ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද දින රට පුරා ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනයට සමගාමීව සංවිධානය කළ උද්ඝෝෂණයක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී පැවැත්විණි.
කොළඹ ජාතික රෝහල අසල සිට හෙද හෙදියන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා පා ගමනක ද නිරත වූහ.
සුදුසුකම් සම්පූර්ණ කර ඇති හෙදියන් 9000කට පමණ ශ්‍රේණිගත උසස්වීම් ලබා ගැනීම, වැටුප් විෂමතා නිවැරදි කර ගැනීම, දීමනා විෂමතා නිවැරදි කර ගැනීම ද ඔවුන්ගේ ඉල්ලීම් අතර වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මුලික පඩිය රුපියල් 16000 විතර ඇති. මුළු පඩිය 25000. කොහොමද ඒ අය ජිවත් වෙන්නේ." ඔයගොල්ලෝ 50000 ට වැඩිය ගන්නවා අපි දන්න විදියට නම් (නි)
හෙදියන්ගේ සේවාව කියා නිම කරන්න බැහැ. මෙයාලට සාදාරන වැටුපක් ලබා දිය යුතුයි. (නි)
මුලින්ම අපි සතුටු වෙන්න ඕනෑ බැනුම් අහගෙන හරි අපේ ලෙඩ වලට නොමිලේ ප්‍රතිකාර ලැබෙන එකට. නොමිලේ බෙහෙත් ටික ලැබෙන එකට. අනෙකුත් ස්කෑන් වගේ සේවාවන් දැන් බොහෝ රෝහල් වලට ලබාදීලා තියෙනවා. අපිට පිටින් මේවා කරගෙන එන්න කිව්වා නම් අඩුම ගානේ එක රුපියල් 10000 වත් යනවා. හෙද සේවාව කියන්නේ ගරු සේවාවක්. හොද සහ නරක යන දෙගොල්ලම මේ සේවාවේ ඉන්න පුළුවන්. සමස්තයක් වශයෙන් අපි සියලු දෙනාටම දොස් කියල විවේචන කරන්න හොද නැහැ. ලංකාවේ කිසිම ආයතනයක හොදම මිනිස්සුත් නැහැ, නරකම මිනිස්සුත් නැහැ, හොදම දෙය මේ හැම දෙයක් ගැනම අපි උපේක්ෂාවෙන් බැලීමයි. අපි කොච්චර කෑ ගැහුවත් අවසානේ අපිට හෝ අපේ කාට හරි හෝ මාරාන්තික අසනීපයක් වූ විට රැගෙන යාමට ඇති එකම තැන රජයේ රෝහලයි. මධ්‍යස්ථව සිතන ඇත්තෝ මෙය සිහිකරත්වා. (නි)
මම නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ හෙදියන් වෛද්‍යවරුන් බොහෝ නිලධාරීන් සහ සුළු සේවකයන් ගේ ක්‍රියා කලාපයට එකග නැහැ. මුලින්ම අහන්නේ ස්ටාෆ් ද කියලා? ඔව් නම් මිනිස්සුන්ට විදියට සලකනවා නැහැ නම් ඉවරයි. ඕනෑම ක්ලිනික් එකක ස්ටාෆ් ලිස්ට් එකක් වෙනම තියෙනවා. ඔය විදියට විශ්ව විද්‍යාල අචාර්යවරුන්ටත් ස්ටාෆ් ලිස්ට් එකක් දුන්නොත් ළමයි ඇතුලත් කර ගන්නකොට මොකක් වේද ? හැමදෙනාටම සමාන සැලකුම් ලබන්න අයිතියක් තියෙනවා කියලා ලංකාවේ නීතියෙන් සම්මත වෙලා තියෙන්නේ. මේ ස්ටාෆ් ලිස්ට් එක නීතිවිරෝධී වැඩක් නේද ඒ අනුව. හෙදියන් රැකියාවට එන්නේ කලයුතු සේවය නොදැන නෙවෙයි නේ. රෝගීන්ට උපස්ථාන කරන්න බැරිනම් මුලින්ම මේකට නෑවිත් ඉන්න ඕනෑ. වෛද්‍යවරුන්ට කියන තියෙන්නෙත් ඔය ටිකම තමයි. (නි)
