19 හැවිරිදි තරුණියක යොදාගෙන නිරුවත් වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටියක් තැනීයැයි කියන විහාරාධිපති හිමිනමක් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය කියයි.
අඹු සැමි දර්ශනද වීඩියෝ පටයේ ඇතැයි ද, හිමිනම ස්වයංක්‍රීය වීඩියෝ කැමරාවකින් එය පටිගත කර ඇති බව පෙනේයැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය ඒකතුවෙලා ධර්ම රාජ්‍යය හදන්න ඡන්දෙ පූජා කරන්න කියලා ඉල්ලනකොට මම නම් හිතුවා අනාගතේදී මේවගේ දේවල් අහන්න දකින්න ලැබේවි කියලා. රටේ තවමත් ඉතිරිවෙලා ඉන්න ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා ඉක්මනින් පියවරක් නොගතහොත් සංඝ සාසනය ඉක්මනින් අභාවයට යාවි.(නදී)
අද රටේ ලෝකේ දකින ඒවා අනුව මෙහෙම දේවල් වෙන එක පුදුමයක් නොවේ. හෙලි කොටු විලාසිතා මේ රටෙන් තුරන් කරනතුරු, හෙලිකොටු ඇදුම් ඇදන් රුපවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කරන තුරු මෙවන් දේවල් අහන්න ලැබෙන එක අරුමයක් නොවේ.(නදී)
මේ වගේ දේ මීට ඉස්සරත් සිද්ද වෙලා තියනවා. චීවරය ඇන්දට හදවතින් භික්ෂුවක් නෙවේ. භික්ෂු වේශයක් පෙන්නුම් කරනවා පමණි. අද තරම් තාක්ෂණය සහිත මෙවලම් නැති 70, 80 දශකය තුලත් මෙවැනි දේ සිද්දවී පුවත් පත්වල පලවී තිබුනා. ගැහැණු ළමයකු හෝ ගැහැනියක සමග භික්ෂුන් වහන්සේ නමක් කතා කල යුත්තේ වචන 05 හෝ 06 පමණ බවත් ඒ අවස්ථාවේදී එම ස්ථානයේම සිහි බුද්දිය හොදට ඇති තවත් අයකුත් සිටිය යුතු බවත් මම අසා තිබෙනවා. භික්ෂුන් වහන්සේ නමකගෙන් පන්සල්වල නොයෙක් ස්වරූපයෙන් පන්ති පටන් ගැනීමත් මේ වගේ දේ සිද්දවීමට පහසු මගක්. සිද්දවෙන දේ සමබන්ද ව ඉතාම කනගාටු වෙමි.(නදී)
බුදුදහමට නිගරු කරන මේ වගේ මන්ද බුද්ධිකයන්ට නීතියෙන් දැඩි දඬුවම් පැමිණවිය යුතුයි. .අප සිහිනෙන්වත් නොසිතන තරම් වේගයෙන් දියුණුවන ලෝකයෙන් ඉදිරියේදී අපේ රටට එල්ලවිය හැකි සැඟවුන තර්ජන වලින් ගැලවිය හැකි එකම මග නම් ධාර්මික ජීවිතයත් පෞද්ගලිකව අප්‍රතිහතව කැපවීමත් පමණි .මෙවන් ලැජ්ජා සහගත පව්කාරයන් හෙලා දැක ධාර්මිකව දියුණු පුද්ගලයින් වී රටත් අපට උපතින් ලැබුණු වටිනාම උරුමය වන බුදු දහමත් රැකගැනීමට උත්සාහ ගනිමු.(නදී)
හාමුදරුවන් වහන්සේලා සිවුර අතහැරලා ගිහි ජීවතයට එන්න ද හදන්නේ. (ස)
මෙවැනි චීවරධාරීන් වහාම ශාසනයෙන් නෙරපා හැරිය යුතුයි. ඒ සඳහා අපේ මහානායක හිමිවරුන් ක්‍රියා නොකරන්නේනම්, ගිහියන් විසින් හෝ යමක් කල යුතු කාලය එළඹ ඇත.
