IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


හිරුණිකාට බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවම්

(මනෝප්‍රිය ගුණසේකර)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු  අමල් රණරාජ මහතා අද (28)  නියෝග කළේය.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට හිටපු මන්ත්‍රීවරිය වරදකරු කරමින් මහාධිකරණය මෙම නියෝගය නිකුත් කෙරිණි.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු 2015 වසරේ දෙසැම්බර් 21 වැනි දා ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදී තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කළේය.

මෙම තීන්දුවට එරෙහිව විත්තිකාරීය අභියාචනයක් ඉදිරිපත් කරන බව හිරුණිකාගේ නීතිඥයෝ ප්‍රකාශ කලහ.

දඬුවම් නියම වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ පසුවෙයි.

(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)

 



අදහස් (52)

හිරුණිකාට බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවම්

Thasmila Rithosha Friday, 28 June 2024 10:42 AM

සතුටුයි... මේ වගේ වැරදි කරන හැමකෙනාටම එකම නීතිය ක්‍රියාත්මක වෙනවා නම් හොදයි

:       14       195

HafeelFriday, 28 June 2024 04:18 PM

Thasmila, ඔබ කියන එක ඇත්ත. මේ තීන්දුව නම් සාධාරණයි. නමුත් කප්පම් ඇමතිට නම්, අත්හිටු සිර දඬුවම්. උපන් දින දෙකක් තියන පච වංශ නිදොස්කොට නිදහස්.

:       159       74

Asanga Friday, 28 June 2024 10:49 AM

අපෝ කක්කුස්සි කටක් නේ වෙච්ච දෙයක්

:       163       142

Nimal 1 Friday, 28 June 2024 10:50 AM

අනේ සාදු දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වීමටත් හිමිකම් නැතිවෙයි

:       156       117

මැක්ස් Friday, 28 June 2024 10:56 AM

සජිත් අනුර බලකාය විසින් දැන් ඉතින් මේක "දේශපාලන පලි ගැනීමක්" විදිහට හංවඩු ගහයි. එහෙම නැත්තන් මැය "දේශපාලන සිරකාරියකි. එම නිසා හිර ගෙදර දී විශේෂ වරප්‍රසාද ලබා දිය යුතුයි" වගේ සටන් පාඨයකට යොදා ගනියි. කාන්තා විමුක්තිය තම ව්‍යාපාරය කර ගත් අයත් තමන්ගේ බිස්නස් එක දියුණු කර ගන්න මේ සිද්ධිය භාවිතා කරයි. සමාජ මාධ්‍ය වැලපෙන උදවිය "අනේ මැය දරුවන් කීප දෙනෙකුගේ මවක්. ඒ නිසා සානුකම්පිත වෙන්න" වගේ ලයින් එකක හෑලි ලියයි. වැරදිලා වත් මහින්ද මහත්තය බලයේ ඉන්න වෙලාවක මේ අධිකරණ තීන්දුව ආව නම් කවුරුත් එයාගේ පිටින් වැඩේ යවනවා සිකුරුයි.

:       78       152

අනුරාධ Friday, 28 June 2024 11:38 AM

සජිත් ගැන දන්නේ නෑ. අනුරට නම් අමාරුවක් නෑ, ඔහොම කතා කියන්න

:       157       115

hesaFriday, 28 June 2024 11:12 PM

අනුරට මෙය ඕනෑකමක් නැති වග පෙන්වමින්, යටි කූට්ටු, රට විනාශකාරී, කඩා කප්පල් කාරී දේවල් සැලසුම් කරන එකනේ එකම අරමුණ...

:       11       155

කෝ මේ රනීල්ල්ල් Friday, 28 June 2024 10:56 AM

ෂා... ජම්පරේට හැඩට හිටියි නෙහ්?

