IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


හමුදාවේ තවත් අයෙක් රිමාන්ඩ්

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හමුදා මාණ්ඩලික සැරයන් ජේ.එම් කණිෂ්ක ගුණරත්න ලබන 9 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් දර්ශන සූරිප්පෙරුම මහතා නියෝග කළේය. කැකැරාවේ පදිංචි කරුවකු වන සැකකරු ගිරිතලේ යුධ හමුදා කඳවුරේ සේවය කරයි.මෙහු සමග මෙම කඳවුරේ රිමාන්ඩ් කර සිටින පිරිස හත් දෙනෙකි.



අදහස් (0)

හමුදාවේ තවත් අයෙක් රිමාන්ඩ්

එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Sunday, 07 February 2016 12:52 PM

ජඩ දේශපාලුවන්ගේ අවශ්‍යතාවන්ට මිනි මරපු, අපරාධ කළ කාට වුනත් නිතිය ක්‍රියාත්මක කළ යුතුයි..රට වෙනුවෙන් යුදපිටියේ සටන් වැදුණු අය මිස පාදඩ දේශපාලුවන් වෙනුවෙන් පෙනී සිටි අය අපරාධ කරුවෝමය...මොන නිලය දරුවත් සාමාන්‍ය ජනයාට ක්‍රියාත්මක වන නිතිය ඒ කාටත් පොදු විය යුතුයි....(කෞ)

:       0       0

සෙනරත් Sunday, 07 February 2016 01:11 PM

රණවිරුවෝ හිරේ දමනවා, ඒ උනාට විනිසුරුතුමා ඇහුවම එක්නැලිගොඩ මැරිලද කියල "එක දන්නේ නෑ" කියල ලජ්ජා නැතිව උත්තර දෙනවා. මේ රණවිරුවෝ කරපු කැපකිරීම් නිසා තමා අපි අද නිදහසේ ඉන්නේ. නැතුව කොටි පිටේ දැන්වීම් ගහගෙන ආවේ නෑ, (කෞ)

:       0       0

සමිතා Sunday, 07 February 2016 01:37 PM

සෙනරත් මොළේ උඩද ඉඳගෙන ඉන්නේ? (බ)

:       0       0

සෙනරත් Sunday, 07 February 2016 03:58 PM

සමිතා, ඔබ කරන වැඩේ අනෙක් හැමදෙනාම කරනවා කියලද හිතාගෙන ඉන්නේ? (කෞ)

:       0       0

රවී Sunday, 07 February 2016 06:46 PM

සෙනරත් කියන විදිහට හමුදාවේ හිටිය ඔක්කොම හරිම වීරයෝ. ඒ අයට රටේ නීති බලපාන්නේ නැහැ. එහෙනම් ඔය ස්ත්‍රී දුෂණ, මිනීමැරුම් වලට එහෙම දැන් සම්බන්ධ ඒ කාලේ හමුදාවේ සිටි අය අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කිරීම නතර කළයුතුයි. මේක පුදුම රටක්. සමිතා අහපු දේ හරියට හරි. සෙනරත්ට මොළයක් නැහැ. (නි)

:       0       0

රාජා Sunday, 07 February 2016 08:49 PM

ප්‍රභාකරන් වරක් කිව්වානේ සිංහලයාට මතක තියෙන්නේ සුමානයයි කියලා. (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Sunday, 07 February 2016 09:02 PM

රටේ නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වියයුතුයි. පොලිස් නිලධාරීන්ට, හමුදා නිලධාරීන්ට, විපක්ෂ දේශපාලකයන්ට පමණක් නොව ආණ්ඩු පක්ෂ දේශපාලකයන්ටද වරදක් කර ඇත්නම් දඬුවම් දියයුතුයි. කිසිම කෙනෙකු කිසිම හේතුවක් නිසා නීතියට ඉහළින් නොසිටිය යුතුයි (නි)

:       0       0

රමණි Monday, 08 February 2016 12:45 AM

හෙට්ටිආරච්චි ලන්ඩන්, එසේ නම් 89දි බටලන්දත් මතකයට ගන්න. (නි)

:       0       0

දිනේෂ් Monday, 08 February 2016 01:21 AM

සෙනරත් සහ සමහර අනික් අය කතාකරන්නේ එක්නැලිගොඩ සිද්ධිය ගැන සහ රට වෙනුවෙන් ඉදිරියට ගිය අය ගැන මිසක් හමුදාවෙන් පැනලා යන කුලියට මිනිමරන අය ගැන නෙමෙයි. චන්දන ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසා ලංකාවේ වෙන දේ ගැන බලන්නේ නැතුව ඇති. ඕස්ට්‍රේලියාවේ ඉන්න අපි ගොඩ දෙනෙකුට තාම මතකයි අවුරුදු ගණනක් තිස්සේ රට බේරාගන්න දුක් වින්දේ කවුද, යුද්ධය විකුණගෙන කාලා හිටියේ කවුද කියලා. (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Monday, 08 February 2016 02:03 AM

දිනේෂ්, ඔයාට මම කියන දෙය නොතේරීම ගැන කණගාටුවක් විතරයි මට තියෙන්නේ. හොඳට මම කියපු දෙය නැවත වතාවක් කියවන්න. රට බේරාගත්ත, යුද්ධයට නායකත්වය දුන්න හපුදාපතිට වුණත් වැරැද්දට දඬුවම් දෙන්න පුළුවන් තරම් හොඳ නීති පද්ධතියක් අපට තිබුනා. දැන් එය වෙනස් වියයුතුද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 07 February 2016 11:01 AM

දැන් කට්ටිය කියයි රණවිරුවෝ හිරේට දානවා කියල ? (බ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Monday, 08 February 2016 02:04 AM

රමණි, මහින්දලාගේ කාලේ බටලන්දටත් නඩු තිබුනා. එම නඩුවේ තීරණ බලන්න. මොකුත් නොදැන ඔහේ කියවන්න එපා (නි)

:       0       0

නවින් Sunday, 07 February 2016 11:20 AM

බොහොම හොදයි... හමුදාවේ හිටියා කියල රටේ නීතියට උඩින් යන්න දෙන්න බැහැ. (බ)

:       0       0

ප්‍රසන්න‍ Monday, 08 February 2016 02:57 AM

නලින්, නොදන්නා දේ කතා නොකර හිටියා නම් හොඳයි. තාම කිසි දෙයක් ඔප්පු කරගන්න බැරිවුණා. දන්නවද මේ මිනිස්සු තමුන්ට සැනසිල්ලේ ඉන්න මොනතරම් කැපකිරීම් කළ අයද කියලා. (නි)

:       0       0

නුවන් Sunday, 07 February 2016 11:43 AM

වැරදිකර ඇතිනම් හමුදාව සිටියා කියා නොබලා දඬුවම් දිය යුතුයි (බ)

:       0       0

නිලංග Sunday, 07 February 2016 11:46 AM

මොකද මේ අපේ රණ විරුවන්ට වෙන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 246 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 352 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 227 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 868 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 1497 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 4235 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37542 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24737 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site