මේ වැඩේ කව්රු කලත් වැරදියි. සමහරු මේක අන්‍ය ආගමික කුමන්ත්‍රණ කියල බෝලේ අනික් පැති වලට පාස් කරන්න හදනවා. බන්දුල පෙරේරා බුදු දහමට විතරක් නෙමෙයි, කතෝලික දහමට, මුස්ලිම් ආගමට, හින්දු භක්තිකයන්ටත් අපහාස කරන්න සිදුවීම් හොය හොය යන කොටසක් ඉන්නවා. ඒ අය ඔය කියපු කොටස් හතරටම තමයි අයිති වෙන්නෙත්. ඔය කොහොම උනත් තමුන්ගේ වැරදි හදාගෙන අනික් අයට ඇඟිල්ල දික් කලා නම් නේද වඩා හොද? මෙවැනි සිදුවීම් වලක්වා ගන්නවා නම් කිසිම ආගමකට අපහාසයක් වෙන්නේ නැහැ නේද? සමහර අයගේ ප්‍රතිචාර කියවපුවම අනේ අපොයි කියල හිතෙනවා.(නදී)
කෝ මේ අපේ හෙළ උරුමේ රතන හාමුදුරුවෝ, ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ කතා කරන්නකෝ. බෞද්ධ රාජ්ජයක් හදන්න ආපු මේගොල්ලොත් ලොකු ලොක්කන්ගේ කුණු හෝදනවා මිසක් බුදු දහමට වෙන අකරතැබ්බය ගැන කතා කරන්නේ නැහැ. දැන් කියාවි මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා.(නදී)
සුදෙෂ්ගේ අදහස ගොඩක් හොඳයි. මගේ අවබෝදයේ හැටියට ලෝකේ හැම ආගමකම විනය ශික්ෂාවන් ඉක්ම ගිය පොදු මානුෂීය හැගීම් ඉස්මතු වෙන අවස්ථා තිබේ. එය සදාකාලික ධර්මතාවයකි. ඉතින් මේවට විරෝදතා දක්වලා මාධ්‍යයට පෙන්නලා විසදුම් හොයන්න බැහැ. උදා ලෙස. ජලය පානය කරන්න අමාරුවෙන් අප කපා ගත්ත ලිඳේ අපි ඔක්කොම වැටිලා දුක් විදිනවා වගේ වැඩක් වෙන්නේ. අපේ ආගමේ ජාතියේ උන්නතියට මීට වඩා වගකීමෙන් සියලුම ජනතාව කටයුතු කලයුතු කාලය එළඹ ඇත. (නදී)
නිවන් දැකලා නැති නිසා මෙහෙම වැඩ වෙනවා, නමුත් කරලා තියෙන්නේ වැරදි වැඩක් නම් තමයි (දී)
අන්‍ය ආගම් වල කට්ටියට හිනාත් ඇති මේවා දකින කොට (දී)
ශික්ෂා පදය කඩලා [ප්‍රදර්ශනයත් කරලා (දී)
කියන්න අවශ්‍ය දේ කලින්ම දනි. මීගහතැන්න මහතා හෝ මහත්මිය කියලා. මගේ ඩුප්ලිකේට් එක කලින්ම වැඩේට බැහැලා මටත් කලින් අදහස් දාලා. ආසාවනේ කොහොම උනත් බුදු දහමට අපහාස කරන්න මෙවෙනි සිදුවීමක් වෙනකම් බලන් ඉන්න කොටසක් කවදත් මේ රටේ හිටියා. ඒ කොටස ගැන පැහැදිලිව දැන ගන්න පුළුවන් මේ ප්‍රතිචාර බැලුවම.(නදී)
ගණන් ගන්න එපා. සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද?... (නි)
අපේ මුස්ලිම් සහෝදරවරු සිද්ද වුණ දේ ගැන හරි දුකකින්නේ කතා කරන්නේ. කරපු වැඩේ කවුරු කළත් වැරදියි සහෝදරයා. එහෙත් අපේ ආගමේ තියන හරය ගැන නොදැන නිකන් හිස් වචන කතා කරන්න එපා. (නි)
