හෙද වර්ජනය අද සිට අවසන් කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙරදින පැවසුවත් වර්ජනය දිගටම ගෙන යන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ජ්‍යේෂ්ඨ උප සභාපති හා කරාපිටි ශාඛාවේ සභාපති දකුණු පලාත් සංවිධාන ලේකම් ඩී.බොරලැස්ස කියයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙද සේවය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ ඉල්ලා අස්කැරගන්නා තුරු අඛණ්ඩ වැඩවර්ජනයක යෙදීමට තීරණය කැර ඇතැයි බොරලැස්ස මහතා පවසයි. ඒ අනුව සියළුම රෝහල්හි දැඩි සත්කාර ඒකක, හදිසි ශල්‍යකර්ම, ළමා ඒකක යන අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා හෙද නිලධාරී නිලධාරිනියන් සිය සේවා ලබා දුන්න ද ඔවුන් අත්සන් කිරීමෙන් වැළකී සාමාන්‍ය ඇඳුමින් සැරසී එසේ කරන බව ද හෙතෙම කියා සිටියේය. හෙදියන් විසින් කළ යුතු කාර්යයන් සඳහා කණිෂ්ඨ කාර්ය මණ්ඩල යොදා ගන්නේ නම් අත්‍යාවශ්‍ය සේවාවලින් ඉවත්වීමට සිදුවන බව බොරලැස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය. කරාපිටිය රෝහලේ හෙද හෙදියන් 1400 කින් අද අත්‍යාවශ්‍ය සේවයේ යෙදී සිටින්නේ 65 දෙනකු පමණක් බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මණ්ඩලේ කචල් වුණාම ඔහොම තමයි. හැම තැනම අවුල්. (ස)
බණ්ඩාර,කියන දේමයි මාත් කියන්නේ. ඇයි දැන් මේකට විරුද්ද. අනික පැය විසිහතරේම දොස්තරලා වාට්ටු වල නැහැනේ. හෙදියන්ට මේදේ පුහුණු කරා කියලා හොදක් මිසක නරකක් නැනේ."ලෙඩාට තියන අමාරුව දොස්තරට නෑ කිව්වේ පැරණි කතාවල කට කහනවට නෙමේනේ". මෙන්න මේවගේ වැඩ නිසා.(නදී)
මේ හැම වර්ජනයකින්ම අසරණ වෙන්නේ රෝගීන්. (නදී)
නිමල් ඔබ නොදන්නා එක දෙයකි. ඈත අතීතයේ පටන් වින්නඹු මාතාවන් හෙද පුහුණුවට පැමිණෙන බව ඔබ නොදන්නවා විය හැකිය. එය හෙදියට කවදාවත් ගැටළුවක් වී නැත. (ස)
ඉන්දික මහතා, ඔබ නොදන්නවාට මිඩ් වයිෆ්ලාටත් හෙද පුහුණුව ලබාදෙනවා. හෙදියන් කවදාවත් ඒකට එරෙහි වෙලා නෑ. ලංකාව පුරාම ඒ වගේ පුහුණුව ලබපු හෙදියන් වැඩ කරනවා දැන්. රජයටත් දැන් කරන්න පුලුවන් හොදම පිලියම තමා මිඩ් වයිෆ්ලා සේරටම හෙද පුහුණුව ලබා දෙන එක. එතකොට වෙන රටවල වගේ ප්‍රජා හෙදියක් මිඩ් වයිප් වෙනුවට. ඒත් ලංකාවේ සෞඛ්‍ය සේවයේ හැම තීරණයක්ම ගන්නේ දොස්තරලා. ඒකයි ලංකාවේ අනෙක් සේවාවන් වල දියුණුවක් කවදාවත් අපිට දකින්න නැත්තේ.(නදී)
