
(කේ. බුද්ධික කුමාරසිරි)
කැලණි ගඟෙන් ජලය ලබා ගන්නා ස්ථානය ආශ්‍රිතව ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හැකි හදිසි තත්ත්වයක් හේතුවෙන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම්දීම මත, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජලය බෙදාහරින අඹතලේ හා කැලණි දකුණු ඉවුර ජල පවිත්‍රාගාරවල ජල සැපයුම අද (25) දින අලුයම සිට තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි
ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුවත් කරන බවද මණ්ඩලය පවසයි.
මේ සම්බන්දයෙන් පාරිභෝගික ජනතාවගේ සහයෝගය කාරුණිකව අපේක්ෂා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩි දුරටත් දන්වා සිටියි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගඟට ජරාව දමන එක නවත්තන්න බැරිද? අත්තනගලු ඔයටත් ඔය ප්රශ්නය තියෙනව නේද?රබර් කර්මාන්තය සම්බන්ධ අප ජලය සහ වැසිකිළි වල අපවිත්‍ර ජලය...