රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ වර්ජනය සඳුදා උදේ අවසන් කරන බව එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියති.
සුතිකා පුහුණුව පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට දීමටට එරෙහිව ඔවුහු මේ වර්ජනය ගිය සතියේ ඇරැඹුහ.
වර්ජනය නිසා රෝගීහු දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති.
හෙදි ප්‍රශ්නය ගැන සෞඛ්‍ය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ සමග සාකච්ඡා කිරීමට භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර පත් කැර අතැයි ද ආනන්ද හිමියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නායක කම් කරන හාමුදුරුවන්ට අපේ ප්‍රේමදාස මහත්මය දුන්නේ එක කෝල් එකයි. ආය කවදාවත් ස්ට්‍රයික් කලේ නැහැ කෂාය බීපු ගොළුවෝ වගේ වැඩකලා. කුඩු මිරිස් කාපු රිලව් වගේ හිටියා. දැන් තමයි පටන් අරන් තියෙන්නේ. (ස)
එක් එක් වෘත්තීයනට අනන්‍ය වූ පුහුණුවක් සෞඛ්‍ය සේවයේ සේවාවන්ට ඇත. හෙදියන් දත කන්නේ උකහා ගත හැකි සියලුම දේ දේශපාලන හයියද අතැතිව ලබාගෙන වසර තුන පුහුණුව වසර 4 කර ගනිමින් වසර 5ක උපාධියට ගොස් වෛද්‍ය එම් බී බී එස් උපාධියට සමවී සම අයිතිවාසිකම් ලබාගැනීමටයි. වෛද්‍ය සංගමය පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට අතහිත දෙන්නේ ඹවුනට ඇති ආදරයට නොව මේ අභියෝගය දන්නා බැවිනි. ඉහත අදහස් දැක්වූ සමහර අයකුට අනුව අධ්‍යාපනය සැමට හිමිනම් පවුල් සෞඛ්‍ය සේවිකාවනට වාට්ටු කළමණාකරණය වැනි හෙදියන්ගේ ප්‍රධාන රාජකාරියක් වැනි පුහුණුවක් දෙන්න කියන්න බලන්න. හෙදියන් මීට වඩා දරුණු ක්‍රියාවනට යන හැටි බලන්න. මා සෞඛ්‍ය සේවයේම කෙනෙක්. හැබැයි මේ සේවාවන් 3ටම අදාල නැත.මම නම් කියන්නේ හෙදියනට මෙම පුහුණුවත් ප.සෞ.සේවිකාවනට හෙදි පුහුණුවත්(මොකද මේ දෙකම දැන් බදවා ගන්නේ සමාන සුදුසුකම් වලින්) දීලා සේවාවන් දෙකම ඒකාබද්ධ කර පුහුණු කාළය වසර 3ම කරලා තිබ්බානම් හරි.හැබැයි හෙදියන් මේකට කැමති වෙන්නේ නැහැ. මොනවාද ඔට්ටු? (ස)
රටේ බුද්ධිමත් ජනතාව වටහා ගත යුතු වැදගත්ම කාරණය තමයි, මේ හෙදියන් වැඩ වර්ජනය කරන්නේ ඇයිද කියන කාරණාව. මොවුන් මෙම වර්ජනය සිදුකරන්නේ,"පවුල් සෞඛ්‍ය සේවිකාවන් හට සුතිකා පුහුණුව ලබා දීමට එරෙහිවයි" කියන එක පවූල් සෞඛ්‍යය සේවිකාවන් ගේ හිත් තුලට දොස්තර සංගමය දැමු අදහසක් බව.මෙය හුදෙක් ඊර්ෂ්‍යාව, කුහකත්වය මුසුවූ අදහසකි.හෙදියන්ට මෙම පුහුණුව කාලයක් තිස්සේ දුන් එකක්. පවුල් සෞඛ්‍ය සේවිකාවන් සඳහා පමණක් දුන් බව කියමින් ජනතාව නොමග යවන්න එපා.හෙදියන්ට කෙරෙන මෙම පුහුණුව හා එම කාර්යය ඔවුන්ට නුසුදුසු හා නොගැලපේ යන්න දොස්තරලා සහ පවූල් සෞඛ්‍යය සේවිකාවන් තීරණය කරන්නේ කුමන පදනමක් මතද? (ස)
