IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හබරකඩ පිරිවෙනට අඩසියවසයි

අඩ සියවසක් සපුරණ ගාල්ලේ හබරකඩ ශ්‍රී විජයානන්ද පුරාණ රජමහා විහාර පිරිවෙන හිනිදුම් පත්තුවේ ප්‍රථම පිරිවෙන ලෙස මෙයට 50 වසරකට පෙර ආරම්භකරන ලද ගාල්ලේ හබරකඩ ශ්‍රී විජයානන්ද පුරාණ රජමහා විහාර පිරිවෙන අභිමානවත් ඉතිහාසයකට උරුම කම් පාමින් මෙම මාර්තු 11 වැනිදා  සිය පනස් වැනි සංවත්සරය මහත් ඉහළින් සැමරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ සිට පැවැත එන මෙම පුරාණ රාජමහා විහාරය පළාතේ පැරණි හා සම්භාවනීය විහාරය ලෙස සැලකේ.

ප්‍රදේශයට බලවත් අඩුපාඩුවක් සම්පූර්ණ කරමින් සාමණේර පැවිදි අධ්‍යාපනයටත් , ප්‍රදේශයේ බොහෝ දරු දැරියන්ගේ දහම් දැනුම් වර්ධනයටත් මහඟු පිටිවහලක් වනු  පිණිසත්  පළාත් වාසී කුල දරුවන් කිහිප දෙනෙකුන් මහන කරවා මෙම පැරණි විහාරයේ ශ්‍රී විජයානන්ද පිරිවෙන ආරම්භ කරන ලද්දේ 1963 වසරේ දීය.

එවකට ශ්‍රී විජයානන්ද පුරාණ විහාරාධිපතිව වැඩ විසූ මාවනානේ ශ්‍රී සොණුත්තර මා හිමිපාණන්සේ සකස්කර තිබූ ප්‍රමාණවත් ගොඩනැගිලි වලින් පිරිවෙනක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික පහසුකම් ප්‍රයෝජනයට ගත්, උන්වහන්සේගේ දීප්තිමත් ශිෂ්‍ය වරයාණන්වූ  වූ රාජකීය පණ්ඩිත මාවනානේ ශ්‍රී පේමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම සම්භාවනීය ආයතනයේ නිර්මාතෘවරයාණන් වූහ. එය උන්වහන්සේගේ කාලයක් තිස්සේ සිතේ පැවැති සිහිනයක් යථාර්ථයක් බවට පත්කරවා ගනිමින් බොහෝ දුෂ්කරතා මැද ආරම්භ කළ මෙම ආයතනය උන්වහන්සේගේ අනාගත දැක්මේ ප්‍රඥාවන්ත භාවය  ප්‍රකට කරන විශේෂ ලක්ෂණයක් සේ අගය කළ යුතුය.

ඒ අනුව එවකට ප්‍රධාන පිරිවෙන් පරීක්ෂකව වැඩ විසූ සිය කල්‍යාණ මිත්‍ර ගුරුවරයාණන් කෙනෙකු බඳුවූ රාජකීය පණ්ඩිත අකුරැටියේ අමරවංශ මාහිමිපාණන්වහන්සේගේ  අත් පොත් තැබීමෙන් හා එවකට හිනිදුම පාර්ළිමේන්තු මන්ත්‍රී නීතිඥ හෙන්රි දිසානායක මහතාගේ  පූර්ණ අනුග්‍රහය ලබමින් මෙම ආයතනය ශ්‍රී විජයානන්ද පිරිවෙන නමින් ආරම්භ කරනු ලැබීය.

පළාත් වාසීන් සැමගේ උදව් උපකාර ලබනු පිණිස , විහාරස්ථානයේ ප්‍රධාන දායක ආර්.විජේවන්ත විදානාරච්චි රළහාමිගේ සභාපතිත්වයෙන් හා බී.විජේවන්ත, ඒ විජේවර්ධන මහත්වරුන්ගේ ලේකම් ධූරයෙන් ආරම්භ කළ ප්‍රථම පාරිවේණාරක්ෂක දායක  සභාව එදා මෙදා තුර පිරිවෙනේ පැවැත්මට මහත්ම  පිටුබලයක් වීය.

උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයානන්වූ වර්තමාන පිරිවෙන් විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක හබරකඩ ඉන්ද්‍රරරතන නා හිමියෝ උන්වහන්සේට සෙවනැල්ලක් මෙන් වෙසෙමින්, ආරම්භයේ සිටම ඇතිවූ සියළු අර්බුධ, අභියෝග හා අපහසුකම් ජයග්‍රහණය කරන්නට මහත්ම ශක්තියක් වූහ.

එම මුල් යුගයේ ඇතිවූ ඇතැම් ප්‍රශ්න නිරාකරණය කර ගන්නට එවකට අධ්‍යාපන ඇමැති ඊරියගොල්ල මැතිතුමාගේඅධ්‍යාපන පරිපාලන ලේකම් වරයකු වූ විළියම් කාරියවසම් මහතාගෙන් ( පාර්ළිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාගේ පියා) ලද සහාය කෘතවේදීව සිහිපත් කළ යුතුය.

වසරින් වසර දිනෙන් දින සීග්‍ර දියුණුවකට පත්වූ ශ්‍රී  විජයානන්ද පිරිවෙන,සිසු දරුවන් ගෙන් වඩාත් පරිපූර්ණ වූවා සේම,  අද දක්වාමත් ඊට අවශ්‍ය කළ ආර්ථික ශක්තිය ගොඩනංවාලන්නට එහි නිර්මාතෘවරයාණන් වූ මාවනානේ පේමානන්ද නාහිමියෝ බලවත් දුෂ්කරතා ජය ගනිමින් සියළු කට යුතු සංවිධානය කළේ අප්‍රතහිත ධෛර්යයකිනි.ඒ නිසාම පිරිවෙණ නඩත්තුව සඳහා කුඹුරුයායවල් මෙන් ම තේ වගාවක් ද උන්වහන්සේ ආරම්භකළහ. අවශ්‍ය කරන එළවළු තම ගෙවත්ත තුළම සකස් කරවා ගන්නට උන්වහන්සේ එකළ සමත්වූහ.

ඒ හිනිදුපත්තුවේ හැම ගමකින්ම ශ්‍රද්ධාවෙන් බොහෝ දායකයන් වාර්ෂිකව පිරිනමන දන් පූජාවන්ට අමතරවය.

ඉතාම කරුණාවෙන් මෙන්ම පිය සෙනෙහසින් ද සුවිශාල සිසු දරුවන් රාශියක් ශ්‍රී ලංකාවට පමණක් නොව ලොවටද දායාද කර දෙන්නට තම ආයතනය තුළින් උන්වහන්සේ සමත්වූහ.  

මාවනානේ ශ්‍රී සොනුත්තර සිය ගුරු දේවයාණන්  වහන්සේ ගේ මෙන්ම, තම සරසවි අධ්‍යාපනය සිදු කරන කාලයේ පටන්  මේ සියල්ලටම මහත් පිටිවහළක් ලබා දුන් තම ප්‍රධාන ශිෂ්‍යවරයානන් වු   හබරකඩ ඉන්ද්‍රරතන මා හිමියන්ගේ ද සහය ලබමින්  තමන්ගේම සිසු දරුවන් තිහකට අධික සඟ පිරිසක් බිහි කර වදාළහ.

එම සඟපරපුර විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ධර්මකථිකයන්, දේශකයන්, ලෝක ධර්මප්‍රචාරක හිමිවරුන්ගෙන් ශෝභමාන වූහ.ගිහි සිසු පිරිස අතර පරිපාලන නිලධාරීන්, දිසාපතිවරුන්, විදුහල්පතිවරුන්,  ගුරුවරුන් හා විවිධ තලවල තනතුරු හොබවන්නන් වූහ.

සිසු දරුවන් තැනීම පිළිබඳ උන්වහන්සේට තිබුණු මහා පරිණත වූ කුශලතාවය සසරින් ආ පුරුද්දක් මෙන් ප්‍රභල පරාසයක  පැතිරගිය අසමාන එකක් වීය. උන්වහන්සේගේ සංඝනායක පදවි උපහාර උත්සවයේදී, එකළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකුව සිටි සෙනරත් වීරතුංග මහතා සඳහන් කළ පරිද්දෙන්, අපේ නාහිමියෝ  සිසුන් තැනීම  පිළිබඳ " සුවිශේෂී රාමුවක් හා නව ආදර්ශයක් " අපේ ශාසන සම්ප්‍රදාය තුළට එකතු කළ උතුමෙක් වූහ.එය අදටත් ප්‍රයෝගිකවෙයි.  

