හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග තේරීම්කාරක සභා වාර්තාව බල රහිත කරමින් අභියාචනාදිකරණය නිකු කළ සර්ටියෝරාරි රිට් ආඥාව අහෝසි කරන ලෙස ඉල්ලා නීතිපති ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ ආර් සම්පන්දන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අද (28) ඉවත දමන ලදී.
එම අභියාචන පෙත්සමට එරෙහිව ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධ කරුණු සලකා බලා එහි තින්දුව ප්‍රකාශ කරමින් සලීම් මර්සුෆ්, පී ඒ රත්නායක, සත්‍ය හෙට්ටිගේ, ඊවා වනසුන්දර සහ රෝහිනී මාරසිංහ යන පංච පුද්ගල විනිශ්ච මණ්ඩලය විසින් ලබා දුන් මෙම තීන්දුව විනිසුරු මඩුල්ලේ සභාපති සලීම් මර්සුෆ් මහතා විසින් ප්‍රකාශයට පත් කැරිණි.
සිය මූලික විරෝධතාවලින් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා අධිකරණය හමුවේ කියා සිටියේ නීතිපතිවරයා අභියාචනාධිකරණයෙහි විභාග වූ නඩුවේ පාර්ශ්වකරුවකු නොවන බැවින් එම එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමට නීතිපතිට නෛතික බලයක් නොමැති බවය.
එම විරෝධතාවන් ඉවත දැමූ ශ්‍රෙෂ්ඨාධිකරණය නීතිපතිවරයාගේ අභියාචන පෙත්සම ලබන ජුලි 16 වැනිදා විභාගයට ගැනීමට තීන්දු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එස් .බ්. දිසානායක මහතා නිතිය ගැන කියපු වචනය සත්‍ය වෙනවා වගේ.(නදී)
ගොනා ඔය හැරුනේ පොල්පලේට තමයි.(නදී)
මේවා හරියට අගෙන් කිරි දෝවනවා වගේ වැඩ. (නි)
දී කිරට බළල්ලුත් සක්කිලු.(නදී)
කෝ අපේ මේ විජිත හේරත් මහත්තයා අයියෝ අප්පා ඒකත් අවුල් නේද?(නදී)
සම්බන්දන් උදවු කරන්නේ ඇයි කියලා හිතල බලන්න මොලේ නැද්ද මේ ප්‍රතිචාර දාන අයට? (නදී)
වව්නියාවේ බන්දනාගාරේ කොටි කැරැල්ල මැඩ පවත්තපු එක ගැන මේ හේරත් මහත්තයා කියල තිබුණු දෙයින් මෙයාගේ ඇගෙ ලොකු කොටි පුල්ලි තියෙනවා කියල අපිනම් දැන ගත්තා. සම්බන්දන් එක්ක එකතු වෙලා කරන මේ දේවල් ගැව පුදුමයක් නැහැ.(නදී)