තම සැමියා එදා මෙන් අදත් කැලෑවට ගොස් දර කපා විකුණා උපයාගන්නා සුළු මුදල නොවන්නට සිය බාල දියණියන් දෙදෙනාගේ අධ්‍යාපනයද නවතා දමන්නට සිදු වෙතියි සෞදියේ ගෘහ සේවයට ගොස් ගෙළ සිඳ මරා දැමුණු රිසානා නෆීක් ගේ මව ෂේලා උම්මදු රිෆිනා මහත්මිය පැවසුවාය.
බොරු වයසක් දමා සෞදියේ රැකියාවකට යැවු රිසානා වැඩ කළ නිවසේ ළදරුවකුට කිරි පොවන්නට යද්දී ළදරුවා මරණයට පත්විය.එය මිනී මැරුමක් යැයි සෞදි ඉහළ අධිකරණය තීරණය කළේය. පසුගිය ජනවාරී 09 වැනිදා ඇයගේ ගෙළ කපා මරා දැමිණී.
රිසානා නෆික් පදනමේ වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයෙන් පසු ඇය මෙසේ කීවාය.මුතූර් අන්නාහාර් බාලිකා විද්‍යාලයයේදී මේ උත්සවය පැවැත්විණි.
සෞදියේ ගෘහ සේවයේ යෙදී සිටියදී හිංසනයට ලක්වු මව්වරුන් තිදෙනකුගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය හා මාධ්‍යවේදී එම් එස් එම් නුර්දීන් මහතා විසින් රචිත ‘රිසානා නෆීක් දැයේ දැරිය ‘ නැමැති කෘතියද මෙහිදී එළි දැක්විණි.
රිසානා නෆීක්ගේ මව මෙසේද කීවාය.
මගේ දුව මරා දැමුවාට පසු විශාල පිරිසක් අපේ ගෙදරට ආවා.දේශපාලකයින්,ධනවතුන් ඒ අතර සිටියා.ජනාධිපතිතුමා රුපියල් ලක්ෂ දහයක් එවා තිබුණා.ලැබුණු මුදල් වලින් ලක්ෂ 15 ක් දී කුඹුරු අක්කර හතරක් ගත්තා.මේ කන්නයේදී වී වගා කරන්න බලාපොරොත්තු වෙනවා.ඇතැමුන් ලක්ෂ කෝටි ගණනක් දුන්නා කිව්වට මගේ බැංකු පොතේ තියෙන්නේ රුපියල් පනස්දාහයි සමහරු දුන් චෙක් පත් බැංකුවට දැම්මාට සල්ලි නෑ,මට දෙන්නැයි සමහරු දුන් මුදල් මිටමොලවාගත්ත අයත් සිටිනවා. ඒ දිනවල නැති නෑදෑයන් අපේ දුක සැප බලන්න ආවා .ගමේ අය නම් තවමත් උදව් කරනවා යුද හමුදාවෙන් හොඳ ගෙයක් ඉදි කරනවා‚
රිසානා නෆීක් පදනමේ ජාතික සංවිධානයේ සංවිධායක එම් එස් මහරුෆ් මහතා පැවසුයේ ශ්‍රී ලාංකික විදේශගත පිරිසගේ පවුල්වලට හා ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සිය සංවිධානයේ අරමුණ බවයි.
රිසානා නෆීක් සිරගතව සිටියදී ඇයගේ දුක සැප සොයා බැලු දන්ත වෛද්‍යවරියක වන කිෆායා ඉස්ටිකල් මහත්මිය,ප්‍රදේශයේ පොලිස් හා යුද හමුදා නිලධරයෝද ,ආගමික නායකයෝද හා පාසල් දරුවෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සුන්ගේ හැටි, ඒත් එක්කම ගන්න පුළුවන් නම් ගන්න බලන හැටිත් ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. (ස)
අනේ හොඳ අම්මා කෙනෙක්. දුව වෙන රටකට විකුණලා, ඒ ළමයා මරුණට පස්සේ අල්ලගෙ කැමැත්ත ඒක තමා කියලා, රටේ ඉන්න මිනිසුන්ගෙන් අනුකම්පාව අරගෙන, තාමත් ඒ කෙල්ලව විකුණන් කන්න හදනවා, (ස)
ඔය දුක ලංකාවේ අයට කියලා වැඩක් නෑ. ඔයාලගේ අයමනේ මැරුවේ. අපිට කරන්න දෙයක් නෑ. ආගමේ සහ නීතියේ වැරැද්ද. (ස)
මේකට වගකිව යුත්තේ ඉස්ලාම් ෂරියා නීතිය හා අල්ලාහ් ය.අල්ලාහ්ගේ කැමැත්තට සියල්ල සිදුවේ. (ස)
මුලින්ම අත්අඩංගුවට ගන්න ඕනේ මව්පියන් දෙපළව. මොකද? බාල වයස්කාරියක් රැකියාවට යවපු නිසා. සෞදි මිනිසුන් වැරදි නෑ. (ස)
ඔය හරි ලහිරු. දැන් මේක ව්‍යාපාරයක් කරගෙන.(නදී)
මුලින්ම අත් අඩංගුවට ගන්න ඕනේ අල්ලාව! මොකද මෑන්ස් තමයි ෂරියා නීතිය හැදුවේ. (ස)
මුලින්ම අත්අඩංගුවට ගන්න ඕනේ මව්පියන් දෙපළව. මොකද? බාල වයස්කාරියක් රැකියාවට යවපු නිසා. සෞදි මිනිසුන් වැරදි නෑ. (ස)
මේක අල්ලගෙ කැමැත්තට වුණ දෙයක්නේ නේද????? (ස)
