IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


හමුදා කෝප්‍රල් ජේතවන සෑයෙන් බිමට ගනී

අනුරාධපර ජේතවනාරාම  මුදුනට අද අළුයම නැග සිටි පුද්ගලයා නැදුන්කර්නියේ හමුදා කදවුරක කෝප්‍රල්වරයෙකු බව පොලීසිය කියයි.

බදුල්ලේ පදිංචිකරුවෙකු වන ඔහු නිවාඩු ලබා සිටි බවට තොරතුරු පොලිසියට ලැබී ඇත.

ජේතවන සෑයට ඔහු     ගඩොල් ආදාරක ඔස්සේ නගින්නට ඇතැයි  පොලීසිය කියයි.

ඔහු අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියි.

අඩි 408ක් උස මෙම ස්තූපයේ වට ප්‍රමාණය අඩි 1247කි. සළපතල මළුව අක්කර අටකි. මහසෙන් රජතුමා ක්‍රිස්තු පූර්ව 290-305 සමයේ ඉදිකරන ලදැයි සැළකේ.

නන්දන උයන හා ජෝති වනය නමින් එදා ප්‍රසිද්ධියට පත් වූ මෙම ස්ථානයේ මිහිඳු මාහිමියන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ බව ද පැවසේ.

 



අදහස් (0)

හමුදා කෝප්‍රල් ජේතවන සෑයෙන් බිමට ගනී

චන්දි Wednesday, 17 July 2013 10:29 AM

ඉතින් ,එයාට ගොඩක් අමාරුද? ඉක්මන් සුවය පතමු. (නි)

:       0       0

සනත් අබේකෝන් Wednesday, 17 July 2013 02:31 PM

යුද්ධයට මුහුණ දුන් රණවිරුවෙක් වෙන්න ඇති. එහෙම උනාම සමහර අයට මානසික ආබාධ ඇතිවෙන්න පුළුවන්. මෙයාට හමුදාවට හොඳ යෝග්‍යතාවයක්නම් තියනවා. මනස තමයි පරික්ෂා කරන්න වෙන්නේ.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 17 July 2013 10:54 AM

'......මොහු සටනට මුහුණ දුන් රණ විරුවෙක්...' එසේනම් ජේතවනේ නොවෙයි රුවන්වැලිසෑයේ නැග ගත්තත් මොකද? අහෝ දෙවියනි!! (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 17 July 2013 02:36 PM

අපි අද ජීවත් වෙන්නේ මෙයාල නිසයි. (ස)

:       0       0

සම්පත් Wednesday, 17 July 2013 11:10 AM

මිනිස්සුන්ට හිතෙන දේවල්. වරදක් නැහැ පෙනෙන්න නම්. (නි)

:       0       0

මිනිපෙ Wednesday, 17 July 2013 09:15 PM

මෙයා හිතන්න ඇති මෙතනින් පැන්නොත් දිවිය ලෝකේ යන්න පුළුවන් කියාලා. (අ)

:       0       0

සුදත් ශ්‍රී Wednesday, 17 July 2013 11:31 AM

සම්පත්, ඔයාට වැරැද්ද පෙනෙන්නේ හැම කෙනාම මේ විදිහට ජේතවනාරාමයට නගින්න ගත්තොත් තමයි. ඒත් අපිට ඊට කලින් වැරැද්ද පෙනෙනවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 17 July 2013 11:31 AM

මධ්‍යම පළාතෙන් ඉදිරිපත් වෙන මෙම අපේක්‌ෂකයාගේ පෝස්‌ටර් ගැසීමට එන එක්‌ තරුණයකුට දිනකට රුපියල් දහසක වැටුපක්‌, බත් පාර්සලයක්‌ හා අරක්‌කු බාගයක්‌ දීමට කටයුතු යොදා ඇත. අන්න දම්මික පෙරේරාට ජොබ් එකක් තියෙනවා.(අ)

:       0       0

සම්පත් ප්‍රියංකර Wednesday, 17 July 2013 11:51 AM

වෙන නගින්න තැනක් තිබුනෙම නැද්ද.....(අ)

:       0       0

දයා අළහකෝන් Wednesday, 17 July 2013 12:02 PM

මෙතනට නගින්න ඇත්තේ මොනවගේ භයානක ඉල්ලීමක් කරන්නද කියලා කවුද දන්නේ? (නි)

:       0       0

රසික Wednesday, 17 July 2013 12:13 PM

ටිකිරි ඔයාගේ රත්තරන් කතාව දන්නේ අරය ගේ sms 5000 පච බලකාය. sms එකකට රු 2 නේ යන්නේ. ඔයවගේ 5000 කට කිව්වම පච ඇත්ත වෙනවා... UNP කෙනෙක් ගෙන් ඇහුවොත් වැඩිය හොදට පචය ගැන දෙනගන්ඩ පුළුවන්.(අ).

