ත්‍රිකුණාමලයේ පදවි ශ්‍රීපුර සිට සිංහපුර දක්වා කිලෝමීටර 11ක් දුර මාර්ගය පිළිසකර කර නොදෙන බව කියමින් ගම්වැසියෝ අද පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව හරස් කර විරෝධතාවක් ඇරැඹූහ.
ශ්‍රී පුෂ්පාරාමාධිපති තලගල නන්දසේන හිමි ඇතුළු මහා සංඝරත්නය ද මේ විරෝධතාවට එක්වූහ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ ගේට්ටුව කම්බිවලින් බැඳ එතැන විරෝධතා පැවැත්වීම නිසා කාර්ය මණ්ඩලයට අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යෑමට නොහැකි විය.
ප්‍රාදේශීය ලේකම් වී පී සුනෙත් ජිනේන්ද්‍රසිංහ මහතා පැවසුවේ කාර්ය මණ්ඩලයට රාජකාරි සඳහා යෑමට නොහැකි වන සේ විරෝධතා පැවැත්වීම ගැන පොලිසියට පැමිණිලි කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා! (නි)
එදා සිට මේ දක්වා සියළු මහජන ගැටළු වලදී පන්සලේ හාමුදුරුවන් වහන්සේලා ගිහියන් සමඟ සිටියා (නි)
අහිංසක මිනිස්සු. මේ මිනිස්සුන්ට අනෙක් පළාත් වලට තිබෙන පහසුකම් කවදා ලැබේවිද? (නි)
ඒ කාලේ ප්‍රදාන පාරවල් කිසිම උද්ඝෝෂණයක් නැහැ. දැන් පාරවල් වැඩි කමටද කොහොද මෙච්චර උද්ඝෝෂණ. සිංහරාජ කැලය පැත්තේ පහුගිය කාලේ පාරක් කපනකොටත් පරිසර සංවිදාන උද්ඝෝෂණ කලා. (නදී)
ඒ අසරණ මිනිස්සු දෙන දානේ වළදලා ඒ මිනිස්සු දුකට පත්වුණ වෙලාවට අහක බලගෙන පන්සලට වෙලා සැතපිලා ඉන්න එකත් ශාසනයට ගැළපෙන්නේ නැහැ.මේ හිමිවරු තමා නියම බුද්ධ පුත්‍රයෝ (නි)
කුමාරසිරි, ඔබගේ පහදා දීම ගැන ස්තුතියි. (ස)
හරි හෝ වැරදි භික්ෂුව මේ වගේ වැඩ වලට සහබාගී වීම සාසනයට ගැලපෙන්නේ නැත. (ස)
සාදාරන ඉල්ලීමක්. මේ අය ප්‍රාදේශීය, දිස්ත්‍රික් මට්ටමින් ඉල්ලීම් කලත් ප්‍රතිපලයක් නොමැති නිසා වගකිවයුත්තන්ගේ අවධානය සදහා මෙවැනි සාමකාමී උස්ගෝෂණයක් පැවැත්වීම සාදාරනයි. වගකිවයුත්තන්ගේ අවධානය පිණිස මාද්‍ය මගින් හෙළිදරව් කිරීම ගැන ලංකාදීපයට ස්තුතියි.(නදී)
කොච්චර හීන දුබල වැසියන්ද ලංකාවේ ඉන්නේ?අනේ ජනාධිපතිතුමනි, ඇමතිතුමනි,මේ පාරවල් ටික හදා දෙන්න. (නි)
මහා සංඝරත්නය එදා සිටම ගිහියන්ගේ ගැටළු වලදී ඔවුන් සමඟ සිටියා (නි)
මේ දිනවල පවතින වැස්ස නිසා හොරණ නගර සභා සීමාවේ බෝධීන් වහන්සේ ගේ ස්පර්ශය හා බැඳී ආසන්නයේ ඇති ග්‍රේස්ලන්ඩ් පාරේ කොන්ක්‍රීට් කෑලී කෑලී කැඩීයාම නිසා දැන් වලවල් සෑදී ජලය පිරෙන බැවින් පාසල් යන දරුවන්ට සහ වැඩිහිටියන්ට පයින් ගමන් කිරීම ඉතාමත් අපහසුව පවතී. නිතර ගැවසෙන ගවයන්ගේ ගොම වැටීම නිසාද වැහි දිනවල දී පාරේ යාම බෙහෙවින්ම අපහසුය. මෙය පයින් ගමන් කරන දරුවන්ට තදින්ම බල පාන්නකි. නියෝජ්‍ය ඇමතිතුමනි/ නගරාධිපතිතුමනි, අනේ අපිට පිහිටවන්න පාර පිළිසකර කර දුන්නොත් ගොඩාක් පිං. (ස)
හරි හමන් පාරවල් නැති ප්‍රදේශ කොයිතරම් තියෙනවාද ලංකාවේ හැබැයි ඒ හැම ප්‍රදේෂයකයම අදාළ චන්ද කොට්ටාශයක් නම් තියෙනවා (දී)
පළාත් 3 කට සහ දිස්ත්‍රීක්ක 4 කට මායින්ව පිහිටි ගම්වාසීන්ට කාගෙන්වත් පිලිසරණක් නැද්ද?මෙය පුර්ණ වගකීම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක බාර බලදාරින්ගේය. (නදී)
රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහරාජය අසල ගම් කීපයක් තියෙනවා. දැන් අවුරුදු 30කට වැඩි කාලයකට පෙර මම ඒ පළාතේ වනාන්තර සම්බන්ධ කටයුතු වලට ඒ ගම් වලට ගීයා. තවමත් ඒ ගම්වල මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට මාව අඳුනා ගන්න බැරි උනත් ඒ දවස්වල හිටපු අය දෙතුන් දෙනෙක් මම හඳුනා ගත්තා. කිව්වට කව්රුත් විස්වාස කරන එකක් නැහැ. තවමත් ඒ ගම් වලට පාරවල් නැහැ. විදුලිය නැහැ. යටි තල පහසු කම් කියන්නේ මොනවද කියලවත් නැහැ. බස් එකට එන්න සැතපුම් 5ක් විතර පයින් එන්න ඕන අඩි පාරේ කූඩැල්ලෝ කඩ කඩා. ලෙඩෙක් උනොත් පොල්ලක බැඳපු ගෝනි ඇඳක ගෙනත් ඉඳ හිට දුවන බස් එකේ තව සැතපුම් දොළහක් විතර යන්න ඕනා. මම හිතන්නේ ඒ මිනිස්සුන්ට ඒ ජීවිතේ පුරුදු ඇති. අර පුරුදු නිසා ඔරුවෙන් යනවා කිව්වා වගේ. විරෝධතා උද්ඝෝෂණ මොකුත් නැහැ. හැම ඡන්දෙකටම ඇව්ත් ඡන්දෙ නම් දෙනවා. ඔහේ ඉන්නවා. උසස් අධ්‍යපන ළමයින්ට නැහැ. . අහිසක මිනිස්සු. මේ මිනිස්සුන්ට ඒ පහසුකම් කවදා ලැබේවිද ? ඉස්සර නම් කිව්වේ 2000 දී සැමට විදුලිය කියලා. (නදී)
ඡන්ද ඉල්ලාගෙන එනකොට ඔයාලගේ කොටස ගන්න (නි)
ඔය පාර හදන්නෙ නැති හේතුව තමයි,එම මාර්ගය දිස්ත්‍රික්ක තුනකට මායිම් වෙලා තිබීම. ඒ ත්‍රිකුණාමලය, මුලතිව් ,අනුරාධපුර.ඒ හේතුව හින්දා තමයි ඔය පාර හැදෙන්නේ නැත්තේ.ඔය පැත්ත අයත් දිස්ත්‍රිකයේ කිසිදු මැති ඇමති කෙනෙක් ඔය කියන මාර්ගයේ ගිහිල්ලා නැහැ කියලා මම පැහැදිලිවම කියනවා.මමත් අවුරුදු ගණනක් ඔය පාරේ ගිහිල්ලා තියනවා.ඔය මාර්ගයේ ගමන් කරන්නේ යුද්ධය දවස්වල ඉඳලා දුක්විඳපු සිංහල ජනයා.යුද්ධයට ගිය හමුදාවට දෙන්න දෙයක් නැතුව ගස්වල තිබුණු කුරුම්බා කඩලා ට්‍රැක්ටර්වල පටවාගෙන ගිහින් හමුදාවට උදව් කළ අහිංසක මිනිස්සු.මට මතකයි 90වේ 91 කේ කාලයකදී සිංහපුර ගම්මානයට කොටි ඇවිල්ලා ගෙවල් ගිනිතියලා මිනිස්සු කපා දාලා ගිහින් තිබුණා. එහෙත් ඔය ජනතාව ගම් දාලා ගියේ නැහැ.ඉතින් මේ සම්බන්ධව සොයා බලා ඔය මාර්ගය පිළිසකර කර දීම රජයේ වගකීමක්.ඔය දිස්ත්‍රික්කය අයත් මැති ඇමතිවරු නම් ඔය මාර්ගය කවදාවත් හදන්නේ නැහැ. (නි)
දැන් මෙතන කවුද හරි? කවුද වැරදි? (නි)
පව් අසරණ මිනිස්සු.(නදී)
මනාප ඉල්ලන්න එනකොට නම් මාසෙන් දෙකෙන් පාරවල් හදලා කොන්ක්‍රී,කාපට් මිශ්‍රන අතේ අරගෙන ඔයගොල්ලන් එන්නේ.(නදී)
මේවා කවදා කෙරෙන වැඩද අප්පා? (නි)
ඔව් ජයසිංහ මේ ගම්මානවල ජීවත් වෙන මිනිස්සු හරිම අබිමානයකින් ගොවිතැන් කරගන රටට බරක් නැතුව ජීවත් වෙන මිනිස්සු. අධිවේගී ඉල්ලන්නේ නැනේ . රටෙන් වැඩි කොටසකට මේ පාරවල් ප්‍රශ්නේ සහ වන අලි ගැටලුව තියෙනවා. නමුත් බලධාරීන් නිදි, දවසින් දවස අසරණ ගැමියන් අලින්ගෙන් පහර කා මියයනවා. වැය කරන අනවශ්‍ය වියදමෙන් මුළු රටටම අලි වැටවල් ගහන්න පුළුවන්. එතකොට ඒ මිනිස්සුන්ගේ වටිනා ජීවිත බේරෙනවා. (දී)
ජීවිත කාලෙම ත්‍රස්තවාදය නිසා දුක්විදපු මිනිස්සුන්ගේ දුක විකුණගන කන අයට මේ අසරණ මිනිස්සුන්ට පාරක් හදල දෙන්න බැනේ ඉඩකඩම් වාහන නෙවේනේ මේ මිනිස්සු ඉල්ලන්නේ. මේ මිනිස්සු ගොවිතැනින් ජීවත් වෙන අන්ත අසරණ මිනිස්සු. ඒ මිනිස්සුන්ට ප්‍රාඩෝ මොන්ටෙරෝ නෑ බයිස්යිකලයක් අත් ට්‍රැක්ටර් එකක් යන්න පාරක් හදල දෙන්න කියල තමා ඉල්ලන්නේ. (දී)