IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හෝමාගම හිටපු දිසා විනිසුරුට එරෙහි පගා නඩුව විභාගයට

හංවැල්ලේ අඹුල්ගම සියරට හෝටල හිමියාට පක්ෂව ඉඩම් නඩුවක තීන්දුවක් දීම සඳහා 2013 දී රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් වික්‍රම අබේසිංහ හා ඔහුගේ ආරක්ෂකයා වූ කොස්තාපල් මහින්ද කිත්සිරිට එරෙහි නඩුව ලබන පෙබරවාරි 15 වැනි දා විභාගයට ගන්නා බව මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද ප්‍රකාශ කළේය.

දීපිකා ශ්‍යාමලී ජයවීරගේ පැමිණිල්ල අනුව නීතිපති මෙම නඩුව පවරා ඇත.

සුනිල් වික්‍රමසිංහලේ රියදුරාද වන කොස්තාපල් කිත්සිරි අල්ලස් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිසම අධිකරණයට දැන්වීය.

 පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවෝ 19 දෙනෙක් සාක්කියට කැඳැවෙති. නඩු භාණ්ඩ ගණන 16කි.



අදහස් (0)

හෝමාගම හිටපු දිසා විනිසුරුට එරෙහි පගා නඩුව විභාගයට

කෝනාර Tuesday, 15 December 2015 01:00 AM

අධිකරණයක ඈනුමක් ගියත් මාස ගණනක් හිරේ යවනවා. නමුත් යුක්තිය පසිඳලීමට ඉන්න අයත් මෙහෙමයි කියලා දකිනකොට ලියන්න වචන නැහැ. (නි)

:       0       0

ප්‍රසාදිනී Tuesday, 15 December 2015 01:07 AM

මෙහෙම අයට උපරිම දඬුවම් දියයුතුයි. නීති මදි නම් නීති හදලා හරි දැඩි දඬුවම් දෙන්න. නැත්නම් කවදාවත් අපේ රටට ගොඩඒමක් නැහැ. අනේ මේ නඩුවේ නිවැරදි මනුස්සයා මොනතරම් බලාපොරොත්තු තියාගෙන නීතිඥයින්ට වියදම් කරන්න ඇද්ද? (නි)

:       0       0

අසංග Tuesday, 15 December 2015 01:10 AM

අපේ රටේ අධිකරණ පද්ධතිය විධිමත් කළයුතුයි. බොරුවට නඩු කල්දැමීමට නිතිඥයන්ට ඇති ඉඩකඩ වහාම වසාදැමිය යුතුයි. ඒ වගේම බොරුවට නඩු කල්දැමීමට උත්සාහ කරන පාර්ශවයන්ට එසේ කිරීමට නොහැකිවන සේ විනිසුරුවන් ක්‍රියා කළයුතුයි. එසේ නොවුණහොත් අසාධාරණය වන්නේ නිවැරදි පාර්ශවයටයි. (නි)

:       0       0

රෝහණ Tuesday, 15 December 2015 01:08 AM

මෙහෙම අයද අපේ නඩු වල තීන්දු දෙන්නේ? මෙය හරියට වැඩකරන විනිසුරුවරුන්ටත් මහත්වූ කැළලක්. දැඩි දඩුවම් දියයුතුයි. නීතිය දැන දැනත් මෙහෙම කරනවා කියන්නේ ඉතාම භයානක තත්වයක්. අධිකරණය පිළිබඳ විශ්වාසනීයත්වය නැති කරනවා කියන්නේ සුළුපටු දෙයක්ද? (නි)

