ව්‍යාජ සහතික ඉදිරිපත් කර බැංකුවකින් රුපියල් ලක්ෂයක ණය මුදලක් ගත්තැයි පුත්තලමේ පහරියේ ගුරුවරියක පුත්තලම කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
විදුහල්පතිගේ අත්සන ද, පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලයේ මුදල් සහයකගේ අත්සන ද, නිලමුද්‍රාවද හොරට හදා ඇතැයි කියන පොලිසිය එම ගුරුවරියගේ උප්පැන්නය හා හැදුනුම්පත ද ව්‍යාජ බවට තොරතුරු ලැබී ඇතැයි කියයි.
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොර සහතික දී ලක්ෂයක් ණය අරං
කුමාරසිරි Tuesday, 03 September 2013 11:07 AM
වාගීශ්වර, ඔයා වගේ හිතන්න පුලූවන් මිනිස්සු ඉන්නේ අතලොස්සයි. බැංකුවෙන් ණය නිකන් දෙන්නේ නැහැනේ. ඇපයයි, පොළියයි යන ඒවත් එකතු වෙනවනේ. (ස)
රේමා Tuesday, 03 September 2013 11:12 AM
අනේ කවූරුවත් මේ 'ගුරුවරු' පෙන්වන මඟ යන්න එපා ! (ස)
කෞටිල්‍ය Tuesday, 03 September 2013 11:19 AM
"හැඳි මිටක්" දීප්තිමත් අනාගතයක් අඳුරට යොමු කරවා ගෙන ඇත. කනගාටුයි. (දී)
මංජු Monday, 02 September 2013 08:08 PM
ගුරුවරු දණගස්සපු කට්ටිය හිටියෙත් ඔය පැත්තේ තමයි (නි)
බන්දුල පෙරේරා Monday, 02 September 2013 08:19 PM
ඕනෑම වෘත්තියක තමන්ගේ වෘත්තියේ ගරුත්වය නොරකින පුද්ගලයන් ඉන්නවා.ඒකට දේශපාලනය,දොස්තරකම,ගුරුකම,ආරක්ෂක සේවය කියලා වෙනසක් නැහැ.එක විදියට හිතන එක විදියට ක්‍රියාකරන මිනිස්සු ඔය අපේ අදහස් දාන සමහරක් වගේ අංග සම්පුර්ණයි කියලා හිතන මිනිස්සු ප්‍රායෝගිකව මේ ලෝකේ නැහැ.මේ ලෝකේ දියුණුවට වගේම විනාශයටත් හේතු වෙන්නේ මේ මිනිස් හිතේ විවිධත්වය.හැම කෙනාම මේ දෙය දන්නවා.හැබැයි තමන්ගේ වාසියට පිළිගන්න කැමති නැහැ. (නි)
කමල් Monday, 02 September 2013 09:19 PM
ඔන්න දණගස්සනවා නම්! (නි)
සේනාරත්න Monday, 02 September 2013 11:01 PM
ඔය කියන ගුරුවරියගේ ව්‍යාජ නැත්තේ මොකක්ද එතකොට? (නි)
රසාදරී Tuesday, 03 September 2013 03:09 AM
උදවු කරපු අයට කීය කීය හරි දෙන්නත් එපායැ. ඉතින් ලක්ෂෙන් කීයද ඉතුරු වෙන්නේ? (නි)
රවී Tuesday, 03 September 2013 04:21 AM
අපේ රටේ සිද්ධවෙන දේවල් දිහා බලපුවම මේක නිකන් කැළණි ගඟේ පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ (නි)
ජෙරාඩ් Tuesday, 03 September 2013 06:52 AM