හෙදියන් කිව්වම මටත් හිතුනා මේ දේත් කියන්න.මම රියදුරු බලපතක් සදහා මෙඩිකල් රිපෝර්ට් එකක් ගන්න ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෙඩිකල් සෙන්ටර් එකට ගියා.ඒකේ ඉන්න හෙදිය මගේ ලේ වර්ගය නිගමනය කලේ බී පොසිටිව් ලෙසට.නමුත් මගේ ලේ වර්ගය බී නෙගටිව් බව මා දැනසිටි නිසා එදා මගේ එම සහතිකය නිවැරදිව හදා ගත්තා.කරුණාකර පුරුදු පුහුණු හෙදියන්ට මෙවන් රැකියා ලබාදෙන්න.නැත්තම් ලොකු වැරදීමක් වේවි.(නි)
මුලික පඩිය රුපියල් 16000 විතර ඇති. මුළු පඩිය 25000. කොහොමද ඒ අය ජිවත් වෙන්නේ. (නි)
වැඩි පඩි දෙන්නම ඕනෑ. එයාලා කරන්නේ ලොකු සේවයක්. වර්ජනය දිගටම ගෙනියන්න (නි)
" ඒ අය කරන සේවය පහත් කරලා කතා කරන එක අයෙකුට පුලුවන්ද , අනෙක් අයගේ කැත කුණු අතගාල බලාගන්න " හෙදියෝ කැත කුණු අත ගාන්නේ නැත. ඒවා කරන්නේ ඇයෙන්ඩන්ට්ලාය. ඔයා මොනවද මේ කියන්නේ? (නි)
මෙහි අදහස් දාන බොහෝ දෙනෙක් හෙදියන්ට ද්වේශ සහගතවයි දාලා තියෙන්නේ. නමුත් අද රාජ්‍ය සේවයේ හා පෞද්ගලික සේවයේ ඉන්න කට්ටිය තමයි දන්නේ ඒවා ඇතුලේ මොනතරම් ප්‍රශ්න තියනවද කොච්චර කාලෙකින් ඒවාට විසඳුම් දීලා නැද්ද කියලා. පාලකයිනුත් නිදි නම් අවසානයේ කරන්න වෙන්නේ මේක තමා. (නි)
"වැඩි පඩි දෙන්නම ඕනෑ. එයාලා කරන්නේ ලොකු සේවයක්. වර්ජනය දිගටම ගෙනියන්න' මොකක්ද ඔහේගේ සම්බන්දය? හාමිනේ හෙදියක්ද? සත 5ක් දෙන්න එපා. පිටරටින් ගෙන්වමු (නි)
"හෙද සේවාව කියන්නේ ගරු සේවාවක්." එහෙනම් අපි ගරු හෙදිය කියමු . ගරු සේවය කියන්නේ මුදල් නොලබා කරන සේවයට. මෙය වැටුපට කරන සේවයක්. එයත් හරියට කරන්නෙ නැති එකයි අපට තිබෙන ප්‍රශ්නය (නි)
"හෙදියන්ගේ සේවාව කියා නිම කරන්න බැහැ. මෙයාලට සාදාරන වැටුපක් ලබා දිය යුතුයි." එතකොට කැත කුණු අත ගාන ඇටන්ඩන්ට් සේවය? තමන්ට සේවා අවැසි වෙලාවට ඉන්න සේවකයා හරියට සේවය දෙනවා නම් එම සේවකයා වටිනවා. අනික් තැනකදී එයාගේ වටිනාකමක් නැත. ගුරුවරයෙකුගේ සේවය අවැසි වෙලාවට හෙදියක් වැඩක් නැත. එම නිසා හැම සේවයක්ම වටිනවා හරියට කරනවා නම් (නි)
එදා තිබුන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මේවට නැද්ද? මට වැරදුනානේ. අද එහෙම නැහැනේ. ගරු නම්බු සැලකිලි තියෙනවනේ. (නි)
'යන්න කොහේ හරි රටක ඔයත් වැඩ කරන්න. එදාට තේරුම් ගනී හෙදකම මොකක්ද කියලා" මම අවුරුදු 26 ක් පිටරට හිටියා. එම නිසයි මේගොල්ලන්ගේ සේවය අගයන්නේ නැත්තේ (නි)
