“බැසිල් මහත්තය එළියේ ඉන්නකොට වීරයෙක් වගේ බන්ධනාගාරයට ගියාම හතර ගාතේ දාලා වැටෙනවා. රෝහල් ගතවෙනවා. දැන් එළියට ඇවිත් විරයෙක් වගේ කෑගහවි“ ග්‍රාමිය ඇමැති පී.හැරිසන් මහතා අම්බලන්තොට දී කීවේය.
“බැසිල්ගේ එක නඩුවකට ඇප දිලා තියනවනා. තව තියන චෝදනා වල කෙලවරක් නැහ.මම හිතනවා තව වාර ගනනාවක් ඒ පැත්තට යන්න වෙයි කියලා“ යැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා ඔහොම තමා. (නි)
මේ අයට විරුද්ධව ඔබලා පාරට බැහැලා නිතිය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කර දඩුවම් ලබා දී ජනතාවට දුන් පොරොන්දු ඉස්ට කරන්න එම නොවුනොත් වැඩි කල් යන්න පෙර අපට කියන්න තිබෙන්නේ දෙවියන්ගේම පිහිටයි ඔබලටත් කියලා (බ)
මේ වගේ අයට පුලුවන්ද ආණ්ඩු පෙරලන්න. වැරදි කරද්දි නම් කිසි අමාරුවක් නෑ. (බ)
ඕක තමයි මිනිසුන්ට හිනායන හොඳම විහිලුව. ඔතන වරද තියෙන්නේ බැසිල් රාජපක්ෂ බන්ධනාගාර ගතවෙද්දීම ලෙඩේ අනුමත කරන දොස්තරලා අත නොවේද? (නි)
ඇමතිතුමා, නිකන් කයිවාරු ගහන්න එපා. රෝහල් ගතවෙන්නේ, ඇප ලැබෙන්නේ, මේවා සේරම සිදුවෙන්නේ ඔබගේ රජයේ අනුග්‍රහයෙන් නොවේ කියලද කියන්නේ. විමල්ගේ පාස්පෝර්ට් සිද්ධියේදී අගමැතිතුමාගේ පාර්ලිමේන්තු කතාව ඉතා පැහැදිලියි. මේ වගේ පහසුකම්, වරප්‍රසාද සාමාන්‍ය මිනිසුන්ට ලැබෙනවද? (නි)
අලුත් චිත්‍රපටයට රඟපාන්න දාමු (බ)
ඉතින් වරදක් කළානම් නඩු දමල දඩුවමක් දෙන්න. මොනවද මේ කරන විකාර? කවුද මෝඩයෝ ඔබලද නැතිනම් ඔබලාව පත්කළ ජනතාවද? (බ)
ඔබතුම හොදට ගැලපෙනවා ෆ්‍රෙඩී සිල්වා ගේ චරිතයට (ම)
කවදද මිනිස්සුන්ට සේවයක් වුනේ. අනික ඉතින් රටේ මිනිස්සු සේවය කරන්නෙත් බල්ලන්ටමනේ? පුෂ්පකුමාර කියලා තියනවා වගේ ලෙඩේ අනුමත කළෙත් පශු වෛද්‍යවරයෙක්ද? (බ)
මිනිසුන් අතරේ පොකට්. ගහන්නේ , බෙලිද කපන්නේ ,උන්ට කියන්නේ , බල්ලා, එනමුදු බල්ලා කියන නම. රැක ගන්නෙත් නැහැ (බ)
මෙයාලට හොඳයි අරාබිය වගේ රටක්. දැන් වෙන රටවල් මේවා දුටුවිට එන්න දෙන එකක් නැහැ, මොකද එ් රටවලටත් මේ ලෙඩ බෝවෙයි කියලා (නි)
අනේ මේ, ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වී ගබඩා කළ අය ගැන මොනවද කතා කරන්න තියෙන්නේ? (නි)
ඔබතුමාලට ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. මොකද ඉතින් කරන වැඩකුත් නැහැනේ (නි)
හෆීල් කියන කතාව හරියටම හරි. මේගොල්ලෝ ඔක්කොම එකයි. බොරුවට කියවනවා. (නි)
වතුගොඩ, ෆ්‍රෙඩී සිල්වා මහතා අපව රසගැන්වූ, අපව හිනැස්සූ අපේ ලේ පිරිසිදු කළ හොඳ කලාකරුවෙක්, මහත්මයෙක්. ඒත් මොහු? (නි)