ඔයාලගේ දුවව රට යැව්වේ ඔයාලම තමා.දැන් ඔයාලා අපේ රටේ මිනිසුන්ට බනින්න එපා.අනිත් මිනිසුන්ටත් ප්‍රශ්න තියෙනවා.ඔයාලා දිහාම බලන් ඉන්න බෑ. දුවව මැරුවේ ඔයාලගේම ආගමේ එවුන් .ලංකාවේ මිනිස්සු කරපු උදව් හොඳටම ඇති .අපේ සිංහල අයටත් ඕනේ තරම් අපරාධ වෙනවා. ඔය කියන කාලකන්ණි රටවල් වලින්. ඒත් ඔවුන්ට උදව් කරන්න කෙනෙක් නෑ. එම නිසා ලැබුන දෙයින් සතුටු වෙලා ඉතුරු දරුවෝ බලාගෙන හොඳින් ජීවත් වෙන්න .ලැබුණු දේට ස්තූති කියන්න දොස් කියන්න එපා. (ස)
රිසානාව තමන්ගේ සොයුරියක සේ සලකන්න .ඇයට අපහාස වන කිසිදු දෙයක් ලියන්න එපා .රටේ ආර්ථිකය ශක්තිමත් නම් අපි කවුරුවත් විදේශ ගත වෙන්නේ නැහැ .රිසානා මට වීරවරියක් .ඇයට මෙවන් අකල් මරණයක් මතු ආත්මයකදී අත් නොවේවා. (ස)
ඉතින් ඔය අම්මට තිබුනේ කුඹුරු අක්කර දෙකක් අරන් ඉතුරු සල්ලි වලින් වගා කරන්න.. ඔය කට්ටියගේ පිළිවෙලක් නැති වැඩ නිසා නේද තවමත් ගොඩක් දුප්පත්. අපිත් පොඩි පඩියක් අරගෙනනේ ජීවත් වෙන්නේ, මුදල් පාලනය හුරු වෙන්න . ඔය අනිත් මුස්ලිම් කට්ටිය උදව් කරන්නේ නැද්ද ? (ස)
හා, හා, මුකුත් කියන්න එපා. අල්ලගෙ කැමැත්ත. දිගටම දර කපපුවාවේ. (ස)
බාල වයස්කාරියක් වෙච්ච දුවව රට රැකියාවට යවලා, ඒ ළමයාගෙන් ලජ්ජා නැතුව හම්බකරන් කාලා, දැන් මිනියක් විකුණන් කන දෙමව්පියෝ මෙන්න. (ස)
ඔයාලට ඔහොම හරි සල්ලි ,ගෙවල් ලැබුණා . ලංකාවේ කොචර ඉන්නවා ද පිටරට වැඩට ගිහින් ජීවිත අහිමි වෙලා සතයක්වත් ලැබුනේ නැති අය..... (ස)
මෙතන අදහස් පලකරන සමහර එවුන්ට මොලේ කචල් වගේ නැත්නම් ඔවුන්ට යන්න තියෙන නියම ස්ථානය අංගොඩ. අනුන්ගේ රටවල් වල නීති වලට අපි බැනලා වැඩක් නැහැ. අනික ලංකාවේ නීතියක් තියෙනවා නම් මෙතරම් බාලවයස් අපරාධ, මිනීමැරුම්, සිදු වේවිද? අනික මෙතන සමහර සිංහලයන් ජාතිවාදීව අදහස් පල කර තියෙනවා. නමුත් මැදපෙරදිග වැඩියෙන්ම වැඩ කරන්නේ සිංහලයන් කියන එක මතක තියා ගත්තොතොත් හොඳයි. ලංකාවේ හා රජය අද යැපෙන්නෙත් ඔය අරාබියෙන් එන ගෘහ සේවිකාවන්ගේ විදේශ විනිමයෙන් බව කවුරුත් මතක තියා ගන්න. මුස්ලිම් මිනිස්සු පුළුවන් තරම් තමුන්ගේ අයට උදව් උපකාර කරගෙන තමයි ඉන්නේ. (ස)
පහන් මඩුගල්ල එතකොට රිසානාත් විහාර මහා දෙවි වගේද? (ස)
ගිම්හානිගේ අදහසට මම එකඟයි. සම්පූර්ණ ඇත්ත. මුස්ලිම් එවුන්ට කියන්න උදව් කරන්න කියලා. අල්ලගෙ කැමැත්තටනේ රිසානා මැරුවේ. (ස)
ගෙයක් නිකන් ලැබිලා තියෙන්නෙ?තියෙන තන්හාවනෙ?එතකොට ලංකාවේ දර කඩලා ජීවත් වෙන අනිත් පවුල් වල අයට රස්සා දෙන්නෙ නැද්ද? එයාලා ඔටුවොද? (ස)
මොහොමඩ් ඉන්සාෆ් 2013-09-02 12:10:00, ඔයාලගේ ආගමේ හේතු පල වාදය කියල දෙයක් තියනවනේ?(නදී)
මට මේ අදහස් බලපුගමන් පොඩි සැකයක් එනවා ගේ ඉල්ලයි ද කියලා ?(නදී)
මාර කතාවක්නෙ මේ පාර කියන්නෙ,අර දවස් වල උදව් කරන්න හදන කොටත් එපා කිව්වා. මේ මිනිස්සුන්ට පල්ලි වලින් උදව් කරන්නෙත් නැද්ද? ලංකාවේ ඔයිට වඩා අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා (දී)
මෙහෙමත් අමිමලා ඉන්නව කියල දැන ගත්ත (දී)
මේ කියන විදිහට රිසානාගේ දෙමාපියන්ට රු2500000 කට වඩා ලැබිලා තියනවා.මේ අයට දියුණු වෙන්න බැරි නම් මහා මෝඩ, කම්මැලි, අනුන්ගෙන්ම යැපීමට බලන් සිටින [දුවගේ මිනිය විකුණාහෝ]පිරිසක් (ස)
මේ කියන විදිහට රිසානාගේ දෙමාපියන්ට රු2500000 කටවඩා ලැබිල තියනවා. මේ අයට දියුනු වෙන්න බැරිනම් අනුන්ගෙන්ම යැපීමට බලන්සිටින පිරිසක් (දී)