චානක,මෙයාලා නෛටින්ගේල්ලා නොවෙයි ෆෛටින්ග් ගර්ල්ස්ලා (නි)
ඔ ටි ගැන කියනවනම් තවත් හෙදියකගේ අඩුවක් පුරවන්නයි ඔ ටි එකක් කරනේ. එතකොට ඒ මුළුසේවයම කරන්න ඕනේ තමාගේ සේවයට අමතරව. අද 1 ට වැඩට ගිහාම හෙට 1 ටයි ඕෆ් වෙන්න වෙන්නේ නිදිමරාගෙන පැය 24 ක් එක දිගට කරලා බලන්නකෝ. ඔය මළගෙදරක දවසක් නිකන් ඉඳගෙන නිදිමරනවා වගේද කියලා.තවද මාසයක ට පැය 150 යි සාමාන්‍ය සේවය නමුත් එකට අමතරව තවත් ඔ ටි පැය 150 ක් කලොත් ලැබෙන්නේ සාමාන්‍ය වැටුපෙන් භාගයයි . ඉතින් එහෙම මැරිලා වැඩකරලා තමයි ඔ ටි කියක් හරි ගන්නේ එකටත් මාසයකට රාත්‍රී 12ක් වත් කරන්න ඕනේ. එතකොට ගෙදර ඉන්න වෙන පැය ගණන ගණන් හදල බලන්න .24 පැය අඛණ්ඩ සේවයේදී සමහර වෙලාවට අඩුපාඩුකම් සිද්ද වෙන්න පුළුවන් වචන වලින් (අ)
බමුණු ,පිස්සෙක් වෙන්න එපා මෝඩ කතා කියලා (නි)
වෙනත් රටවල හෙද සේවාව වගේම ඒ රටවල ගෙවන පඩිය හා පහසුකම් ගැනත් කතා කරන්න කොතැනක වුවත් හොඳ සේවාවක් ලැබෙන්න නම් සේවා තෘප්තියක් තියෙන්න ඕනෑ සේවකයාට. ලංකාවේ මුළු රාජ්‍ය සේවයටම නැත්තේ ඒක. (නි)
බමුණු, ඔබේ නිවැරදි දැක්මට මගේ ප්‍රණාමය. රටේ බහුතරය ඔබ වැනි ය . මෙරට ආකල්පමය වශයෙන් දියුණු වෙලා.ඒත් බහුතරය තාමත් හිටන්නේ බොලද විදියට බව මෙහි ඇති අදහස් වලින් පැහැදිලි (අ)
හරිම අසාදාරණයි මිසි , මෙයාලගේ පඩිය අඩුම තරමේ 35000 පැනලා. කවුද කියන්නේ හෙදියෝ කැත කුණු අතගානවා කියලා? ඒක කරන්නේ සුළු සේවකයෝ, මෙයාලා කරන්නේ නාවන එක කොන්ඩ පීරන එක මැහුම් ගෙතුම් තව ඕනෑනම් අනුන්ගේ ඕපාදුප , තරහකට නෙවෙයි ඇත්ත මේකයි. වෙනත් රටවල ඉන්න හෙදියෝ මොනතරම් වැඩ කරනවද ලෙඩාව තියාගෙන ට්‍රොලි ඉඳලා තල්ලු කරනවා (නි)
බමුණු, 50000 ක් ගන්න හැමදාම රැ වැඩ කරන්න ඕනෑ. අතිකාල පැයකට රුපියල් 100 ක් විතරයි. ගණන් හදලා බලන්න 16000 ක් 50000 ක් කරන්න පැය කීයක් වැඩ කරන්න ඕනෑද කියලා. ඒ ගොල්ලන්ටත් පවුල් ජීවිතයක් තියෙනවා. රජයේ දීමනාව 5000 ක් හම්බෙවෙනවා. අනිත් ඔක්කොම අතිකාල. බමුණු පිටරට හිටියට වැඩක් නැහැ යථාර්තය දක්කින්නේ නැතුව.ලංකාවේ රෝහලක පුලුවන්නම් දවසක් ඉන්න. ඒවගේ ගද ,අඩු පහසුකම්, යටතේ මේ ගොල්ලෝ අවුරුදු ගානක් සේවය කරන්න ඕනෑ. ඒ මානසික පීඩනය ඔයාට තේරෙන්නේ නැති එක පුදුම හිතෙනවා. හෙදියන්ගේ පඩිය දැන් කම්කරුවන්ගේ පධියටත් අඩුයි. සමහර වාට්ටු වල තියන ලෙඩ බෝවෙනවා. රජයෙන් ආරක්ෂණ උපකරනවත් දෙන්නේ නැහැ. විකිරනවලට නිරාවරණය වෙනවා. හොදට හොයලා බලන්න මහරගම ඉන්න සමහර හෙදියෝ අවුරුදු ගානක් එක දිගට වැඩ, මාරුවීම් දෙන්නේ නැහැ. අදහස් දානකොට හිතලා බලලා හොදට හොයලා දමන්න. (නි)