ඉන්දික ඔයාගේ කතාවෙන්ම තේරෙනවා ඔය රජයේ ඉස්පිරිතාලෙකින් බෙහෙත් ගත්ත කෙනෙක් නොවෙන බව...ඒ නිසා මං හිටියේ මොන ඉස්පිරිතාලෙද කියල වැඩක් නැහැ..හැම නර්ස් කෙනෙක්ම රෑ 7 ට ඔෆ් වෙලා යන්නේ පොදු ප්‍රවාහන සේවයක.ඒ මිනිස්සු කාර් ඉල්ලන්නේ නැහැ. කාර් පර්මිට් ඉල්ලන් නෑ..පුහුණුවක් ඉල්ලන්නේ. (ස)
දමයන්ත ඔයා හරි. ඒ විතරක්ද ? එයාල තමන්ගේ කිරි දරුවෝ ගෙදර දාලා රෑට ත් වැඩ කරනවා. හැමෝම නිවාඩු ගන්න දවස් වලටත් එයාල වැඩ. තමන්ගේ ජීවිතයේ ගොඩක් දේවල් එයාල රැකියාව වෙනුවෙන් කැප කරනවා. වර්ජනය කරන්න ගොඩක් දෙනා පුද්ගලිකව අකමැති ඇති. ඒත් පොදු තීරණයකට එකඟ වෙන්න වෙනවනේ. (ස)
ප්‍රශ්නය හරි හැටි තේරුම් අරන් කතා කරනවා නම් වැදගත් . මොකද තිබුණු සමනය තත්වය අසාමාන්‍ය වෙන්න බලපාපු හේතුව ගැන දන්නේ සීමිත පිරිසයි. (ස)
මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක් මැරුනහම තමයි නවත්තන්නේ (දී)
දොස්තරලා ඈයි මෙච්චර විරුද්ධ, සුතිකා පුහුණුවෙන් පස්සෙ හෙදියන්ට තීරුබදු රහිත වාහනයක්වත් ලෑබෙනවද? (ස)
ඇය...දිවා රෑ නිදි වැරුවාය.සේවය කල හැම තත්පරයක්ම ඔබේ දිවියට සිනහවක් එක් කරන්නට වෙහෙසුනාය.රැය පුරා තම දරුවනට එරුනු කිරි හදවතට වේදනා දෙද්දී.... ඇය අනුනගේ දරුවන්ගේ කුස පිරෙව්වාය.රැඳුනු හැම තත්පරයකදීම, ඇය..ඔබගේ වේදනාවන් එකතු කලාය.දවස මුලුල්ලේම ඔබ හා රැඳුනාය.සිනහවක් කිසිවිටක සොයන්නට නැති ,කෙඳිරිලි පමනක් ඇසෙන ඉසව්වේ... ඇයටද විටෙක සිනහව අමතක වන්නට ඇති....එහෙත් ඔබ අමනාප නොවන්න.ජීවිතයේ කිසියම් දිනක හෝ අසරණව හිඳ..... අවසන, ඔබ මුව සිනහ ගෙත්තමේ... ඇගේ සිනහවද වූ බව ,යාන්තමින් මතක තබා ගන්න.(නදී)
මගේ නෝනාව සීසර් කරන්න නතර කරලා. ඊයේ කිව්වා අද වර්ජනය ඉවරයි කියලා. ඒත් ඒක මුසාවාදයක්. නෝනගෙ ඔපරේශන් එක කරන් නැතුව අදත් හරවලා එවලා. දැන් දවස් තුනයි. වාට්ටුවෙ ඉන්න දොස්තරල හොඳයි. මේ අයට වැඩ කරන්න දෙන්නැත්තෙ නර්ස්ල. අපි මේව කාට කියන්නද?? (ස)
සුළු සේවකයන්ටත් මේ පුහුණුව දුන්නා නම් ඒත්හොඳයිනේ... (නි)
වර්ජන, උද්ඝෝෂණ අද වැහි වැහැලා... (නි)
