හෝමාගම ප්‍රාදේශීය සභාවේ අය වැය විවාදය අතරතුර දී මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ බහින්බස් වීමකින් පසු අයවැයට විපක්ෂව අදහස් පළ කළ සම්පත් ජයසිංහ සහ අයවැයට පක්ෂව අදහස් පළ කළ සුකිත් හපුආරච්චි අතර ගුටි බැට හුවමාරුවක් ඇතිවීමට ගිය අතර ප්‍රාදේශීය සභාපති ඒ ඩී කුමාරසිරි මුලසුනෙන් නැගිට පිටව ගියේය.
ඔහු පිටව යද්දී ගැලරියේ සිටි පුද්ගලයකු සභාපතිගේ මුහුණට පහරක් ගැසූ අතර තවත් පුද්ගලයෙක් පුටුවකින් දමා ගැසුවත් එය සභාපතිට නොවැදුණි.
ප්‍රාදේශීය සභාවේ ආරක්ෂාවට පොලිසිය කැඳවා ඇත.
පහරකෑ සභාපති රෝහල් ගත කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින් කළේ අය වැය අවසන් කළ එක. දැන්...?? (නි)
ඉස්සර සිදුවුණේ ප්‍රාදේශීය දේශපාලකයන් ජනතාවට පහරදීම. දැන් ජනතාව පෙරලා පහරදෙන්න පුරුදුවෙලා. කොහොම නමුත් පහරදීම අනුමත කරන්න බැහැ. හොද නැත්නම් කතිරයෙන් ගෙදර යවන්න (නි)
මේවා බොහෝ විට කුමන්ත්‍රණ ලෙසයි මම නම් දකින්නේ. ප්‍රාදේශීය සභා අපේක්ෂකයන් තේරීම ආසන සංවිධායක විසින් කරන බැවින් මෙහි වගකීම ආසන සංවිධායක විසින් ගත යුතු බවයි මගේ හැගීම වන්නේ (නි)
මම නම් මේ වෙච්ච දේට සතුටුයි (නි)
බුදු දහමට අනුව ඕවා පුදුම දේවල් නොවෙයි. (නි)
රට පාලනය කරන උදවිය මේ වගේ වැඩ කරනකොට ලංකාවට වෙලා තියෙන දේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ නේ (ස)
රට අාශ්චර්යට යන ගමනේ මේ වගේ දේවල් වෙනවා. කල්පනාවෙන් බලා ඉන්න.ඊළග ඡන්දෙවත් සුදුසු පුද්ගලයෙකුට දෙන්න හෝමාගම ජනතාවගේ මොළේ පෑදේවා! (නි)