බමුණු ඕයා අවරුදු 26 රට වෛද්‍යවරයෙක් විදියට වැඩ කරලා අපහු එන්න උනේ එහෙත් හෙදියන්ට මේ වගේ කතා කියලනේ මොකද කියන්නේ නහින දෙහින කාලේ ඇත්ත ඇති සැටියෙන් පිලි අරගෙන ඉපදුනු රටේ ඉන්නවද.ලංකික හෙදියන්ට ජය වේවා. (අ)
පිටරට වල හෙදියන්ට තියෙන පිළිගැනීම වෛද්‍යවරුන්ට නැතුව අපහු එන්න උන නිසා තියෙන තරහට පිස්සෙක් වගේ දගලන්න එපා. (අ)
බමුනුට පිට රට වල හෙදියන්ට තියෙන පිළිගැනීම වෛද්‍ය වරුන්ට නැතුව අපහු එන්න වූ තරහට පිස්සෙක් වෙන්න එපා මේ නහින දෙහින කාලේ.(අ)
දන්නා දෙයකුත් නැහැ.දොස්තලට සමාන පඩියකුත් ඕනෑ.රේට සේවා මුරයේ බාගයයි ඉන්නේ.වාට්ටුවේ ලෙඩ්ඩු එකාපිට එකා මැරි වැටුනත් නැගිටින්නේ නැහැ. (නි)
ඉටු කරන සේවය නම් මිල කරන්න බැහැ.(නදී)
"ඉටු කරන සේවය නම් මිල කරන්න බැහැ", පෞද්ගලික ඉස්පිරිතාලයකද නැතිනම් රජයේ ඉස්පිරිතාලයකද? රජයේ ඉස්පිරිතාලයක නම් කියලා වැඩක් නැහැ හිටිය කෙනා තමයි ඒක දන්නේ. ඒගොල්ලන්ගේ හිතේ එයාලා ඉහලම රජයේ සේවකයෝ කියලා. අපි පිටරට ඉස්පිරිතාලවල ඉඳලා තිබෙන නිසා වෙනස දන්නවා. (නි)
ශත 5 ක් වැඩිකරන්න එපා. මොකද එයාලට විතරක් පඩි වැඩි කරන්නේ? ගෙනෙමු අපි ඉන්දියාවෙන් හෙදියෝ (නි)
මොකද උපාධි ගත්තැයි කියලා දොස්තර වැඩේ කොරන්නයෑ? කරන්න තියෙන්නේ දැනට අවූරුදු 20-25 කලින් කරපු දේමනේ (නි)
ලෙඩ්ඩුන්ට ලෙඩ්ඩුන්ට වගේ නොසලකන හෙදියන්ට මොන වැඩි පඩිද? (නි)
මමත් පිටරටක තමා සේවය කරන්නේ. ඉන්දියන් නර්ස්ලා අපේ ක්ලිනික් එකෙත් ඉන්නවා. ලංකාවේ නර්ස්ලා කීප දෙනෙකුත් ඉන්නවා. නමුත් දැනුම අතින් අපේ කට්ටියට කිට්ටු වෙන්නවත් ඉන්දියන් නර්ස්ලට අමාරුයි. එහෙම කට්ටියද මෙහේ ගෙනෙන්න කියා යෝජනා කරන්නේ? ලංකාවේ පරිපාලනය හරියට ඉන්නවා නම් මෙයාලගෙන් හොද සේවාවක් ගන්න පුළුවන් (නි)
අනේ අපේ ප්‍රේමදාස ජනදිපති තුමා හිටියනම් කියල හිතන්නේ මේවගේ වෙලාවට තමඊ. , සුදු වැන් එකක් වත් නැද්ද මෙයාව දාගෙන යන්න.(අ)
මේ හෙදියන් හරියට සලකන්නේ නැ කියන අයට කියන්නේ , ඔයාල ඔයාලගේ දෙමාපියන්ට හරියට සලකනවද ? ඒ අය කරන සේවය පහත් කරලා කතා කරන එක අයෙකුට පුලුවන්ද , අනෙක් අයගේ කැත කුණු අතගාල බලාගන්න , ඔය කාට කෙසේ වුණත් මට මේ අය වටිනවා , මගේ තාත්ත එක්ක මන් ඉස්පිරිත්තලේ ඉදල තියෙනවා , මට ඒ අය කල සේවය අමතක කරන්න බැහැ .. (අ)
