මහනුවර හන්තාන ප්‍රදේශයේ පෞද්ගලික මානව හා නායකත්ව විද්‍යාපීඨය නමින් පවත්වාගෙන ගිය නේවාසික පාඨමාලාවකට සහභාගි වි සිටි දැරියන් පිරිසක් අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තවත් සැකකරුවකු වන ව්‍යාපාරික නිමල් පීරිස්ගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (9) ප්‍රතික්ෂේප කළේය.
අදාල ආයතනයේ භාරකරු වූ චන්දිමාල් ගමගේ පසුගියදා නීතිඥයකු මාර්ගයෙන් මහනුවර පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට බාරවු බව පොලිසිය පවසයි.
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වු සිසු සිසුවියන්ගේ මානසික තත්වය වර්ධනය කර නැවත විභාගය සඳහා සහභාගි කරවීමට මාස 6 ක නේවාසික පාඨමාලවක් පවත්වන බව කියමින් පුවත්පත්වල පළ කළ දැන්විමකට අනුව මෙම සිසුන් අදාළ ආයතනයට බඳවාගෙන ඇති බවද එහි සිදුවන බව කියන අකටයුතුකම් ඉවසා ගැනිමට නොහැකි වු සිසුවියන් සිවු දෙනකු පසුගිය පළමුවැනිදා අලුයම එම ආයතනයෙන් පැන ගොස් හන්තාන ප්‍රදේශයේ කැලෑවක රැඳී සිට අසල්වැසියකුගේ මාර්ගයෙන් පොලිසියට පැමිණිලි කර ඇතැයි කියති.
මෙහි භාරකරු ලෙස පෙනි සිටි පුද්ගලයා සිසුන්ට දේශන පවත්වා ඇති බවත් වයස 15,16, 17 වන සිසුවියන් 9 දෙනකු ආයතනයේදි හා පිටතදි තමන් ලිංගික හිසාවට ලක්වු බව කියමින් පොලිසියට පැමිණිලි කර ඇති බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ආදාළ ආයතනයේ පාලිකාව හා අයකැමිවරිය ද සඳුදා (8) අත්අඩංගුවට ගනු ලැබූහ.
චන්දිමාල් ගමගේ නමැති ප්‍රධාන සැකකරු සිය නායකත්ව පුහුණු වැඩසටහන ප්‍රචාරය කිරීම සඳහා යොදාගත් වීඩියෝව පහත දැක්වේ.
ඡායාරූප - චමිල් රූපසිංහ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයත් ඉන්නවා? මෙයත් ඉන්නවා? ඔක්කොම කුකුලෝ වගෙයි වගෙයිද? නැත්නම් කුකුලන් අල්ලන නරියෝ වගෙයිද? (බ)
මේ තිරිසනුන්ට දියයුතු ඉහළම දඬුවම් දියයුතුය. එයට අමතරව අගතියට පත් සිසුවියන්ගේ දෙමව්පියන්ටද දඬුවම් දියයුතුය. (නි)
ඉසුරන්දි, ඔයාගේ අදහසේ ලොකු හරයක් තිබෙනවා. ඇත්ත. නුවර පළාතේ ගොඩක් මිනිස්සු හරිම ගුණවත්, හොඳයි. හොඳ ගතිගුණ තියෙනවා. එ්ත්, රටේ තොටේ විස්තරයක්, ආරක්ෂාව පිළිබඳව කිසිම තැකීමක් නැහැ. අඩුම ගානේ අල්ලපු ගෙදර මනුස්සයා කවුද කියලවත් දන්නේ නැති තරම් අය ඉන්නවා. ඒ පැත්තෙන් ආත්මාර්ථකාමිත්වය වැඩියි. මට මේ පළාතේ ගොඩක් සම්බන්ධකම් තියෙනවා. මේ මම අධ්‍යයනය කරපු දෙයක්. කාට හෝ හිත රිදුනා නම් සමාවෙන්න. අද රටේ වෙන දේවල් එක්ක එහෙම ජීවත්වෙලා බැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)
