුව. නමුත් අපි පාර්ලිමේන්තුවේ ඇති කරපු ව්‍යවස්ථා සභාව මගින් මෙම පත්කිරීම් කලා. දැනට තියෙන්නේ ප්‍ර‍ධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා පවත්වාගෙන යන රජයක්. පසුගිය මැතිවරණයෙන් වැඩි බලයක් පක්ෂ දෙකටම ලැබුණේ නැහැ. ඒකෙන් මේ රටේ ජනතාව පෙන්නුවෙ ප්‍ර‍ධාන පක්ෂ දෙක එකතුවෙලා මේ රට ගොඩනැගීමේ අවශ්‍යතාවය. මේ අනුව  දියුණු සංවර්ධිත රටවල ගති ලක්ෂණ මැතිවරණ සංස්කෘතිය තුළ  ඇති කිරීමට අපට හැකි වුණා. දේශපාලන පළිගැනීම් නැතිකර විනය ගරුක බව ඇති කළා.

 



අදහස් (0)

“හතළිස් වසරකින් බැරි වූ දේ දස මාසෙන් කළා“

විජිත් Saturday, 21 November 2015 04:17 PM

දැන් අපි මෝඩ නැහැ. ඒගොල්ලොයි මේගොල්ලොයි කියන්නේ එකම කාසියක දෙපැත්තක් කියලා දැන් අපි තේරුම්ගෙන අවසානයි (නි)

:       0       0

දිසානායක Saturday, 21 November 2015 04:24 PM

තේරුණේ දැන් තමයි. (නි)

:       0       0

සමන් Saturday, 21 November 2015 04:22 PM

ඒක අපිට පෙනෙනවා ... (නි)

:       0       0

ස්ටැන්ලි Saturday, 21 November 2015 04:27 PM

ඒක ඇත්ත. දැන් සියල්ල අංගසම්පූර්ණයි. ඒක හැමෝටම දැන් තේරිලා තියෙන්නේ (නි)

:       0       0

තිලක් Saturday, 21 November 2015 05:00 PM

තව අටුවා ටීකා මොකටද? දන්නෝ හොඳටම දනිති. අවශ්‍ය වෙලාවට මිනිස්සු අවශ්‍ය දේ කරාවි (නි)

:       0       0

සුනෙත් Saturday, 21 November 2015 05:26 PM

නැතුව නැතුව... ඒ කතාව සහතික ඇත්ත (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Saturday, 21 November 2015 06:15 PM

ඔබතුමාට ජාතියේ ප්‍රණාමය පිදිය යුතුය. පෙර ජනපතිතුමාගේ අමිල සේවය බොහෝවිට මහජනයාට අමතකවුයේ එතුමා වටා සිටි අයගේ අනුවණකම් නිසා බැවින් අවස්ථාවාදින්ගේ යෝජනා ගැන සාවධානයෙන් සිටිය යුතුය (නි)

:       0       0

කාමිණි කෞශල්‍යා Saturday, 21 November 2015 06:28 PM

හේරත්, වාහන දුම් පරීක්ෂාව මම නම් අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Saturday, 21 November 2015 06:29 PM

හොරු අල්ලන එක පළිගැනීමක්ද? ඇල්ලුවත් වැරදියි. නොඇල්ලුවත් වැරදියි. පුදුම කතාවක්නේ. අනික රටක් පාලනය වෙන්නේ බදු වලින් (නි)

:       0       0

විජිත් Saturday, 21 November 2015 06:41 PM

මහත්මයාණෙනි, ඔබතුමාට මම ලක්වැසියෙකු වශයෙන් ගෞරව කරනවා. ඔබ අපේ රටේ ජනාධිපතිවරයා. නමුත් අප හදවත් තුළ විශ්වාසය ඇතිකිරීම ඔබ විසින් කළයුතුයි (නි)

:       0       0

කොස්වත්ත Saturday, 21 November 2015 07:53 PM

ජයවේවා! (නි)