අශිනි, ඔබ අනිවාර්යයෙන් හෙදියක්..! මම ඉහත කී අදහස බලන්න. එය බොරුද? ඔය කී පුහුණුව මීට කලින් දෙන්න ඇති. නමුත් ඒ අවුරුදු 3හි පුහුණුව තුල නේද? අමතර මාස 5ක පුහුණුවක් ලෙස නොවේ නේද? මම හරිද? මගේ කලින් අදහස ගැන මොකද කියන්නේ? (ස)
නෝනා මගේ නර්ස් නෝනා.... ඇයි ඔබ එහෙම කරන්නේ (ස)
හොදටම තේරෙනවා "අෂිනි" කියන්නේ හෙදියක් කියල. අනේ අපේ ලෙඩ්ඩුන්ට දෙයියන්ගේම පිහිටයි. (ස)
තනිකර පිස්සු ලෝකයක්. (ස)
මෙයට අදහස් දක්වපු අය හරියට මේ ගැන දන්නේ නෑ කියල තමයි මට කියන්න තියෙන්නේ .හෙදියෝ ඉල්ලන්නේ ඔවුන්ට අංග සම්පුර්ණ හෙදියක් වීමට ඕනේ කරන පුහුණුවක් .ඒ මගින් හොඳ දෙනුමක් එනවා .එක රෝගීන්ගේ යහපතට හේතු වෙනවා. එම සුතික පුහුණුව අනිත් රටවල් වල ඉන්න හෙදියන්ට දෙනවා .එ්ක පිට රටවල් වල ඉන්න අපි දන්නවා .කොතරම් කුහකද කියන්නේ ලංකාවේ දොස්තරලා මේකට කැමති නැහැ. ඒ අය හිතන් ඉන්නේ හෙදියෝ මේ පුහුණුව අරගෙන ඒ අයගේ පඩිය ගනී කියල .එ්ක හොඳට පේනවා සම සෞඛ්‍යපුහුණුවට කරන දේ බලපුහම .ලංකාවේ දොස්තරලා ඒ තරම් පහත් තැනට වැටිලා .මේවා ලංකාවේ අය දන්නේ නැහැ. (ස)
අනේ මේ...අහින්සක අපිට පෞද්ගලික රෝහල් වලට යන්න බැරි නිසා තමයි සියලු දුක් අපහස විඳගෙන රජයේ රොහල් වලට එන්නේ. මම මගේ තාත්තා එක්ක දැනට අවුරුදු ගානක් ඕවයේ බඩගානවා... සල්ලි නැති නිසා පිටින් කරගන්න... ඔය සුද්දවන්ත නර්ස් නෝනල අපිට සලකන්නේ පින් ලෙඩ්ඩු ගානට... මනුස්සකමක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද...අපිව බිල්ලට ගන්නේ නැතිව ඔන ඉලව්වක් කරගන්න... පව් පුරව ගන්නේ නැතිව තවත්...(ස)
වැඩ වරුවට කමක් නැහැ සාධාරණව. එත් භික්ෂුන් වහන්සේ නමක් සංගමයේ සභාපති වෙලා නායකත්වය දෙන්නේ වැරදි වැඩ වලට. බුදුන් වහන්සේ කිව්වද මෙහෙම කරන්න කියල? (ස)
මුදලට නොවිකිනෙන එකම සේවය හෙද සේවයයි. හෙදියන්ට උපාධියක් ලැබෙනවට අකමැති කොටස වෛද්‍යවරුන්. එයට හේතුව උපාධියක් තිබිය යුත්තේ වෛද්‍යවරුන්ට පමණක් බව ඔවුන් හිතනවා විය හැක. අක්ෂි පටලයෙන් බෙහෙත් ටිකෙන් කොමිස් ගහන වෛද්‍යවරුන් ඉන්න රටක හෙදියන් ගෙන යන අරගලය එක අතකට සාදාරනයි. (දී)