මේක තමයි බෞද්ධ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය. කවුරු කළත් වරද වරදක් (නි)
අපෝ හිමිනමක් එහෙම කළාට කමක් නැහැ. තමන්ගේ ඇහේ පරාල ඇන තියාගෙන අනුන්ගේ ඇහේ කුණු රොඩු සුද්ද කරනවා. (නි)
අර අහවල්ලුන්ගේ කෙනෙක්ද කොහෙද? (නි)
කෝ අර සංවිධාන?(නදී)
මොහොමඩ් ඔයදේ මේ ආගමේ කලත් වෙන ආගමක කලත් වරද වරදමයි. යම් ආගමක් ගරහන අයට නිතිය ක්‍රියාත්මක කල යුතුයි.(නදී)
මොහමඩ් සියම්, මොනවද ඉතින් ඔයා දැන් හිතාගෙන ඉන්න දේ අනිත් අය ලියාවි. (නදී)
ඇත්තටම හාමුදුරුවන්ට මොකටද ''ලැප් ටොප්''වගේ දේවල්? අනේ මන්දා, මෙහෙම ගියොත් බුද්ධ ධර්මයට මොන කලක් යාවිද කියලා? මෙවැනි අයට දැඩි දඩුවම් ලබා දිය යුතුයි [දෙපාර්ශයටම ] (නි)
කෙල්ලෝ පන්සල් යන්නේ ඕකටද? (නි)
මෙම පුද්ගලයන්ට අළුත් යමක් කරන්න බැරිද දඬුවමක් ලෙස? (නි)
දායක සභාව රැස් වී උත්සවාකාරයෙන් මොහු උපැවිදි කර එම උත්සවයේදීම ගැහැණු ළමයා ඔහුටම විවාහ කර දෙන්න. සියලුම ප්‍රශ්න විසඳේ. දුස්සීලයෙක් ඉවත් කිරීම, ගැහැණු ළමයට වූ නින්දාව සමනය වීම උපැවිදි පුද්ගලයා සමාජ ගත කිරීම,යන සියලු කරුණු වේ.
හැමෝටම කියන්නේ, බුද්ධ ධර්මයට බනින්න එපා.නොගැළපෙන අයට දඩුවම් ලබෙනවා. (නි)
ෆාතිමා,සදුනි, ඔයාලා හරි. මමත් ඒක පිළිගන්නවා. අතේ ඇගිලි පහම එකවගේ නැහැනේ (නි)
ගරු ස්වාමීන් වහන්සේ මෙහෙම කළාට කට්ටිය උන්වහන්සේ පිළිබඳව හිත් කහටක්, හිත් අමනාපයක් ඇති කර ගන්නවා එහෙම නෙවෙයි ආයිබෝවන්ඩ. උන්වහන්සේ සිදු කර ඇත්තේ ජනප්‍රිය වීමට සිරුර මාංසය පූජා කිරීමට කැමැත්තෙන් හිටි උපාසක දැරිවියකට ඒ උතුම් පුණ්‍ය කටයුත්ත සිදු කර ගැනීමට කිසියම් පිහිටක් සිදු කිරීමක් පමණකි. අනික ගරුතර ස්වාමීන්වහන්සේ නමකට සිව් පසය දායක ඇත්තන්ගෙන් ලැබුනාට මෙබඳු දේවල් නොලැබේ. ස්වාමීන් වහන්සේලාද ඇට ලේ මස් සම් නහරින් සුසැදි සාමාන්‍ය මනුෂ්‍යයන්ය. ගිහි පුරුෂයන් විවාහ ජීවිතයට ඇතුළත් වී හෝ අනුන්ගේ විවාහක බිරියන් ඇසුරු කිරීමෙන් හෝ පෙම්වතියක් ඇසුරු කිරීමෙන් හෝ අභිසාරිකාවන් ඇසුරු කිරීම මඟින් හෝ තමන්ගේ ජීව විද්‍යාත්ක කායික අවශ්‍යතාවයන් ඉටු කර ගනිති. මෙය එක් පැත්තකන් මානුෂික අයිති වාසිකම් කඩ කිරීමකි. උන්වහන්සේලාද මනුෂ්‍යයින් බව අපි පිළිගන්නේ නම් පොදු මනුෂ්‍යත්වයට උරුම කායික අවශ්‍යතාවයන් උන්වහන්සේලා හටද ඇති බව අප පිළිගත යුතුය. (නි)
