IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හොඳම සිනමා පටය ශ්‍රී සිද්ධාර්ථ ගෞතම

වියට්නාමයේ  පැවති 11 වන එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් සම්මාන උළෙලේ   හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය සහ හොඳම නළුවාට හිමි සම්මානය ඇතුළු සම්මාන පහක් හිමිකරගත්  ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ  සිදුහත් චරිතයට පන පෙවු ඉන්දීය නළු ගගන් මලික් සහ චිත්‍රපටයේ නිෂ්පාදක නවීන් ගුණරත්න යන මහත්වරුන් එම සම්මානද රැගෙන  අද  අළුයම කටුනායන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් දිවයිනට පැමිණියහ.

එහිදී නිෂ්පාදක නවීන් ගුණරත්න මහතා විසින්  හොඳම අධ්‍යක්ෂනයට හිමි වු සම්මානය  නිතඥ සමන් වීරමන් මහතාටද,  හොඳම සංස්කරණයට හිමි  සම්මානය ප්‍රවීන් ජයරත්න  මහතාටද,  හොඳම සංගීත අධ්‍යක්ෂනයට හිමි වු සම්මානය ප්‍රදීප් රත්නායක මහතාටද  බාර දුන්නේය.
 

සම්මාන උළෙල සඳහා රටවල් 95 ක නිර්මාණ ඉදිරිපත් කර ඇත.
 

ශ්‍රී ලංකාවට ගෞරවයක් අත් කරදෙමින් දිවයිනට පැමිණි මෙම කලා ශීල්පීන්ව  චිත්‍රපටි සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා සහ බුද්ධ ශාසන අමාත්‍යංශයේ නිළධාරීන් විසන්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.
 

මෙම අවස්ථාවට එහි වැඩම කළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝහිත හිමියෝද, ගංගාරාම විහාරාධිපති කිරින්දේ අස්සජි හිමියෝද පැල්පොල විපස්සි හිමියෝද,   බෝගමුවේ නාලක හිමියෝද,  බුද්ධ ශාෂන අමාත්‍යංශයේ  ශ්‍රාස්ත්‍රපති කොලොන්නාවේ නාරද  හිමියෝ ඇතුළු මහා සංඝරත්නය විසින් දිවියිනට පැමිණි  මෙම කලා ශිල්පීන් වෙනුවෙන්  එහිදී  සෙත් පිරිත් සංජායනක්ද සිදු  කළහ.
 

එහිදී මාධ්‍ය අමතූ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ ආශෝක සේරසිංහ මහතා

  ‘අපි සතුටු වෙන්න ඕනා කාරණා කිහිපයක් මෙහි තිඛෙනවා. පළමු දෙය තමයි ලෝක බෞද්ධ චිත්‍රපට උළෙලක් ජාත්‍යන්තරයේ පවත්වපු එක.  අනිත් කාරණය එයට එක්සත් ජාතින්ගේ කාර්්‍යාලය සම්බන්ධ වීම සහ ජාත්‍යන්තරව පැවැත්වු  ලෝක බෞද්ධ චිත්‍රපට උළෙලකදී ලාංකීය බෞද්ධ චිත්‍රපයටක් ජයග්‍රහණය කරපු එක.
 

මේ වන විට අද රටට බෞද්ධ පුනර්ජීවනයක් අවශ්‍යයි.  එවැනි මොහොතක අපේ කලා ශිල්පීන්  මෙවැනි බෞද්ධ චිත්‍රපටයක් ලොවට ඉදිරිපත් කිරීමත් එය ලෝක පුජිත තත්වයකට පත්ව තිබීමත් විශේෂයි.
 

එය සිද්ද වෙලා තියෙන්නේ මේ වෙසක් සඳ නගෙන මොහොතක. ඒ නිසා මම හිතන්නේ 2014 වෙසක් උත්සවය එළඹෙන්නේ ලංකාවේ සිනමා කර්මාන්තයටත් බෞද්ධයන්ටත් හොඳ පණිවිඩයක් අරගෙන.
 