:       53       92

Somipala Friday, 28 June 2024 11:00 AM

පුදුම අමාරුවක් තිබුණානේ මේ වැඩේ කරගන්න

:       17       104

ජයනාත් Friday, 28 June 2024 11:25 AM

පමණට වඩා ඉදිමෙන්න යන අයට ඔහොම වෙනවා. දියවන්නාවේ තව ඉන්නව ඔය වගෙ සෙට් එකක් . බලාපොරොත්තු වන්න .

:       13       129

රංබොඩ Friday, 28 June 2024 11:38 AM

කිසිවෙකුත් සිර ගත වීම කිසිවෙකුටත් සතුට දනවන කාරණයක් නොවන අතර මේ වැනි මෙලෝ රහක් නැති , දුරාචාරයන් පමණක් හුරු කාන්තාවන් මෙයින් හෝ පාඩමක් ඉගෙන ගනීවි යැයි සිතමි. මොවුන් ඇපෑල් උසාවියට ගොස් නිදොස්කොට නිදහස් වීමේ විජ්ජාවද භාවිතා කළ හැකිය

:       10       113

Perera Friday, 28 June 2024 11:45 AM

බොහොම හොඳයි හැබැයි තව අය ඉන්නවා හිරේ ඉන්න ඕනෑ

:       8       96

අරවින්ද මොනරවිල Friday, 28 June 2024 12:29 PM

මෙයාට බලය ලැබුණේ නැහැ, එයා හිටියේ බලවතුන්ගේ තුරුල්ලේ, ඒ ආනිසංසයෙන් රටම එයා වටේ කැරකෙනවා කියලා හිතුව මෝඩ අම්මණ්ඩි. දැන් "රනිලෝ වරෙන් එළියට" නොවෙයි, "රනිල් සෑර් ගන්න මාව එළියට" කියලා වැද වැටෙන්න වෙයි.

:       2       39

Chandima Friday, 28 June 2024 12:30 PM

කාන්තාවක් වගේම අම්ම කෙනෙක්.තමන්ගෙ පියා ඝාතනය වූ දුවෙක්.ඒ ගාතකයා රජයේ අනුහසින් හිරගෙදරත් AC කරගෙන සියලු සැප විදිනව.හිරුනිකා වැරැද්දක් කලා නම් එයට දඩුවම් දිය යුතුයි.ඒත් මීට වඩා වැරදි කල අය රජයේ පිහිටින්ම අද නිදැල්ලෙ.වසීම් තාජුදී මරපු අය අද නිදැල්ලෙ.පුරවැසිකම හන්ගල රටක් රවටපු ඩයනා ගමගේට නැති උනේ පාර්ලිමේන්තු ආසනය විතරයි .අදත් සියලු වරප්‍රසාද ලබමින් වීසා නැතිව රටේ ඉන්නව.රටේ ජාතික ධනය මංකොල්ල කාපු පල් හොරු අද නැවත බලය ගන්නත් සූදානම්.ඒත් කරපු හොරකම්වලට දඩුවම් නෑ.කාට කියන්නද මේව

:       26       136

manjuSaturday, 29 June 2024 08:25 AM

අපරාධ කරන්න බලපත්‍ර දෙන්න කියලාද කියන්නේ...? ඔය තර්කයට අනුව කිසිම කාන්තාවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බෑනේ. දුව කෙරුවා ඉස්සර තාත්ත කරපු දේ... තාත්තා මැර බලයෙන් නඩු ඇහුවේ ඔහොම. ඉස්කෝලේ යන කාලෙත් මැර රැජිනක් වගේලු හිටියේ.. ගෙවල් ගිනිතියපුවා, ගෙවල් ඉදිරිපිට ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු ඒවත් අපරාධ...

:       0       0

සදුන් Friday, 28 June 2024 12:30 PM

ජේවීපී අපිට පුදුම සතුටක්, එදා මෙයා ගෝටගෙ ගේ ඉස්සරහටම ගිහින් මුලින්ම අරගලය ආරම්භ කලා. ගෝල්ෆේස් අරගලය යන අතර වාරෙ ජෙවිපි අපි එම අරගලයට සම්බන්ද නැහැ කියල කිව්වට පස්සෙ ගෝට පැනල ගිය දවසෙ අරගල කලේ අපි කියන්න විදිහක් තිබුනෙ නැහැ.

