IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


හයිඩ්‍රාමනී ඇඟලුම් කම්හළ 23 වැනිදා තෙක් වසා දමයි

(ශාන්ත  ප්‍රදීප්  කුමාර  කුලරත්න)

කහතුඩුව හයිඩ්‍රාමනී ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීම නිසා  එම කර්මාන්ත ශාලාව   එළඹෙන  (23) දා දක්වා වසා දැමීමට ,පියවර ගත් බව කහතුඩුව  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

මේ වන විට එම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවක සේවිකාවන් 2100 ක් අතුරින් හාරසිය දෙනෙකුගේ  පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන් 360 දෙනකුගේ වාර්තා මේ වන විට ලැබී ඇති බවද එම කාර්යාලය වැඩිදුරටත්  කියා සිටී.

එහිදී  කිරිවත්තුඩුව තාරකා සේවනේ හා මොරගහහේන  තලගල  ප්‍රදේශයේ  පදිංචි කාන්තාවන් දෙදෙනෙකුට  වෛරසය ආසාදනය වී තිබූ අතර ඉන් එක් කාන්තාවක් ඇඟලුම් ආයතයේ හෙද නිලධාරිනිය බවද පැවසේ .

මේ අතර සිදුකළ පි..සී.ආර් පරීක්ෂණ 40 ක  වාර්තා ලැබීමට නියමිත අතර තවදුරටත්  රෝගීන්ගේ සමිපතමයින් 50 දෙනකු  තෝරාගෙන එළඹෙන 23 දා තවදුරටත්  පී.සී.ආර් පරීක්ෂණ කිරීමට නියමිතය.

මේ වන විට පි.සි.ආර් පරීක්ෂණයට ලක් කළ සියලුම සේවක සේවිකාවන් දින 14ක ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර ඉදිරියේ දී පවතින තත්ත්වය පිළිබඳව පාලනාධිකාරිය සමඟ සාකච්ඡා කොට කර්මාන්ත ශාලාව විවෘත කරනවාද නැද්ද යන්න  සම්බන්ධයෙන්  තීරණයක් ගන්නා බව  සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාලය කියා සිටී.

 



අදහස් (0)

හයිඩ්‍රාමනී ඇඟලුම් කම්හළ 23 වැනිදා තෙක් වසා දමයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 479 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 173 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 573 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 52 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 421 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2086 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site