උන්වහන්සේගේ අපවත් වන තුරුම මෙම ආයතනයේ ආධිපත්‍යය දරණු ලැබූ අතර, එම අවධිය පිරිවෙණේ ස්වර්ණමය යුගය ලෙසින් පිරිවෙණේ ඉතිහාසය තුළ අනුස්මරණීය ලෙස සටහන්ව ඇත.

අදින් 50 වසර සමරණ මෙම මොහොතේ ශ්‍රී විජයානන්ද පිරිවෙණ සියලු විහාරාංග වලින්, සුවිශාල පිරිවෙන් ශාලාවකින්,සම්මුඛ ශාලාවලින්,පුස්තකාල හා පරිගණක අංශවලින් අංග සම්පූර්ණ ආයතනයක්ව පවතී.

ඒ වර්තමාන පිරිවෙන් විහාරාධිපති හබරකඩ ඉන්ද්‍රරතන නාහිමියන්ගේ උත්සාහයේ ප්‍රතිපලයක්  ලෙසිනි. උන්වහන්සේගේ ආරාධනයෙන් හා වර්තමාන දායක සභා සභාපති හිටපු අමාත්‍ය අයි. විජේවන්ත මහතාගේ  අනුග්‍රහයෙන්, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමරතුංග මහත්මිය, ජේෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ,පුනරුත්තාපන අමාත්‍ය ගුණරත්න වීරකෝන්, ජලසම්පාදන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දකුණු පළාත් හිටපු මහ ඇමති ශාන් විජයලාල් සිල්වා යන මැති ඇමතිවරුන්ගේ මෙන්ම , බන්ධුල විජේසේකර මහතා වැනි ප්‍රාදේශීය නායකයන්ගේ ද, උන්වහන්සේට හිතවන්ත ලංකාවේ අගනුවර හා වෙනත් පළාත් වළ දානපතියන්ගේ ද නොමසුරු සහාය මෙම ආයතනයේ අද දියුණුවට ලබා ගැනීමට උන්වහන්සේ සමත් වූහ.

හබරකඩ ශ්‍රී විජයානන්ද පුරාණ රජමහා විහාර පිරිවෙන, තව බොහෝ කලක් සම්බුද්ධ ශාසනයට  මහත් වැඩ දායක සේවාවන් සලසන ආයතනයක් බවට පත්වේවා.



අදහස් (0)

හබරකඩ පිරිවෙනට අඩසියවසයි

ඉන්ද්‍රාන් Monday, 03 March 2014 08:21 AM

නියමයි! (නදී)

:       0       0

පත්බේරියේ විමලඥාන නාහිමි Sunday, 02 March 2014 08:12 PM

සිල්වත්,ගුණවත්,උගත් භික්ෂුන් සසුනට දායාද කරමින් සියවසක් කල් වැජඹේවා !( පැරිසියේ සිට~පත්බේරියේ නාහිමි) (නදී)

:       0       0

සුජාතා Monday, 03 March 2014 01:27 PM

අතිගරු පුජ්‍ය හබරකඩ ඉන්ද්‍රරතන මහා නායක ස්වාමින්වහන්සේ අපට සිටින උතුම් ස්වාමින්වහන්සේ නමකි. උන්වහන්සේගේ සාසනික සේවය කියා නිමකළ නොහැක. එම සාසනික මෙහෙවරින් බිදක් ලබාගන්නට පැරිසියේ සිටින අපිටද වාසනාව හිමිවිය. ඔබ වහන්සේට චිර ජීවනය පතන අතර චිරාත් කාලයක් ඔබ වහන්සේගේ සේවය බුදු සසුනට ලැබේවා! (නධී)

:       0       0

ගාමිණී ජයතිලක Sunday, 02 March 2014 09:16 PM

ශාසනික මෙහෙවර අඛණ්ඩව ඉදිර්යටත් කරගෙන යාමට හැකිවේවායි අපෙන් සුබ පැතුම්. මට මතත්යි පරලෝ සැපත් මගේ පියා ඔය පිරිවනේ ඉගෙන්නුවා (1975 විතර).(නදී)

:       0       0

සුජාත හිමි Monday, 03 March 2014 03:03 PM

බොහොම පින් ..ගාමිණි ජයතිලක මහතා ඉන්නේ කොහේ ද කියා දැන ගන්න කැමැතියි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 949 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1853 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2317 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5702 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1713 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6286 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18174 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site