IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හොරෙක් පිංකම් කරයි

රාත්‍රී කාලයේ වෙළෙඳසල් 20ක් පමණ බිඳ රුපියල් කෝටි එක හමාරක පමණ මුදල් පැහැරගත් බවට සැකපිට බක්මීවැව නාගොල්ලාගම තරුණයෙක් (25)  සහ කුරුණෑගල ත්‍රීරෝද රථ රියදුරෙක් (40) රුපියල් ලක්ෂ තිහක පමණ මෝටර් රථයක් ද සමග ගම්පහ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (9) අත්අඩංගුවට ගනු ලැබූහ.

නාගොල්ලාගම තරුණයා සීදුවේ තාවකාලිව පදිංචිව සිටිමින් කෑගල්ල, මහනුවර, ගම්පහ, කුරුණෑගල, ගිරිඋල්ල, පොල්ගහවෙල, කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ ගණනාවක වෙළෙඳසල් බිඳ ඇතැයි පොලිසිය කියයි. සැකකරු කුලියාපිටියේ තැපැල් කාර්යාලයක් බිද මුදල් පැහැරගෙන ඇති බවට පොලිසියට තොරතරු ලැබී තිබේ.

ගම්පහ බෞද්ධාලෝක මාවතේ සැකකටයුතු අයුරින් රැඳී සිටියදී සැකකරු පරීක්ෂා කළ පොලිස් නිලධාරීනට ඔහු සතුව තිබූ නියනක් සහ උල් කටුවක් හමුවී ඇත.

ඒ ගැන සැක සිතී අත්අඩංගුවට ගෙන දිගින් දිගටම ප්‍රශ්න කරද්දී කොල්ලකෑම් 20ක තොරතුරු අනාවරණය කළ බව පොලිස් ආරංචි කියයි.

සැකකරු වෙළෙඳසල් බිඳ    මුදල් පමණක්  සොරාගෙන ඇති බවත්, ඔහු එකවරකදී සොරා ගත් වැඩිම මුදල ලක්ෂ 36ක් බවත්, එය සොරා ගෙන ඇත්තේ කෑගල්ලේ වෙළෙඳසලකින් බවත් අනාවරණය වී ඇත.

ත්‍රීරෝද රථ රියදුරු කොල්ලකෑම් සදහා ඔත්ත බලා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

සොරකම් කරන ලද මුදලෙන් ලක්ෂ 30ක පමණ මෝටර් රථයක් මිලදී ගෙන ඇති සැකකරු ළමා නිවාස, වැඩිහිටි නිවාස, පන්සල් ආදියට ඉතිරි මුදල් වියදම් කර ඇතැයි කියති.

සැකකරු තවත් අපරාධවලට සම්බන්ධදැයි ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු, පොලිස් අධිකාරී 1 රංජිත් මාසිංහ මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඩබ්ලිව්.එම්..එස්. රාජකරුණා, පොලිස් සැරයන් 4645 සුනිල්, 9840 ගුණසිංහ, 52478 ආරියපාල සහ පොලිස් කොස්තාපල් 31893 බණ්ඩාර මහත්වරු විමර්ශන පවත්වති.



අදහස් (0)

හොරෙක් පිංකම් කරයි

ශශිනි Tuesday, 10 September 2013 08:14 AM

වරුණ, නිකන් මෝඩ කතා කියන්න එපා. ඔයාගේ අම්මා තාත්තා කරන රස්සාවල් මොනවද? (නි)

:       0       0

අජාර් Tuesday, 10 September 2013 08:29 AM

සශිනි මේවට දෙමාපියෝ ගාව ගන්න එක ගැලපෙන්නේ නැහැ.(අ)

:       0       0

නිහාල් Tuesday, 10 September 2013 08:51 AM

දැන් හොරකම හා පින්කිරීම ජාතික ක්‍රමය බවට දේශපාලුවන් හරවා ඇති බැවින්. මොහු සම්මාන සහිතව නිදහස් කර ජාති හි‍තෛශියෙක් ලෙස නම් කල හැක. (ස)