ශක්ති ට , හරි දැන් එතකොට ඔය කියන සූතිකා පුහුණුව විතරක් ලබලා ලංකාවේ හැම ගමකම . රෝහලකම ඉන්න පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ පුහුණුව උදුරලා හෙදියන්ට දුන්නම හරි කියලද ඔබතුමා කියන්නේ? දැනටත් මම දන්න විදිහට හෙදියන්ට මේ සම්බන්ධව පුහුණුවක් තියෙනවා. ඒ නිසා දැනුම සම්බන්ධව ගැටළුවක්මද මෙතන තියෙන්නේ? ඉහත අදහස් දක්වපු නිදැසි(නිදසි) මයා/මිය මේ සම්බන්ධව කියලා තියෙන අදහස් වලට මමත් 100%ක්ම එකගයි. යමෙක් සියලුම දැනුම ගත්තාට කමක් නෑ. නමුත් තමාට හැමදේම කරන්න බෑ. එහෙම පුළුවන්නම් කළා/වාණිජ/විද්‍යා ඔින විෂය ධාරාවකින් උ/පෙ කරපු අයව දැන් හෙදියන් ලෙස බදවා නොගන්නේ ඇයි?(ඉස්සර නම් සා/පෙන් ගත්තත් දැන් ගන්නේ විද්‍යා එස් තුනට) ඇයි ඒ? ඉස්සර හෙදියන්ට සා/පෙන් පුළුවන් දේ දැන් සා/පෙ හෝ කළා/වාණිජ අයට බැරි ඇයි? මොනවද මිනිස් ශරීරයේ වෙනස් වෙලා තියෙන්නේ? සියලුම වෛද්‍යවරැන්ට උනත් සියලු රෝග ගැන උපරිම දැනුමක් දෙන්නේ නැහැ නේද? ඒකෙන් යම් හැකියාවන් සහිතම පිරිස් තෝරාගෙන නේද කායික රෝග විශේෂඥ, ළමා රෝග විශේෂඥ, ස්නායු රෝග විශේෂඥ, නාරි රෝග විශේෂඥ, ශල්‍ය රෝග විශේෂඥ, ආදී ලෙස පුහුණු කරන්නේ? තමන්ගේ සමාන වෘත්තීන් යට කරගෙන ඉහල තියෙන වෘත්තියේ මට්ටමට පැනීමට අසරණ රෝගීන් බිලි ගැනීම සුදුසුද? තිබෙන්නේ සූතිකාගාර ප්‍රශ්ණයක්නම් වර්ජන අදාල විය යුත්තේ සූතිකාගාරවලට නේද? පිළිකා රෝගීන්. වකුගඩු රෝගීන්. ළමා රෝගින්. ශල්‍යාගාර මෙයට අදාල වන්නේ කෙසේද? සියලුම පාඨකයිනි සිතන්න. මේ කරන්නේ අනුන්ගේ ඉඩමක කෙසෙල් කැන් කැපීමෙන් පෝසත් වීමට දරන උත්සාහයක්! තමන්ගේ වත්තේ කෙසෙල් පොහොර යොදා සරු කර ගන්න නේද ඕන? අර කිව්වා වගේ වෛද්‍යවරැන්ටත් කරන්න දෙයක් නැහැ හෙද ප.සෞ.ෆස්විකා එකම ශ්‍රෙණියක් කරානම්. එතකොට සම සෞඛ්‍ය ප්‍රශ්නෙත් විසදාගත හැකියි. ඒ වගේම අතුරැ වෛද්‍ය සේවාවන්ද ඒකම පුහුණුවක් යටතට ගෙනවිත් වෛද්‍ය උපාධිය අවු 5=හෙදි පවුල් සෞ.සේ උපාධිය අවුැදු 5=අතුරු වෛද්‍ය පොදු උපාධිය අවු 5 කරලා එකම විදිහට ගෙවීම් කරලා පරිපාලනය පරිපාලන නිළධාරීන්ට පැවරැවානම් සෞඛ්‍ය සේවයේ ගැටළු 90%ක් විසදෙනවාමයි(දී)
ගරු ආනන්ද හාමුදුරුවනේ....මෙය ඔබතුමාට යොමු කරන්නේ...බුදුන් මේ වකවානුවේ වෑඩසිටියානම් ඔබවහන්සේ ඒ උත්තමයාට වෑඩවර්ජනය ගෑනත් , ඉන් අසරණ වන රෝගින් ගෑනත් කිමෙක්ද දෙසන්නේ. ඔය වුර්තිය සමිතිවලට ගිහින් රෝගින්ට ඈප උපස්තාන කිරීමෙන් වෑලකිලා සංසාරෙ අකුසල් පුරවා ගන්න එපා. මිසීලටත් දෙසන්න තියෙන්නේ ඒටිකම තමා. වින්නඹු මාතාවන්ටත් එක්ක. (දී)
