එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසුරිය, මන්ත්‍රීන් වන පාලිත රංගෙ බණ්ඩර සහ අශෝක අබේසිංහ මහත්වරු අද මහනුවරදී ත්‍රෛනිකායික මහා නාහිමිවරු ද වියානි ප්‍රනාන්දු රදගුරු තුමා ද බැහැ දුටහ. කොළඹ හයිඩ් පිටියේ දී බ්‍රහස්පතින්දා එක්සත් භික්ෂු පෙරමුණෙන් පැවැත්වීමට නියමිත රැස්වීම ගැන මල්වතු අස්ගිරි මහා නාහිමිවරු එහි දී සාකච්ඡා කළහ. තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නිහිමියන් ජයසූරිය මහතාට උපදෙස් දෙමින් පැවැසූයේ පක්ෂයේ සාමූහිකත්වය හා එකඟත්වය රැකගෙන ඉදිරියට යා යුතු බවයි. උඩුගම බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාහිමියන් උපදෙස් දුන්නේ රැස්වීමකට සහාභාගී වීමේ අයිතිය ඇති බවයි. ඒ සඳහා නීති රීති පැන වීම පක්ෂ නායකුට නොතරම් වන බවයි. පක්ෂයත් පක්ෂ සමාජිකයනුත් රැක ගැනීම තම අරමුණ බව කරු ජයසූරිය මහතා එහි දී මහ නාහිමිරවරුනට පැවැසූහ. එම රැස්වීමෙන් පක්ෂයට හානියක් නොවන බව ද ඒ මහතා කීවේය. ඔහු ඇතුළු පිරිස නාපාන පෙමසිරි රාමාඤ්ඤ මහා නිකායේ හිමියන් ද බැහැ දුටහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු... සාධු... සාධු...! (නි)
යු.එන්පිය කබලෙන් ලිපට.(නදී)
"මල්වතු මහා නිහිමියන් ජයසූරිය මහතාට උපදෙස් දෙමින් පැවැසූයේ පක්ෂයේ සාමූහිකත්වය හා එකඟත්වය රැකගෙන ඉදිරියට යා යුතු බවයි." පක්ෂයේ සමගියත් රකින ගමන්, පවතින පාලනයේ උවමනාවන් ඉටුකරමින් විපක්ෂයක අවශ්‍යතාවය නොසලකා ඔහේ ඉන්නා මේ නායකත්වයට විකල්පයක් සපයන හැටිත් ඔය ගමන්ම වැදෑරුවා නම් අවසර.(නදී)
මේකේ වැරැද්දක් නැහැ. (නි)
අනේ මහනායක හාමුදුරුවනේ ඕවට නම් කතා නොකරන තරමට හොදයි.(නදී)
කොහේ ගියත් එකයි
ඔක්කොටම කලින් සියල්ලන්ම එකතු කරගන්නා විදියක් බලන්න. (නි)
මේකත් ප්‍රශ්න ගොඩක් මැද්දේ අවසන් වේවි. නමුත් කෙසේ හෝ වියයුතුයි. (නි)
අනේ මන්දා. එක එක්කෙනාට නොයෙක් නොයෙක් දේවල්නේ දේශනා කරන්නේ. (නි)
වැඩේ ඇත්ත
අනේ මන්දා මොනවා වෙන්නද
අනේ හාමුදුරුවනේ, හාමුදුරුවන්ට මේ දේශපාලනයට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්නම බැරිද?වෙන වැඩක් ඇත්තෙම නැද්ද? (නි)
අරයට ඉතිං හැමදාම නායකයා වෙලා ඉන්න ඕන නිසානේ මේ හැමදෙයක්ම..!(නු)
ගියවරත් නායක හාමුදුරුව්න්ගේ බණ අහලා තිබුණ තනතුරත් නැති කරගත්තා... මූසිල වෙන්නෙ නැතිව තම නායකත්වයට ඇහුම්කන් දෙන්න..!(නු)
විකාර..(නු)
යූ.එන්.පී. එකෙන් අස්කළොත් කපෝති.. මහන වෙන්න තමයි වෙන්නෙ..!(නු)