:       119       10

නිල්මිනි Friday, 28 June 2024 12:37 PM

කාන්තාවො එක මිටට ගේන හරිනිලට හුරේ දාන මේ රටේ දැන් අපි ජේවීපී කියන කට්ටිය එදා හිරුනිකා තනියම ගෝටට රනිල්ට අභියෝග කරද්දී කාන්තාවො දුක් විදින එක ගැන කතා කලා කියලවත් කියන්න කැමති නැහැ. ගුනමකු කුහක පිරිසක්.

:       25       96

මානෙල් Friday, 28 June 2024 12:40 PM

මෙතන අදහස් දාල තියෙන්නෙ ඉස්සර වියත් මගේ හිටපු අපි දැන් ජේවීපී කියන පිරිස. එයාලට ලොකුම අභියෝගයක් තමයි හිරුනිකා

:       25       94

Prabha Friday, 28 June 2024 12:44 PM

දැන් ඉතින් රනිල් සරණ තමයි

:       4       22

SUNIL MILANO Friday, 28 June 2024 01:20 PM

දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දී ඇත.

:       87       34

randil dunuwille Friday, 28 June 2024 01:28 PM

මේ රට විනාශ කරපු රාජපක්ෂලාට දුන්න දඬුවම මොකද්ද.වැරැද්දට දඬුවම් ලැබිය යුතුමයි .හිරුනිකාටත් එහෙමයි.ඒත් මේ මුළු රටම විනාශ කරපු උන් තාමත් නිදැල්ලේ

:       13       45

Asela Friday, 28 June 2024 01:47 PM

බොරුවට අනුන්ට අවලාද කියන ඔවුන්ට හොඳ පාඩම්.

:       54       31

තේජාන් Friday, 28 June 2024 01:49 PM

හිරුණිකා අරගලයේ කොටසක් ගනියි කියල භය පක්ෂයක කට්ටිය හෝ ගාල සතුටු වෙනවා. හිරුණිකා ගෝඨාගේ ගාවට යද්දි ඔය ඩීල් කාරයො කිසි කෙනෙක් හිටියෙ නැහැ.

:       18       88

ChandimaFriday, 28 June 2024 04:24 PM

ඔව් තේජාන් හරි.හිරුනිකා ඒවා කරද්දි අද ඉන්න හරි නිල පලාතකවත් හිටියෙ නෑ.අරගලය පටන්ගත්තේ හිරුනිකා.ඒත් ඒකට පස්සෙ පියවරු තොග ගනන් හිටිය.

:       10       99

ruwan Friday, 28 June 2024 02:22 PM

පියාගේ ඝාතකයින්ට එරෙහිව සටන්වැදි අභීත කාන්තාවක් ජයවේවා

:       33       105

Rosa Friday, 28 June 2024 02:27 PM

අනික කවද්ද බං අපේ රටේ දේශපාලකයන් පූර්ණ හිර දඬුවම් වින්දේ...? ඔන්න බලපං ටික දවසකින් එළියේ නෙමෙයිද කියලා....අර මහ බැංකුව කඩපු එවුං ඔය යස අගේට එළියේ ඉන්නේ....

:       6       29

සෙනෙවිරත්න Friday, 28 June 2024 02:31 PM

අර මැක්ස් කියන උන්නැහෙලා පවත්වාගෙන ආපු ක්‍රමයේ ප්‍රතිඵල තමයි මේ, එව හෙළිවෙනකොට ලැජ්ජයි, එතකොට හිත හදාගන්න අනුර පටලවනවා. අනුරට මොකක්ද තියෙන අමාරුව මේ ගලිකට වෙනුවෙන් කතා කරන්න. පිස්සු නැත්නම් ෂෝක් තමයි.

