හෝමාගම උසාවි භූමියේ අදත් (27) පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් යොදවා ආරක්ෂාව තර කර ඇතැයි පොලිසිය කියයි.
පොලිසි 15කින් 300ක් පමණද පොලිස් විශේෂ කාර්ය බළකායේ 50ක් ද කැරලි මර්දන හා ජල ප්‍රහාරක බල ඇණිද කැඳවා ඇත. මාර්ග බාධක යොදා උසාවියට පිවිසෙන මාර්ගවල ආරක්ෂාව දැඩි කර ඇත.
පෙරදින බොදු බල සේනා සංවිධානය උසාවි භූමියේ කළ කලහයෙන් පසු උසාවියේ ආරක්ෂාව තර කළ බව පොලිසිය පවසයි. උසාවියේ වැඩ සුපුරුදු පරිදි සිදුවේ.
උසාවිය අවට ආරක්ෂක දැඩි කර ඇති නමුත් අද දිනයේ කිසිදු කලබලකාරී ස්වරූපයක් දක්නට නොලැබිණි.
පොලිසියට ලැබුණු ආරංචියක් අනුව මෙසේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චිවරය ඇඟලා ඉන්නේ සිල්වත් හාමුදුරු නමක් නම්.නමුත් චිවරය දා ගත් රස්තියාදු කාරයින්ගේ රෙදි ගැලවිය යුතුය (බ)
ප්‍රින්ස් ,අමල් යන නම් වලින් අදහස් දාලා කොටින්ගේ ඩොලර් කාක්කෝ. (අ)
ජේවීපී කලබල කාලෙනම් ඔයවගේ අයට බෙහෙත් ලැබුන .ආයෙම ඉල්ලගෙන කන්න වගේ හදන්නේ .ඕකට තමයි බුදු හාමුදුරුවොත් විනය පිටකයක් හදල තියෙන්නේ දුශ්ශීල භික්ෂූන්ගෙන් සාසනය රැකගන්න .(කෞ)
සරත් ෆොන්සේකා මහතා හිරේ යවන කොට ඔහුට උදවු කලා කියා සිය ගණනක් නිළදාරීන් අනිවාර්ය නිවාඩු යවන කොට .සමහර නිලධාරීන්ව හෝටල් ඉස්සරහ දැනගස්වල තියනකොට ඔය ජාති අලය කොහෙද තිබුනේ ? (කෞ)
චණ්ඩියෝද මේ රට බේරගන්න ඇවිත් තියෙන්නේ ? ඕකට සිවුර ගලෝල අාවානම් නේද හොද ?කොළබට වෙලා තමන්ගේ ස්වාමිවරුන්ගේ අණට අනුව සුදු වැන් මෙහෙයවපු අය රණ විරුවන්ද ? සැබෑ රණවිරුවන්ට අපාහස කරන්න එපා .(බ)
චීවරේ දාගෙන මැරකම් , මදාවිකම් කරන්න අයිතියක් තියෙන්න බැහැනේ . එහෙම නම් අමල් කියන දේ හරියටම හරිනේ . මහින්ද මොකද චීවරේ එක්ක බ්‍රා එක පටලවා ගන්නේ (බ)
අමල් ඕව ගැනුන්ට කියන්න.ඔය ඒවා ගලෝනව වගේ, උත්තරීතර චීවරය ගලවන්න බෑ (බ)
අමල් සහ සමාගමට කියන්න තියෙන්නේ ඔය සිවුර ගලවන්න කියන නියෝගය වාරියපොළ සුමංගල සහ කඩහපොල හිමිවරුන්ටත් දන්වන්න. ඒ උත්තමයන් හිරේ ගිහින් සහ වෙඩි කාලා මැරුණේ ජාතිය සහ ආගම වෙනුවෙන්. මේ හාමුදුරුවන් කෑගහන්නේ අපේ රණවිරුවන් වෙනුවෙන් මිසක් දේශපාලුවන් හෝ තානාන්තාර වලට නෙවෙයි.ඒවා කියන්න අතුරලියේ රතන සහ දඹර අමිල වගේ දේශපාලන හිමිවරුන්ට. (බ)
පද්මිණි යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ (බ)
මොකද බොරු බයක් පෙන්නන්නේ. උසාවියේ හාමුදුරුවෝ නැත්නම් කවුරුත් ඔතනට එන්නේ නැහැ. නඩුකාරයා කළේ නඩුව අහන එක. නමුත් නියෝගය ආවේ ඉහලින් වෙන්න පුළුවනි. ඊළඟට අපි යන්න ඕන දියවන්නාවට මිස හෝමාගම නෙවෙයි, (බ)
යම් කෙනෙක් මහණ වෙන්නේ රට. ජාතිය. ආගම.මේ තුනම ආරක්ෂා කර ගැනීම උදාර චේතනාවෙන්ය. තමන්ගේ ඇස් ඉදිරිපිටම ඒ දේවල් විනාශ වෙනවානම් ඇස් කන් පියාගෙන ඉන්නද කියන්නේ ? මේකද බුදුදහම කියල අහන අයට කියන්න තියෙන්නේ බුදුදහම ගැන ඔච්චර දන්නවනම් මහණ වෙලා මේ රටට බුදු දහම දේශනාකරගෙන සාසනෙත් ආරක්ෂා කරගෙන ඉන්න කියල (බ)
එතකොට උත්තරීතර චීවරය දරාගෙන කරන තරමක් වහුකුණු පරවැඩ කරන්න පුළුවන්ද? (බ)
චිත්තෙට පැය දෙකයි .සිවුරට දවස් 14 යි අවුලක් නැ රටේ නිතිය හැමෝටම පොදුයි (බ)
අමල්,බ්‍රා එක ගලෝනව වගේ,ගිහියන්ට බැහැ උත්තරීතර චීවරය ගලවන්න. (කෞ)
අමල්,ඔබගේ අදහසට මා 100% එකඟ වෙමි. (කෞ)
ජෙනරාල් ෆොන්සේකා හිරේ දානකොට හාමුදුරුවෝ රහත්වෙලා හිටියද (බ)
ඥානසාර හාමුදුරුවනේ කරන දෙයක් චීවරේ ගලවල කරන්න. සිංහල බෞද්ධයා රැකගන්න ඕන. බුදු දහමට නිගරු කරන්නේ නැතුව. මිනිස්සුන්ට ශාසනය ගැන තියෙන පැහැදීම නැති වෙනවා මෙහෙම ගියොත්. දැනටමත් පොඩි උන්ගේ ඔලුවට ගිහින් ඇති හාමුදුරුවෝ කියන්නේ කුණු හරුප කියන චන්ඩි කියල. (බ)