ඔබ ඔබේ පන්සිල් රැකගන්න. (නි)
මේ ප්‍රශ්නෙට හොදම විසදුම මේවට සම්බන්ධ වෙන ගැහැනුන්ට දැඩි දඩුවම් දීමයි. (නි)
හිතේ තරහක් ඇතිකරගෙන දොස් පැවරීම අප කරගන්නා අකුසල කර්මයකි. වරද කළ තැනැත්තා මේ ආත්ම බවයේදී හෝ මතු බවයේදී දඬුවම් ලැබීම ඒකාන්තය (නි)
ෆාතිමා, ඔයා හරී. (නි)
බුදු සසුන රැක ගැනීම බුදුහාමුදුරුවෝ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියල කොටස් හතරකට වගකීම පවරලා දීල තියෙනවා. ඉතින් සැම දෙනාටම වගකීමක් තියෙනවා මෙවැනි දේ සිදු නොවීමට වග බලා ගන්න. අපේ පන්සල්වල හාමුදුරුවන් රැකගැනීමට උපාසිකාවන් වශයෙන් මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕනා.(නදී)
මන් නම් කියන්නේ මේ පන්සල් වලට මෙවැනි උපකරණ භාවිතය අහෝසි කළොත් හොදයි කියල උදා-:ලැප් ටොප් ,ටෙලිවිසන් කැමරා ..,වගේ දේවල් ..!!මන් කිවේ අර ගැහැණු ළමය කලදේ හරි කියල නම් නොවේ පළමුව ඇයටයි දඩුවම් දිය යුත්තේ මොකද බලෙන් ඇයව යොදා ගත්තේ නැහැනේ(අ)
එල්ලන්ට තියෙන්නේ.(නදී)
අපේ අප්පොච්ච හිටියනම් ඕකට හොඳ උත්තරයක් දෙයි (දී)
එදා බුදුන්ට එරෙහි වුනෙත් චීවරධාරියෙකු නම් මේ ගැන මොන කතාද? (ස)
මට බොහොම පරණ කවිපන්තියක් මතක් වෙනවා . එකේ පුංචි මුනුබුරෙක් තමන්ගේ සීයාගෙන් ප්‍රශ්න අහනවා අන්තිම ප්‍රශ්නය තමයි ' සීයේ හැම හාමුදුරුවොම බුද්ධාගමේද ' කියන එක . කවිය ලියල තියන විදියට එදත් සීයට දෙන්න උත්තරයක් නැතිව ගියාලු , අදත් අපිට අහන්න තියෙන්නේ ඒ ප්‍රශ්නෙම තමයි , (ස)
මුස්ලිම් අපි මේකට කලබල වෙන්නේ නැතුව අපේ වැඩක් බලාගෙන ඉදිමු.අපිත් කැමති නැහැනේ අපේ මිනිස්සු කරන වැරදි වලට අපේ නායකතුමන්ලාට අපහාස කරනවට. (නි)
අර්ෂා,බොදු බල සේනාව ගැන ඔහෙලා උනන්දු වෙන්න ඕනෑ නැහැ.අනික මේකට පදනම් විරහිතව බොදු බල සේනාව ගාවගන්න එපා. (නි)
මේගොල්ලෝ මෙහෙම කරනකොට ශාසනය කොහොමද රැකෙන්නේ? කෝ මේ බොදුබල සේනාව ? (නි)
මෙන්න මේවා තමයි නවත්තන්න ඕනේ (දී)
සාදු, සාදු!(නදී)
මේ වගේ යහපත් ආගම් වල නම කැත කරන අයව ඒ පළාතේම මිනිස්සු එකතු වෙලා නීතියට අරගෙන යන්න ඕන. අර ගැණු ළමයටත් හොඳ පාඩමක් උගන්නන්න ඕන තමන්ගේ ඔලුව නැති කමට.(නදී)
දෙදෙනාටම දැඩි දඬුවම් පැමිණවිය යුතුයි.(නදී)