:       0       0

වින්සන්ට් Saturday, 21 November 2015 09:43 PM

ජනතාව බලාපොරොත්තු තැබූ තරමට යමක් ජනතාවට නොලැබුනත්, නිවැරදි මඟක යාමට එතුමා ගන්නා උත්සාහයක් පෙනෙන්නට ඇත. ඒ සඳහා යම් ප්‍රසාදයක් එතුමාට හිමිවිය යුතුය. විරුද්ධ දේශපාලන මත දරන්නන් සමඟ හෝ අවශ්‍ය දේශපාලන අරමුණ වෙත යාමට ගන්නා උත්සාහයක් එතුමාගෙන් මම දකිමි. (නි)

:       0       0

කමල් Saturday, 21 November 2015 09:45 PM

හොඳ කතාවක් (නි)

:       0       0

රොක්සි Sunday, 22 November 2015 01:02 AM

මොහාන්, රජ කාලේ රුහුණු, මායා, පිහිටි කියලා තුනක් තිබුනා නේද? ඒත් මිනිස්සු ජීවත්වුණා. (නි)

:       0       0

ජෝශප් Sunday, 22 November 2015 01:44 AM

වෙන මොනවායෙන් බදු අයකළත් කමක් නැහැ, කන බොන දේවල් වලින් බදු අයකරන එක සම්පුර්ණයෙන් නවත්වන්න (නි)

:       0       0

දිනේෂ් Sunday, 22 November 2015 03:07 AM

හතළිස් වසරක් කියන්නේ 1975 ඉඳලා අද වෙනතුරු කාලය. එයින් අවුරුදු තිහක්ම රට හිරවුණේ ත්‍රස්තවාදයක් නිසයි. (නි)

:       0       0

සිරි Sunday, 22 November 2015 03:31 AM

කමක් නැහැ. මොන අඩුපාඩු වුණත් පවුල් පාලනය පැරදුවනේ. ඒ හොඳටම ඇති. (නි)

:       0       0

යාපා Sunday, 22 November 2015 05:54 AM

අපි කැමති නැහැ මේවා ගැන කතාකරන්නවත් (නි)

:       0       0

සත්‍යපාල Sunday, 22 November 2015 06:34 AM

රොක්සි, අතපය නැතුව කවුරුහරි ජීවත්වුණා කියලා හොඳට තිබෙන අතපය අනෙක් අය කපලා දානවද? මොළේ කළඳක් නැති රොක්සිලා වගේ අය ටික දෙනෙක් ඉන්නවා කියලා රටේ වෙන දේවල් දැනෙන ඔලුව තිබෙන අයගේ මොළ ගළවලා දාන්නද කියන්නේ? බෙදුන රටක් එකතු කරනවා මිසක් රටක් බෙදලා හැමදාම යුද්ධ කරමින් ඉන්නද කියන්නේ? (නි)

:       0       0

නිලන්ත Sunday, 22 November 2015 07:21 AM

අපිත් දැන් රටේ ලොකු වෙනසක් දකිනවා (නි)

:       0       0

ටිකිරි Sunday, 22 November 2015 08:19 AM

ඔබතුමා අපිට විශ්වාසයි (නි)

:       0       0

කමනි Sunday, 22 November 2015 08:30 AM

වින්සන්ට් සමග එකඟවෙමි. අඩුපාඩු ගණනාවක් මැද වුවද රට යහමඟට ගැනීමට, රටේ නීතියට ගරුත්වය ඇතිකිරීමට යම් උත්සාහයක්වත් දරනු පෙනේ. සෙමින් සෙමින් හෝ යමක් සිදුවීම රට දිගින් දිගටම සාමාජයීය, දේශපාලන සහ සංස්කෘතික වශයෙන් ශීඝ්‍රයෙන් පිරිහෙනවාට වඩා හොඳය. (නි)

:       0       0

මාලික Sunday, 22 November 2015 08:34 AM

ඒක නම් අපිට හොඳට පෙනෙන්න තිබෙනවා (නි)

:       0       0

නිලන්ත Sunday, 22 November 2015 09:00 AM

ජනතාව ගෙදර යවපු අයත් අරගෙන මොනවද මේ කරන්නේ? (නි)