මේ ගොල්ලන්ට සූතිකා පුහුණුව දුන්නොත් කුලප්පු වුණ අශ්වයාට අං කූට්ටමක් පැළැන්දුවා වගේ හිටීවි.හෙදියන්ගේ හැසිරීමේ හැටි බලන්න යන්නකෝ මහා ඉස්පිරිතාලෙට. සූතිකා පුහුණුව දීම ප්‍රතික්ෂේප කරන වෛද්‍යවරු දුර පෙනෙන ඥානවන්ත පිරිසක්. (නි)
හරියට දැනගෙන අදහස් දැම්මොත් හොඳයි. ලංකාවේ දොස්තරලාගේ වැඩ ගැන හොඳටම දන්නේ රෝහල්වල වැඩ කරන අපි (නි)
මේකේ ඇත්ත කතාව මේකයි. දැනටත් හෙදියන්ට සුතිකාගාර පුහුණුව ලැබෙනවා.ඒක ලැබෙන්නේ කැමති අයට සේවාස්ථ පුහුණුවක් ලෙසයි.නමුත් දැන් ඉල්ලන්නේ අනිවාර්ය පුහුණුවක් ලෙස. ඒ ලෙඩුන්ට ආදරේට නෙමෙයි.වසර හතරක් දක්වා පුහුණුව දිගුකරගෙන පරිපාලන අයිතිවාසිකම් ලබාගැනීමටයි. (නි)
පවුල් සෞඛ්‍ය සේවිකාවන්ටත් හෙද පුහුණුව දෙන්න ඒත් හොඳයිනේ හෙදියන්ට කතාකරන හැටිත් ඉගෙනගන් පුහුණුවක් දුන්නා නම් ඒත්හොඳයිනේ... (දී)
මෙය කොහොමද බුදු දහමට අදාල වෙන්නේ? බුදු දහමේ තියෙන්නේ රෝගීන්ට සළකන්ක කියලා මිසක් රෝගීන්ව මරන්න කියලා නෙමෙයි. (නි)
වින්නඹු සේවය උගන්වන්නේ හෙද විදුහල්වල තමා. ඒ ගොල්ලන්ටත් හෙද පුහුණුව දීලා මිඩ් වයිෆ් නර්ස්ලා කරන්න ඕනෑ. නර්ස්ලටත් මිඩ් වයිෆ් පුහුණුව දීලා ඒ තත්ත්වෙට ගෙනෙන්න ඕනෑ. මේකට වෛද්‍ය සංගමය විරුද්ධයි. (හැබැයි හැම දොස්තර කෙනෙක්ම නෙමෙයි. ගොඩක් දොස්තරලා දන්නවා මේකේ වැදගත්කම.) නර්ස්ලා ජාත්‍යන්තර තත්ත්වයකට එනවට මේ කට්ටිය අකමැතියි. හෙදියන් මේ මට්ටමට එන එක රටේ සෞඛ්‍ය සේවාවට තමා වැදගත් වෙන්නේ.(නි)
මේකෙ පැති කිහිපයක්ම තිබෙනවා. හෙදියන්ට සූතිකාගාර පුහුණුව ලබාදෙන එකට ඇයි මේ තරම් අකමැති දන්නවද? එහෙම කළොත් එයාලට පුලුවන් දැනට වෛද්‍යවරු පමණක් අත්තනෝමතිකව පාලනය කරන පරිපාලන සේවා පුටුවලට එයාලට අයදුම් කරන්න. ඒ වගේම එයලව උපාධි තත්ත්වයට පත් වෙනවා. එතකොට වෛද්‍යවරුන්ගෙ ඒකාධිකාරය බිඳවැටෙනවා. අන්න එතනයි එයාලට රිදෙන්නෙ. එහෙම නැතුව දැනටත් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට මුල් මාස කිහිපය උගන්වන්නෙ හෙදියන්. ලංකාවෙ හැමතැනම රාජ්‍ය අංශයේ වෙන්නෙ ඕක තමයි. (නි)
අනේ මෙහෙමත් වැඩ! (නි)
ප්‍රශ්නය දුරදිග යාමෙන් කොහොමටත් මෙයාලට පෞද්ගලික රෝහල් වලින් ගතමනාව වැඩියෙන් ගන්න පුළුවන්නේ.මේ රට කොතනින් හදන්නද කියලා හිතාගන්න බැහැ. (නි)