දර කපල හරි ජීවත් වෙන එක ලොකු දෙයක්. යුතුකමක් හැටියට හමුදාවෙන් ගෙයක් දුන්නට නිකම් කන්න බොන්න දෙන්න කිසිවෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දුප්පත් මිනිස්සුන්ට නිකම් කන්න බොන්න සල්ලි දීල පෝසත්තු කරන්න බැහැ. හැමෝම වැඩ කරලා මහන්සියෙන් හම්බකරලා ජීවත් වෙන්න පුරුදු විය යුතුයි. අපේ මිනිස්සු නිකම් ඉඳල කන්න තමි බලන් ඉන්නේ . (දී)
ඉම්රාන්, මුස්ලිම් මිනිස්සු අනුන්ට උදව් කරන හැටි අපිත් හොඳටම දකිනවා.මතක තියා ගන්න අපේ මැදපෙරදිග ඉන්න කෙල්ලන්ගෙන් සත 50 ඉල්ලගෙන රොටියක් කාල ජීවත් වෙන අයත් ඉන්නවා කියන එක .මමත් පෞද්ගලික ආයතනයක තනතුරක් දරන නිසා දන්නවා දවසකට මුස්ලිම් අයගේ ප්‍රශ්න විසදන තරම. ඒ එදා වේල වෙනුවෙන් බොරුවට පම්පෝරි ගහන්න එපා. හැමොටම නෑ.ඇත්තටම වැඩි හරියක් ජීවත් වෙන්නේ තාමත් එඩේර යුගයේ. (ස)
ඉම්රාන් දැනගන්න මෙතන අදහස් පලකරන අයගේ මොලය කචල් නැහැ, අල්ලාගේ කැමැත්ත වෙන්න බැරිද? (ස)
කීර්ති, අවුරුදු 17 දී පවුලේ බර කර ගහලා ජීවිතයෙන් වන්දි ගෙව්ව රිසානට වීරවරියක් කියන වචනේ ගැලපෙනවා . (ස)
රිසානා මෙරටින් පිට වෙන්න උදව් කළ දෙමාපියන් ඒජන්තවරු වගකිව යුතයි. වංචාවක් කර ඇති නිසා. හමුදාව ගෙයක් හදලා දේවි, ජනාධිතුමාත් මුදල් දී තිබෙනො...දර විකුණා හරි ජීවත් වීම ලජ්ජාවට කරුණක් නොවේ. නැති බැරිකම් නිසා රට ගිය තව කොපමණ අය ඇද්ද? ඔයාලාගේ ෂරියා නීතියට අනුව ඔබගේ දුවගේ බෙල්ල කපා දැමීම ඔබ වගේම අප ද අනුමත නොකරමු. අනිත් දරුවන්ගේ පාසල් කටයුතු වලට, මිය ගිය රිසානාගේ නම වෙන්දේසී කිරීම නොවටී. ලද දෙයින් සතුට වන්න. (ස)
අපිට මොකද දිගටම දර කපපුවාවේ. අල්ලගෙ කැමැත්තනේ. ඒකට අපි කවුරුවත් පලිද? මෝඩ මිනිස්සු. (ස)
මේකේ මරණ දඞුවම දෙන්න තිබ්බේ රිසානාට නෙවි. මේ අම්මයි තාත්තාටයි.මොකද ඒජන්සි කාරයෝ කියන්නේ කොහොමත් සල්ලි පස්සේ දුවන හොරු තමා.ඒ අය ඉපදුන ගමන් දරුවො උනත් යවනවා සල්ලි වලට තියෙන පෙරේතකමට.නමුත් මේ අම්මා තාත්තා දන්නේ නැද්ද තමන්ගේ දරුවගේ වයස.අඩුම ගානේ ග්‍රාම සේවකගෙන් හරි අහන්න තිබුණා. රට යවන්න වයස හරිද කියලා.එහෙම නොකරපු මේ දෙමුපියෝ අද බොරුවට අඩනවා. වැරැද්ද කලේ මේ අය තමා.නමුත් ඒ දැරිය ගැන අපට ලොකු කනගාටුවක් තියෙනවා. ඇයට නිවන් සුව! (ස)
ඉම්රාන්...මැදපෙරදිග වෙන බාල අපරාධ නීති ගතවෙලා වගේනේ තියෙන්නේ. (ඒකනේ පොඩි දරුවන්ව නාකින්ට බන්දලා දෙන්නේ) අනික මේ රටවල වැඩියෙන්ම ඉන්නේ බංගලි/පිල්ලොයි/මලබාරියි අපේ මිනිස්සු ඉන්නේ ඊටත් අඩුවෙන්.අනික රජයට ආදායම් එන්නේ විදේශ සල්ලි වලින් 20% විතරයි.ඒක ඔයාට වඩා හොඳට රට ඉන්න අය දන්නවා.ලංකාවේ ඉඳගෙන අරාබියට කඩේ යන්න එපා.....! (ස)
"ඉන්ෂා අල්ලා " (ස)
මේක කියන්නේ ඉම්රන්ට, අවුරුදු 400 විතර කාලෙක ඉඳලා අරාබි වෙළදුන් ලංකාවට ආවා. ඒ ඈවිත් තමයි මෙහෙට බින්න බැස්සේ. නමුත් සිංහලයාගේ මව්බිම මේ ලංකාව. එනිසා ඔවුන්ට රට ගැන කැකුමක් තියෙනවා. ඒක ජාතිවාදී කියන මිම්මෙන් මනින්න එපා. අපි අරාබියට ගිහින් එහෙ සංස්කෘතිය වෙනස් කරන්නේ නැනේ. මේක අපේ මව්බිම. මුස්ලිම් විදිහට ඉන්න අවශ්‍ය නම් යන්න නැවත අරාබියට. (ස)
ඔය අදෝනාව දැන් හොඳටම ඇති. ඔයිට වඩා රට ගිහින් අසරණ වුන පවුල් කොයි තරම් නම් ඉන්නවද .ඒ අයට උදව් කරන්න කවුරුත් නැහැ. (ස)
අඩු වයසින් ගෑනු ළමයෙක් රට ඇරපු දෙමාපියන්ට දඩුවම් කරන්න ඕන. (ස)
ඉම්රාන්, ඔයා අපේ බුදු දහමෙන් 1% අවබෝධ කලොත් මොලේ කචල් අපේද ඔයාලගේද කියලා තේරේවි. පවට පින දෙන්න අමාරුයි . එන ආත්මෙවත් බෞද්ධයෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න. (ස)