අනෙක් අයටත් පාඩමක් වෙන්න උපරිම දඬුවම් දෙන්න (නි)
ගරු පුජිත පොලිස්පති තුමනි, තමුන්නාන්සේට උසස්වීම ලැබුන විට නිමල් පිරිස් ඔහුගේ මුණු පොතේ ඔහු ඔබ සමග ඉන්න පින්තුරයක් පළකරමින් ඔබට සුබ පතා තිබුණා. එම පණිවිඩයේ තිබුණා ඔබ පොලිසිය උසස් තත්වයකට පත් කරන බවට ඔහු බලාපොරොත්තු වෙනවා කියා. දැන් ඔබ තුමාට අවස්ථාවක් ලැබී තියෙනවා ඔබ තුමා දක්ෂ, අපක්ෂපාති, නිර්භය නිලධාරියෙක් කියා ලෝකයට ඔප්පු කරන්න. (බ)
අපේ පොලිස්පති තුමාත් ඉන්නවනේ චන්දිමාල් ගමගේ නමැති ප්‍රධාන සැකකරු සිය නායකත්ව පුහුණු වැඩසටහන ප්‍රචාරය කිරීම සඳහා යොදාගත් වීඩියෝ එකට.. මේ වගේ තක්කඩි ප්‍රවර්ධනය කරනවට ඔබතුමාල නීතිය රකින්ඩ බැදිලා ඉන්න පිරිස විදිහට ලජ්ජා වෙනද ඕන..(බ)
දියයුතු ඉහළම දඬුවම් දියයුතුය. එයට අමතරව අගතියට පත් සිසුවියන්ගේ දෙමව්පියන්ද මේ තිරිසනුන්ට අවැසි දඬුවම් දියයුතුය. (නි)
මෙවන් පුද්ගලයින්ට නීතිය පැත්තෙන් ලබාදියහැකි උපරිම දඬුවම් ලබාදෙන්න (නි)
නිරාන්, ඒ වුණාට ඔහුගේ මුහුණුපොතේ හෙන්චයියලා රොත්තක් ඔහුගේ ගුණ වර්ණනා කරලා තියෙනවා. බෝධිසත්ව ගුණ ඇති උත්තමයෙක් කියලා. හොරාට කලින් කෙහෙල්කැන වැට පනිනවා කියලා කියනවනේ. (නි)
මෙයට මැදිවුණ දැරියන් ගැන මට හරිම කණගාටුයි. මේ නරුමයින් ගැන කේන්තියි. දැරියන් මෙතනට එවපු දෙමාපියන් ගැන අනුකම්පායි. (නි)
ගරු පොලිස්පති තුමනි, දූවරු සිටින පියෙක් වශයෙන් මේ කාරණාව ස්වාධීනව පරීක්ෂා කර දඩුවම් දෙන්න. (ම)
පොලිස්පති පූජිතගේ හොඳ යාලුවෙක්ලු මේ මිනිහ. ඉතින් සාධාරණය ඉෂ්ට වෙයිද (බ)
මුන් මානසික ලෙඩ්ඩු. හකියාවන් හරියට ප්‍රයෝජනයට ගන්නේ නෑ (බ)
නිමල් පීරිස් මීට ඉහත ආරක්ෂක අංශේ උසස් නිලධාරියෙක්ගේ දැරියක් සම්බන්ධ ප්‍රශ්නයකට මැදිවුණා. නුවර නගරේ කවුරුත් අඳුනන චරිතයක් (බ)
මෙවැනි ආයතන පවත්වාගෙන යද්දී අහල පහළ මිනිස්සු ප්‍රදේශයේ පොලිසිය හා ග්‍රාමසේවක පොඩ්ඩක්වත් සොයලා බැලුවේ නැද්ද මේවා ඇතුලේ මොනවද වෙන්නේ කියලා. (බ)
නිමල් කුකුලෙකි, (බ)
ඔලුවේ ඉඳන් කකුල් දෙකට යනකල් හමගහන්න ඕනේ මුන්ව. (බ)
මා ඉහත අදහස් පල කළේ නිමල් පීරිස් ගැන.(බ)
මේ වගේ පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දෙන්න.(හේ)