මේකෙන්ම පේනවා මේ හෙදියෝ කියන අයගේ එක ප්‍රතිපත්තියක් නැති බව. තමන්ගේ වෘත්තීය සමිති වලට එක මතයකට එන්න නොහැකිව කොහොමද සාධාරන සේවයක් දෙන්නේ. (නි)
මෙලෙස හිතෙන හිතෙන වෙලාවට කරන වැඩ වර්ජන ඉතාම අසාධාරණයි. වෙනත් රටවල වගේ වැඩ වර්ජන කාලයට පඩි නොගෙවිය යුතුයි. (නි)
හෙදියන්ට සුතික පුහුණුව දුන්නම මොකද වෙන්නේ? මොකද ඒක අලුත් දෙයක් නොවෙයි නේද?කොහොමත් ලංකාවේ වෛදද්‍යවරු ආඩම්බරකාර මානසිකත්වයක් තියන අය.(ස)
අනේ අම්මපා! මේ වෙලාවට තමයි රණසිංහ ප්‍රේමදාස මහතාගේ වටිනාකම තේරෙන්නේ (නි)
කරුණු දෑනගෙන මෙහි අදහස් දෑම්මොත් හොඳයි. හාමුදුරුවෝ සටන අත හෑරීම නිසා හෙදියන් දෑඩි අපහසු තාවකට පත් වී තිබෙනවාත මෙහි ඇත්තම තත්වය නම් මීට පෙර තිබුණු තත්වය වෙනස් කිරීමට යාමයි. පෙර මෙන් කටයුතු කළ යුතුයි කියා රජය ඒකමතිකව කීවා නම් ප්‍රශ්නය ඉවරයි. වින්නඹු පුහුණුව කලින් පටන් හෙදියන්ට තිබුණනෙ. (ස)
රත්නායක ආරච්චිගේ මහත්තයෝ, මොකද දන්නවද වෙන්නේ? ඊට පස්සේ වෛද්‍යවරු සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් වර්ජනය පටන් ගන්නවා. එතකොටත්, ලෙඩේ රෝගින්ටයි. (ස)
මේ ප්‍රශ්නයට මැදිහත් පාර්ශවය වෙලා තියෙන්නෙ වෛද්‍යවරු නේද? බඳවා ගැනීම් වලදිත් වැඩි සුදුසුකම් බලන්නෙ හෙදියන්ගෙ නේද?කොහොම වුණත් රෝගින් වැඩි සංඛ්‍යාවකට සෙත සලසන්නෙ හෙදියො. මේක තවදුරටත් ගෙනියන එකෙන් අසරණ වෙන්න අහිංසක රෝගින්. (ස)
ඒ කියන්නේ සභාපති හිමියන්ගේ ප්‍රකාශය, උප සභාපතිවරයා පිළිගන්නේ නැහැයි කියන එකද? අසරණ රෝගීන් ගැන සළකා වර්ජනය අත හරිනවද? (ස)
මේ පුහුණුව හෙදියන්ට අනවශ්‍ය ඇයි? ඒ අයට ඒක නැතිව බබාලා ලැබෙන වාට්ටුවල කොහොමද වගකීමෙන් වැඩ කරන්නේ. මගේ බබා හම්බ වෙන්න ඉන්නකොට නර්ස් තමා හැම දේම හොයල බලල කළේ. දොස්තර ආවේත් නර්ස් කතා කරලා ගොඩක් වෙලා ගියාට පස්සේ. ඒ ආපු දොස්තර අලුත්ම කෙනෙක්. නර්ස් තමා එයාටත් කියලා දුන්නේ. වර්ජනය කිරීම නම් හොඳ නෑ තමා. ඒත් දොස්තරලගේ සමිති කියන විදියට මව් මරණ අඩු නෙමේ වැඩි වේවි මේ අයට පුහුණුව නොදුන්නොත්. මම නම් හිතන්නේ සියලුම දැනුම තියෙන ඒක නර්ස් කෙනෙක් පුහුණුව වටිනවා. (ස)
ඉස්පිරිතාලෙක දවස් දෙක තුනක් නැවතිලා හිටපු කෙනෙක් දන්නවා මොකක්ද වෙන්නේ කියල...සමහර දොස්තරලා ඉගෙන ගන්නෙත් නර්ස්ගෙන්...වර්ජන කරන එක සාදාරන නැහැ. කොන්ද පන නැති පරිපාලනය නිසා තමා ඔක්කොම.(නදී)
