තෛපොන්ගල් උළෙල මෙවර අති උත්කර්ෂවත් අයුරින් සැමරීමට උතුරේ වැසියන් විශාල පිරිසක් අද (14) දවස පුරා වෙළඳ සැල් වෙතට පිවිස අලුතින් වලන් මුට්ටි මෙන්ම ඇඳුම් පැළඳුම් හා ආහාර පාන මිලට ගැනීම සඳහා නගරයට පැමිණ සිටියහ.
උක් ගසින් වට වූ මණ්ඩපයක අලුත් සහල් වලින් උක් සකුරු හා පළතුරු වලින් සාදා ගන්නා ලද කිරිබත් සාදා මල් පහන් දල්වා හිරු දෙවියන්හට සිදු කරන ලද සූර්ය දේව පූජාව පවත්වන්නට හින්දුවරු සැරසෙති.
‘මේ වසරේද තම කෙත් වතු සරු සාර වේවා‘ ඔවුන්ගේ පැතුමයි.
අද උදෑසන සිට උතුරු නැගෙනහිර දෙමළ වැසියෝ අලුත් වළං, ඇඳුම් පැළඳුම් මිලට ගැනීමට නගරවලට ආහ. උක්, පළතුරු, වළං, ඇඳුම් හා රතිඤ්ඤා ආදී දෑ මිලට ගන්නට ආ පිරිස් වලින් නගර පිරී තිබිණි. තුන්දින නිවාඩුවක් ලැබී ඇති හෙයින් ගම් බලාගිය පිරිස වැඩිවූ අතර කොළඹ නගරයේ තදබදය අඩුවී ඇති ආකාරයද දැකිය හැකි විය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අගමැති රනිල් මැතිදුන්ගේ එකල ක්‍රියාවන් නිසා යුද්ධය නිමා විය. එම නිසා එහි ජනයා සතුටින් අවුරුදු සමරයි. දීර්ඝායු අගමැති, ජනපති තුමනි.! (ර)
රෙෂාන්ගේ මොලේ අමාරුවක්ද? යුද්දය ජයග්‍රහණය කළේ හිටපු ජනපති කොන්ද කෙලින් තියාගෙන හිටපු නිසා අපේ රණවිරුවන්ගේ කැපවීමෙන්, රනිල් අගමැති කරපු කෙන්ගෙඩියක් නැහැ,. (බ)
මේ මොලේ අමාරුව තද වෙලා වගේ .මහින්ද නොහිටින්න අද සමයක් නැහැ.කුහක වෙන්න එපා.(අ)
ඇස්දෙකට දකින්න ඉතා සතුටු උපදවන දෙයක්. මහින්ද රාජපක්ෂ මැතිඳුන් සහ ඝෝටභය රාජපක්ෂ මැතිදුන්ගේ ඍජු තීරණ සහ සොල්දාදුවන්ගේ කැපවීම නිසා අපට ලැබුන ප්‍රතිපලයයි මේ දකින්න තියෙන්නේ. (කෞ)
මහින්ද මහත්තයා නිසා තමයි අද කවුරුත් බයනැතුව ජීවත්වෙන්නේ (නි)
කොහොම තනියෙන් යුද්ධය දිනන්නද අපේ සෙබළු නැත්නම්? (නි)