:       0       0

ලලිත් Tuesday, 15 December 2015 01:12 AM

මේ අහුවුණේ එකක් විතරයි. තව කොච්චර මෙහෙම කරලා අහිංසක මිනිසුන්ට වැරදි තීන්දු දීලා ඇද්ද කියලත් හොයා බැලුවොත් වටිනවා. අධිකරණ අමාත්‍යතුමනි, මෙවැනි දේ නැවත නැවත වීමට ඇති ඉඩකඩ නැති කරන්න. නඩු ඉක්මනින් විසඳන ක්‍රියාපටිපාටියක් හදන්න. නඩු නිසා ජිවිතය විඳවන මිනිසුන් ගැනත් බලන්න. බහුතරය හම්බකරන තුට්ටුදෙක නිතිඥයින්ට දෙනවා, දිනයක් ගන්නවා, ගෙදර එනවා විතරයි. (නි)

:       0       0

ෆොන්සේකා Tuesday, 15 December 2015 01:18 AM

නඩුවක තීන්දුව ගන්න මොනතරම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවද කියලා දන්නේ අසාධාරණයට ලක්වෙලා සාධාරණය බලාපොරොත්තුවෙන් උසාවි ගිය කෙනෙක්ම පමණයි. (නි)

:       0       0

ගිහාන් Tuesday, 15 December 2015 01:21 AM

බොරුවට නඩු කල්දාන සහ ඊට උඩගෙඩි දෙන සැමට අසරණ මිනිසුන් උදේ සවස කරන ශාප වදිනවාමයි. මොවුන් මේ විනාශකරන්නේ කාගේ හෝ ජීවිතයක වටිනා කාලය සහ රටේ සීමිත සම්පත් නේද? (නි)

:       0       0

යසන්ත Tuesday, 15 December 2015 01:29 AM

උදේ සිට සවස් වනතුරු තමන්ගේ නඩුව කතාකරනතෙක් මඟ බලාසිටින, අතේ ඇති සල්ලි නීතිඥයන්ට ගෙවන, රස්සාවට යන්න විදියක් නැතුව ලතවෙන මිනිසුන් කොතරම් කාලයක් රස්තියාදු වෙනවද මේ අනවශය ප්‍රමාදය නිසා? වැරදිකාරයො තමයි කැමති කල්යන තරමට. හරි මනුස්සයා තමයි ඉක්මනින් විසඳෙනවාට කැමති. මේ සරල සත්‍ය නොතේරෙන කෙනෙක් ඉන්න විදියක් නැහැ. (නි)

:       0       0

ටිලාන් Tuesday, 15 December 2015 01:36 AM

නිවැරදි මිනිස්සු නඩු දානවා. ඒ ඉක්මනින් තමන්ට සාධාරණ තීන්දුවක් ලබාගෙන නිදහසේ ඉන්න. ඒ වගේම බොරුවටත් සමහර මිනිස්සු නඩු දානවා. නඩු කල්අදින්න කැමති ඒ වගේ කට්ටිය. මොකද තමන් දන්නවා තමන් වැරදියි කියලා. බලන්නේ තීන්දුව හැකිතාක් කල්මරලා, තීන්දුව දෙනතුරු‍ හෝ කාගෙහරි දේපොළක් බලෙන් අල්ලාගෙන භුක්ති විඳින්න. (නි)

:       0       0

ඊෂාන් Tuesday, 15 December 2015 01:38 AM

බොරුවට නඩු කල්දාන නිතිඥයින්/විනිසුරුවරුන් ගැන පැමිණිලි කළ හැකි ස්ථානයක් තිබෙනවා නම් වටිනවා. නඩුව කතාකළ දින ටික දුන්නහම තේරෙනවානේ මොනකරම් කාලය කාලා තිබෙනවද කියලා. (නි)

:       0       0

සමන්ත Tuesday, 15 December 2015 01:40 AM

"දිසා විනිසුරුට එරෙහි පගා නඩුව" මොනතරම් අශෝභනද මෙහෙම දේවල් දකින්නට ලැබීම? (නි)

:       0       0

චන්දි Tuesday, 15 December 2015 02:52 AM

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා... මේවා සාමාන්‍යයෙන් හැමතැනම සිදුවන දේවල්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 828 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5163 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3021 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 267 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1408 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1518 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28237 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 189 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site