‘මා එක්වරම තිරිංග තදකළා. බසය ලිස්සා ගියා මහා පල්ලමක කටේ බසය නතර වුණා. ඒ වන විටත් බසයේ මගීන් නිදි. මගීන් 45 ක් බසයේ සිටියා. කොළඹ බදුල්ල මාර්ගයේ ධාවනය වූ ලංගම බසයක් විහාරගල වංගුව අසලදී පල්ලමට යා නොදී බේරාගත් රියැදුරා මෙහොමඩ් අන්සාර් එසේ කියයි.
බසයේ රියදුරු මොහොමඩ් අන්සාර් (54)
‘මා ලංගමට සේවයට ගොස් අවුරුදු 23යි. බණ්ඩාරවෙල හා බිබිල ඩිපෝවල වැඩ කළා. දැන් බදුල්ල ඩිපෝවේ සේවය කරනවා.‘
‘බදාදා (31) රාත්‍රී 12.00ට අපි කොළඹින් බදුල්ලට පිටත් වුණා. දිගටම වැස්ස තිබුණා. බෙරලගට ආවේ පාන්දර 4.30ට විතර. අධික වැස්ස සමග දැඩි මීදුමක් තිබුණා. පාර පේන්නේම නැහැ. සුදු ඉර බලාගෙන හපුතලේ දෙසට ආවා. එන්න ගොඩක් අමාරු නිසා කොන්දොස්තර සංජීව රත්නායකට කතා කර ඉස්සරහ පාපුවරුවට ගෙන්න ගත්තා. මීදුම නිසා පාර පේන්නේම නැහැ. මම ඔහුට කිව්වා පාර හොදට බලන්න කියලා.‘
‘උඩ විහාරගල හරියේදි කොන්දොස්තර සංජීව කිව්වා වම් පස කානුව නිසා දකුණු පැත්තට බර කර යන ලෙස. හපුතලේ නගරයට ළඟා වෙද්දී ලොකු වංගුවක් පෙනුනේම නැහැ. සංජීව කිව්වා දකුණු පැත්තට වැඩීයි කියලා. මම තිරිංග තද කළා. බසය ලිස්සා ගියා. ඉදිරිපස රෝද දෙක පාරෙන් ඉවතට පැන්නා. බසයේ බඳ බිම වැදී නතර වුණා. මා තිරිංග තද කරගනෙම හිටියා. සංජීවට කිව්වා සියලු දෙනාම ඉක්මණින් බස්සවන ලෙස. ‘
‘මගීන් 45 දෙනෙකු පමණ හිටියා. හැමෝටම නින්ද ගිහින් ගිහියා. සංජීව ඔවුන් අවධි කර ඉක්මණින් බැස්සුවා. ඉන් පසු මං එන්ජිම නැවැත්තුවා. බිමට බැස්සා. ඉස්සර මහා ප්‍රපාතයක්. අඩි දාහක් විතර පල්ලම වෙන්න ඇති. දෙවියන් වහන්සේ තමයි අපි බේරගත්තේ. ‘ ඔහුගේ ස්ථානොචිත ප්‍රඥාව නිසා තම ජීවත බේරුණු බව මඟිහු කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්සාරි මහත්තයා ඔබයි සහායකයායි දෙන්නම නියම වීරයෝ..!(නු)
රියැදුරුට සහ කොන්දොස්තරට අපගේ ප්‍රණාමය! (නි)
එතකොට ස්වභාව ධර්මය කියන්නේ මොකක්ද කියලා ඔය දෙවියන්ට ගරහන කට්ටිය කියන්නකෝ බලන්න. (නි)
තමන්ගෙ වගකීම හරියට හදුනාගෙන කටයුතු කරලා තියෙනො.රියදුරු මොහොමඩ් මහතාට හා සහයක සංජීව මහතාට ප්‍රණාමය.!!!!! (නි)
දෙවියනි, ඔබ කොහිද? දරුව, මම ගැලරියේ වෙමි. (නි)
සමහර අයට මේවත් විහිලු වුණත් ඒ දෙන්නාට මාගේ ප්‍රණාමය! (නි)
දෙවියන් ගේ හාස් කමක්
රියදුරු මහතාණෙනි, ඔබ උතුම් මිනිසෙක්. අපේ උපහාරය (ස)
දක්ෂ වැඩක්
පාර පේන්නෙම නැත්තම් මොන එහෙකටද තවත් ඉස්සරහට ගියේ.දෙවියො බලාගන්නවා තව පොඩ්ඩෙන්. (නි)
මේ අදහස් දකිද්දි මේ කියන කතාවලින් ඔය හැමෝගෙම බුද්ධිය හිතා ගන්න පුළුවං..!(නු)
මේ අදහස් වලින් කාගේ කාගෙත් සැබෑ ස්වරූපය හෙලි වෙනවා.,!(නු)
පුදුමයි
විමුක්ති.. පළමුව ඒ දෙදෙනාගේ වැඩේට ස්තුති කරන්න..අනිත් පාඨකයෝ වගේ රියදුරා මොන ආගමක උනත් මේ වගේ බේරපු එක ලොකු දෙයක්.. මේකවත් තේරෙන්න නැති ඔයාලා වගේ ගල් හිත් තියෙන අය මේ රටේ ඉන්නවාද? ජාතිවාදය අදින්නෙ නැතිව ඉන්න.. (නු)
රියදුරු දෑතට දෙවි පිහිටයි..!(නු)
අපි හදපතුලෙන්ම ඔබලාට පිං ප්‍රර්ඵනාකරමි බුදුසරණයි (නු)
මාර වැඩක්නේ