හෙදියක් පුහුනුකරන්න අවරුදු 3 කට ලක්ෂ 21යි , එතකොට තව අවුරුද්දක් වැඩිකලාම ලක්ෂ 28යි , කාගේද මේ සල්ලි ? (දී)
තමන්ගේ ඉල්ලීම් ගන්න අහිංසක අසරණ වෙච්චි රෝගීන් බිල්ලට දෙන වැඩේටනම් මම විරුද්දයි (දී)
ලෝකෙ කිසිම රටක නොකරන වැඩක් නොවැ මෙ කොරන්නෙ (දී)
හාමුදුරුවනේ, අසරණ රෝගීන් වෙනුවෙන් සංගමයක් හදන්නකෝ. එක්සත් රෝගී සංගමය කියලා. රෝගීන් වෙනුවෙන් කතා කරන්න කවුරුවත් නැහැ. මොන සංගමයක්වත් නැහැ. එකල බුද්ධ පුත්‍රයෝ කළේ රෝගීන්ට සත්කාර කරන එක. (ස)
මෙම පුද්ගලයන්ගේ නොහිබිනා වැඩ නවතා දමා දහසක් අසරණයන්ගේ ජීවිත රැක දෙන්න. (දී)
මේ හෙදියොත්, වින්නඹුවොත් පුහුණු වුණේ අහිංසක මහජනයාගේ මුදල්වලින්. උන්ට පඩිගෙවන්නෙත් අපි ගෙවන බදු මුදලින්.ඒත් එයාලට ඒක මතක නැහැ. අම්මගේ අප්පගේ බූදලය කියලා හිතාගෙන ඉන්නව ද දන්නේ නැහැ. (ස)
රෝගීන් අසරණ කරන වැඩ (ස)
දැන් ඉතින් අහිංසක රෝගීන් නේද මේකෙන් අමාරුවේ වැටුණේ. (ස)
ගිහි සමාජයේ කටයුතුවලින් භික්ෂූන් වහන්සේලා ඈත් විය යුතුයි. (ස)
ඔය පුහුණුව දෙගොල්ලොටම දෙන්න.කවුරු කලත් ඒ රාජ කාරිය දේව කාරියකටත් වඩා ලොකුයිනේ? ඔක්කොටම වඩා දෙගොල්ලොගෙ ම තියෙන පුහු අදහස්,මාන්නය වැනි විෂ දේවල් ඔලුවෙන් අයින් කරලා ඉන්න වෙයි.(ස)
අනේ හමුදුරුවනේ වෘත්තීය ක්‍රියා මාර්ග ඹ්න තමයි ඒත් මේකෙන් කැලෙන්නෙ අසරණයො නේද හොඳ නැද්ද වර්ජනය නතර කරල නීකිමය පැත්තෙන් ක්‍රියා කළොත්. මේ ප්‍රශ්නෙ මිය ගිය දුක් විඳින අයට කෝ සාධාරණය සෞඛ්‍ය සේවය වර්ජනය කරනව කියන්නෙ වැහි නැති හෙණ වදින වැඩක් (ස)
මේ වැඩ වර්ජන, හෙදියන් විතරක් නොවෙයි බොහෝ අය දවසක් දෙකක් වැඩ නොකර පින් පඩි කන්න හදාගත් උප්පරවැට්ටියක් කියලයි මේවයේ ස්වභාවය දැක්කම මටනම් පෙනෙන්නේ. ලෙඩුන්ට උපස්ථාන කිරීම තමන් වහන්සේට කරන උපස්තානයක් වැනි යයි වදාළ බුදු වදන ඔය සංගමය පිළිපදිනවද කියල අහන්න කැමති. (ස)
මුදල් ඇති යට පුද්ගලික රෝහල් තියෙනවා.නැති අයට කනත්ත තියෙනවා..! වර්ජනය දිගටම ගෙනියන්න. මාරයාට ජයවේවා..! (ස)
