(නිමල් ජයරත්න)
පොළොන්නරුව ජලගැලීම් ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මීට දින කිහිපයකට ඉහතදී මියගිය වන අලින්ගේ සිරුරු හතක් සොයා ගත් බව වනජීවි නිලධාරීහු සහ පරිසරවේදීහු සඳහන් කරති.
අවුරුදු 8, 9,10 යන වයසේ අලි පැටවුන් පස් දෙනකු සහ අවුරුදු 30, 35 පමණ වයසේ පසුවන වන අලින් දෙදෙනකුගේ සිරුරු ඒ අතර වන බව ඔවුහු සඳහන් කරති.
හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළ ප්‍රදේශයේ කිලෝ මීටර් ගණනාවක් දිගට ජපන් ජබර ඇතුළු විවිධ ශාක පැළෑටි පිරී පවතින බවත් එහි ස්ථාන කිහිපයකින් මෙම අලින්ගේ සිරුරු හමු වි තිබෙන බවත් කියති.
අලි හත් දෙනාගේ සිරුරු නරක් වී ඇති බව ද වනජීවි නිලධාරීහු සඳහන් කළහ.
පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හඳපාංවිල විල්ලුව පිරී ඕඩේ ඇළ හරහා මහවැලි ගඟට ජලය ගලා ගොස් ඇත. ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන අලි රංචුවක් ඕඩේ ඇළ හරහා මාරුවීමට යෑමේදී ජලයේ සැඩ පහරට ගසාගෙන ගොස් ජපන් ජබර සහ පාසි තුළ එම අලි පැටවුන් සහ වන අලින් සිර වි මිය යන්නට ඇති බවට සැක කරන බව වනජීවී නිලධාරීහු පවසති,
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හඳපාන්විල විල්ලුවේ අලි හතක් එරී මැරිලා