යුද්ධයේ අවසන් දිනවල සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ බලපෑම අනුව ශ්‍රීලංකා රජය විශේෂ අධිකරණ ක්‍රමයක් පිහිටවීමට විධි විධාන යොදාගෙන යද්දී හමුදාවේ ජේ්‍යෂ්ඨ නිලධරයන් නව දෙනෙකු මෛත්‍රීපාල සිරිසේන ජනපති හමුවීම ආරක්ෂක හා යුද හමුදා ප්‍රධානීන්ගේ අමනාපයට හා බලවත් නොසතුටට හේතුවී ඇතැයි දැනගන්නට ඇත.
2009 මැයි මාසයේ කොටි සංවිධානය සමග පැවැති අවසන් සටනේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරමින් සතුරා පරාජය කළ පිරිසක් මීගමුව හෝටලකදී ජනපති හමුවූ බව දැනගන්නට ඇත.
ජනපති මීගමුවේ වෙනත් රාජකාරියකට ගොස් සිටියදී ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු නිලධරයෙක් ඇමැතිවරයෙකුගේද උදව්වෙන් එම නම දෙනා හා සේනාධිනායකයා වන ජනපති අතර හමුවක් සංවිධානය කර ඇති බව දැනගන්නට ඇත.
මේ හමුව ගැන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හෝ යුදහමුදාපති ලුතින්න ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හෝ දැන නොසිටි බවද දැනගන්නට තිබේ.
ජනපති හමුවූ නිලධරයින් අතර වයස අවුරුදු 55 සම්පූර්ණ එමනිසා විශ්‍රාම ගැනීමට නියමිත කිහිපදෙනකුම සිටි බවද හමුදා ආරංචි කියයි.
විදේශ විනිසුරුවරුන්ද සහභාගී වන යාන්ත්‍රණයක් මගින් යුද අපරාධ සෙවීමේ උත්සාහයක් ඇතැයි විපක්ෂයෙන්ද පාර්ලිමෙන්තුවේදී කිහිපවරක්ම චෝදනා නැගිණි.රනිල් වික්‍රමසිංහ අගමැති ඒ අවස්ථාවලදී පැවසූයේ දේශීය යාන්ත්‍රණයකින් පරීක්ෂණ පැවැත්වෙන බවයි.
ශ්‍රීලංකාවේ පරමාධිපත්‍යට එරෙහි කිසිවක් සිදුනොකරන බවද රජය කියයි.
හමුදා සම්ප්‍රදාය අනුව හමුදාපතිගේ හෝ ආරක්ෂක ලේකම්ගේ හෝ අවසරය නොමැතිව මෙවැනි සාකච්ඡාවලට සහභාගීවීම සපුරා තහනම් බව කියති.
මෙම හමුවීමෙන් පසුව හමුදාපතිවරයා විශේෂ චක්‍රලේඛයක්ද නිකුත් කළේය.එයින් කියැවෙනුයේ ආරක්ෂක අමාත්‍යංශයට හෝ අදාළ ආයතනයන්හි ඉහළ පුද්ගලයින් හමුවීමට හෝ පෙර යුද හමුදාපතිගේ අවසරය ලබාගත යුතු බවයි.
යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මේ සිද්ධිය ගැන ජනපති හමුවී කරුණු පැහැදිලි කර ඇතැයිද ඔවුන් එම හමුව සඳහා තමාගෙන් හෝ ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසරය ලබා නොසිටි බව කියා ඇතැයිද සඳහන්ය.
මේජර් ජනරාල් ජගත් ඩයස්,මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ,ඇජුටන් ජෙනරාල් හා ශ්‍රීලංකා කාලතුවක්කු බල ඇණියේ කර්නල් කොමඩාන්ට් මේජර් ජනරාල් කමල් ගුණරත්න,මේජර් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා,මේජර් ජනරාල් නන්දන උඩවත්ත,මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා,මේජර් ජනරාල් ජගත් අල්විස් හා මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා,මීගමුවේ හෝටලයකදී ජනපති හමුවූ අය බව දැනගන්නට ඇත.