අයියෝ සල්ලි
තුටු පඩුරු වශයෙන්වත් මුදලින් තෑගි දුන්නොත් නරකද මේ දෙන්නට (ස)
දෙවියන් වහන්සේවත් බුදුන් වහන්සේවත් මේකට පළි නැහැ. (නි)
අක්බර් මහතාට මල් මිටක් . එතුමාගේ කටේ සීනි දාන්න ඕනි (ස)
තෑගි දෙන්න කලින් මගීන්ගෙනුත් අහන්න ඕන මොකද වුනේ කියල. බස් එක ලිස්සලා ගිහින් තියෙන විදිහට සෑහෙන වේගෙකින් ගිහින් තියෙන හැඩයි.(ස)
ඔය තෑග්ග එහෙනම් ඔය කියන දෙවිකෙනාට ඇවිත් ගන්න කියන්න. (නි)
සියල්ල සිදුවන්නේ තමන් පෙර කළ කර්ම වලට අනුවයි. ඔය ඩ්‍රැයිවර් මහත්තයාගෙත් කර්ම ශක්තිය හොඳයි. ඒකයි එයත් බේරුණේ. මොනවා වුණත් හොඳ වැඩක් කරලා තියෙන්නේ. ඒකෙන් ඔයාලගේ කර්ම ශක්තිය තවත් දියුණු වෙනවා අනිවාර්යයි. (නි)
මෝඩ මිනිසුනේ, දෙවියන් නොහදුනන නිසා තමයි රටේ මෙතරම් විපත් සහ අනතුරු.... (නි)
මොහොමඩ් මහත්තයා, දෙවියන් වහන්සේ වෙන කවුරුවත් නෙමෙයි....ඔබයි..ඔබගේ සේවක මහතයි නේද ?? (ස)
ඇති ඔයින් ගියා (ස)
කොහොම උනත් සියලු දෙනා බේරුන එක ලොකු සතුටක් . දෙන්නටම පින් ...අම්මෝ අපිත් යනවා වැලිමඩ..දැක්කම බය හිතෙන පල්ලම්..ඔක්කොම පින් කරලා තියෙනවා .....(ස)
එතකොට දෙවියන් වහන්සේ දොයියගෙන ද හිටියේ මීදුම අස්සෙන් ඔච්චර අමාරුවෙන් ඔබ තුමා බස් එක එළවගෙන එනකන්? ..(ස)
දෙවි වරු දෙන්නෙක් ..(ස)
45 දෙනාගේ නියම දෙවියා ඔබ දෙදෙනායි . ඔබලාට දීර්ඝායුෂ ..(ස)
ඔබගේ සේවය ඉතාම විශිෂ්ඨයි.. ලංකාදීප ලංකාදීප එසැණට මගේ බලවත් ස්තුතිය මේ දෙන්නගේ ඡායාරූප පළකිරීමත් මේ වීර ක්‍රියාවලිය ලොවවටා සිටින ශ්‍රී ලාංකිකයන්ට ප්‍රචාරය කිරීම ගැන..!(නු)
සියළු දෙනා නිරුපද්‍රිතව බේරුණු එක ගැන සතුටු වෙමි.. සුනාමිය ගැන නොබලපු දෙයියෝ කොහොමද හපුතල් කන්ද නකගින බස් එකක් ගැන අනුකම්පාවක් දැක්වුවේ.. කෙසේ වෙතත් ඔබ ජීවිත රැසක් බේරගත් උතුම් මිනිසෙක්..!(නු)
කට කැඩිච්ච කථා නවත්තලා, ඒ දෙන්නා කරපු බුද්ධිමත් නිර්භීත ක‍්‍රියාවට ස්තූති කරමු. (නි)
විශිෂ්ටයි
මේ පුද්ගලයා අදහස ආගම අනුව එහෙම කියන්න ඇත්තේ.. මෙතන ආගම් භේද ඇදලා ගන්න ඕන නැහැ..!(නු)
දෙවියන් වහන්සේට ඇයි බැරි වුණේ මීදුම නැති කරන්න (ස)
පාන්දර ගමන් අවදානම්
විමුක්ති, කවුද ආගම් භේද ඇදලා ගත්තේ? ඔයානේ මෙතන ඒවා කරන්නේ, අපේ රටට වෙලා තියෙන්නේ මේක තමයි. (නි)
හාස්කමක්
ඔබ කළ සේවය සදාකාලිකයි. (නි)
චතුරට තරහ ගිහිල්ලා. ඇත්ටත ඒකට ආගම් වාදියෙක් වෙන්න ඕනේ. (ස)
ඇලෙක්ස්, දෙවියන් ?? ඒ කවුද ඒ? අපි පිං දුන්නේ නැත්තම් දෙයියෝ බිම. කොන්දොස්තර සංජීවයි රියැදුරු මෙහොමඩ් අස්සාර්රුයි නම් දෙවිවරු දෙන්නෙක් වගේ.. (නි)
මෙතන දෙවියා කවුද? A)මොහමඩි B)සංජීව C)අල්ලා (ස)
අපේ රටේ මිනිස්සු දන්නේ නැහැ අනිත් මිනිස්සුන්ට ගරු කරන්න. මෙතුමා කරපු ක්‍රියාවට ප්‍රසංශා කරන්නේ නැතුව දෙයියෝ ගැන දොඩවනවා. දෙවියෝ නිදා ගෙන ද හිටියේ කියලා අහන්න ඉස්සෙල්ලා මිනිස්සුනේ අපේ සමාජයේ තියෙන අනන්තවත් අසත්පුරුෂ වැඩ ගැන හොයලා බැලුවොත් නේද හොද ? (නි)
නිදා ගන්න එපා
බුදුන් නැතිකොට දෙවියන්වත් මෙරට බේරාගන්න එපැයි. (නි)
ඉවසීමෙන් කටයුතු කළ එක ලොකු දෙයක් (ස)