ශ්‍රි ලංකන් ගුවන් සේවයේ හොර ගුවන් ටිකට් පත් විකුණමින් මගීන් සිය ගණනක් අපහසුතාවයට පත් කළ ඉතාලියේ ශ්‍රි ලාංකික හොර එජන්සි කරුවන් කිහිප දෙනාගේ ශ්‍රි ලංකන් ගුවන් සේවය සමග ඇති නියෝජිත භාවය අහෝසි කිරිමට තමා මැදිහත් වන බව ශ්‍රි ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා එසැණට පැවසීය.
‘මගීන්ට සිදුවූ දේ ගැන ඇත්තටම කනගාටු වෙනවා. මේ ගැන අපට කළ හැකි හැම දෙයක්ම කරනවා. මේ වනවිට අපේ රෝම ශ්‍රි ලංකා ගුවන් ගමන් ඉතාමත් හොද තත්වයකට ඇවිත්. ඒ පිළිබදව ස්තුති වන්ත වෙන්න ඔනෑ ඉතාලියේ ඉන්න ශ්‍රි ලාංකිකයින්ට වගේම හොර බොරු නැතිව ගුවන් ටිකට් පත් අලෙවි කරන වෙළෙද නියෝජිතයන්ට.‘
ඇතැම් ගුවන් සේවිකාවන් මගීන්ට දක්වන අඩු සැලකිල්ල ගැන එසෑණ කළ විමසීමේදි ඒ මහතා මෙසේ කීවේය.
‘ ගුවන් සේවිකාවන්ගේ ප්‍රධාන වගකීම තමයි මගීන්ට නිසි ආකාරයෙන් සැලකීම. මගින්ට හොදට නොසලකන ගුවන් සේවිකාවන් ඉන්නවා නම් ඒ ගැනත් මම අනිවාර්යෙන්ම සොයා බලනවා.‘
ඉතාලියේ ශ්‍රි ලංකන් ගුවන් සේවයේ කළමනාකරු ලලිත් පිරිස් මහතා කියා සිටියේ ශ්‍රි ලංකන් ගුවන් සේවයේ දියුණුව උදෙසා එසෑණ පල කළ වාර්තාවලින් සාර්ථක ප්‍රථිපල ලැබි ඇති බවයි.
ඔනෑම ආයතනයකින් මිලදි ගන්නා ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ටිකට් පතක නිවැරදි භාවය තහවුරු කර ගැනිමට 06 42045306 / 06 48771351 දරන දුරකථන අංකයෙන් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ රෝම කාර්යාලයටත් 02 88551701න් මිලානෝ කාර්යාලයත් කතා කිරිමෙන් දෑන ගත හැකි බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොද වැඩක් නියමයි
ඉතාලියේ ඉන්නේ තරමක නුගත් අය බව මට කිවේ ගිය වසරේ ඉතාලියේ සංචාරය සඳහා ගොස් ආපසු පැමිණි ලාංකික පවුලකි . ඔහු කියූ විදියට යුරෝපයේ මෙද පෙරදිග රටක් හා සමාන රැකියා කරන හෙසිරෙන කොටස් බොහෝ ඉන්නා බව දෙක පුදුම වූ බවක් කිවේය (දී)
ශ්‍රී ලංකන් ගුවන් සේවය විනාශ වන්නේ . සුදුසු කම් නොමැති සේවකයන් සහ සේවිකාවන් පන්දම් වලට බඳවා ගැනිමෙනි . සමහර සේවිකාවන් තිබිය යුතු අවම උස නැතුව සේවයට පැමිණීමෙන් . කැබින් එකේ ගමන් මලු තබන රාක්ක වසා ගැනීමට ආසන මත නගිනවා මම දුටුවෙමි. නැතිනම් මගීන්ගේ ආදරය පතනවා දුටුවෙමි. සේවක සේවිකාවන් බඳවා ගැනිමේදී පන්දමට උවත් අවම සුදුසුකම බැලිය යුතුය . නැතිනම් මෙම ගුවන් සේවය සැමදා පාඩු ලබමින් මහජන මුදල් කන ආයතනයක් වෙනවා.(නදී)
ශ්‍රී ලංකන් ගුවන් සේවය පවතින්නේ ප්‍රමිතියෙන් ඉතාම පහල තත්වයේ. ගුවන් සේවකයන් සේවිකාවන් ඉන්නේ පහලම මට්ටමේ ප්‍රමිතියකිනි. දීර්ඝ ගමනාන්ත වල සිටින සේවක සේවිකාවන්ගේ සැලකීම ඉතාම දුර්වලය. ඉංග්‍රීසියෙන් කතා කලොත් ඔවුන්ගෙන් යම් කිසි සේවයක් ලබා ගත හැක. ඔබ සිංහලෙන් කතා කලොත් එම සේවයේ අඩුවක් ලැබේ. අපගේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉතා ඉක්මනින් පාඩු ලබා මහජන මුදල් කා දමන සමාගමක් වී ඇත. බලදාරින් මෙය ගැන සොයා නොබැලුවොත් ලංකාවට පැමිණෙන වෙනත් සේවයන් ගැන සංසන්දනය කල හොත් අපේ ගුවන් සේවය සුදු අලියෙකි . පැය ගණන් සමහර විට දවසක් පමණ ගමන ප්‍රමාද කරමින් මගින්ව රස්තියාදු කරන අතර . මගින් වෙනත් සේවයන් කරා යාමට ඉඩ කඩ සලසති . බලදාරින්ගේ දැන ගැනිම පිණිසය.(නදී)