මේ හමුව සිදුවූයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රීලංකාව සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බරයේ සම්මත කළ යෝජනාව අනුව විශේෂ උසාවි පිහිටවීමේ ක්‍රියාවලිය ගැන යුද හමුදාව ක්‍රියාකරමින් සිටියදී බවද වාර්තා වේ.
සිදුවීයැයි කියන යුද අපරාධ විමර්ශණය සඳහා වන නීතිරීති ලබන වසරේදී පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිත බව ආරංචි මාර්ග කියයි.
මේ සඳහා විශේෂ මහාධිකරණ පිහිටුවීම රජයේ අදහස බවද දැනගන්නට ඇත.
මෛත්‍රීපාල සිරිසේන ජනපති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගීවීම සඳහා මෝල්ටාවට යෑමට පෙර මන්ත්‍රීවරුන් පිරිසක් සමග මේ සම්බන්ධයෙන් මූලික වශයෙන් කතා කර ඇතත් වැඩි විස්තර කිසිත් කියා නැතැයිද පැවසේ.
එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපති සමන්තා පවර් පසුගියදා පැමිණියේත් ජිනීවා මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් සෙයිද් අල් රාද් අල් හුසේන් කුමරු ලබන පෙබරවාරියේදී ශ්‍රීලංකාවට පැමිණෙනුයේත් ජිනීවා යෝජනා ප්‍රගතිය සොයාබැලීමට බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතුල, නොදන්නා දේවල් වලට කට දාලා මෝඩකම පෙන්වන්න එපා. (නි)
මහින්ද ගෙදර යැව්වා ඒ ඇති. ඕනනම් ටික දෙනෙක් ඇතුලට යාවි. දැන් මරණ දදුවමත් නැහැනේ. එවගේද අපිට ජ්‍යාත්‍යන්තර තැන ලැබෙනවා , සල්ලිත් ලැබෙනවා. (බ)
අභීත රණවිරුවන් සහ නායකත්වය දුන් සැබෑ ජාතික නායකයන්, නිලදරුවන් රැකගැනීම හැමගේ වගකීමකි, යුතුකමකි. (ර)
මේ නම් කියෙවන සියලුම නිලධාරීන් අවසන් සටනේ සිටිය අපි දැක්ක රට වෙනුවෙන් විශාල කැප කිරීමක් කල නිලධාරීන් 9 දෙනෙක් ඔවූන්ට හමුදාපති හෝ ආරක්ෂක ලේකම් හරහා යන්න අවකාශයක් නොලැබෙන බව දන්නා නිසා මේ ආකාරයට ජනපති හමුවෙන්න ඇති. මොවූන් වෙනුවෙන් රටම එකට සිටිය යුතුයි. (ර)
රටත් ජාතියත් පාවා දෙන්න එපා (බ)
ජනපතිතුමනි 88, 89 මතකයි නේද හොර රහසේ ගිහිල්ලා බලන්නකෝ බටලන්ද ගැනත් ඇහෙද්දිත් මානව හිමිකම් උල්ලංඝනය වුනේ නැද්ද (බ)
කවුද මේ "රාජා"..? (බ)
අපි දන්නා තරමින් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායකයේ කොටසක් වන රාජ්‍ය සේවයේ ඕනෑම කෙනෙකුට විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිතුමා මුණ ගැහෙන්න පුළුවන්. එලෙසම සන්නද්ධ හමුදාවල ඕනෑම නිලධාරියකුට ජනාධිපති කැමති නම් ජනාධිපතිතුමාව මුණගැහෙන්න නීතියෙන් බාධාවක් නැහැ. මෙතන සඳහන් වන සියලුම නිලදරුවන් වන්නි මෙහෙයුමේ ඉදිරියෙන් සිටි සෙනවිවරුන් බව අපිට අලුතින් කියන්න ඕනෑ නැහැ. (නි)