තව කොච්චර ඉන්නවද ඔයිට වැඩිය දුක් විඳින අය. ආණ්ඩුව නෙවෙයිනේ ඒ ළමයා සෞදි ඇරියේ . කුඹුරු අක්කරයක් තියා හරියට අගු පිලක්වත් නැති පවුල් කොච්චර ඉන්නවද.කෝ ඒවට ඔය විදියේ රැස්වීම්. (ස)
තව ටික දවසකින් කියයි ගෙදර වැඩ කරගන්න අමාරුයි.... වැඩට කෙනෙක් නෑ කියලා. ඒකත් දීපන්කො ඉතින්... (ස)
මැදපෙරදිග වැඩි හරියක්ම වැඩ කරන්නේ සිංහල අය කිව්වට, පඩි ගන්න නම් ඉන්දියාවේ අය වැඩි තමා, බංගලි සහ පකිස්ථාන් අයත් ඉන්නවා, ඒවා හොර වැඩ වලට. මේක ඉම්රන්ට. (ස)
පව් අසරණ කෙල්ල රිසානා . මොන හිතකින් දරුවාව රට යැව්වද, ලංකාව කියන්නේ පිට රැටියන්ගේ බැල මෙහෙවරකම් කරන්න ගැණු යවන රට. දුප්පතා හැමදාම දුප්පත්. (ස)
ඒ ලක්ෂ 10 ය අර්ථවත් දෙයකට යොමු නොකළාට අනෙක් අය මොනවා කරන්නද? (නි)
සිංහල බහුතරයක් ලාංකිකයින් හැටියට හිතන්න කැමැතියි. හැබැයි මුස්ලිම් බහුතරයක් හිතන්නනේ තමන් අරාබින් කියලාද? නමුත් අරාබීන් ලාංකික සහ වෙනත් අරාබි නොවන රටවල අරාබීන් තමන්ගේ අය හැටියට ගන්නේ නැහැ. සොයා බලන්න බොරුද කියලා, මුස්ලිම් සහෝදරයින් මෙය වැරදි නම් නිවැරදි කරන්න. (ස)
18 ට අඩු මේ ළමයව යවපු එක වැරදියි. හැබැයි එයාලා ආසාවට කරපු දෙයක් නෙමේ. රටේ වැඩි පිරිසක් කන්න නැතුව දුක් විඳිනවා. තව පිරිසක් බාල් නටනවා. මේකයි අපේ රටේ තත්වේ. ගෑණු රට යවන එක නවත්තන්න පුළුවන් සාධරණ සමාජයක් බිහිකිරීම මඟින් විතරයි. අපේ වැරදි තියාගෙන අරාබි කාරයන්ට බැනලා වැඩක් නැ. (ස)
ඔයාලට ඔහොම හරි සල්ලි, ගෙවල් ලැබුණා . ලංකාවේ කොච්චර ඉන්නවා ද පිටරට වැඩට ගිහින් ජීවිත අහිමි වෙලා සතයක්වත් ලැබුනේ නැති අය..... (ස)
අසරණ අය මැදපෙරදිග ඕනෑතරම් ඉන්නවා. ජීවිතයක් අහිමි වුනාට පස්සේ අනුන්ට දොස් කියලා වැඩක් නැහැ. අද බලන්න ලංකාවේ පොලිස් ආරක්ෂාව මැද බලු මගුලුත් ගන්නවා. නීල් දන්නවද මට තව කියන්න ලැජ්ජයි (නි)
මෙය ලියන අයගේ කවුරුත් නැද්ද මැදපෙර දිග රටවල. (ස)
අනිත් රටවල නීති වලට බැනලා වැඩක් නැහැ.18 ට අඩු අයව යවන එක අපේ රටේ වරද. අපේ රටේ සංවර්ධනය මනින මිනුම් දඩු දිහා බලද්දී නම් මැදපෙරදිග ඉන්න සේරම ලංකාවට ගෙන්නන්න ඕනේ. (ස)
ලංකාවේ මිනිස්සු කවදාවත් හැදෙන්නේ. (ස)
නීති විරෝධී විදියට ගමන් බලපත්‍ර සකස්කර තමන්ගේ බාලවයස්කාර දරුවා පිට රට යවලා හම්බකරන් කන්න බලන් ඉඳල බැරි වුනහම , දරුවාගේ මරණය විකුණගෙන කන්න බලන් ඉන්නවා. මේ සම්බන්ධව මුස්ලිම් ආගමට ගරහන එක වැරදි, මේක මේ පුද්ගලයන්ගේ වැරද්දක්. මේ ගොල්ලන්ට දෙන්න ඕනේ ගෙවල් නෙමෙයි , ඉස්සෙලා නීති විරෝධී ගමන් බලපත්‍ර සකස් කිරීමට අනුබල දීමේ චෝදනාවට නඩු පවරන්න ඕනේ. (ස)
අල්ලාහ් කන්ට නොදුන්නට ළමයින් දීලා තියෙනවා. වියදමත් එයාගෙන්ම ඉල්ලා ගත්තා නම් නේද හොඳ? (ස)
ඔයාලට ඔහොමවත් ලැබුනා. ගෙයක් නොමිලේ ලැබෙනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද? කුඹුරු අක්කර 4ක් තියෙනවා නම් තව මොනවද කියවන්නේ? දෙමව්පියෝ දෙන්නට දඬුවම් දෙන්නයි වටින්නේ හොර සහතික හැදුවට. ලංකාවේ මැද පෙරදිග ගිහින් අසරණ වෙලා ඇවිත් ඉන්න පවුල් ඕනෑ තරම් තියෙනවා. (නි)
අනේ මගෙත් බෙල්ල කපනවා නම්.... (නි)
අර අහවලා හැමදේම මවල තිබේ නම් සල්ලිත් මවලා ඇතිනේ. නේද? (නි)
කලින් මේ පුවත සැමටම කණගාටුදායක පුවතක් වුනා, පව් අහිංසක දරුවා! මේ දෙමව්පියොත් මේකට වග කියන්න ඕනෑ. ඒ අය දැනුවත්මනේ ගමන් බලපත්‍රය වයස වැඩි කර සෞදියට යැව්වේ. මේ අයට මෙහෙමවත් මුදල් ලැබුනා. සමහරක් අයට කිසිම වන්දි මුදලක් නැතුව දුක් විඳිනවා. (නි)
