හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නිරීක්ෂණයට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට එල්ල වු මැර ප්‍රහාරයට සම්බන්ධ වු හම්බන්තොට නගරාධිපතිගෙන් මෙතෙක් කට උත්තරයක් හෝ ගැනීමට පොලීසිය ක්‍රියා නොකිරීම පුදුමයට කරුණක් යැයි ජාතික නිතීඥ සංගමයේ මහ ලේකම් නිශ්ශංක නානයක්කාර මහතා පවසයි.
නිත්‍යනුකූල නොවන අයුරින් ගිනි අවියක් ළඟ තබා ගැනීම මරණ දඩුවම හෝ ජීවීතාන්තය දක්වා සිර දඬුවම් ලැබීමට තරම් වරඳක් බව 1996 අංක22 දරණ අවි ආයුධ අඥා පනතේ සඳහන්ව තිබියදීත් පිස්තෝලයක් ද රැගෙන මේ පහර දීමට පැමිණි නගරාධිපතිට එරෙහි කිසිඳු පියවරක් නොගැනීම සිද්ධිය යට ගැසීමේ උත්සාහයකියි හෙතෙම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මේක ලංකාවනේ.... (නි)
ඒක සෙල්ලම් පිස්තෝලයක්නේ. එහෙම නම් පොඩි ළමයින්ගෙනුත් කටඋත්තර ගන්න වෙනවා. (නි)
හුරතල් පුත්තු සෙල්ලම් පිස්තෝල අරගෙන දග කරනවා අනේ ගනන් ගන්න එපා.(නදී)
අපි පත්තරේ දැක්කා සියලුම සත්‍යය සිදුවීම් වල ඡායාරූප (නි)
මෙහෙම දේවල් වෙනකොට මානව හිමිකම් ගැන යෝජනා ගෙන එක අහන්නත් දෙයක්ද? සමහරු මහා දවල් මිනිසුන්ට වෙඩි තියලා මතක නැහැ කියනවා. සමහරු කුඩු කිලෝ ගණන් එලියට ගන්න ලියුම් දීලා ඒ ගැන දන්නේ නැහැ කියනවා. ජනමාධ්‍යවේදීන්ව පාරේ මරලා දානවා. සංචාරකයන්ව දුෂණය කරලා මරලා දානවා. ප්‍රාදේශීය සභාපතිවරු තුවක්කු අරන් වෙඩි තියන්න පන්නනවා. බාල පෙට්‍රල් ගෙන්නනවා. මේවා ලියන්න මේකේ ඉඩ මදි. ආසියාවේ ආශ්චර්යය... (නි)
වර්තමාන ලංකාවේ නීති පොතක් තිබෙනවද ? සුද්දෝ දීපු නීති හුගක් පරණ නිසයි එහෙම කිවුවේ (නි)
ඈෂ්ලි ..කට..! කට!! සුදු වැන් එකේ යද්දිත් ........ගියාට පස්සෙත්...... අම්ම තාත්තත්,,,... සහෝදරයොත්........... අම්මෝ .....ඕවා ඔක්කොම බොරු. අනේ!....... ප්ලීස් ... මම කිව්වේ නැහැ ..........ඒවා බැහැ හොඳේ !(දී)
අශ්ලිගේ කටේ මසුරන් දන්නා ඕනි .මත ලියන්න හිටියේ එත් නොලියා හිටයා ඕව (දී)
හැමදාම උනෙත් ඕකනේ.... මේ පාර විතරක් අමුතුවෙන් ඒ ගැන බලයිද? (දී)
ඊළඟ පාර එයා පළාත් සභාවට යයි. ඊට පස්සේ පාර්ලිමේන්තුවට යයි. ඒකට හොඳම සුදුසුකම එයාට තියනවා (නි)
දැන් ඉතින් මේක මොනවා වෙයිද? (නි)
දැන් ඉතින් අපි ඕකට මොනවා කියලා කරන්නද? (නි)
ලෝකෙන් උතුම් රට ලංකාව. කුරුල්ලන්ට වෙඩි තියන එකක් නිසා, අනේ කරදර කරන්න එපා. (නි)