හෙදියන්ගේ වර්ජනයෙන් රුධිර කාන්දු ප්‍රතිකාර නැවතී ඇතැයි කියමින් අනුරාධපුර රෝහලේ වකුගඩු රෝගීන් සියයක් පමණ මහ පාරේ වාඩී වී උද්ඝෝෂණය කරති.
ඇතැම් රෝගීන් පවසනුයේ තමන්ගේ ජීවීත අනතුරට පත් වී ඇති බවයි.
සුතිකා පුහුණුව පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට දෙතියි හෙදියෝ වැඩ වරා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමල්, ඔයා කියන්න එහෙනම් හෙදියන්ට හැමදාම වර්ජනය කරන්න කියල එතකොට ලංකාවේ ඔක්කොම සතුටු වෙලා ඉඳීවි. අනේ මෙහෙමත් මෝඩ මිිනිස්සු (ස)
හැමදාම බැලුවොත් වැඩවර්ජන. මේවට විරුද්ධව ජනතාව නැඟී සිටින්න ඕනෑ. එක්කෝ බලෙන් වැඩකරගන්න ඕනෑ. නැත්නම් ඔය වැඩ වර්ජනය මෙහෙයවන අයට හොඳ දඩුවමක් දෙන්න ඕනෑ. ඔය දෙකෙන් එකක් තමා ලංකාවට හරියන්නේ (නි)
තියන වැඩෙත් හරියට කරන්නේ නැතුව, වැඩ වර්ජන කර කර ඉන්න හෙදියෝ තවත් වැඩිපුර බදාගෙන අර අහිංසක අම්මලට ලොකුකම් පෙන්නන තමා හදන්නේ. (ස)
රටක් ජාතියක් මනුස්සකමක් ගැන හැඟීමක් නැති මේ වගේ අයව පුළුවන් නම් එළවලාම දාන්න ඕනෑ රාජ්‍ය සේවයෙන්. තමුන්ගේ ඉල්ලීම් දිනාගන්න එක හරි. නමුත් ඒකට ක්‍රමවේදයක් තියෙනවා.අහිංසක අසරණ මිනිස්සුන්ගේ ජීවිත උගසට තියලා මේ කරන්නේ මහම මහා කැත වැඩක්. මේකේ අදහස් දාන හැමෝම පුද්ගලික රෝහලකට එකකට යන්න තරම් වත්කමක් තියෙන අය වෙන්න ඕනෑ. මේ වගේ දේවල වේදනාව දැනෙන්නේ අන්ත අසරණ බෙහෙත් ටිකක්වත් ගන්න සල්ලි නැති දුප්පත් මිනිස්සුන්ට. (නි)
මම නම් කියන්නේ සුතිකා පුහුණුව පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට තමයි අදාල කියලා (නි)
රටක් දියුණු කරන්න බැහැ මෙහෙම (දී)
හමුදාවට ,පොලිසියට වගේ වැඩ වර්ජන , අකුරට වැඩ ,හර්තාල් , කරන්න බැරි වෙන්න නීතියක් වහාම පනවන්න ඕන .කාලයක් නිල ඇදුමක් අල්ලාගෙන දැගලුව .දැන් සුතිකා පුහුණුවක් අල්ලාගෙන වර්ජනය කරනවා .පවු අපේ රටේ අහිංසක මිනිස්සු .(ස)
අසරණ ලෙඩ්ඩු තමයි හැම පැත්තෙන්ම බැට කන්නේ මේ හෙදියන් පත්වීම ගන්නකොට පහනත් අතේ තියාගෙන මොනවද කියන්නේ. මම කිසිසේත්ම අනුමත කරන්නේ නැ රෝහල් වල වර්ජන. අසංක, ඔබ තුමාට සේනාව එක්ක ප්‍රස්නයක් තියනවද? සේනාව දඟලන්නේ රට ජාතිය ආගම වෙනුවෙන් විතරයි. (ස)
ජයා, තමුන්ට මනුස්ස ආත්මයක් ලැබුනේ ඇයි? කවුරු අතින්වත් වැරදීමක් වෙලාද? (ස)
අසංක. මෙතනට සේනාවේ කතාවක් අවශ්‍ය නැහැනේ (ස)
අසරණ මිනිසුන් බිල්ලට තියල තමන්ගේ ඉල්ලීම් දිනාගෙන ඇති පලය මොකද්ද . මේ වෙලාවට හිතෙනවා හිට්ලර් වගේ පාලකයෙක් හිටියනම් කියල (ස)
මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරලා හම්බ කරන දේවල් කවදාවත් හරියන්නේ නැහැ....(ස)
හැමෝම තමුන්ගේ ගැන විතරයි හිතන්නේ ...හැම වර්ජනයක් පිටුපසම පවතින්නේ ඒ අයට සිදු වෙන අසාදාරණයක් ....මේවාට වග කිව යුත්තේ වත්මන් රජයයි ...වර්ජකයන්ට අපහාස නොකොට ඒ තැනට උන් අැද දැමු අය ගැන සොයා බලන්න... (ස)
හාමුදුරුවන්ටත් ඇතැම් දේ මතක නැතිවෙලා. (ස)
මුරුග සංඥාව ඉස්මතුවෙලා. (ස)
මේ ඔක්කොටම හේතුව දහම මතක නැතිවෙච්ච සිංහලයන්ගේ ආත්මාර්ථ කාමී කමයි. (ස)
වකුගඩු රෝගය තමන්ට හැදුනේ ඇයි? කාටවත් වස විස හෙම කවන්නට උත්සහ කලාද?(ස)
පාලකයන් නිදිද ? (ස)
කෝ අර හැම දේටම දගලන සේනාවේ කට්ටිය ,,,, නිදිද (ස)
නුගත් පරිපාලකයන්ගේ මෝඩ පරිපාලන ක්‍රමවේද නිසා අසරණ වෙන ජනතාව ගැන කව්රු බලන්නද ? (ස)
සුතිකා පුහුණුව පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට දීමට මේ අය එරෙහිවන්නේ අැයි? මට තේරුම් ගන්න බැහැ. (ස)
මේකට වගකිවයුත්තේ කවුද ? (ස)
සුතිකා පුහුණුව පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට දෙතියි හෙදියෝ වැඩ වර්ජනය කරනවා කියන්නේ අමුලික බොරුවකි. හෙදියන්ගේ වැඩ වර්ජනයට හේතුව මොකක්ද කියල හොදට හොයල බලන්න. එතකොට ඇත්ත දැනගත හැකිවේවි. (ස)
අලුතින් ආරම්භ කල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේත් ශික්ෂණ රෝහලක් තියෙනවා. ඔය වකුගඩු රෝගීන්ට එහෙ යන්න පුළුවන්නේ. එහෙ හෙදියෝ ඔය වර්ජන වලට සහබාගී වන අය නොවෙයි. (ස)
හෙදියන්ගේ වර්ජනය සාර්ථක වීම ගැන මුළු රටම සතුටුයි. (ස)