රිසානාගේ මරණය වුණ දවසේ ලංකාදීපේ අදහස් මට මතක් වෙනවා. මොනම කෙනෙක්වත් එය අනුමත කළේ නැත. නමුත් එම සිදුවීමට පසුව එය සාදාරනීකරණය කිරීමට ගොඩක් අය උත්සහ කළා. මම හිතන්නේ ඒකේ ප්‍රතිපලයක් තමා ඉහත ප්‍රතිචාර වලින් පෙන්නුම් කරන්නේ. ඉතින් ඒකට ඒ ප්‍රතිචාර වලට බැනලා වැඩක් නැහැ. එම මරණයට හේතු වුන කරුණු පිළිබද දැක්වූ අදහස්වල පොඩි තාර්කික බවකුත් තියනවා කියලා මට පෙනෙන්නේ. ඕනෑම දෙයක් තාර්කික වෙන්න ඕනෑ. එතකොට තමා ඒක කාට වුනත් තේරුම් ගන්න පුළුවන්. (නි)
අනේ! මේ කවුරුහරි රිසානාගේ අම්මට උදවු කරන්න.පව් (නි)
දිල්ෂානි, ඔයාට උදව්කරන්න බැරිද? මොකටද කවුරුහරි කියනේ? අනික උදව් කරපු තරම මදිද? (නි)
දරුවෝ හැදුවා නම් පවුලක් ජීවත් කරන්න ඕනෑ. දැන් ඔය ඉන්න ගෙදර හදලා දුන්නේ කවුද? (නි)
අනේ තිලින, ඔයා තාම ඉතිහාසය ඉගෙනගෙන මදි වගේ. පොඩ්ඩක් පොත් ටික පෙරලලා ඇවිත් කියන දෙයක් කියන්න විස්වාස කරන්න පුළුවන් විදිහකට. තමන්ගේ හිතේ තියෙන දෙයක් ඉතිහාසය වෙන්නේ නැහැ. (නි)
මේකට කියන්නේ පින නැති කම
තමුන් අදහන ආගමවත් හරියට දන්නේ නැති අය අනිත් ආගම්වලට මඩ ගහන්නේ ඇයි එක එක සංවිධාන වගේ. දකුණු ආසියාවේ ගෘහ සේවිකාවන් ලෙස යවලා විදේශ විනිමය ලබා රජ කරන එකම රට ලංකාව. ලැජජයි.(නදී)
සිංහල සහෝදර සහෝදරියන්ගේ දැන ගැනීම සදහා , ඔයාලා දන්නවද රිසානාට මෙච්චර ප්‍රසිද්ධියක් දෙන්නේ ඇයි කියලා? මේකෙන් මුස්ලිම් අයට සහ ෂරියා නීතියට මඩ ගහන්න විදේශීය බල වේග දීපු කාල බෝම්බයක් . මීට පෙර ලංකාවෙන් ගිය ගෑණු මරලා එව්වේ නැද්ද ? කෝ එතකොට අර සංවිධාන කාරයෝ ? මැරිච්ච අය ඕනේ නෑ. ඇණ ගහලා එවපු කෙනාට මොකද කරේ? අනික සෞදියේත් 100% ෂරියා නිතිය නැහැ. ෂරියා නීතියට අනුව ගැහැණු කෙනෙක්ට තනියම ගමනක් යන්න බැහැ. යනවා නම් එයාගේ භාරකරුවෙක් එක්ක තමයි යන්න ඕනේ . කොහමද එයාලා ගැණුන්ව තනියම එන්න විසා දෙන්නේ ? . මේකේ පළමු වැරැද්ද කලේ දෙමාපියන් . තනියම තම දරුවාව යැවීම් . මම සියලු දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලන්නේ ආගමක් දහමක් විවේචනය කරන්නට පෙර ඒ ආගම හෝ ධර්මය ගැන හරියට දැනගන්න . දැන් ගොඩාක් අය තමන්ගේ වාසියට සියල්ල වෙනස් කරගෙන ඉන්නේ . (ස)
ලහිරු කියන කතාව හරියටම හරි.එච්චර පොඩි වයසක ළමයෙක් රට එව්වේ නොදැන නෙමේනේ. (නි)
මගේ තාත්තා අපි පස් දෙනෙක් හැදුවෙත් ඔය රක්ෂාව අවරුදු ගානක් කරලා.කවදාවත් කාටවත් බරක් නොවී.අපේ වියදම් වැඩි වෙනකොට දවල්ට දර රක්ෂාව රෑට මුර කරනවා සමුපකාරයේ.අපිට තේරේන වයසදී තමා හරි රැකියාවක් හම්බ වුනේ.කොතරම් ප්‍රශ්න තිබුනත් අපිට දැනෙන්න දුන්නේ නැහැ.හොදට ඉගැන්නුවා.අද අපි හොදින් ජීවත් වෙන්නේ දෙමාපියන්ට පින්සිද්ධ වෙන්න. (නි)
රිසානාව බේරගන්න තිබුනා අපේ සෞදියේ ලංකා තානාපති නිලදාරීන් හරියට වැඩකළා නම්.දැන්වත් කාන්තාවන් රටයවන එක තහනම් කළ යුතුයි (නි)
අතීතයේ ලංකවේ කුමන ජාතියක වුනත් කාන්තාවන් වහල් සේවයට ගියේ නැහැ .මුදල් පසුපස හබායන සමාජයක මෙවන් සිදුවීම් වැළැක්වීමට හැකිද?රිසානා දියණියනි, ඔබට ස්වර්ගය හිමිවේවා! (නි)
මෙතන අදහස් දක්වන අයගෙන් මට පේනවා, ගොඩක් අන්තවාදී අදහස් දක්වනවා. මගේ අදහස එහෙම නොකළොත් ගොඩක් වටිනවා. හැමදේටම ආගම ගාවගන්න එපා. තමන් කාටවත් කරදරයක් වෙන්නෙ නැතුව ජීවත් වෙනවා නම් වරදින්න බැහැ. වැරදි කළොත් ස්වභාව ධර්මයෙන් ගැලවෙන්න බැහැ. අනුන්ගේ වැරදි හොයනවට වඩා තමන්ගේ වැරදි හදාගත්තොත් නේද හොද? ඒක නිසා අපි හැමෝම අන්තවාදී නොවී ඉදිමු (නි)
