IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හමුදා දොස්තර පොලිසියෙන් අල්ලයි

නාරාහේන්පිට පොලිස් රථවාහන අංශයේ කොස්තාපල්වරයකු රිය අනතුරකට පත්කර පලායෑමට උත්සහා කළැයි කියන යුද හමුදා කපිතාන්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි.

ඔහු යුද හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු බව පොලිසිය කියයි. තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබයි.



අදහස් (0)

හමුදා දොස්තර පොලිසියෙන් අල්ලයි

ධම්ම Saturday, 14 September 2013 01:14 AM

කෙනෙක් අනතුරකට පත්කර පලා යාම හොඳ දෙයක් නොවෙයි, නමුත් මිනිසුන්ගෙන් ගුටි නොකා වාහනයත් බේරා ගන්න නම් අනිවාර්යයෙන්ම පලා යා යුතුයි. මේක තමයි අපේ රටේ අලුත්ම සංස්කෘතිය. (නි)

:       0       0

ටෙනිසන් Saturday, 14 September 2013 01:11 PM

අනතුරක් වුණාම කිසිම දෙයක් සොයා නොබලා රියදුරාට තඩිබාලා, වාහනයට අලාබහානි කරන එක ගමක ආවේගශීලි තරුණයෝ විතරක් කළා නම් ටිකක් හරි සමාවක් දෙතහැකි.නමුත් උගත්යැයි සමාජය පිළිගත් සරසවි සිසුවොත් එවැනි දේ කළා. දුන් දඩුවමක් ගැන කොහෙවත් සදහනක් නැහැ.කවුරුන් හෝ වේවා හරියටම උසිගැන්වූ අය සොයා කුදලාගෙන විත් නීත්‍යානුකූල උපරිම දඩුවමක් දුන්නොත් ඔය ක්‍රියාව පාලනය කරගත හැකිවෙයි.එතෙක් ජීවිතයට ආදරය මිනිසෙක් අනතුර සිදුවූ තැන නවතින්නේ නැහැ. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Saturday, 14 September 2013 02:32 AM

තවත් රණ විරුවෙක්! (නි)

:       0       0

ලසන්ත Saturday, 14 September 2013 09:03 PM

පොලීය් සහ හමුදා දැන් අමාත්‍යංශ දෙකක් යටතේනේ තියෙන්නේ, දැන් බලමු කව්ද මැරයෝ කියලා.(නදී)

:       0       0

බමුණු Saturday, 14 September 2013 05:00 AM

ඉතින් මොනවද කරන්න කියන්නේ? මෙයා දේශපාලන හයිකාරයෙකු නම් යහතින් ගෙදර යාවී. (නි)

:       0       0

ලුම්බිණි Saturday, 14 September 2013 05:18 AM

හමුදාව කොහොම වුණත් දොස්තර කෙනෙක් වෙලත් මෙවැනි දෙයක් කිරීම ලැජ්ජාසහගතයි. (නි)

:       0       0

දුමින්ද Saturday, 14 September 2013 06:16 AM

නිසි දඩුවම් ලබාදිය යුතුයි.නැත්නම් වෙන්නේ පොලීසියේ අය හමුදාවට විරුද්ධව උද්ගෝෂණ කිරීමයි (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 14 September 2013 06:57 AM

පලාගිය එක හොදයි ගුටිකන්නෙ නැතුව (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Saturday, 14 September 2013 07:08 AM

පලා යන කපිතාන් කියනවා සතුරාට දැඩි අලාබහානි පමුණුවමින් උපක්‍රමශීලී ලෙස පසුපසට ගමන් කළ යුතුයි කියලා (නි)

:       0       0

පිටිගල Saturday, 14 September 2013 08:01 AM

අර ගිලන් රිය පදවා ජීවිතයක් බේරා ගත් ලොකු දොස්තර මහත්තයා මතක් වුණා මට මේ සිද්ධිය දැකලා. කොච්චර ලොකු වෙනසක්ද? (නි)

:       0       0

කුමාරිහාමි Saturday, 14 September 2013 08:19 AM

පොලිස් රෝහලට ගෙනගියා නම් ප්‍රශ්නයක් වේවි කියලා හිතුණා නම් හමුදා රෝහලට හරි රාළහාමිව ගෙනියන්න තිබුණනේ (නි)

:       0       0

පද්මසිරි Saturday, 14 September 2013 08:53 AM

නිලය, රැකියාව, තත්වය, මේ හැමදේටම වඩා වැදගත්වෙන්නේ උතුම් මිනිස් ගතිගුණ හදවත් තුල ඇතිවීම. සිතුවිලි, පරමාර්ථ ගුණගරුක නොවේනම් කරන ක්‍රියාවත් එලෙසමයි. (දී)