බෞද්ධ චිත්‍රපටයක් ලෙස මෙය එළිදන්වන්න කාලයක් තිස්සේ පෙරුම් පුරන්න වුනා.
මට මතකයි 2006  මෙහි නිෂ්පාදන නවීන් ගුණරත්න මහත්තයා  ඉන්දියානු අධ්‍යක්ෂකවරයෙක්ට ආරාධනාවක්  කළත් එම අධ්‍යක්ෂකයරයාටත් බැරිවුනා මෙය අධ්‍යක්ෂනය කරන්න.

 

ඒ  වගේම ලංකාවේ ප්‍රවීන කියන කිහිපදෙනකුටත් නවීන් ගුණරත්ව මහත්මයා මෙය බාරදුන්නා. ඒත් බැරිවුනා.
 

මම සතුටු වෙනවා මගේ සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් හිටපු සමන් වීරමන් මහතා චිත්‍රපට සංස්ථාවෙන් අයින් වෙලා ගිහින් මේ බාර දූර කාර්‍යයට අත ගැහුවට.
 

මේ සම්මාන උළෙලලේදී මේ සම්මානය අපි දිනන්නේ සිද්ධාර්ථ කුමාරයගේ  කතා වස්තුවට. එවැනි කතාවකට සම්මාන දෙන්න තරම් අද ජාත්‍යන්තර සිනමා උළෙලවල් පැකිලෙන්නේ නැති තත්වයකට පත් වී තිබීම ගැන අපි ආඩම්බර විය යුතුයි.
 

අපි දැක්කා පහුගිය කාල වල ශ්‍රී ලාංකික විරෝධී, බෞද්ධ විරෝධී ඒවාට තමයි සම්මාන  ලැබුනේ.
 

අද දවසේ අපිට සතුටු වෙන්න පුලූවන් බෞද්ධ චිත්‍රපටියකට මෙවන් සම්මානයක් හිමිවීම ගැන.‘
 

 සිද්ධාර්ථ චරිතයට පන පෙවූ ඉන්දීය නළු ගගන් මලික්  
   ‘වියට්නාමයේ පැවති මේ සම්මාන උළෙලේ තිබු  සමස්ථ සම්මාන 12 න් සම්මාන 5 ක්ම ශ්‍රී ලාංකික බෞද්ධ චිත්‍රපටියකට දිනාගන්න හැකි වීම ගැන මම ආඩම්බර වෙනවා.

මේක මුළු ශ්‍රී ලංකාවටම ආඩම්බර විය හැකි අවස්ථාවක්. ඒ වගේම ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ ලොව හොඳම චිත්‍රපටිය ලෙස සම්මාන ලැබූ  අවස්ථාවක්.
 

මම විශ්වාස කරනවා මේ රටේ යම් දෙයක් තිබුනා මෙම චිත්‍රපටයට මෙම සම්මානය හිමිකරගැනීමට.
 

බුදුන් වහන්සේගේ ධර්මය ලොව විවිධ රටවල පැතිරුනා. නමුත් ශ්‍රී ලංකාව වැනි පුංචි රටක්  ආදරය, කරුණාව, මෛත්‍රිය හා සාමයේ පණිවිඩය ලෝකයට ගෙන ගොස් තිඛෙනවා.  
 

මෙය මනුෂ්‍යත්වයේ ජයග්‍රහණයක් වගේම ජාතීන්ගේ ජයග්‍රහණයක්.
 

මෙයින් උසස් පණිවිඩයක් ලෝකයට ගිනියනවා.  ආදරය, කරුණාව  සහ  සාමය ලොවට ගෙනයමින් තැනු මෙම චිත්‍රපටියට ලැබුනු මෙම සම්මානය  ගැන අපි සියළු දෙනාම සතුටු වෙනවා.
 

මම විශ්වාස කරනවා මේ පණිවිඩයෙන් ලෝකයම වෙනස් කරන්න පුලූවන් කියා.
ඒ සඳහා මේක හොඳ ආරම්භයක්. ඉදිරියේදී මුළු ලෝකයම මේ චිත්‍රපටිය සමග අත්වැල් බැඳ ගනීවි යැයි මම සිතනවා.