මේ අම්මා කොහොම කෙනෙක්ද කියලා අපිට දැන් තේරෙනවා (නි)
ඇත්තටම මේ දෙමුපියෝ හරිම වැරදියි. රිසානා ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා. වෙච්ච පාඩුව වුනා. දැන් ඒක හදන්න බැහැ.ඒත් රිසානා ජීවිතේ දීලා ඒ දෙමාපියන්ට ලබා දුන්න දේවල් හොදටම ඇති. (නි)
කෝ බන්දුල පෙරේරා? ලියන්න මොනවා හරි (නි)
මේ ඔයාලා කලින් මෙහෙමද හිටියේ? දැන් ඔයාලට ලැබුන මේ දේවල් වලට සතුටුවෙන්න. (නි)
ඉම්රාන්ට තමයි මොලේ කචල් වෙලා තියෙන්නේ. මොකද දන්නවද? (නි)
රිසානා ගැන කණගාටු වෙනවා.ඒත් දෙමාපියන් දැනගන්න ඕනෑ ආර්ථිකයට ගැළපෙන අයුරින් දරුවන් ගානක් හදාගන්න.නැතුව ජාතිය වැඩිකරන්න දරුවන් හැදුවට කව්රුවත් පලි නැහැ. (නි)
ලංකාවෙ මිනිස්සු කවදාවත් හැදෙන්නේ නැහැ. බොරුවට අඩපුගමන් පපුව උණුවෙලා උදවු කරලා සල්ලි දෙන නිසා (නි)
දිල්ශානි, මම උදවු කරන්නද? (නි)
මෙයා නම්' පුදුම අම්මෙක් තමයි. හොර වැඩ කරලා ලැජ්ජා නැතුව නිකන් ලැබෙන දේවල් වල අඩුපාඩු හොයනවා (නි)
මිනිසුන්ගේ අසරණකම් වලට දොස් නොකියන්න. (නි)
අල්ලාගෙන් ඉල්ලා ගත්තා නම් ඉවරයිනේ. (නි)
මේ අදහස් දැක්කට පස්සේ මටත් හිතුණා ලියන්න ඕනේ කියලා..,ඇත්තටම මේ අම්මා ., සෞදියෙන් දීපු සල්ලි වගයක් ගත්තේ නැහැ කියලා තිබුන මට මතකයි !!! එදා ඒවා නොගෙන .., අද මොකක්ද කියන්නේ ..? කුඹුරක් ගත්තා නම් .., ගෙයකුත් ලැබුනා නම්..දැන් ඉතින් ජිවත් වෙන්න පුළුවන්නේ දර කපල හරි පිරිමියා දැනගන්න ඕනි පවුල නඩත්තු කරන්න (දැන් දෙවෙනි දුවට හොර පාස්පෝට් එකක් හදලා රට යවන්න බැරිය) (ස)
ටිරල් මේක අසරණකම නෙවේ තණ්හාව. (ස)
සිංහල අම්මලා වගේ මුස්ලිම් අම්මලා තමන්ගේ ළමයින්ට ආදරේ නෑ. ඔවුන්ට ඕනෑ තමන්ගේ ජාතිය වැඩි කරගන්න විතරයි. මේ ගෑනිටත් තමන්ගේ ළමයා මැරුණට දුක නෑ. තවත් තන්හාව විතරයි... මෙහෙමත් ජාතියක්...... (ස)
මිනිසුන් කරන වැරදි වලට අල්ලාහ්ට, ඉස්ලාම් ආගමට හෝ ෂරීයා නීතියට දොස් කීමෙන් පලක් නැත. මෙතන ඔක්කොම රිසානා ගැන කිබුල් කදුළු හෙලනවා මිසක කවුරු හරි එක අදහසක් පලකලාද ඒ කිරිකැටි දරුවා අහිමිවෙච්ච සෞදි අම්ම පිලිබදව........ (ස)
මේ දෙමව්පියෝ බොහොම නුගත්, අය නිසා මෙවැනි කරදරේකට වැටුණා. ලැබුණු සල්ලි බැංකුවේ ස්ථාවර තැන්පතු දැම්මා නම් පොලියම ඇති දරු පවුල රකින්න. (ස)
නුවන්, තමුසේ පත්තර බලන්නේ නැද්ද ? 100% කිරිකැටි බිළින්දන් / කුඩා දරුවන් මහමඟ දමා යන්නේ සිංහල අම්මාවරුන් බව ඔබ නොදන්නෙහිද ?? (ස)
ජලීල්, තමුසේ දන්නවද? අපේ පැත්තේ මුස්ලිම් ළමයි හදන්නේ එළුවෝ, කුකුල්ලු හදනවා වගේ, ඔහේ හැදෙනවා . කුඩා ළමයි මහ පාර හරහා පනින්නේ සත්තු වගේ. හදිසි අනතුරු කිහිපයකුත් වුනා. ඒගොල්ලන්ගේ අම්මලාට ගානක් නැහැ. බුලත් විට කකා ඔහේ ඉඳගෙන කතා කර කර ඉන්නවා. ආදරයක් තියෙනවා නම් එහෙම ඉන්න පුලුවන්ද? (ස)
රිසාන දුව මතක් වෙනකොටත් දුකයි (දී)
රිසානාගේ දෙමව්පියෝ අල්ලාහ් කියන්නේ කවුද කියලා දන්නවා නම් මෙහෙම දුක්විඳලා හිඟා කාලා ලැජ්ජාවට පත්වෙන්නේ නැහැ. මේ කරන ඉල්ලීම් දැඩි විශ්වාසයෙන් මිනිස්සුන්ගෙන් ඉල්ලන්න කලින් අල්ලාහ්ගෙන් ඉල්ලන්න. ඔබට හා ඔබේ පවුලට අල්ලාහ්ගේ අපරිමිත කරුණාව හා දයාව ලැබේවා කියා මා ප්‍රර්ථනා කරනවා. රිසානාට ලැබුණු දඬුවම අපට නිර්ණය කල නොහැකියි. හේතුව ඇස් සාක්ෂිය ඉතා ප්‍රභලයි. ඉන්ෂා අල්ලාහ් ක්යාමත් (විනිශ්චය දිනය) විශ්වාස කර ඉවසීමෙන් ජීවත් වෙන්න. ඔබට අල්ලාහ්ගේ පිහිටයි. (ස)
ලද දෙයින් සතුටුවන්න!