:       0       0

උපාලි Sunday, 15 September 2013 01:38 AM

ප්‍රසන්න, "හිතාමතා කලානම් ඒකට හදිසි අනතුර කියන්නේ නෑ". සහතික ඇත්ත. ඔන්න ඔය පරම සත්‍යය ඔලුවට වැටෙන්නේ නැති අපේ මිනිස්සු හදිසි අනතුරක් සලකන්නෙත් හිතා මතා කල දෙයක් හැටියට. ඒ ගොන් සිතිවිල්ලට ඒ අවස්ථාවේ 'ආරුඪ කරගත් වීරත්වයත්' එකතු වුනාම රියදුරුට ගහල වාහනේ ගිනිතියලා 'වීරත්වය' පෙන්නන්න හදනවා.(නදී)

:       0       0

රුක්මල් Saturday, 14 September 2013 09:30 AM

දැනට වාර්තා වන විදියට හමුදා නිලදාරිය උසාවියට ඉදිරිපත් කොට ඇත. (දී)

:       0       0

සකුරා Friday, 13 September 2013 10:01 PM

නිදහස් අධ්‍යාපනය ලද දොස්තර කෙනෙක් නම් නිදහස් කල යුතුය.මොකද පල යාම සරසවි පාටමලාවක්/විෂයක් නොවේ.(අ) .

:       0       0

දුරන්ග් Friday, 13 September 2013 10:17 PM

මෙම හමුදා නිලධාරියාට දැන් චෝදනා දෙකයි .1. පොලිස් නිලධාරියෙක්ව අනතුරකට පත් කිරීම. 2. රජයේ නිලදරුවෙක්, විශේෂයෙන් දොස්තර කෙනෙකු වසයෙන් වගකීම හා යුතුකම පැහර හැරීම. (අ)

:       0       0

උපාලි Saturday, 14 September 2013 11:43 AM

ධම්ම, අමිල කටුනායක, ඔබ දෙදෙනා අමිහිරි යථාර්තය හරියටම කියා පානවා. වාහන අනතුරක් වුනාම, කාගේ වැරැද්ද වුනත් රැස්වෙන මිනිස්සු ඒක නොබලා රියදුරුට ගහනවා. වාහනය ගිනි තබනවා. එහෙම වෙලාවට මං වුනත් කරන්නේ පලායාම තමයි. ජීවිතේ රැක ගන්න එපාය. මෙතනදීත් ඒ වෛද්‍යවරයා පණ රැක ගන්න එපාය නීතිමය වැඩවලට කලින්. (අ)

:       0       0

ටිරෝන් Friday, 13 September 2013 10:50 PM

මෙයා ඉක්මණින් බෙහෙත් අරගෙන එන්නයි යන්න ඇත්තේ (නි)

:       0       0

සත්‍යයා Friday, 13 September 2013 11:11 PM

මොකද මේ ලංකාවට වෙන්නේ? රට කරවන අය විසින් දී ඇති නරක ආදර්ශය පිළිකාවක් වගේ ලක් මෑණිගේ ඇඟ පුරාම උඩු දුවලා. අඩු වශයෙන් මේ පිළිකාවෙන් බේරුණ හිමි නමක්වත් සොයා ගන්න අමාරුයි. අපට ඉතිරි වන්න යන්නේ හෙටක් නැති රටක් ද නැත්නම් රටක් නැති හෙටක් ද? (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 14 September 2013 12:30 PM

මමහිත්නේ උපාලි හරි මොකද කිසිම කෙනෙක් හිතාමතා අනතුකරන්නේ නෑ නේ.... හිතාමතා කලානම් එකට හදිසි අනතුර කියන්නේ නෑ. අපේ මිනිස්සු හරි වැරැද්ද හොයන්නේ නැතුව කැලණියේ දුටුගැමුණු වගේ නීතිය අතට අරගෙන ගුටි ගහන එක ගිනි තියන එක නිසා තමයි අනතුරක් උනාම පලායන්නේ...... (දී)

:       0       0

පිටිගල Saturday, 14 September 2013 07:52 PM

උපාලි මහතාගේ අදහස හරි. පොඩි අනතුරක් වෙලා මට කතා කරන්නවත් දුන්නේ නැහැ. හැබැයි එතන හිටි කෙනෙක් මාව බේරා ගත්තා. නැත්නම් ගුටි. වරදත් මගේ අතේ නොවෙයි. (නදී)

:       0       0

ඩිසී Saturday, 14 September 2013 07:55 PM

හැපුනෙ පොලිස්කාරයෙක් නේ හරියට පාරෙ යන්න දන්නෙ නැතිව ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1002 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6176 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3444 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 293 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1488 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1600 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28524 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23599 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site