මෙයා අර සංවිධානයේ කෙනෙක් වෙන්න ඇති.(නදී)
ලංකාවෙත් පිටරට වගේ කසාද බදින්න දුන්නනම් ඉවරයින්. (නදී)
අපි භික්ෂුන් වහන්සේලාට ඉහලින්ම ගරු කරනවා. මෙවැන්නෝ භික්ෂුත්වයට නිගාවක් වහාම සසුනෙන් නෙරපිය යුතුයි. මේවාට ප්‍රධාන හේතුව බලය සහිත සංඝාධිකරණයක් නොමැති වීමයි.(නදී)
මේ ළඟකදී මට මගේ යහළුවෙක් යූ ටියුබ් එකෙන් වීඩියෝ එකෙක් යැව්වා. ඒකේ තිබුනේ මියන්මාරයේ කරපු දේවල්.(නදී)
මොනවා කියලා කියන්නද ? මාර්ගය හරි හැටි සොයා නොගත්තාට.(නදී)
නීතියේ ආධිපත්‍ය බිඳ වැටුණු පසු හැමෝම සාපරාධි ක්‍රියා වලට පෙලඹෙනවා. මොකද අධිකරණයේ වරෙන්තු ලැබුවන් ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය වල පෙනී සිටිනවා. කුමන හෝ අපරාධයක් කර කවරෙකු හෝ වර්ණනා කර නීතියට පිටුපා වන්දි භට්ටයෙක් සේ පෙනී සිටිය හැක.(නදී)
නරකද පිරිත් සංයුක්ත තැටියක් හැදුවානම්. දැන් ගිහියන්ට තමයි පිරිත් සංයුක්ත තැටි හදන්න වෙන්නේ.(නදී)
මින් බුද්ධාගමට බලපෑමක් නැද්ද? (නි)
අපේ සේනාවට කියමුද? (නි)
අපිටත් බලන්න ඉන්ටෙර්නෙට් එකට දාන්න.(නදී)
විහාරාදිපති හිමි කල වැඩේ සම්පුර්ණ වැරදියි. නමුත් මේ 19 හැවිරිදි තරුණියට වෙන යන්න කෙනෙක් හිටියෙම නැද්ද හාමුදුරුවෝ එක්ක ගියේ. කොහොම උනත් වහාම සාසනයෙන් එලවලා දන්නා ඕනි මේ වගේ චීවර දාරීන්.(නදී)
චෝදනාව සත්‍ය නම් සාසනයේ තියා ගත යුතු නැත. නීතිමය කටයුතු කිරම පොලිලිසියට අයිති කාර්යයක්.(නදී)
මුලින්ම මේ ගැණු අය ගණිකාවක් වෙන්න ඕනා. ඒ නිසා ඇයට දැඩි දඬුවම් පැමිණවිය යුතුයි. දෙදෙනාටම දඩුවම් දිය යුතුයි.(නදී)
අනිත් ආගම් වල වැරදි හොයන්නේ තමා පෙනී සිටින ආගම විනාශ කරමිනි.(නදී)
අනේ මන්දා මේකත් විදේශිය කුමන්ත්‍රණයක් වෙන්ඩ බැරිද?(නදී)
මේකද බෞද්ධ දර්ශනය? (නි)
ඔය වගේ හැම කෙනෙක්ම කරන වැරදි දාන්න (නි)
පව් මදිවට පව් හොයාගන්නවා දෙවියනේ. අපට යහ මග පෙන්වලා දෙන අයම අපාය පෙන්නලා දෙනවා.(නදී)
21 වන සියවසේ මධ්‍යම ප්‍රතිපදාවෙන් විමුක්ති මග සොයා යාම දුෂ්කර කාර්යයක් බව තේරුම් ගෙන ,කාමසුකල්ලිකානු යෝගයෙන් පහසුවෙන් විමුක්ති මග සොයා ගත හැකිය යන්න ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා මේ කටයුත්තේ නියැලුනා නම් ඔහුට මම දොස් නොකියමි . (නි)