 

ඇත්තෙන්ම මේක වානිජ චිත්‍රපටයක් නෙමෙයි. ලෝකයේ දැවන්ත රටවල් සමග පුංචි රටක් දැවන්ත සම්මානයක් හිමිකරගත් අවස්ථාවක් මේක.
 

ඒ වගේම ශ්‍රී ලංකා  රජයටත් මෙය හොඳ අවස්ථාවක් සාමයේ පණිවිඩය ලෝකයට ගෙනියන්න. ඒ සඳහා මම උදව්කරන්න මග බලාගෙන සිටිනවා. මම ශ්‍රී ලාංකිකයන්ට වගේම ශ්‍රී ලංකාවටත් ගොඩක් ආදරෙයි‘


 



අදහස් (0)

හොඳම සිනමා පටය ශ්‍රී සිද්ධාර්ථ ගෞතම

මිලින්ද පෙරේරා Monday, 12 May 2014 02:49 PM

උණුසුම් සුබ පැතුම්. (ස)

:       0       0

සරත් බණ්ඩාර Wednesday, 14 May 2014 02:07 AM

නිර්මල බුදුදහම ලොවටම සත්‍යය කිය නිසා.සත්යය ජයගත්තා.

:       0       0

අමිල Monday, 12 May 2014 08:39 PM

ඔන්න බුද්ධික කියන කෙනා ආයෙත් පිස්සු කියවන්න පටන් අරගෙන (නි)

:       0       0

බුද්ධික Monday, 12 May 2014 08:56 PM

අමිල, මම කට අරිනකොට මොළය ලොක් වෙනවා (නි)

:       0       0

අප්පුහාමි Monday, 12 May 2014 08:59 PM

ගගන් මාලික්තුමා පැමිනියා. ඔහු මට විශ්වාසයි.සාදු සාදු සාදු! (නි)

:       0       0

අජන්ත Monday, 12 May 2014 08:59 PM

මම මේ දන්නේ නැති නිසා අහන්නේ. බුද්ධික කියන්නේ කවුද? (නි)

:       0       0

අමිල Monday, 12 May 2014 09:09 PM

බුද්ධික කියන්නේ ඉතින් වෙන කවුද? (නි)

:       0       0

ගිරිෙගා්රිස් Monday, 12 May 2014 09:10 PM

අජන්ත, කවු (ද) කියන්නේ ඉංග්‍රීසියෙන් හරකට නේද? (නි)

:       0       0

බුද්ධික Monday, 12 May 2014 09:22 PM

අජන්ත, මගේ සම්පුර්ණ නම මන්දබුද්ධික. අැයි ප්‍රශ්නයක්ද? (නි)

:       0       0

අජන්ත Monday, 12 May 2014 09:25 PM

හරියට හරි ගිරිගෝරිස් මහත්තයෝ. කවු (ද) කියන්නේ ඔයාට තමා. (නි)

:       0       0

ගිරිගෝරිස් Tuesday, 13 May 2014 12:05 PM

අන්න අප්පුහාමි ගගන් මලික් කියන නලුවාට වඳින්න පටන් අරගෙන.... ඔහුත් ඉන්දියානුවෙක්නේ! (නි)

:       0       0

සියාතු Tuesday, 13 May 2014 12:22 PM

ගගන් මලික්ගේ පැමිණීම නිසා සෑහෙන පෙරළියක් වුණා එහෙනම්? (නි)

:       0       0

සුවාරිස් Monday, 12 May 2014 05:44 PM

දැන් ඉන්න සමහර චණ්ඩි හාමුදුරුගොල්ලන්ට වඩා මෙතුමාට වැඳුම් පිදුම් කිරීම හොඳයි කියලා මට හිතෙනවා (නි)

:       0       0

සුවාරිස් Monday, 12 May 2014 05:45 PM

බුදුහාමුදුරුවනුත් නැති එකේ ‍මට නම් මෙතුමා ගැන සිත පැහැදුනා හොඳටම (නි)