රිසානා අහිංසක දැරියක්. කාගෙවත් පව් අගේ පිටින් ගියා. ම්ලේජ්ජ අන්ද විශ්වාසයන් ලොව පවතින තාක් මේ මහා පොලොව නුහුලන අපරාද නැති කරන්න බෑ. (දී)
තුවාන් අල්ලාහ් ඔච්චරම ප්‍රභල නම් රිසනාව මරණයෙන් මුදා ගන්න තිබුනනේ. ඕක උනෙත් ඒ රටෙදිනේ. (නදී)
මිලියන 20 ක් ඉන්න ලෝකේ තිබෙන පුංචිම රටක් පාලනය කරන්න බැරි මේ දේශපාලකයන්ට මොනවා කියන්නද. 1948 ඉදන් අද වෙනකම්ම සිංහල අන්තවාදීන් සිංහලයාගේ ජාතික හැගීම් අවුස්සලා තමයි රට පාලනය කරන්නේ, ඡන්දෙ දෙන අයටත් මොලේ කලඳක් නැහැ. ඔහේ කන්න ඉන්න නැතිවුනත් කමක් නැහැ. උඩ බලාගෙන ඡන්දෙ දෙනවා මිසක්. දකුණු ආසියාතික රටවල් වලින් කොන්ද පන නැති පිරිමින් ඉන්න රටක් තමයි ලංකාව , ඒකට හේතුව තමයි ඔවුන් ගැහැනු මෙහකාර වැඩට යවලා විදේශ විනිමය ලබා ගන්න එක. එක්කෙනෙක් කිව්වා 20% ලු විදේශ විනිමය එන්නේ. මන් හිතන්නේ එයාගේ දැනීම එච්චරයි. ඊ කියන ලියා ගන්නවා. (නදී)
ලංකාවේ වෙන අපරාද, වංචා, දූෂණ, කෙළසීම්, මංකොල්ල කෑම, බාල අපරාද? මිනී මැරුම්, අනුන්ගේ දේපල සුරාකෑම ඒවා කාටවත් දන්නේ නැහැ වගේ තමයි මෙතන අදහස් පල කරන්නේ. මිලියන විස්සකට සරිලන රැකියා පහසුකම් සලස්වා දෙන්න බැරි රජයක් හා පාලකයන් මොකටද? හැමදාම ඡන්දෙ කාලෙට බොරු කියා කියා මිනිස්සුන් කොටවන මිසක් රටට සරිලන රැකි රක්ෂා ක්‍රමයක් මුන් හදන්නෙත් නැහැ. හැමදාම ඡන්දෙ දිදී තමුන්ගේ ලබා ප්‍රයෝජන විතරක් බලාපොරොත්තුවෙන් වැඩ කරන කාලකන්නියන් ජීවත්වෙන ලෝකේ එකම රට ලංකාව. තමුන්ගේ එදිනෙදා වැඩ සමහරු කර කියා ගන්නේ මැද පෙරදිග හා අනිකුත් රටවල් වලින් හම්බ කරන මුදල් වලින් එහෙත් කෙලෙහි ගුණයක් දකින මානයෙවත් නැහැ. හැම රටකට ගියත් කරන්න ඕන සෑම හොර වැඩක්ම කරන්නේ ලංකාවේ අය.(නදී)
එක අම්මෙක් කලාට සෑම මුස්ලිම් අම්මෙක්ම එහෙම නැහැනේ.(නදී)
දකුණු ආසියාවේ ගැහැනු මෙහකාර වැඩවල යවා විදේශ විනිමය ලබා ගන්න එකම රට ලංකාව. වීර කතා කියල වැඩක් නැහැ මේවා නතර කරන්න එක්වෙන්න කාටවත් කොන්ද පණක් නැහැනේ.(නදී)
අල්ලාහ් අපේ සිංහල රට අල්ලන්න ලමයි දෙනවා වගේ රස්සාවකුත් අල්ලහ්ගෙන්ම ඉල්ලා ගන්න. අර තුවානුත් කියන්නේ අල්ලාහ් ඔබට රස්සාවක් දෙයි කියලා.(නදී)
මේ නිහතමානි කමද නැත්නම් වෙන මොකාක් හරිද
වීර ඔබ හා මා මැරුණට පස්සේ රටක්, ලෝකයක් ගැන කතාකරලා වැඩක් නැහැ. එමනිසා ලෞකික දේ ගැන නොසිතන්න. අල්ලාහ් දෙවියන්ව විශ්වාස කරන්න. ඔබගේ ජීවිතයේ අරමුණ ගැන සිතන්න. ඔබට ප්‍රයෝජනවත් විදියට ජීවත් වන්න. ඔබට අල්ලාහ්ගේ පිහිටයි. (ස)
තුවාන් ඔබට ස්තුති කරනවා සියල්ල අපිට පැහැදිලා කළාට.(නදී)
වීර තුවාන් කියන විදියට අර මිනීමරු පොත කියවන්න කියවලා හිරිකිතක් නැතිව බෙලිකපන්න. ඔබට දෙවියන්ගේම පිහිට.(නදී)
රසිකා, මිනීමරු පොත ඔබ කියවලා තියෙනවද? දේව පොත/ පණිවිඩය ඉතාමත් උචිතයි අනෙක් සියලුම පොත් වලට වඩා. එනිසයි ඔබ සැමට නුරුස්සන්නේ, තිත්තවන්නේ. ඔබට අසනීපයක් හෝ කරදරයක් උනොත් දෙවියන් මතක් වෙනවද? අන්න ඒ දිවියන් ගැන තමයි මම සඳහන් කරන්නේ.(නදී)
