අනවසර ගවයන් 18 දෙනකු පැටවූ ලොරියක් හොරණ මූණගම දී ගේකට කඩා වැදී ගෙයටද හානි සිදුවී හරකුන් පස් දෙනකු මියගොස් සෙසු සතුන් බොහෝ දෙනකුගේ කකුල් කැඩී ගොස් ඇතැයි පොලිසිය කියයි.
රියදුරා රිය අතහැර ගොස් ඇති බවද පොලිස් ආරංචි පවසයි.
අනවසර ගවයන් 18 දෙනකු පැටවූ ලොරියක් හොරණ මූණගම දී ගේකට කඩා වැදී ගෙයටද හානි සිදුවී හරකුන් පස් දෙනකු මියගොස් සෙසු සතුන් බොහෝ දෙනකුගේ කකුල් කැඩී ගොස් ඇතැයි පොලිසිය කියයි.
රියදුරා රිය අතහැර ගොස් ඇති බවද පොලිස් ආරංචි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලංකාවේ මිනිස්සු මේවගේ හරක්ට බනින්න කැමති නෑ. ඉක්මන් සුවයයි වෙන මොනවහරි කියල වැඩේ ශේප් කරලා දානවා. මේ යන විදියට අපේ රටේ පාරේ පයින් යන්න , වහනෙක යන්න , පාරක් කිට්ටුව ගෙයක් හදන ජීවත් වෙන්න බැරි තත්වයක් ඇතිවෙනවා. (ම)
මට නම් බලන්න බැහැ මේ දර්ශන. මේ සතුන්ගේ වේදනාව කරපු අයටත් එලෙසම නොඅඩුව ලැබේවි (ම)
හෙනම ගහල අකුලෝලම යන්න ඕන මේවගේ අසමජ්ජාති තිරිසන්නුන්ට (බ)
තුවාල වී ඉන්න මී හරක් ටික දැක්කම හරි දුකක් ඇති වෙනවා.(ම)
අනේ මිනිසුනේ ඇයි නුඹලාට හිත් පපු නැත්තේ.? (ර)
මේ ජාවාරම් කාරයෝ හිරේ දලා දඩුවම් කරනවට වැඩිය හොදයි තුවාල උන කකුල් කැඩුන හරක් ටිකට ආවතේව කටයුතු කරවන එක, ඒ මිනිසුන්ගේ ගෙවල්වල තියාගෙන සතා මිය යන තුරුම. (ර)
වාහනේ තියන නිසා හොරු අල්ලගන්න බැරිද? අපේ වාහනේ පැති කන්නාඩි, ත්‍රී වීල් එකකින් ඇවිත් ගලවාගෙන යනවා දැකපු කෙනෙක් එකේ නොම්ම්බරේ ලියාගෙන තිබිල, පොලිසියට දුන්න. නිතර සිදුවෙන මෙවැනි හොරකම් අල්ලගන්න හොඳ හෝඩුවාවක් උනත් පොලිසිය වැඩක් ගත්තද දන්නේ නැහැ. (ර)
මේ අපරාදය කළ උන්ට සාප වේවා කියල කියනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ? (බ)
හොඳට කල්පනා කරලා බලන්න. මස් කන එකෙන් පවක් සිද්ධ වෙන්නේ නැහැ කිව්වට, මේ සතුන් අපේ කෑම පිඟානට එන පියවර මොන තරම් දුෂ්කරද? ඒ සත්තු දුක් විඳින්නේ අපි නිසා, අපි කන නිසා, එතකොට ඒ වක්‍ර පවට අපි දායක වෙනවා. මොන බණ කිව්වත් ඒක තමයි ඇත්ත. (බ)
දිට්ඨදම්මවේදනීය කර්ම කියන්නෙ මේවට තමයි (ම)
උදේම මේවගේ පව්කාර දේවල් දකින්න අපිත් පවු කරලා ඇති (බ)
වන සිවු පාවුන් වැනි මිනිසුන් මැද කිව්වට, මේ සිවුපාවුන්ට වඩා දුෂ්ට මිනිස්සු අපේ රටේ ඉන්නවා. මේ දැකපු දෙය විතරයි, ඒත් නොදැකපු දේවල් කොපමණ ඇද්ද? (ම)
මේ වැඩේ සැලසුම් කරපු එකාව මස් කරන ඕනේ . තිරිසන්නු !! (ම)
මේක බලලා අනේ අපොයි කියන අයම තමයි මස් කඩේට ගිහින් ගාතෙන් තෝරලා බලල කිරාගන්නේ. අපි අපිවම රවටා ගන්නවා. හිතට එකඟව මස් කන එක අදවත් නවත්තමු. (ම)
සියලු දෙනා මේ මිනිසුන්ට සාප කළ යුතුයි. මේ සතුන්ගේ මස් කන, විකුණන. මරන්න අනුබල දෙන සියලුම දෙනාට සාමයෙන් ජීවත් වීමට නොලැබේවා.(ම)
අනේ මිනිසුනේ ඇයි නුඹලාට හිත් පපු නැත්තේ. මේ අසරණ සතුන් දිහා බලන්න. අපි මේකට ධර්ම ද්වීපය කියනවා. කුකුලෝ, ඌරො, හරක් කී දාහක් දවසට මැරෙනවද? අපි සැමදාම ජීවත් වෙන්නද? (ම)
කාලකන්නි...(බ)
හරකෙක් නෙවේ මි හරකෙක් වගේනේ එලවාගෙන ගිහින් තියෙන්නේ? අසරණ සතුන්! තවම පාලකයන්ට බැරි වුනානේ මේ ගව සොරුන්ව මෙල්ල කරගන්න. තවත් පමා නොවී දැන්ම මෙය පාලනයට කටයුතු කළ යුතුයි. මෙහි අතු විහිදාගෙන ඉන්නේ එක කොට්ඨාසයක්. (බ)
මුන්ට හෙනම ගහපිය (බ)