:       69       20

සෙනෙවිරත්න Friday, 28 June 2024 02:33 PM

සජිත් වෙනුවෙන් පෙනී ඉන්න කාන්තා බල ඇනියේ ප්‍රධානියා තමයි මේ හිතනවද මෙයාල මේ ක්‍රමය අත්හරීවි කියල, ඒක නිසා මෙතන සජිත් කල්ලිය වෙනුවෙන් ඉන්න අයට කියන්නෙ අනේ ඔයාල පව්,

:       67       24

සෙනෙවිරත්න Friday, 28 June 2024 02:35 PM

එන් පී පී එකේ හරිිනිට උපදෙස් දෙන්න කතාකරපු කාන්තා රත්නය. අද චැනල් එකට ජය මගුල්

:       62       14

DM Friday, 28 June 2024 02:41 PM

නිදොස් කොට නිදහස් වෙන්නේ කවදද?

:       63       19

Marasinghe Friday, 28 June 2024 02:45 PM

කොලොන්නාවේ අශුචි නෝනා, අවුරුදු 3 ක් ජම්පර් ගහගෙන කුඩුවේ නිකම් ඉන්න වෙන්නේ නැහැ ..

:       68       24

lankaputha Friday, 28 June 2024 02:48 PM

මට ඇඩෙන්න වගේ

:       0       16

dasun Friday, 28 June 2024 02:49 PM

අද ටීවී එකේ රැට මේ නිවුස් එක විතරයි එහෙනම්

:       0       14

Rathna Samarasekara Friday, 28 June 2024 02:50 PM

එළකිරි! එළකිරි!!

:       53       13

FMG Fernando Friday, 28 June 2024 03:12 PM

ඇය එයට සුදුසු විය. ඒක අනිත් වැරදි කාරයන්ට හොඳ පාඩමක්.

:       1       18

Praba Friday, 28 June 2024 03:27 PM

එතකොට මචන් ලා අර මහබැංකු හොරා කාපු කට්ටිය

:       37       19

ගමේ එකාලා Friday, 28 June 2024 03:31 PM

මීට වඩා මිනිමරපු, තක්කඩියෝ,මැරයෝ,නිදහසේ දියවන්නාවේ ඉන්නවා.සුදුවෑන් ගාතන අතුරුදහන් මිනිමෝරු කරවපු උනුත් ඉන්නේ.? හිරුණිකා ගෙන් පළිගන්ඩ බලාගෙන ඉන්න අයට නම් සුභ ආරංචියක් වේවී.

:       9       56

Risa Friday, 28 June 2024 03:41 PM

PGPThilak, එතකොට ඒ පියා කවුද...මුලු කොලොන්නාවටම කුඩු බෙදපු තරුණ ජීවිත විනාස කරපු එකෙක් නෙමෙයිද...? පොත්ත රතු චීත්තෙ පස්සේ යන්න එපා ඕයි....

:       113       29

රෝහල ඉදිරිපස මල්ශාලාවේ හිමිකරු Friday, 28 June 2024 03:42 PM

කෙහෙළියව මතක් කලා කියන්න. ගොඩ දවසකින් දැක්කෙත් නෑ...

:       2       23

පිටිගල මිලානෝ Friday, 28 June 2024 05:43 PM

සුනිල් මිලානෝ හැම බම්බුවකටම ආගම පටලවා ගන්න එපා. නීතිවිරෝධී වැඩක් කළා සහ එයට දඬුවම් ලැබුණා. මෙය හොඳ ප්‍රවණතාවක්... මොකද, රට, ජාතිය සුද්ද කරපු මයිනෝ සහ කපුටෝ ලේසියෙන්ම ඇතුළට යවන්න පුළුවනි...

:       5       17

NASAR Friday, 28 June 2024 06:18 PM

දැන් සැපද?

:       31       7

මංජුල Friday, 28 June 2024 08:01 PM

ලංකාවේ බහුතරයකගේ මානසික මට්ටම පිළිබඳ අවබෝධයක් මේවා කියැවීමෙන් අපට ලබා ගත හැකිය..