දැන් තිබෙන විදිහට හමුදාපති ගැන තිබෙන විශ්වාසය අපිට මෙයින් මොනවට පැහැදිලි වෙනවා. (නි)
හමුවුණාට වැඩිදෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. සියළුම ලාංකිකයෝ එක්වෙන්න ඕනෑ මේ වීරයා රැකගන්න (නි)
යුද්ධය මෙහෙයවූ හෝ යුද්ධයට මුහුණදුන් රණවිරුවන් දංගෙඩියට යැවීමට උත්සාහ කරනවා නම් අපි එය අනුමත නොකරමු. යුද්ධය කළ හැටි දන්නේ යුද්ධය කළ අය මිස,කොළඹ ශීත කාමරවල සිට යුද්ධයට විරුද්ධ වූ අය නොවේ. (නි)
හමුදා විනය පිරිහෙන කටයුතු කිරීම ජාතියේ ආරක්ෂාවටද තර්ජනයකි. හමුදාවේ නීති සහ විනය කැඩෙන දේවල් කිරීම ජාතියට කරන අනාදරයකි. මේ ගැන අපේ ෆීල්ඩ් මාර්ෂල්තුමාගේ අදහස දැනගන්න කැමතියි. (නි)
අනේ මන්දා මේ සිද්ධවෙන දේවල්? (නි)
මේක හමුදා ආණ්ඩුවක් නෙමෙයිනේ. ඉතින් රටේ නායකයා හමුවෙන්න ඕනෑම කෙනෙකුට පුළුවන්නේ (නි)
වෙස්මුහුණු බැන්ඳාට නටන්න ඕනෑ එළියේ! එදා දවස උදාවනතුරු බලා සිටිමු. (නි)
"....වැටත්,නියරත් ගොයම් කා නම්..." අපිට කියන්න තිබෙන්නේ මෙපමණයි (නි)
අවසන් සටනේ අවසන් මොහොතේ ආරක්ෂක ඇමති ලෙස කටයුතුකළේ වත්මත් ජනාධිපතිතුමයි. ඉතින් සියල්ල දන්නා එතුමා සමඟ නැතුව වෙන කා සමඟ සාකච්ඡා කරන්නද? (නි)
යුද්ධය අවසානයේ තිබුන සත්‍ය තත්වය සමහරවිට මේ කල්ලිය දැනගෙන සිටින්න ඇති. හමුදාපති හරහා ජනපතිතුමාට එවැනි කරුණු කාරණා ඉදිරිපත් කිරීමට බාධා ඇති වේ යැයි සිතා සමහරවිට මේ කට්ටිය මෙවැනි තීරණයක් ගත්තා වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ නම දෙනා, ජනපතිතුමා සමඟ පැවැත්වූ මෙම හමුවීම කලින් සිටම සුදානම් කරගෙන ගත් තීරණයක ප්‍රතිඵලයක් බව මට හිතෙනවා. හොඳ අදහසක්. (නි)
මෙම අභීත විරුවන් රැකගැනීම ජනාධිපතිතුමාගේ වගේම අපේත් යුතුකමක් (නි)
මෙම නියම රණවිරුවන්ට ජනපති හමුවීමට සාධාරන අයිතියක් ඇත. (නි)
සේනාධිනායකයාව හමු වෙන්න අවසරයක් මොකටද?. අවසන් සටනේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරමින් සතුරා පරාජය කළ පිරිසක් හමු වීම මොකක්ද වරද.ජනාධි පති තුමාට ජය වේවා.!!! (බ)
කොයි කවුරුත් දැන් සෙල්ලං දාන්නේ කොටි බියක් නැති නිසා. ඒ බිය නැති කරපු විරුවන්ට විරුද්ධව කටයුතු කරන හැම එකාටම දඬුවමක් ලැබෙන්න ඕනේ. (බ)
කවුරු හොරෙන් වෙස් බැන්ඳත් නටන්න වෙන්නේ එළිපිට. රට පාවා දුන්නොත් කාට වුණත් වැඩ වරදීවි. (නි)
මඳක් රුසියාව දෙස හැරී බලන්න. සේනාධිනායකත්වය යුධ විරුවන් තුළ ජීවමානව එහි වෙසේ. මුළු මහත් රුසියානුවන් තමන්ගේ රට-ජාතිය ගැන එකම හැඟීමෙන් ජීවත්වෙන හැටි බලන්න. ඒත් අපේ රට? තමන්ගේ ජාතිය ගැන කතාකරන්න බැහැ. රටක මිනිසුන් තමන්ගේ ජාතිය ගැන කතානොකර රට ගැන සිතන්නේ කෙසේද? (නි)