රටේ බුද්ධිමත් ජනතාව වටහා ගත යුතු වැදගත්ම කාරණය තමයි, මේ හෙදියන් වැඩ වර්ජනය කරන්නේ ඇයිද කියන කාරණාව. මොවුන් මෙම වර්ජනය සිදුකරන්නේ,"පවුල් සෞඛ්‍ය සේවිකාවන් හට සුතිකා පුහුණුව ලබා දීමට එරෙහිවයි" මෙය හුදෙක් ඊර්ෂ්‍යාව, කුහකත්වය මුසුවූ වර්ජනයක් නොවේද? පවුල් සෞඛ්‍ය සේවිකාවන් සඳහා කෙරෙන මෙම පුහුණුව හා එම කාර්යය ඔවුන්ට නුසුදුසු හා නොගැලපේ යන්න ඔවුන් තීරණය කරන්නේ කුමන පදනමක් මතද? මා නම් රජයෙන් හා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලන්නේ. මෙම හෙදියන් සඳහා යහපත් මානසිකත්ව පුහුණුවක් සහ වෘත්තීය ආචාර ධර්ම පිළිබද වඩා දැනුවත් කිරීමේ ප්‍රයෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කල යුතු බවයි. රෝහල තුලදී විශේෂයෙන් රෝගීන් සමග කටයුතු කල යුතු ආකාරය ගැන ඔවුන් මිට වැඩ දැනුවත් විය යුතු වන්නා සේම, ඔවුන් කටයුතු කරන ආකාරය ගැන විශේෂ නිරීක්ෂණයක් කිරීමට බලධාරීන් කටයුතු සම්පාදනය කලයුතු වෙනවා. තම තනතුර ගැන පමණ ඉක්මවා සිතමින්, රෝගීන්ට දක්වන අකාරුණික බව ගැන නිසි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි. මම ඊයෙත් දුටුවා අපේ අදහස් ප්‍රකාශකරන සොයුරන් කීපදෙනෙකු ,ජේ ආර්, ප්‍රේමදාස වැනි නායකයන් ගැන සඳහන් කර තිබුන. මමත් එම අදහස එක හෙලා අනුමත කරමි. මෙවැනි අවස්ථා වලදී වත්මන් රජය මහජනතාව වෙනුවෙන්, ඉදිරියේදීවත් මෙම අන්තනෝමතිකව හැසිරෙන හෙදියන් කෙරෙහි දැඩි පියවරක් අනුගමනය කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. (ස)
අනේ සඳුදා නොවෙයි, අදම ඉවර කරන්නකෝ. මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. මේ අසරනයන්ගෙන් මොනවා ගන්නද? හැම පැත්තෙන්ම බැට කන්නේ අන්ත අසරණ දුප්පත් අසරණයාමයි. මුළු රටම ප්‍රශ්න වැලක. සුබ වෙසක් මංගල්‍යක් වේවා! (ස)
දේශපාලනයට ,රාජ්‍ය පරිපාලනයට භික්ෂූන් වහන්සෙලා මදිහත්විම නොකලයුතු දෙයක් එසේ මැදිහත්විමෙන් ඔවුනගේ මෛත්‍රීය , කරුණාවන්තකම ගුනවන්තකම කතාවේදී අැතිවන ශිලාචාරකම මොනවට ප්‍රදාර්සනයවෙයි. (ස)
ඇයි සඳුදට කල් දැම්මේ? කුසුම්ගේ අදහස් නිවැරදියි. පවුල් සෞඛය සේවිකාවන් තමයි ගම වටේම ඇවිදිමින් ගැබිණි මවුවරුන් හා බිළින්දන් ගැන සොයා බලමින් උපදෙස් දෙන්නේ. මේ පුහුණුව ඔවුන්ට දෙනවට කිසිවකුට විරුද්ද විය නොහැකියි. දුෂ්කර ගම්මාන වල මේ සෞක්ඛය සේවිකාවන්ගෙන් වෙන සේවය ඉතා නිර්මලයි. ලංකික සෞඛය සේවිකාවක් ලෝකයේ ඉහලම සම්මානයට පවා පත්වුණා. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජිවය ලැබුවේ රෝහලක් තුලද, නිවසේද? උන්වන්සේගේ වයස අනුව ඒ කාලයේ හුගාක් මවුවරු දරුවන් වැදුවේ නිවෙස් තුලමයි. වැඩිහිටියෙක් දුවගෙන ගොස් වින්නඹු මාතාව තමයි කැදවාගෙන එන්නේ. ඉතින් මේ පුහුණුව ඔවුන්ට හිමිවිය යුතුයි. ඕනෑම මවක් මේ අදහස අනුමත කරනවා. (ස)