අසරණ රෝගින් ගෑන මීට වඩා සෑලකිලිමත් විය යුතුයි. ඔවුන්ට මුදල් නෑති නිසයි රජයෙ රෝහල් කරා එන්නේ. සුව සේවයට මීට වඩා නීති තද විය යුතුයි. වර්ජනය කරා මදිවට කබඩ් වලට ඉබි යතුරු දමා ගිය හෙදියන්ට අනිර්යෙන්ම නිති මගින් ක්‍රියා කලයුතුයි. එය මානව අයිතිවාසිකම් කඩ කිරීමක් , රජයේ රෝහල් ඔවුන්ගේ බූදල් නොවේ. ඉරිසියාව නිසයි මෙහෙම වෙන්නේ. පුද්ගලීක රෝහල් වලින් ජරාව කන අයත් ඉන්නවාද කියලා සොයා බෑලුවොත් හොදා නේද? රෝගින්ට උපස්තාන නොකිරීමේ අකුසල කර්මයෙන් ස්වාමින් වහන්සේ මිදුන එකට සතුටුයි. සුව සේවයට මහජනයාට උපරිම සේවයක් සෑපයිය හක්කේ එහි මහජන්යාගෙ හිත සුව පිනිස දෑඩි නීති මාලාවක් ක්‍රියාත්මක කලොත් පමනි. එය ලෝකයෙ රටවල් ගනනාවක ක්‍රියාත්මක වෙන දෙයකි. තව තවත් අලුත් දොස්තරලා, හෙදියන් බිහිකල යුතුයි.(නදී)
මේ වර්ජනය ඉතා සාධාරණයි. මන්දයත්, ලොකු අයට එක විදිහකුත්, පොඩි අයට තව විදිහකුත් තියෙන්න බෑ. (නදී)
නර්ස්ලා කවදාවත් දොස්තරගේ රැකියාවවත් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙ රැකියාවවත් ඉල්ලුවෙ නෑ. මේ තාක් කාලයක් දිගටම කරගෙන ආපු සුතිකා පුහුණුවට ඇයි මේ තරම් එරෙහි වෙන්නේ. අනෙක් හැම රටකම නර්ස්ට සූතිකා පුහුණුව තියෙනවා. වෙන රටක ලියාපදිංචි වෙන්න යනකොට විශේෂයෙන්ම අහන දෙයක් තමා සූතිකා පුහුණුව. පුහුණුවක් නො ලබා මාත මරණ වැඩි වෙනවට වඩා පුහුණුවක් ලබලා හොද සේවයක් ලබාදෙන එක නේද වටින්නේ. ඒක මේ රටේ ජනතාවට තේරෙනවා ඇති දොස්තරලට නොතේරුණාට. (ස)
තරහ අවසර අපේ හාමුදුරුවනේ.....මට පොඩි ගැටළුවක් තියෙනවා..(නදී)
දමයන්ත, ඔයා හිටියේ මානසික රෝහලකද ? (නදී)
නර්ස්ලා ටික ටික සෞඛ්‍ය සේවයම ආක්‍රමණය කරනවා. වැඩි කල් යන්න ඉස්සෙලා ඒගොල්ලෝ වෛද්‍ය පුහුණුවත් ඉල්ලනවා. එගොල්ලොන්න්ට වෙන අයගේ වැඩත් කරන්න වෙලාව තියෙනවා නම් අලුතෙන් ගන්නේ මොකටද. ඉන්න ටිකෙන් හොඳ සේවයක් දෙන එකනේ තියෙන්නේ. හැබැයි ඉතින් හොඳ සේවයක් දෙන්නේ කොහොමද අවුරුද්දට මස 3-4ක් ස්ට්‍රයික් නේ.(නදී)
හැබැයි බලන්න තිබුණ වැඩේ, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ටත් හෙද පුහුණුව දෙන්න හැදුවනම් !! (ස)