:       0       0

බුද්ධික Tuesday, 13 May 2014 12:38 PM

අපේ අයට ඉන්දියානුවෙක් පෙනෙන්න බැහැ,වඳිනවා. අනේ මන්දා,මේක ලෙඩක්ද කියලා (නි)

:       0       0

පහන්දී Monday, 12 May 2014 11:24 PM

අමිල,ජයන්ත,බුද්ධික, ගිරිගොරිස් මාමේ, අනේ තව ලියන්න ඔය වගේ දේවල්. අපිට ටිකක් හිනා වෙන්නත් එක්ක (නි)

:       0       0

සිරිපාල Monday, 12 May 2014 05:58 PM

ඔවු සුවාරිස්, මමත් දැන් සිට මෙතුමාට වැඳුම් පිදුම් කරන්න අධිෂ්ඨාන කරගත්තා (නි)

:       0       0

ඥානමි Monday, 12 May 2014 06:20 PM

අයියෝ! කෝ අපේ බළ සේනාවේ අය වැඩලා නැහැනේ! (නි)

:       0       0

පහන්දි Monday, 12 May 2014 06:31 PM

ගොඩක් සතුටුයි. ඒත් ඇයි ප්‍රධාන නළුවාට ඉන්දියාවේ කෙනෙක් ගත්තේ? ලංකාවේ ඉන්න නළුවන් හොඳ නැද්ද? දන්නේ නැති නිසයි ඇහුවේ.දන්නා කෙනෙක් ඉන්නවා නම් පහදා දෙන්න (නි)

:       0       0

සියාතු Monday, 12 May 2014 07:01 PM

අැයි පහන් ‍කොලුවෝ, බුදුහාමුදුරුවෝ ඉන්දියාවෙන්නේ වැඩියේ (නි)

:       0       0

බුද්ධික Monday, 12 May 2014 07:17 PM

මම හැමදාම කියනවා වගේ මේවා බොරු වැඩ. මේ වගේ දේවල් රටට අවශ්‍ය නැහැ. (නි)

:       0       0

දිනේෂ් Monday, 12 May 2014 12:48 PM

ලෝකයටම බුදු දහමේ සත්‍ය කියා දුන් ඔබ සැමට තෙරුවන් සරණයි!!! නිර්මල බුදු දහම කවදත් සත්‍යයි. (ස)

:       0       0

සුනිල් Monday, 12 May 2014 12:51 PM

දහජරා චිත්‍රපටි වැහැ වැහැල තියෙද්දි මේ වගේ අාධ්‍යාත්මික චිත්‍රපටයක් හදන්ඩ දායක වුණු හැම දෙනාටම ගොඩක් පින් අයිති වෙනවා. (ස)

:       0       0

මංජුල අබු ඩාබි සිට Monday, 12 May 2014 12:58 PM

චිත්‍රපටයට සහභාගී වූ සැමට උණුසුම් සුභ පැතුම් තෙරුවන් සරණයි!!! (ස)

:       0       0

ඈපා උපසේන Monday, 12 May 2014 01:01 PM

මගේ උණුසුම් සුබ පැතුම්.බෞද්ධ චිත්‍ර පටයක් ජගත් සම්මාන දින ගැනීම මුළු ලංකාවටම ආඩම්බරයක්. චිත්‍රපටයට දායක වු සියලු දෙනාටම මම සුබ පතනවා. (ස)

:       0       0

පහන්දී Monday, 12 May 2014 08:07 PM

සියාතු අයියා, පහන් කොලුවෝ කිවුවේ මට නෙමෙයි වෙන්න ඇති, නේද? (නි)

:       0       0

ගිරිගොරිස් Tuesday, 13 May 2014 08:55 AM

අන්න හරි පහන්දී ළමයෝ...ඔයාට විතරයි අපේ වටිනාකම තේරුණෙ. (ස)

:       0       0

සලීම් Monday, 12 May 2014 08:19 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 793 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1431 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 407 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 911 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2233 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 340 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35643 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site