අපේ රටින් බැහැරව සිටින කාලයේ අප මිට වඩා අපේ ජාතිය සංකෘතිය කෙලෙසෙන නැති විදියට හෙසිරෙනවානම් බොහොම හොඳය . මුදල් පසු පස හම්බ ගොස් ජිවිත පවා නැති කර ගත අය එමටය (දී)
මා ගමන් කළ සෑම වතාවකම ශ්‍රී ලංකන් ගුවන් සේවය අඩුම ගණනේ පැය 3 ක් 4ක් ප්‍රමාද වී ඇත. දෙවරක් පැය 24 ක ප්‍රමාදයක් සිදුවුණි. කිසිම ගෙවීමක් සිදුනොවිණි. සිටින්නට ගුවන් තොටුපල අසළ හෝටලයක් ලැබුණි. මෙවර මා ගමන් කළේ එමිරේට්ස් ගුවන් යානයකිනි. සේවය ඉතා ඉහළය. කිසිම ප්‍රමාදයක් නොවණි. ඔවුන්ගේ සේවයත් සැළකිල්ලත් නිසා නැවත එම සේවය පැතීමට සිතා ගත්තෙමි (නි)
මට පළමු වරට සිදු වුණා පැරිස් වල සිට එයාර් ෆ්‍රාන්ස් වලින් රෝමයට ගොස්, එතැන් සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ලංකාවට ගොස්, නැවත ලංකාවේ සිට රෝමයට පැමිණ, ආපසු එයාර් ෆ්‍රාන්ස් වලින් පැරිස් වලට ඒමට. මා ලබපු අත්දැකීම, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉතා අපහසුතාවයකි. ගුවන් සේවිකාවන්ගේ සේවය ඉතාම පහළය. මින්පසු කිසිම දිනක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් නොකිරීමට සිතා ගත්තෙමි. (නි)
මේ ඔක්කොම මගඩි හොර කම් සිද්ද වෙන්නේ ඉතාලියේමයි. පුදුමයි ලංකාවත් කාල ඉතාලියත් කන අපේ මිනිස්සු . ලැජ්ජාවේ බැහැ.(නදී)
කුමාරි, මොකෝ ඔයත් 'මෝහිනී' වගේ දරුවා ගුවන් සේවිකාවක් අතට දෙන්න ගියාද? හොඳ වෙලාවට අරන් නැත්තේ. (නදී)
මේ සියලුම වැඩ පිළිවෙලවල් අතරට සිංහලයට සිංහලෙන් කතා කරන තමන්ගේ රැකියාව හරි හැටි හඳුනන නිරහංකාර ගුවන් සේවිකාවන්ගේ අඩුවත් පිරවිය යුතුයි. (අ).
හැමෝම ටිකට් 'රිෆරන්ස් නම්බර්' එක බැලුවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (නි)
ගුවන් සේවය නියෝජනය කරන අයගේ තත්වය නම් සැහෙන දුරට පහතට වැටිලා.හරිම කණගාටුවට කරුණක්. වෙනත් ගුවන් සමාගමක් තරගයට යුරෝපය -කොළඹ අවොතින් ශ්‍රී ලන්කන් නොස් ඩවුන්. (දී)
ලංකාවේ කට්ටිය කරන කිසිම ඒජන්සියක් නීත්‍යානුකූල නැහැ. ඔක්කොම කරන්නේ බෝඩ් එකක් ගහගෙන කොමිස් වලට ඉතාලි ඒජන්සි වල ටිකට් විකුණන එක. හරියට හිතන්න තරම් වත් උගත් කමක් නැති මිනිස්සු ඒ අය ගෙන් ටිකට් ගන්නවා.(නදී)
මටත් කියන්න ඕනේ අපේ ගුවන් සේවිකාවෝ ගැන,ඇත්තටම දැක්ක බොහෝ දේවල් අසුභයි.මෙයාලා සුද්දෙක්ගේ ළමයෙක් දැක්කොත් වැඩ ගන්නවා තෑගී දෙනවා, අපේ ලංකාවේ ළමයෙක් දිහා නිකමටවත් බලන්නේ නැහැ, පැරණි සේවිකාවන් නම් හොඳයි. දැන් ඇවිත් ඉන්න අය ගුවන් සේවිකාවන් උනේ කොහොමද කියන එකත් සැකයක්. (ස)
මේ වගේ අය නිසා තමයි කොටි ගණන් ශ්‍රී ලංකන් පාඩු ලබන්නේ. මේ හොරුන්ගේ නියෝජිත බව පමණක් නොව නීතියානුකුලව වන්දි ලබාගත යුතුයි. (ස)
අයියෝ සල්ලි තමයි නේද
රේෆරන්ස් නම්බර් එක බැලුවා කියලා මොනා කරන්නද ?රේෆරන්ස් නම්බර් එකේ නිවැරදි භාවය තහවුරු කර ගැනිමටයි ඕනි. (ස)
'හොර ටිකට් දෙන නියෝජිතයින්ගේ නියෝජිත භාවය අහෝසි කිරීම???"මේ එක් කෙනෙක්වත් නීත්‍යානුකූලව ඒජන්සියක් පවත්වාගෙන ගිය අය නෙමෙයි. දඬුවම් කරන්න ඕනෑ මේ අයට 'ශ්‍රී ලංකන්' ටිකට් අලෙවි කරන්න 'හොර පාරෙන්' අවසර දුන්නු අයට. (නි)
සියලු දෙනාටම දැනගත හැකි පරිදි ඔය හොර ටිකට් ඒජන්තයන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න. එහෙම කලොත් අහිංසක අපි ගැළවෙනවා නේද? එසැණවත් අපි වෙනුවෙන් මොවුන්ගේ නම් ගම පළකරනවා නම් පින්සිද්ධ වෙයි. (නි)