:       1       16

ශාන්Saturday, 29 June 2024 07:03 AM

වෙලාවකට පුදුම හිතෙනවා මෙහෙම හරි රටක් තියෙන එක ගැන මේ වගේ ජන විඥානයක් එක්ක. සොල්බරිසාමි අද ඇවිල්ලා බැලුවත් කියන්න තියන්නේ අපේ ජනතාවගේ දේශපාලනය ඥාණය නියෝජිත ප්‍රජාත්‍රන්තවාදීවිමට තරම් මොරලා නෑ කියලා තමයි.

:       0       0

nanda Friday, 28 June 2024 11:50 PM

අභියාචනා කරලා අද පාර්ලිමේන්තුවේ

:       0       0

Himali Saturday, 29 June 2024 04:09 AM

මේ අම්මණ්ඩි විශාකාවේ .....වගේ හැසුරුනේ අඩියක් පළල කට වාචාල කමට ඇරගෙන . සිංහල බෞද්ධකම ගැවිලාවත් නැ

:       0       0

Chathuri Saturday, 29 June 2024 07:49 AM

එතකොට මයිනාගේ බේබිලා කරපු අපරාධ ගෝඨාභය පැහැර ගත්තු අයට මොකද වුනේ? හරි හුරතල් නේද ඒ කට්ටිය... අනේ අපේ උසාවිය. ලැජ්ජයි...!

:       0       5

Ziyaf Abdullah Saturday, 29 June 2024 08:10 AM

පව් අප්පා, පොඩි ළමයි ඉන්න අම්මා කෙනෙක්....

:       0       4

fairoos Saturday, 29 June 2024 11:21 AM

ගෝඨාභයට තිබිච්ච නඩු ටිකට මොකද වුණේ? නීතිය හැමෝටම පොදුවිය යුතුයි.

:       0       0

wimal Saturday, 29 June 2024 12:12 PM

හිරුට රජ මගුල්...

:       0       0

නිර්පාක්ෂික Saturday, 29 June 2024 12:36 PM

හිරුණිකා එංගලන්තයෙන් නීතිය හදාරා සොලිසිටර් වරියක ලෙස සුදුසු කම් ලැබ ලංකාවට පැමිණීමෙන් පසු පියාගේ අඩිපාරේ යමින් එකී දේශපාලන උරුමයට අනුගත වූවාය. ඉතා උසස් අධ්‍යාපනික සුදුසුකම් ලැබූ ඇය විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවීමට දක්ෂ වූවාය. ඒ අනුව ලංකා දේශපාලනයට ඇගේ ආගමනය සුබ ලකුණක් සේ බොහෝ දෙනෙකුට පසක් වූවාට සැක නැත.. නමුත් අවාසනාවක මහත, ඇයගේ එදිනෙදා භාවිතය ධනාත්මක සිතුවිලි වලට වඩා රිනාත්මක සිතුවිලි වලින් ( ඇයගේ දේශපාලන දර්ශනය අදාල නොවේ) අඳුරු වීම ඇගේ තාරුණ්‍ය නිසා වූවක් විය හැකිය. මේ තත්ත්වයෙන් ඇයව මුදා ගැනීමට ක්‍රියා නොකළ නිසා ඇයගෙන් වාසි ප්‍රයෝජන ගත් කසල - වසල - අකුසල කාලිකණ්ණි දේශපාලකයින්ගේ ගිණුමට 50% එහා ගිය ප්‍රතිශතයක් බැර කිරීම යුක්ති යුක්ත වේ. කණගාටුව ඇය දැන් අවු 03-04-05 වයසැති දරු ත්‍රිත්වයක් උරුම කරගත් මවක වීමයි.

:       0       7

palitha Saturday, 29 June 2024 12:46 PM

ඕවා නාට්‍ය, දේශපාලන, මැතිවරන ගේම්. මිනිස්සු දැන් ඕවාට රැවටෙන්නේ නෑ...

:       6       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2518 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1674 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2417 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 572 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3326 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site