අද රෝහලකට යනවනම් නැකත් බලන්න ඕන .දොස්තරලා ,හෙදියෝ ,සනිපර්රක්ෂක සේවකයන් ,හා කාර්යමණ්ඩලය වර්ජනයද කියල .මේගොල්ලෝ ඔක්කම කරන්නේ ජනතාව බිල්ලට දීල තමන්ගේ මඩිය තරකරගන්න.මේ ඔක්කම තමන්ගේ යුතුකම ඉස්ට කරනවද.? සනීපාරක්ෂක සේවකයා ඉදන් කියල වැඩක් නෑ.කතා කරන්නවත් දන්නේ නෑ .88 ,89 යුගය වගේ කාලයක් අව නම් අගේට වැඩ කරයි .(අ)
පඩි වැඩි කරන්න (නි)
ගෞරවනීය හෙද සේවයට මේ අදහස් දාන අය ගරහන්න එපා .කොච්චර කැත කුණු අතගානවද?කොච්චර නිදි මරනවද? දෙමව්පියන්ගේවත් සමහරු එහෙම කරන්නේ නැහැනේ.ලෙඩ්ඩුන්ගේ ජීවිත බේරගන්න හෙදියෝ කොච්චර උදව් කරනවද?බමුණුආරච්චි නම් ෂුවර් එකටම දොස්තරයෙක් වෙන්න ඕනෑ.හෙදියන්න්ට බනින අයට කවදා හෝ රෝහලකට එන්න ලැබේවා! හෙදියන්ගේ අගය දැනේවා! (නි)
මිනිසුන්ට කතා කරන්න දන්නේ නැති එක කට්ටියක් තමයි මේ. (නි)
නොදන්නාකමට අහන්නේ. ඇත්තටම ඕ.ටී නැතුව මෙයාලගේ පඩියි ඕටී එක්ක පඩියි දන්නා කෙනෙක් ඉන්නවා නම් දාන්නකෝ (නි)
බැරිනම් සෞදි යන්න. එහෙ වැඩි පඩි තියනවා. නමුත් මේ වගේ ඕපාදූප කයිවාරු ගහන්න බැහැ. පැය පහලවක වැඩ පැය අටෙන් කරන්න ඕනෑ. (නි)
ලංකාවේ හෙදියෝ ගැනනම් කතාකරලා වැඩක් නැහැ. අහිංසක රෝගීන්ට සලකන විදිය කතාකරන විදිය දන්නේ රෝහලක දවසක් හෝ හිටපු කෙනෙක් තමයි. වැඩි පඩි නොවෙයි ලැබෙන වැටුපත් කපන්න ඕනෑ. ඒ තරම්ම ලංකාවේ හෙද සේවය පහත්. (නි)
ෆ්ලොරන්ස් නෛටින්ගේල් දිව්රුම ප්‍රකාරව හෙද සේවය මිල මුදල් සඳහාම ඇති වූ පදවියක් නොවේ. බහුතරයක් හෙදියන් ලෙඩුන්ට ඉතාම අකාරුණික ලෙස සලකන එක ප්‍රසිද්ධ දෙයක්. (නි)
බමුණු, අපිට තේරෙනවා ඔයා ලංකාවේ වෛද්‍යවරයෙක් කියලා. ඒත් මම හිතන්නේ ඔයා වෙන රට වල හෙදකමට තියෙන ගෞරවය ගැන දන්නේ නැති නිසා තමා ඔහොම කතා කරන්නේ. යන්න කොහේ හරි රටක ඔයත් වැඩ කරන්න. එදාට තේරුම් ගනී හෙදකම මොකක්ද කියලා (නි)
ලංකාවේ හෙදියන් ලංකාවේ අයට හොද නැත්නම් හෙදියන් පුහුණු කරලා රට යවන්න සැලසුම් කරන්න. එතකොට හොද වැටුපක් ඒ අයට ලැබිලා වැඩ වර්ජන නැවතිලා රටත් සංවර්දනය වෙයි. ලංකාවේ අයට ඉන්දියාවෙන් හෙදියන් ගෙනැල්ලා දෙන්න. එතකොට බමුනුලටත් නින්ද යයි මට හිතෙන්නේ (නි)
හෙදියෝ දොස්තරලට වැඩියෙන් නිහඩ සේවයක් කරනවා. දොස්තරලා ඒගොල්ලන්ගේ බිස්නස් එකට දුවන්න බලන් ඉන්නේ. ලෙඩාගේ සම්පුර්ණ වගකීම හෙදියට තමා පැවරෙන්නේ. එම නිසා ඒ අයව රටේ උසස් තත්වයකට ගෙන්න පාලකයෝ වග බල ගන්න ඕනා.(නදී)
අපෝ.. මේ ගොල්ලෝ ආයෙත් පටන් ගත්තා නේද? අහිංසක ලෙඩ්ඩු අමාරුවේ දාන එක හෙන ගහන අපරාධයක්. (නි)
ගරු සේවයක්. සාදාරනයක් කරන්න (නි)
වැටුප 20000යි. ඕටී එක්ක 25000ක් විතර... (නි)
මෙයාලට වැහි නැති අකුණු පුපුරයිද දන්නෑ !!!! (අ)