මේ නම් බුදුන් දෙසූ දහමේ ඇත්තේ ගිලුන්නට උපස්ථාන කිරීම ගැන. නමුත් මේ හිමියන් නායකත්වය දෙන්නේ ගිලනුන් ඇපයට තබාගෙන වෘත්තීය අරගල කිරීමට (ස)
අනේ කුසුම් මොනවද මේ කියන බොරු, එක්කෝ ඔයාට සාමාන්‍ය දැනීම නැද්ද,"හෙදියන් වර්ජනය කරන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවට සුතික පුහුණව ලබා දීමට එරෙහිව" ? මොන විකාර කතාවක්ද ? පවුල් සෞඛ්‍ය සේවිකාවට සුතික පුහුණුව විතරනේ තියෙන්නේ එකත් නෙතුව කොහොමද එය මෙච්චර කලක් වැඩ කරේ? ඒ පුහුණුව නැතුව පවුල් සෞඛ්‍ය සේවිකාවක් වෙන්නේ කොහොමද? නඩු දාන්න ඕනේ එහෙනම් . මෙ චර කාලයක් වැඩ කරාට,(නීතිමය අවසරයක් නැතුව) (ස)
හේමන්ත , හෙදියන්ගේ වැඩ වර්ජනේ ගන්නද? එතකොට එයාලා අත්සන් නොකර පඩි නැතිව වර්ජනය කරන බව ඔයා දන්නෙද්ද? හදිසි සේවා සපයන ස්ථාන වලත් හෙදියන් සේවාව සපයන්නේ අත්සන් නොකර , පඩි නොමැතිව බවත් ඔයා දන්නේතිව ඇති නේද?, අපරාදේ එහෙනම් එයාලටත් එහෙනම් නිකන් ඉන්න තියෙන්නේ, ගෙදර තියෙන වැඩක් බලාගෙන, අනික ඉල්ලන්නේ ඉගන ගන්න දෙන්න කියල ,එම පුහුණුව දුන්න කියල පඩි වැඩි වීමක් සිදු නොවේ .තව කෙනෙකුගේ ඉගනීමේ අයිතිය නැති කරන්නේ (ස)
මමද දන්නා තරමට හෙද හෙදියන් වර්ජනය කරන්නේ ඔවුන්ට ලබාදෙන සූතිකා පුහුණුව ලබා නොදෙන ලෙස පවුල් පවුල් සෞඛ්‍ය සේවිකාවන් ප්‍රකාශ කරන නිසායි. නැතිව වෙනත් දෙයක් නිසා නොවේ. මොනවා වුනත් දුක් විදින්නේ අහිංසක මිනිස්සු. ඔය පුහුණුව දෙගොල්ලන්ටම ලබා දෙන්න කියලයි මගේ නම් අදහස. කවුරු ඉගෙන ගත්තත් වැඩියක් වෙන්නේ නෑනේ. අනික සමාන පඩි ගන්න බොහෝ සේවයන් සමග සලකන විට සෞක්‍ය සේවයේ යෙදෙන අය සෑහෙන කැප කිරීමක් සේවයක් කරනවා. අත්‍යවශ්‍ය සේවාවක් හින්ද තමයි මිනිස්සුන්ට දැනන්නේ. විශ්ව විද්‍යාල මාස ගණන් වහල තිබුණා දේශකවරු, සේවකයන් වර්ජන කරලා. උගත් බුද්ධීමත් බහුතරයකට පෙනුණේ නෑ මොකද අධ්‍යපනය අත්‍යවශ්‍ය සේවාවක් නෙවේනේ. කවුරු කලත් වැරදියි. නමුත් ඇත්ත මෙයයි.(නදී)
සුතිකා පුහුණුව පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට දෙනවට කව්රුත් විරුද්ද නැහැ ..(ස)
හා හා මල්කා, ඔයාට මාත් එක්ක තරහ ගියාද? මාත් එක්ක තරහ උනත් කමක් නැහැ, ඔයා හෙදියක් නම්, රෝගීන් සමග තරහ ගන්නේ නැතිව ඔයාගේ සේවය කරන්න. (ස)