අනේ ඔව් තුවාන් මම කියවලා තියෙනවා.විශ්වයේ ඇසට නොපෙනෙන තේරුම් ගන්න අපහසු දේවල්. දේව රහස් විදියට කැටිකර.අසරණ මානවයෝ අතරමන් කරන ප්‍රබන්දයක් පමණි.(නදී)
ඔබට තේරුම් ගන්න අපහසු වීමද තේරුම් ගන්න අනවශ්‍ය කමද? මෙහිදී අසරණ මානවයා වී ඇත්තේ ඔබ වැනි අය. බෞද්ධ පොත පත ඉගෙනීමට ඇති උනන්දුව මෙයකෙරෙහිත් දක්වන්න එවිට ඔබට මෙය තේරෙනවා ඇත. ඔබ සිටින ඕමානය මෙය සඳහා හොඳ වැදගත් අවස්ථාවක් කරගන්න. අරාබි ජාතික සලෆ් (නබිතුමාගේ අනුගාමිකයෙකු) ස්ත්‍රියකගෙන් මෙම පොත ගැන විමසන්න.(නදී)
තුවාන්, මට නම් ඔය පොතෙන් ගතයුත්තක් නැහැ. මම විතරක් නෙමෙයි මේ විශ්වයේ ඉපදුන ඉපදෙන හැම මානවයෙක්ම අසරණ අනාරක්ෂිත කොටසක්.ඒකට ඕනෑ නැවත නොඉපදී ඉන්න. (නි)
වීරේ, කියන්නේ මෝඩ කතා. මෙතන අනිත් අයගේ අදහසුත් ඔහුගේ අදහසුත් ගලපලා බලන්න එතකොට තේරේවි. වීරේ අම්මගේ කුසේ ඉන්න කොටම ජාතිවාදියෙක් හා අන්තවාදියෙක් වෙලා එම නිසා හදන්න බැහැ. හැම එකටම මුස්ලිම් අයට යමක් නොකිව්වොත් මොහුට හරියට නින්ද යන්නේ නැහැ වගෙයි. කෝකටත් අංගොඩ පැත්තට මෙයාව අරන් ගියොත් හොඳයි. ඉස්ලාම් ආගම මුළු ලෝකයේම තියෙනවා, ඒ මදිවට මුස්ලිම් අයටම කියලා වෙන්වු රටවල් 56 තියෙනවා. ඒ රටවල් බොහොමයක් තෙල් හා රත්තරන් නිදී තිබෙන රටවල්. අද මුස්ලිම් ලෝකයේම එකිනෙකාට එරෙහිව කොටවන්නෙත් ඔය බටහිර ලෝකයත් තමුන්ගේ අසුන අනිත් අයට නොදී බලය වෙනුවෙන් පොර කන මුස්ලිම් නමින් පෙනී සිටින මුස්ලිම් කියා ගන්න බටහිර ගැති ඇති නායකයන්. ශුද්ධවූ කුරානය සත්‍යතාවය මුළු උගත් අය දන්නවා. ඔය රසිකා හා වීරවගේ යමක් කල්පනා කරීමට ශක්තියක් නැති අයට මම අබියෝග කරනවා සිංහල පරිවර්තනය අරන් බලනවා ඊට පස්සේ සත්‍ය වැටහෙයි. අපි මිනිස්සුන්ට වඳින්නේ නැහැ. දන්නේ නැති දේවල් වල මොකටද වඳින්නේ කියලා තේරේවි සත්‍ය හොයා ගන්න උත්සාහ කලොත් පමණක්. සාමාන්‍ය මුස්ලිම් මිනිසා කරන වැරදි වලට ඉස්ලාම් ආගම පාලි නැහැ.(නදී)
තුවාන්, බෞද්ධ පොතපත කියවන කෙනෙකුට ඔය කියන පොතපත කියවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔබ වැනි අයට නම් බෞද්ධ පොතපත කියවීම වැදගත් බවයි මගේ හැගීම. (නි)
රසිකා / ලන්කසිරි, ඔබට මම අල්ලාහ් ගැන පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඒක බීරි අලින්ට වීණා වාදනයක් වගෙයි. කුරානයේ පවසනවා ඔබගේ ආගම ඔබට මගේ ආගම මට කියා. එයින් මගේ පැහැදිලි කිරීම් වලින් නවතින්නම්. ස්තුතියි (ස)
අනේ මෙහෙම අම්මලා?අහිංසක දරුවෝ 5,6 හදාගන්නවා? මට වැරදුණා ' දෙයියෝ දුන්න " ඉන්පසුව කටේ කිරි සුවද යන්න ඉස්සර හොර පාස්පෝර්ට් හදල රට යවල දරුවෝ මරාගෙන , තවත් නිකන් ඉදගෙන කන්න ඉල්ලනවා . මමත් අවු: 50 වෙන්න අපු දරු දෙදෙනෙකුගේ තාත්තා කෙනෙක් .තවම අපි මේ පිටරට ඇවිත් කාන්තාර වල දුක් විදින්නේ මොකද ? දරුවෝ නිසා .(නදී)
ඉම්රාන්ගේ ඔය පොත කියෙව්වොත් හොදට හිටීවි. (නි)