සිවුරක් දාගෙන හිටපු පලියට හාමුදුරුවො වෙන් නෑ එහෙම අයට තමයි චීවර දාරීන් කියන්නෙ. බුදු දහමට නිගා කරන්න සිවුරු දාගෙන මේවා කරන අයත් ඉන්නවා. මේවා අද ඊයෙ නෙමෙයි බුද්ධ කාලෙත් උනා. ලාභ ප්‍රයෝජන තියෙන කොට හුඟක් අය සිවුරක් දාගෙන එනවා. අපි එයාලට හාමුදුරුවො කියන්නෑ. පිනට කන්න පවුල් බර නැතිව ගෑණු තියා ගන්න ලේසිම ක්‍රමේ සිවුරක් දා ගන්න එක. එතකොට බනින්නෙක් බුදු දහමටනේ. එක ගලින් කුරුල්ලො 2 කයි. මෙහෙම එකක් වෙනකන් බලන් ඉන්න අයටත් එක්ක තමා කීවෙ.(නදී)
කාට කාටත් නියම පොයින්ට් එක බෞද්ධයින්ට අපහාස කරන්න. එක්කෙනෙක් සාදු සාදු කියලත් තිබුනා. මේක බෞද්ධ රට තමයි මොහොමඩ්.(නදී)
කව්රු කව්රුත් කරන ඒවා අපි දන්නවා. අපි ලග එවයේ වීඩියොත් තියෙනවා.(නදී)
කාමය යනු මිනිසාගේ අත්‍යවශ්‍ය සහ නිත්‍යානුකූල වගකීමකි. ඕක තහනම් කරගත්තනම් මේවගේ දේවල් සිදුවීම බැරෑරුම් දෙයක්ද? (නදී)
කාටත් හැඟීම් තියෙනවනේ. මේ විසි එක් වන සියවසේ සාම්ප්‍රදායට වඩා බුද්ධියට ඉඩ දෙන්න ඕනේ.(නදී)
ෂුවර් එකටම තුන්වන පර්ශවක් සම්බන්දයි, ඒවගේම මේක විදේශ කුමන්ත්‍රණයක්. (නදී)
ඔන්න පේනවනේ මෙගොලොන්න්ගේ වැඩ.(නදී)
කෝ අර සංවිධාන. බුද්ධ සාසනය විනාස වෙන්නේ අන්‍යගමිකයින්ගෙන් නෙවෙයි. අපේම දුස්සීලයින් ගේනුයි.(නදී)
මෙහෙම කෙනෙකුට හිමි නම කියන එකත් ආගමට කරන මහා නිගාවක්. (නි)
තමන්ගේ පුද්ගලික ප්‍රයෝජනයට මෙවැන්නක් කිරීම නීතියට පටහැනි විය නොහැකියි නේද? ඔන්න සීඩී විකිනුවා නම් වැරදියි. (නි)
සංයුක්ත තැටියක් හදලා නම් එක දැක්ක නම් කුඩුවට දාන්නයි තිබුනේ.(නදී)
අර ගැහැණු ළමයට බැනලා වැඩක් නැහැ. අර ගමටම බණ කියන නායක හාමුදුරුවෝ එහෙනම් නිවැරදිද? (නි)
හාමුදුරුවරු කියන්නෙත් මිනිස්සුනේ. ඒ යට පමණක් කාමය තහනම් කරන එක හරිද. ඒ නිසා මේ වගේ දේවල් වලට යොමු වන එක සාදාරනයි. නැත්නම් ඒ යටත් විවාහ වෙන්න ඉඩ දෙන්න. (නි)
මේක වෙන ආගමක පුජ්‍ය පක්ෂයෙන් කලා නම් කොහොමද? (නදී)
මානසික ලෙඩක් ඇති.(නදී)
මේ අපේ බෞද්ධ රටයි.(නදී)
දර්ම සංගායනාවක් පවත්වලා ශාසන විරෝදීන් පන්නන්න කාලය ඇවිත්. නැත්නම් බුදුසසුන අනතුරේ.(නදී)
ලොකු හාමුදුරුවෝ මෙහෙම නම්..? (නි)
රට අස්ථාවර කිරීමට ගත් උත්සාහයක්ද? නැතිනම් තෙවන පාර්ශවයක් මැදිහත් වුවාද? එසේත් නොමැතිනම් විමුක්ති මග සොයා ගවේසවෙශ්නාත්මකව කල අත්හදා බැලීමක්ද ?(නදී)
කෝ අර සංවිධාන?(නදී)