:       0       0

ධනුෂ්ක Wednesday, 17 July 2013 04:38 PM

අනුරාධපුර ලියන්නේ මෙහෙමයි (අ)

:       0       0

හේමන්ත Wednesday, 17 July 2013 08:56 AM

මෙයා නින්දෙන් ඇවිදින කෙනෙක්. ගෙදර තරප්පු පේලිය කියල හිතලයි නැගල තියෙන්නේ. මෙයාට සමාව දෙන්න (අ)

:       0       0

ගාමිණි Wednesday, 17 July 2013 08:58 AM

වටපිට බලන්න නගින්න ඇති .(අ)

:       0       0

දර්ශන් Wednesday, 17 July 2013 05:00 PM

මෙයා කව්රු වුනත් කළේ ජාතියට සහ ආගමට නින්දා කිරීමක්. (නි)

:       0       0

රූපවතී Thursday, 18 July 2013 11:14 AM

මේ ආත්මේ කෝප්‍රල් වෙලා ඉපදුනේ අපේ පුජනීය මහසෙන් රජතුමාවද්ද? හැමෝම දණගහලා වැද වැටෙමු. සාදු...සාදු ..!!! (නි)

:       0       0

ජයලත් Wednesday, 17 July 2013 12:46 PM

මට නම් හිතෙන්නේ කෝප්‍රල් නින්දෙන් නගින්න ඇති ,මොකද මෙයා රණවිරුවෙක්.කවදාවත් රණවිරුවෝ නරක වැඩ කරන්නේ නැහැ. මොකද මමත් රණවිරුවෙක් නිසා (නි)

:       0       0

විජේ Wednesday, 17 July 2013 09:06 AM

මට නම් හිතෙන්නේ නිදන් තියෙනවද කියල බලන්න කවුරුහරි බලවතෙක් නග්ගන්න ඇති. අනේ අපේ රටේ තිබුන වටිනා නිදන් ටික සේරම දැන් ඉවරයි. ඉතිහාසයත් ඉවරයි. රටත් ඉවරයි. කාටවත් මේවා පෙන්නේ නැහැ. (නි)

:       0       0

රාජු Wednesday, 17 July 2013 09:06 AM

නින්දෙන් ඇවිදින අහවලාගේ යාළුවෙක්ද කොහෙද? (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 17 July 2013 09:10 AM

මුන්ට දෙවියන්ගේ හාල් කැවිලද දෙවියනේ, නිදන් හොයන්න නොවෙයි,මම හිතන්නේ ගෙදර හරකට තණකොළ කපන්න වෙන්න ඇති ,(අ)

:       0       0

නීල්-රානා Wednesday, 17 July 2013 12:54 PM

ඉන්දියාවේ බිහිවූ දරුණුම රජාගේ පුතා මහේන්ද්‍ර විසින් ලංකාවේදී ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ජනතාව ඇමතු ස්ථානයේ උසම තැනට නැගුනු වීර සෙබළා පරීක්ෂා කරන්නට ඇත්තේ ඉඩම් පොලිස් බලතල උතුරට ලබා දීම පිණිස මැදිහත්වීමට රාත්‍රියේම ඉන්දියානු ආක්‍රමණයක් සිදුවේද කියායි. ඒනිසා ඔහුව මුදාහරින්න.(නදී)

:       0       0

අස්මිත් Wednesday, 17 July 2013 09:36 AM

මෙය නැග්ගේ නැහැ. මෙයා නිදා ගත්තට පසු කව්රු හරි ගෙනිහින් උඩින් තියලා තියෙනවා.පොලිසියෙන් කූද්දලා තමයි ගෙනැල්ලා තියෙන්නේ. එයා දන්නේ නැහැල්ලු කොහෙද ඉන්නේ කියලා.නිධන් හාරන්න කවදද රටේ ආරක්ෂක අංශයේ ය ගියේ? (නි)

