උසස් පෙළ විභාගය ඇරැඹෙන දිනයේම සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රය පැයක් ප්‍රමාද වී ලබා දුන් බව කියන හේනේගම මධ්‍ය විද්‍යාලයයේ විභාග ශාලාධිපති අද විභාගය අවසන් වූ වහාම ඉවත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිම් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා ලංකාදීපයට පැවසීය.
ප්‍රමාදය සිදුවී ඇත්තේ ශාලාධිපති රාජකාරියට වාර්තා කිරීමට ප්‍රමාද වී තිබුණු නිසා බවත්, 11.30ට අවසන් වීමට නියමිත විභාගය එම සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි දහවල් 12.30 වන තෙක් පවත්වන බවත්, ශාලාධිපතිවරයාගේ වගකීම් විරහිත ක්‍රියාව ගැන කණගාටු වන බවත් කොමසාරිස්වරයා කීවේය.
උසස් පෙළ ඇරැඹෙයි : හේනේගම ප්‍රශ්න පත්‍ර පැයක් ප්‍රමාදයි
2016 අගෝස්තු මස 02 10:08:30 | තරිඳු ජයවර්ධන
අදහස්(4)
බැලූවෝ (1237)
අද ආරම්භ වූ උසස් පෙළ විභාගයේ සංයුක්ත ගණිතය පළමු වැනි ප්‍රශ්න පත්‍රය හේනේගම මධ්‍ය විද්‍යාලයයේ විභාග අපේක්ෂකයන්ට ලබා දී ඇත්තේ පැයක් පමණ ප්‍රමාද වී බව එහි ආරංචි කියයි.
ප්‍රශ්න පත්‍රය ආරම්භ වීමට නියමිතව තිබුණේ පෙරවරු 8.30ට පමණ බවත්, 9.30 වන විටත් ප්‍රශ්න පත්‍රය ලබා දී නොතිබුණු බවත් එම ආරංචි සදහන් කරයි.
මේ ගැන කළ විමසීමක දී විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කීවේ එම විභාග මධ්‍යස්ථානයේ අපේක්ෂකයන්ට අසාධාරණයක් නොවන පරිදි කාලය ලබා දෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විබාගය පළමු දවසෙම මෙවැනි දෙයක් වුනහම ළමයින්ගේ මානසික තත්වය පහළ වැටෙනවා. විශේෂයෙන්ම ගණිතය නිසා. කව්ද එ්කට වගකියන්නේ ? (බ)
විභාගේ තියෙන වෙලාව ප්‍රමාද වුණාම ඒක ළමයින්ගේ මානසිකත්වයට බොහොම නරක විදිහට බලපාන්නේ, මානසිකත්වය අනිවාර්යෙන්ම පහළ වැටෙනවා... (ම)
අපි දන්නේ නැහැ ශාලාධිපතිට මොකද වුණේ කියලා. එ්ත් මනුස්සයෙක්... (ර)
මේ ශාලාධිපතිට හදිස්සි අවශ්‍යතාවක් තිබෙන්න ඇති. මෙවැනි දේ ඕනෙම කෙනෙකුට විය හැකි. මම හිතන්නේ මේ ශාලාදිපති ඉවත් කිරීම වැරදියි කියලා. (ර)
ශාලාධිපතිව අස්කරන එක ලොකු වැඩක් නෙමෙයි. නමුත් අපි ළඟ සැළැස්මක් තියෙන්න ඕනෑ මීටපසු මේ වගේ ගැටළුවක් අාවොත් ගන්න ක්‍රියාමාර්ගය ගැන. අපි දන්නේ නැහැ ශාලාධිපතිට මොකද වුණේ කියලා. එ්ත් මනුස්සයෙක්. ඒ මනුස්සයට අතිශය පෞද්ගලික ප්‍රශ්නක් වුණාද කව්ද දන්නේ? ඒ ගැන කව්රුවත් හොයලා බැලුවද? (නි)
විභාග ශාලාධිපති දේශපාලන උපදේශකවරයකු ලෙසත් වැඩකරනවාද කියා සොයාබලන්න. (නි)
හිමාල් ඉන්නේ මොන ලෝකයකද? දැන් ළමයි අතේ තියෙන දුරකථන වල හැටියට ප්‍රශ්න පත්තරේ ගණන් ටික හදලා අනිත් විභාග ශාලාවක යාලුවන්ට ඊමේල් කරන්න යන්නේ බොහොම සුලු වෙලාවක්. මම සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටියදී එක විභාග ශාලාවක ප්‍රශ්න පත්තර දීමට විභාග ශාලාධිපතිගේ ප්‍රමාදයක් වුණා. ඒ ටිකට අපේ අනිත් ශාලාවක සිටි යාළුවො ඒ අයට ප්‍රශ්න පත්තරේ ප්‍රශ්න කීපයක් ලියා පහළට දැමුවා. ප්‍රමාද වූ ශාලාවේ ප්‍රශ්න පත්‍ර බෙදනකොට අපේ අයියලා ඉක්මනට ඒ ප්‍රශ්න වලට හොඳට ලැහැස්ති වෙලා ඉවරයි. එය ගණිතය ප්‍රශ්න පත්‍රයක්. දැන් තියෙන තාක්ෂණය නිසා මොනවයෙන් මොනවා වෙයිද කවුද දන්නේ? (නි)
මමත් ඒ ඉස්කෝලේ ආදි සිසුවියක්. ශාලාධිපති නිකරුනේ පරක්කු වෙන්නේ නැහැ. මොකක්ම හරි ලොකු හේතුවක් ඇති (නි)
සැබෑ වෙනස කියන්නේ ඔන්න ඕකට (බ)
පතේ ෆිලිප්ස් ඔරලෝසු අතේ බැදන් රට කොරපු නොනලත් හිටිය රටක් මේක එත් කවදාවත් වෙලාවට එන්නේ නැහැල්ලු (අ)
කෝ මේ ජෝසෙප් ස්ටාලින් ? (බ)
වරදක් සිදුවුනත් අමතර පැයක් දීලා ඒක හරි ගස්සලා තියෙනවානේ. උදේ වරුවේ ප්‍රශ්න පත්‍රයක් නිසා ලොකු ගැටළුවක් නෑ. (බ)
පළමු දවසේම මේ වගේ දෙයක් වුනා කියන්නේ.(හේ)
පාද යාත්‍රා යන්න ඇති එකයි පරක්කු වෙලා තියෙන්නේ (ම)
නියම ශාලාධිපති.(හේ)
පොඩි වැරැද්දකින් දරුවන් කී දෙනෙක් අනාතද?(හේ)
මේ අයට දඩුවම් දෙන්න.(හේ)
කොමසාරිස්තුමා හොද වැඩක් කරලා තියෙන්නේ. මේ වගේ ලොකු වැඩකදී වගකීම ගන්න බැරිනම් ගෙදර යවන එක තමා හොද, ඔබ තුමාගේ එම තීරණයට ස්තුති (ම)
රාජකාරිය හොඳින් කරන්න දෙකක් දාගෙනම එන්න ඇති? (ම)