වෛද්‍යවරයා විසින් හදවත් රෝගියකුට නිර්දේශ කළ බෙහෙතක් වෙනුවට පිළිකා නාශක බෙහෙතක් රෝගියකුට නිකුත් කිරීමෙන් ඔහු අසාධ්‍ය තත්ත්වයට පත් කළ බවට වරද පිළිගත් පුංචි බොරැල්ලේ යෝක් ෆාමසියේ හිමිකරු නන්දිත ප්‍රියදර්ශනට හා භද්‍රා ජයවර්ධන ඖෂධවේදිනියට මාළිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් රශන්ත ගොඩවෙල මහතා රුපියල් එක් ලක්ෂ පන්දහසක දඩයක් නියම කළේය.
හිමිකරුට නියමවූ දඩය රුපියල් 80,000 කි.
ගම්පහ පහළ යාගොඩ කාන්ති කුසුමලතා මහත්මිය පැමිණිලි කාරියයි. කොළඹ ජාතික රෝහලේ හෘද රෝගී අංශයේ ප්‍රතිකාර ලැබූ තම සැමියාට විශේෂඥ වෛද්‍ය වසන්ත කුමාර මහතා නියම කළ බෙහෙත් තුන්ඩුව පසුගිය නොවැම්බර් 14 වැනිදා බොරැල්ලේ එම ෆාමසියට ගෙන ගිය බවත් ඊවාබ්‍රැඩින් නම් බෙහෙත වෙනුවට මෙතොට්‍රැක්සේට් නම් පිළිකා නාශක බෙහෙත දී ඇති බවත් එයින් රෝගියා දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්වූ බවත් පැමිණිල්ල ඉදිරිපත් කරමින් විළවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා හා පරීක්ෂක සී.එස්.ගුරුසිංහ මහත්වරු අධිකරණයට කීහ.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi
කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න
ශ්රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හදවත් රෝගියාට පිළිකා නාශක බෙහෙත් දීලා
රොබින් Thursday, 18 December 2014 01:07 PM
බෙහෙත් හලේ නම ප්‍රසිද්ධ කල එක අනිකුත් රෝගීන්ට සේවයක්. (ර)
සමන්ති Thursday, 18 December 2014 01:31 PM
මේගොල්ලන්ට බෙහෙත් තුණ්ඩුව කියවාගන්න බැරි වෙන්න ඇති. (ර)
පිටබැද්දර ජයා Thursday, 18 December 2014 10:26 AM
වැඩේ නම් ඉක්මනටම අහල දඬුවම් කරලා තියෙනවා අපේ ප්‍රණාමය ! ලෙඩාට වන්දියක් නැති එ්කට නම් කනගාටුයි ? (නදී)
මාලි Thursday, 18 December 2014 11:24 AM
මහේස්ත්‍රාත් රශාන්ත ගොඩවෙල මහතාට අපගේ ප්‍රනාමය. බලපත්‍රයත් තහනම් කළා නම් වඩාත් හොදයි (නදී)