(කුෂාන් ජයවර්ධන)
ගොවින්ගේ ගැටලු හදුනාගෙන ඉදිරියේදි එම ගැටලු සම්බන්ධයෙන් ග්‍රිලංකා රජය සමග සාකච්ඡා කර නියමිත වෙලාවට විසදුම් ලබා දීමට බලාපොරොත්තුවන බව ඇමරිකානු තානාපතිණි ජූලී ජේ චන්ග් මහත්මිය පැවසුවාය.
හබරණ පලුගස්වැව ගොවි බිම් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් තානාපතිවරිය මේ බැව් අද (24) දහවල් පැවැසුවාය.
ඇමරිකානු ආධාර යටතේ ලබා දුන් පොහොරවල ගුණාත්මක භාවය පරික්ෂා කිරීම සදහා තානාපතිවරිය වගා භූමි වෙතට ගොස් පැල ගොයම පරික්ෂා කළ අතර එහිදී තානාපතිවරිය ගොවීන් සමග සුහද කතාබහකද නිරත වූවාය.
ගොවිබිම් නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමරිකානු තානාපතිවරිය මෙසේ පැවැසුවාය. මෙම සංචාරයේ දී ලංකාවේ ගොවින් මේ වන විට මුහුණ පා ඇති ගැටලු රැසක් හදුනාගත්තා. ප්‍රධාන වශයෙන් මෙරට ගොවීන් පොහොර ගැටලුව නිසා පීඩාවට පත්ව සිටිනවා, එයට විසදුමක් ලෙස ලෝක කෘෂිකර්ම හා ආහාර සංවිධානය හරහා මෙරට ගොවින්ට පොහොර ලබාදීමට කටයුතු කළ යුතුයි.
ඉදිරියේදි ගොවින්ගේ ගැටලු හදුනාගෙන එම ගැටලු සම්බන්ධයෙන් ග්‍රි ලංකා රජය සමග සාකච්ඡා කර නියමිත වෙලාවට විසදුම් ලබා දීමට බලාපොරොත්තු වනවා. බ
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හබරණ කුඹුරට බැස්ස තානාපතිනිය
Rajeev Monday, 24 April 2023 11:55 PM
උතුමි කාර්යක් ඔබතුමියට සියලු දෙවි පිහිට ලැබෙිවා
පොඩිඑකා Tuesday, 25 April 2023 05:02 AM
මඩට බහින්න විතරක් නෙවෙයි .. මඩ කන්නත් සිද්ද වෙලයි තියෙන්නේ ..
sam Tuesday, 25 April 2023 07:20 AM
ඇත්තටම ලංකාව කොයි කොයි රටේ ප්‍රාන්තයක්ද කියලා කියනවද
මොහොට්ටාල Tuesday, 25 April 2023 08:00 AM
ලංකාවෙ දේශපාලුවන්ට හා ඉහළම පංතිවල නිළධාරින්ට කනට පහරක් ගහල කියලා හිතෙනවා මොකද ලංකාවෙ ආරම්භ කරන කිසිම වැඩක් පසුවිපරමක් කරන්නෙ නැහැ එයින් වෙන්නෙ ජනතා මුදල් ට්‍රිලියන කෝටි ගණනින් නාස්තියක් වීම පමණයි තානාපතිතුමිය ඔවුන් ලබාදුන් පොහොර පාවිච්චියට ගන්නවාද නැද්ද ප්‍රගතිය පරීක්ෂා කරනවා ලංකාවෙ දේශපාලුවො කොමිස් කුට්ටිය ලැබුනු පසුව තවත් කොමිස් කුට්ටියක් ගැනීමට ක්‍රමයක් හදනවා මිස හදපුදේ බලන්නෙ නැහැ පොඩි උදාහරණයක් කිව්වොත් ප්‍රේමදාස ජනාධිපති හම්බන්තොට ප්‍රදේශයේ හදපු නිවාස ව්‍යාපෘතියකට වතුර නැහැ කියලා පුවතක් දැක්කා නිවාස අධිකාරිය මෙන්ම හිටපු නිවාස ඇමති වත්මන් විපක්ෂ නායකවත් ඒවා බලන්නෙ නැහැ ඉතින් මෙහෙම ප්‍රගතියක් නොබලන පසුවිපරමක් නොකරන රටක අවුරුදු 75 නොවෙයි 750 ක් ගියත් සංවර්ධනය වුනු රටක්නම් හදන්න අමාරුයි මම නම් හිතන්නේ ලංකාවෙ පාලනය සදහා අවශ්‍ය වෙන්නෙ මේ තානාපතිතුමිය වගේ දුරදිග සිතන්න හැකියාව තියෙන කෙනෙක් තමයි
පිටිගල මිලානෝ Tuesday, 25 April 2023 09:06 AM
ජුලී චෑං මොන පක්ෂෙන්ද ඊළග මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ…?
Bunny Preena Tuesday, 25 April 2023 09:33 AM
ඇමෙරිකානු තනාපතිනියට තියෙන උනන්දුව අපේ නිලදාරීන්ටයි, දේශපාලකයින්ටයි අවන්කවම තියෙනවාදැයි කියන එක ලොකු ප්‍රශ්නයක් ?
පුරවැසියෙක්..... Tuesday, 25 April 2023 09:45 AM
ප්‍රායෝගිකව කටයුතු කරන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියෙකි . ආඩම්බරයි. මෙතුමිය , අප රටේ ඉහළ තනතුරු දරන රාජ්‍ය නිලධාරීන්ටද ආදර්ශයකි. මන්ද මෙරට රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනා ප්‍රායෝගිකව ජනතා ප්‍රශ්ණ ගැටළු සොයා බැලීමක් සිදු නොකරන අතර පැය අටේ සේවා කාලය කාර්යාල ශීත කාමර තුල ගත කිරීමට හුරුව සිටින ආකාරයක් පෙනෙන්නට ඇත.
මැක්ස් Tuesday, 25 April 2023 10:23 AM
මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවන වග අපේ පැරැණියන් අපට උගන්වා ඇති බව පමණක් ජුලී නෝනාට හුරේ දාන කොාමන්ටුකරැවන්ට මතක් කර දෙමු.