:       0       0

මැණික් Wednesday, 17 July 2013 09:38 AM

නිකන් නම් නෙමෙයි නැගලා තියෙන්නෙ, මොකක් හරි ලොකු රාජකාරියකට (නි)

:       0       0

නිමල් Wednesday, 17 July 2013 09:45 AM

හේතුව කුමක් වුවත් ,මොහු සටනට මුහුණ දුන් රණවිරුවෙක්. නැතුව කෝප්‍රල් කෙනෙක් වෙන්න බැහැනේ. සමහරවිට මානසික ආබාදයකට ගොදුරු වූ අයෙකු විය හැකියි. නැතුව රටට හෝ සිංහලයට සිදු වී ඇති දෙය නිසා ජීවිතය නැතිකරගන්න කල උත්සාහයක් නම් , මෙම පුජනිය බිම තෝරාගැනීමත් වැරදියි. මෙයට වඩා වැඩ කොටසක් මෙයාට කරන්න තිබුනා. (නි)

:       0       0

චමිල නුවන් පෙරේරා Wednesday, 17 July 2013 09:59 AM

දැන් ඉතින් මේ ඉතිහාස තොරතුරු මොකටද කෝප්‍රල් උඩට නැග්ග එකට. උස ප්‍රමාණය සඳහන් කිරීමේ නම් ගැටලුවක් නෑ.(ස)

:       0       0

චානක Wednesday, 17 July 2013 10:02 AM

උඩට නැගලා සොයා ගත් විස්තර මොනවැයි?(නි)

:       0       0

විජේසුන්දර Wednesday, 17 July 2013 10:01 AM

මම නම් හිතන්නේ ඔහු භාවනා කරලා පාවෙලා ගිහින් (නි)

:       0       0

සෑම් Wednesday, 17 July 2013 01:28 PM

මෙයා ඔය කරලා ඇත්තේ ප්‍රසිද්ධ වෙන්න. එයාගේ නම, ගම පින්තුරය ඔක්කොම දැම්මා නම් කොහොමද? පොඩි එකාගේ ආසාවනේ. (නි)

:       0       0

සුනෙත් Wednesday, 17 July 2013 10:07 AM

නිදානයක් හොයන්න ගිහින් වගේ (නි)

:       0       0

බන්දුල Wednesday, 17 July 2013 10:11 AM

පුදුම ලෝකයක්..පුදුම සත්ව කොට්ටාසයක්.. නැගපු මනුස්සය ගැන නෙමෙයි කියන්නේ..කොමෙන්ට්ස් දාල තියෙන අය ගැන..මේ මනුස්සයට වඩා ලොකු මානසික ආතතියකින් පෙලෙන නපුංසක පිස්සෝ රැලක් තමයි මේකටත් දේසපාලනේ ගාවගෙන තියෙන්නේ..(අ)

:       0       0

ෂෙල්ටන් Wednesday, 17 July 2013 10:12 AM

මෙයාට හිතෙන්න ඇති නැගල බලන්න. ඇත්තටම මටත් හිතුනා නැගල වට පිට බලන්න.(ස)

:       0       0

අසේල ඕමානය Wednesday, 17 July 2013 10:15 AM

යුද්දේ නැති නිසා මොලේ නරක වෙලාද කොහිද? (අ)

:       0       0

බණ්ඩා Wednesday, 17 July 2013 10:17 AM

මෙයා නින්දෙන් ඇවිදින කෙනෙක්. ගෙදර තරප්පු පේලිය කියල හිතලයි නැගල තියෙන්නේ.සුවර් එකටම අහවල් ඇමතිට නෑදෑකම් තියෙන කෙනෙක්. (අ)

:       0       0

බණ්ඩා Wednesday, 17 July 2013 10:17 AM

හීනෙන් ඇවිදින කතා සත්තු කියනකොට මොන තරම් සතුටක් ඇතිද (අ)

:       0       0

ටිකිරි Wednesday, 17 July 2013 10:20 AM

අර කැළණි ගගෙන් මතු වුංකැරට් 24 රත්තරන් කුඩු තවමත් මතු වෙනවද?අරව කව්රු දාපුවද?මම මී දන්නේ නැති නිසි අහන්නේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 1 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 146 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 522 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2862 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1494 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 598 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24719 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site