මේක ඉතාම අහිංසක හොරකමක්. මම හිතන්නේ ගෙදර මුදල් හිගකමට කරපු දෙයක්. ලංකාවේ වෙන හොරකම් අනුව මට නම් මෙතුමිය ගැන අනුකම්පාවක් තියෙන්නේ (නි)
සෙනෙවි Thursday, 05 September 2013 06:29 PM
ප්‍රතිචාරයට අනුව බන්දුල පෙරේරා ගුරුවරයෙක් වගේ පේන්නෙ (නි)
වරුණ Tuesday, 03 September 2013 08:27 AM
අර දන ගස්සන එක් කෙනාට මේ ගුරුවරිය මුණගැහිලා නෑ වගේ? (ස)
අනුර - නාවලපිටිය Tuesday, 03 September 2013 08:47 AM
වැඩි හරියක් වෙන්නේ ඔය වගේ දේවල් ඔය පැත්තෙමනේ. (ස)
කිරි මාටින් Tuesday, 03 September 2013 08:51 AM
මේක හරි විදියට කරන්න මේ ගුරුවරියට බැරි වුනේ ඇයි කියල හේතු හොයන්න ඕන. ණයක් කියන්නේ තමන්ගේ වැටුපෙන් අයකරගන්න දෙන එකක්, ඉතින් මේ නිලධාරීන් සහ විදුහල්පතිවරයා ඇයි එතුමියට මේක කරගන්න උදව් කරලා නැත්තේ, ඒ අයවයි අත් අඩංගුවට ගන්න ඕන. කෝටි ගණන් මහජන මුදල් හොරකන් කරන රටේ, පොලීත් එක්ක ආපහු ගෙවන්න මේ වගේ දෙයක් කරන අයව තමයි මෙයාලත් අත් අඩංගුවට ගන්නේ. කෝ මේ ගුරු සංගම් (දී)
ඉෂාර Tuesday, 03 September 2013 08:53 AM
ගුරුවරියෙක් කියන එකත් ව්‍යාජ ඇතිනෙ (දී)
ආනන්ද Tuesday, 03 September 2013 09:00 AM
මම ගුරුවරයෙක් නොවෙමි. එහෙත් රාජ්‍ය සේවයේ ඉතාමත් අඩුවෙන් වරප්‍රසාද ලබන පිරිසකි ගුරුවරු. අඩු තරමින් මාස දහයේ ආපදා ණය මුදලවත් ගන්න මේ අයට බැහැ. ඒ ණය පෝලිමේ ඉඳලා ණය ලැබෙනකොට සමහරවිට ආපදාව නැත්තටම නැතිවෙලා ඉවරයි. හරියට වැටුප් වර්ධකයක් හැදිලා එන්න කොච්චර කාලයක් යනවද. දන ගස්සන්න කට්ටිය හිටියට මේවා වැඩිය හොයන්නේ නැහැනේ. හොඳ වතුර ටිකක්, විවේකයට ඉන්න ගුරු විවේකාගාරයක්, පන්තියේදී ඉඳගන්න පැද්දෙන්නැති හොඳ පුටුවක්, රෙද්දක් එලපු පිරිසිදු මේසයක්, මේ වගේ පහසුකම් ලංකාවේ ගුරුවරුන් කී දෙනෙකුට ලැබෙනවද. හුණු කුඩු නාගෙන සමාජය යහමගට ගන්න අනේකවිධ මහන්සියක් ගන්න මේ අය ගැන සුපිරි යැයි හිතාගෙන ඉන්න හැමෝම හිතන්න වෙනවා. (ස)
වගීෂ්වර Tuesday, 03 September 2013 09:36 AM
හොරකම හොඳ නෑ තමයි ! ඒත් මේ මනුස්සයා ලක්ෂයක් ගත්තේ ගෙදර වැඩකට හෝ ළමයින්ගේ වැඩකට හෝ වෙන්න පුළුවන්! ණය පදනමටනේ ගත්තේ, ණය ගෙවයි. අද කාලේ පාලකයින් කරන හොරකම් දිහා බැලුවහම, මේ මනුස්සයා හොරකමක් කරලා නැති ගාණයි. අපේ පොලිසිවලට පුළුවන් ඉතින් මේ වගේ අහිංසකයන්ව අත් අඩංගුවට ගන්න විතරයිනේ! (ස)
වරුණ Tuesday, 03 September 2013 09:38 AM
බන්දුල මහත්තයාගේ අදහස නම් හොඳයි. ඔබතුමාත් ඒ වගේමද? (ස)