:       0       0

පිටිගල Tuesday, 10 September 2013 08:54 AM

මේ තැනැත්තා දේශපාලනයට එක් කර ගත්තොත් අද ඉන්න ඔය කයිවාරු ගහන මහා දේශපාලුවන්ට ආදර්ශයක් දෙවි. ඒත් දැන් තව කල් යයි. හිරේ ගිහින් ආවම සුදුසුකම් තවත් වැඩි වෙන නිසා ඉවසීමෙන් ඉන්න ඕන. (ස)

:       0       0

වරුණ Tuesday, 10 September 2013 09:03 AM

ඇයි ශෂිනි අපේ අම්මා නම් මාණ්ඩලික හෙද නිලධාරිනියක්. මාසෙට දින නවයක් නයිට්. එදාට තාත්තා විතරයි ඒ කාමරේ ඉන්නේ? (ස)

:       0       0

වරුණ Tuesday, 10 September 2013 08:58 AM

ශෂිනි වගේ කෙල්ලෙක්ද කොහෙද අර නිවුස් එකේ විදුහල්පතිගේ බොරු ලියුම ගෙනත් දීලා ටීචර්ගේ මාලේ උස්සලා තියෙන්නේ? (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 10 September 2013 02:37 PM

මේ වගේ අය තව තවත් වැඩි වේ වා. (දී)

:       0       0

පියල් Tuesday, 10 September 2013 10:21 AM

සහෝදරවරුනි ! සූර සරදියෙල්ට අපහාස කරන්න එපා ! ( ඔබලා සරදියෙල් ගැන නොදන්නා බව පේනවා ) ඔහු කලේ අප රට ආක්‍රමණය කල සහ අපේ දෙය බලහත්කාරයෙන් ගත් සුද්දන්ගෙන් අරගෙන නැවත දුප්පත් මිනිස්සුන්ට දුන්නා ! (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 10 September 2013 10:23 AM

"බක්මීවැව නාගොල්ලාගම තරුණයෙක්" නොව "බක්මීවැව නාගොල්ලාගම රොබින් හූඩ්" යනුවෙන් අමතමු. (ස)

:       0       0

රෝහණ Tuesday, 10 September 2013 10:41 AM

අද හැමදාම අහන්න ලැබෙන්නේ මිනීමැරුම් කොල්ලකෑම් අපචාර. අනික දැන් වැඩියෙන්ම හොරකම් මැරකම් කරන්නේ රටේ වගකිව යුතු පුද්ගලයන්ය. ඉතින් මෙම අය කරන ඒවා මොනවද කියලා හිතනවා. අනික උගත් කියන මිනිසුත් අනුන්ගේ දේවල් වංචා කරලා දියුණුවෙන්න බලන කාලයක්නෙ මේක‍. (ස)

:       0       0

විහග Tuesday, 10 September 2013 10:58 AM

අන්න හොරු.(නදී)

:       0       0

දයා අලහකෝන් Tuesday, 10 September 2013 11:11 AM

මිනීමරන්නෙ නැහැ.හොරකම විතරයි.ඒකත් දනට පිනට.තියෙන තැනින් අරගෙන නැතිතැනට දීමයි කරන්නෙ.සරදියෙල්ට සම කිරීමට කොහොමටත් බැහැ. (ස)

:       0       0

ස්ටැන්ලි Tuesday, 10 September 2013 11:05 AM

වධකයන්ට පත්වීම් දුන්නට ඔවුන්ට පුහුණුව දුන්නට කෝ තවම එල්ලුම්ගහ? ඒක ක්‍රියාත්මක කලා නම් හැම අපරාදෙම අඩුවෙනවා. (ස)

:       0       0

චින්තක Tuesday, 10 September 2013 11:08 AM

අද කාලේ පන්සල්, කෝවිල්, පල්ලි වල වැඩියෙන්ම පින් අතේ වැඩ කරන්නේ මේ වගේ අය තමයි. (ස)

:       0       0

පද්මිනී Tuesday, 10 September 2013 11:22 AM

පින්කරන හොරු ඕනෑ තරම් ඉන්නේ සුදු ඇදගෙන මල් වට්ටි දෝතින් අරගෙන.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 10 September 2013 11:24 AM

