IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


හරීන් විපක්ෂයට ටොක්කක් අනී

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ගොඩක් මිනිස්සුන්ට පැත්තකින් ඉදන්  සහයෝගය දෙනවා යැයි  කියන්න පුළුවන් වුනත් වගකීමක් ගන්න පුලුවන් කොන්දක් තියෙන එවුන්ට විතරක් යැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 රටේ ප්‍රශ්නයක් වෙලා තිබෙන වෙලාවක, කන්න නැතිව ඉන්න වෙලාවක පටු අරමුණු සමඟ නොසිටිය යුතු බවත් රට වෙනුවෙන් වගකීමක් ගත යුතු බවත් කී අමාත්‍යවරයා  පැත්තක ඉදන් අපි සහයෝගය දෙනවා, බයවෙන්න එපා කියා කකුලෙන් අදින හිකනැල් වැඩ කරන්න එපා යැයි  විපක්ෂයට පවසන බවද සඳහන් කළේය.

"යම්කිසි මිනිහෙකුට කියන්න පුලුවන් ජීවිතේට මම සහයෝගය දෙනවා කියලා. ඒත් සහයෝගය දෙනවා කියන එකයි වගකීම් ගන්නවා කියන එකයි දෙකක්. ඒ වෙනස තමයි මේ පාර්ලිමේන්තුව ඉල්ලන්නේ යනුවෙන් ද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා කියපු ඒ කරුණට අපි එකඟ වෙනවා. ගොඩක් අයට පිළිගන්න අකමැති වුණත් මේක නිර්පාක්ෂික ආණ්ඩුවක්. මේ නිර්පාක්ෂික ආණ්ඩුව ඇතුලේ අලුත් කමිටු සිස්ටම් එකක් හදන්න තීරණය කළා. ඒ තීරණය අනුව තමයි හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා වුණේ. අදටත් එතුමාගේ නම කොතනකින්වත් ඉවත් කරලාවත්, කමිටුවට දාන්නවත් තීරණය කරලා නෑ.

වගකීමෙන් එක දෙයක් කියනවා. ගොඩක් මිනිස්සුන්ට පුලුවන් පැත්තකින් ඉදන් කියන්න අපි සහායෝගය දෙනවා කියලා. ඒත් කොන්දක් තියෙන එවුන්ට විතරයි වගකීමක් ගන්න පුලුවන්. මේ රටේ ප්‍රශ්නයක් වෙලා තිබෙන වෙලාවක, කන්න නැතිව ඉන්න වෙලාවක මේ කියන පටු අරමුණුත් එක්ක නෙවෙයි ඉන්න ඕන. රට වෙනුවෙන් වගකීමක් ගන්න එක කරන්න ඕන. යම්කිසි මිනිහෙකුට කියන්න පුලුවන් ජීවිතේට මම සහයෝගය දෙනවා කියලා. ඒත් සහයෝගය දෙනවා කියන එකයි වගකීම් ගන්නවා කියන එකයි දෙකක්. ඒ වෙනස තමයි මේ පාර්ලිමේන්තුව ඉල්ලන්නේ. නිකන් පැත්තක ඉදන් අපි සහයෝගය දෙනවා, බයවෙන්න එපා කියලා කකුලෙන් අදින හිකනැල් වැඩ කරන්න එපා කියලා විපක්ෂයට අපි  කියනවා.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:-

මට කොන්දක් තියෙනවා. මම ඒ තීරණය ගත්තේ කොන්ද පාවිච්චි කරලා තමයි. ප්‍රතිපත්තියක් අනුව තමයි මම වැඩ කරන්නේ. හරීන් ප්‍රනාන්දු මහතා මගේ හොඳ මිත්‍රයා. එතුමා සමග මට කිසිදු ගැටලුවක් නෑ. එතුමා වෙනම තීරණයක් ගත්තා, අපි වෙනම තීරණයක් ගත්තා. මේවා පෞද්ගලික තීරණ. ඒත් අපි බලාපොරොත්තු වෙන්නේ නිර්පාක්ෂික ආණ්ඩුවක් නෙවෙයි, සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදමු. මම සියලු දෙනාගෙන් ආයාචනා කරනවා අපි එතනට යමු කියලා.



අදහස් (1)

හරීන් විපක්ෂයට ටොක්කක් අනී

Palitha Vithana Friday, 10 June 2022 09:25 AM

අනේ මගෙ කට. මේකට කොන්ද කෙලින් වෙන්නෙ වාසියට. දැන් ආයෙ ආන්ඩු පැත්තෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 35 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 38 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 8620 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1369 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 655 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1190 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 352 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1806 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site