:       0       0

කුමාර Sunday, 22 November 2015 10:03 AM

දස මාසෙන් කළ හරිය හොඳටම ඇති (නි)

:       0       0

විජේපාල Sunday, 22 November 2015 10:46 AM

ඒක නම් අපිත් පිළිගන්නවා (නි)

:       0       0

අකලංක Sunday, 22 November 2015 11:24 AM

සහතික ඇත්ත (නි)

:       0       0

ඩෙන්සිල් Saturday, 21 November 2015 01:04 PM

ජනාදිපතිතුමනි බොහොම හොඳයි. දැන් අධිකරණය සුද්ද කරලා ස්වාධීන කරන්න, තොරතුරු දැන ගැනීමේ පනත ගෙනවිත් නීතිපති අංශයත් එයට ඇතුලත් කරන්න. (ස)

:       0       0

සමන් Saturday, 21 November 2015 02:04 PM

කියල වැඩක් නැහැ ,හොඳටම තෙරෙනේවා දැන් නම්. (ස)

:       0       0

සමරජීව Saturday, 21 November 2015 02:08 PM

කෑම බීමවලින් බදු ඉවත් කරගන්න නම් තාමත් බැරි උනා. (ස)

:       0       0

සනුකි Saturday, 21 November 2015 02:13 PM

ඇමති මණ්ඩලය 20 ට අඩු කරලා, රජයේ වියදම් අඩු කරලා ඒ ඉතුරුවෙන් බඩු අඩු කරන පොරොන්දුවට මොකද වෙන්නේ ? (ස)

:       0       0

අබේවංශ Saturday, 21 November 2015 02:14 PM

බොහොම හොඳයි. පැරදුන අයත් පාර්ලිමේන්තුවේ. එහෙම කරපු ලෝකයේම පළමු රට මේක. (ස)

:       0       0

ප්‍ර‍සන්න Saturday, 21 November 2015 02:14 PM

මේ වගේ දේසපාලන පලිගැනීම් කිසිමදාක අපේ රටේ සිදුවෙලා නැහැ. (ස)

:       0       0

අසංග Saturday, 21 November 2015 02:23 PM

කටින් බතල හිටවනවා විතරයි. කරපු දෙයක් නැහැ. (ස)

:       0       0

හේරත් Saturday, 21 November 2015 02:30 PM

ගරු ජනාධිපතිතුමනි , ලංකාවේ දැනට පවතින දේශපාලනික හිතවත්කම් මත විවිදාකාරයේ පර්මිට් ලබා දීම සම්පුර්ණයෙන් නතර කරන්න. වසරෙන් වසර මේ පර්මිට් ප්‍රසිද්ද වෙන්දේසියේ දමා වැඩිම ඉල්ලුම් කරුට ලබා දී රජයට ආදායමක් ලබා ගන්න. උදාහරණ විදිහට වාහන දුම් පරීක්ෂාව සිදු කරන ආයතන, පෙට්රෝල් ෂෙඩ්, බාර්, මෙකි නොකී සියල්ල. (ස)

:       0       0

මොහාන් Saturday, 21 November 2015 02:39 PM

ඇයි එක රට දෙකක් කරන එක. (ස)

:       0       0

බාලසූරිය Saturday, 21 November 2015 02:55 PM

ඔබට ජය වේවා මැතිඳුනි! (නි)

:       0       0

ලහිරු Saturday, 21 November 2015 02:54 PM

ජය වේවා! (නි)

:       0       0

පුෂ්ප Saturday, 21 November 2015 03:24 PM

රටේ වාසනාවටයි ඔබ පහළවුණේ (නි)

:       0       0

සෑම් Saturday, 21 November 2015 03:56 PM

අපේ රට ටිකෙන් ටික දියුණුවෙනවා නම් අපිත් කැමතියි (නි)

:       0       0

මනෝජ් Saturday, 21 November 2015 04:04 PM

ඔබතුමා ගැන අපිට විශ්වාසයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2694 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2348 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2925 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5849 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1969 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6657 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18599 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site