හොරකම කරලා පින්කන් කරාට පලක් නැ.හොරකම හොරකමම තමා. ඒත් නමේ වෙනසක්!හොරා සාදාරනහෝ අසාදාරන හොරා.(නදී)

:       0       0

මංජුල අබු ඩාබි සිට Tuesday, 10 September 2013 11:41 AM

වනාන්තර වල රිංගගෙන නිදන් හාරන අයත් පන්සල් පල්ලි කෝවිල් වලට ආධාර දෙනවා. දිළිඳු කාන්තාවන්ට පොලි රහිත නය දෙනවා.(නදී)

:       0       0

වරුණ Tuesday, 10 September 2013 12:00 PM

කුඩු විකුණන,කසිප්පු බෙදාහරින,ගංජා හේන් වවන ,හොර හරක් ජාවාරම් කරන ,ගණිකා ව්‍යපාර කරන අයත් දානමාන දීල ,දන්සල් දීල ,ප්‍රසිද්ධ පන්සල් වල ප්‍රධාන දායකය දේවාල වල බස්නායක නිලමේ පට්ටමුත් දරන්නේ.(නදී)

:       0       0

ෂෙරිෆ් Monday, 09 September 2013 10:07 PM

වර්තමාන ලංකාවේ තත්වය භයානකයි, එන්න එන්නම මංකොල්ලකෑම් හා අපරාධ වැඩිවෙනවා මිසක් අඩුවෙන පාටක් නම් නැහැ.(නදී)

:       0       0

අමිළ Monday, 09 September 2013 10:30 PM

අන්න හොරු.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 10 September 2013 12:27 PM

වරුණනට අද හොඳටම තරහා ගිහින් රූපවති අක්කේ...!!!! හැබැයි කතාව ඇත්ත වරුණගේ. (ස)

:       0       0

ජගත් Monday, 09 September 2013 11:05 PM

පින්වන්ත හොරෙක්.(නදී)

:       0       0

ගජබා Tuesday, 10 September 2013 12:30 PM

මෙයා රොබින් හුඩ් වගේ නෙමෙයි. පාලකයන්ගේ බදු මුදල් තමයි රොබින් හුඩ් හොරකම් කලේ. සරදියෙල් උනත් ගේම දුන්නේ සුද්දට විරුද්ධව.(නදී)

:       0       0

ඈන් Monday, 09 September 2013 11:06 PM

තවත් සරධියෙල් කෙනෙක්.(නදී)

:       0       0

හේරත් Monday, 09 September 2013 11:17 PM

සරදියෙල්ගේ ‍කවුරුහරිවද්ද? (නි)

:       0       0

කටුවන Monday, 09 September 2013 11:41 PM

තවත් සුර සරදියෙල් කෙනෙක් (නි)

:       0       0

සිතුමිණ Tuesday, 10 September 2013 02:05 AM

සරදියෙල්ද? (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 10 September 2013 04:38 AM

නූතන යුගයේ සූර සරදියෙල්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 10 September 2013 05:10 AM

මොනවා උනත් පින්වන්ත හොරෙක් නේද ? හොරා ගත්ත දේ උනත් බෙදා හදාගෙන කාල තියෙනවා.(නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 10 September 2013 06:14 AM

මේ වගේ මිනිස්සු අපි අතර ඕනෑතරම් ඇති (නි)

:       0       0

ජෙරාඩ් Tuesday, 10 September 2013 06:49 AM

මෙම හොරා දේශපාලකයන්ට වඩා හොඳයි. දේශපාලකයෝ හොරා කෑවාට වෙන කාටවත් දෙන්නේ නැහැනේ (නි)

:       0       0

ප්‍රිය Tuesday, 10 September 2013 07:11 AM

ලංකාවේ ආශ්චර්ය තව තව වැඩි වෙනවා මිස අඩුනෑ (අ)

:       0       0

වරුන Tuesday, 10 September 2013 07:25 AM

අවංක හොරෙක් ද කොහෙද?හරියට රොබින් හුඩ් වගේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 110 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 48 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 922 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 373 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1022 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 202 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30001 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23663 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 136 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 414 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site