IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හොරිවිල වෙද මැදුර හදන්න උතුරුමැද පළාත් කාර්යාලයෙන් ලක්ෂ 51ක් දීලා

(දයාරත්න ඇඹොගම)

රජයේ නියාමනයට යටත් නොවන කිසිදු සහන ගාස්තු ක්‍රමයක් නොමැතිව ක්‍රියාත්මක වන හොරිවිල වෙද ගෙදර වාට්ටු සංකිර්ණයක් ඉදිකිරිම සදහා උතුරැ මැද පළාත් සභාව මගින් රැපියල් 5,193,756 මුදලක් වැය කොට ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් මෙම වසරේ නිකුත් කළ විගණක වාර්තාවකින් හෙළිදරව් කොට තිබේ.

මුදල් කොමිෂන් සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාවයට පටහැනිව ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා සහිත විශේෂ සංවර්ධන ව්‍යාපාතිය යටතේ මෙම ඉදිකිරිම් සිදුකොට තිබෙන බවද එම වාර්තාවේ සදහන්ය.

හොරිවිල වෙද මැදුරේ හිමිකරුවන් විසින් පළාත් ආණ්ඩුකාරවරයා ගෙන් සිදුකළ ඉල්ලිමකට මෙම ඉදිකිරිම් පසුගිය 2023 වසරේ සිදුකොට ඇති බව මේ සම්බන්ධයෙන් සිදුකළ විමසුමේදි පළාත් සභාවේ උසස් නිලධාරියෙක් පැවසිය.

මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා ගෙන් දුරකථනයෙන් සිදුකළ විමසුමේදි ආණ්ඩුකාරවරයා කියා සිටියේ මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් කිසිවක් මතක නැති බවයි.

 



අදහස් (29)

හොරිවිල වෙද මැදුර හදන්න උතුරුමැද පළාත් කාර්යාලයෙන් ලක්ෂ 51ක් දීලා

sachith Saturday, 14 September 2024 08:54 AM

මෙන්න මේක තමයි අද රටේ දේශපාලන විදිය...මේවා මිනිස්සුගෙන් ගන්න බදු මුදල්

:       1       36

Lakmal Saturday, 14 September 2024 09:10 AM

කාලකණ්ණි වැඩක්...!

:       2       31

Asith Saturday, 14 September 2024 09:15 AM

අත පය කැඩිලා මෙතැනින් නොමිලේ බෙහෙත් අරන් හොඳ කරගත්තු මිනිස්සු නම් කොච්චරක්ද? ඇයි මෙච්චර කුහක? බටහිර රෝහල් විතරද රජයේ උදව් ගන්න හොඳ?

:       26       18

විකුම්Saturday, 14 September 2024 03:59 PM

අසිත් මෙතැනින් නොමිලේ බෙහෙත් ගන්න මිනිස්සු නැහැ. නොමිලේ බෙහෙත් දෙන්නෙත් නෑ. එතැනට මමත් ගිහින් තියනවා මගේ නෑදෑ කෙනෙක්ට බෙගෙත් ගන්න. සති 2ක් එයා නතර කරලා හිටියේ. එතැන නිකම් බෙහෙත් කරන්නේ නෑ. නතරවෙලා ඉන්නේ සල්ලි දීලා. එහෙම වුණත් වෙදමහත්තය නේවාසික ලෙඩ්ඩු බලන්නේ සතියකට දවස් 2ක් විතරයි. ඒවා වැරැදි වැඩ. රජයේ රෝහලක නොමිලේ බෙහෙත් ගන්න නතර වෙලා ඉන්න ලෙඩෙක් අඩුම දවසට දෙසැරයක් ඩොක්ටස්ලා බලනවා. මෙතැන වෙද මහත්තයාගේ නෝනා මිනිස්සුන්ගේ මූණ බලලා ගණන් කියන්නේ. වෙද මහත්තයා හොඳ කෙනෙක්. ඒත් මහීපාලගේ අම්මාගේ අප්පාගේ බූදලේ එහේට දුන්නාට කමක් නෑ. ජනතාවගේ මුදල පුද්ගලික තැනකට දෙන්නේ කොහොමද?

:       3       47

Prabha Saturday, 14 September 2024 06:56 PM

අසිත් ඒකට තමයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තියෙන්නේ. මෙතන බල්ලගේ වැඩේ කරලා තියෙන්නේ බූරුවා..

:       1       9

පිටරටවැසියා Saturday, 14 September 2024 09:16 AM

ලංකාව සුරපුරයක් වේවි මෙවැනි හොරුන්, තක්කඩින් තවදුරටත් රාජ්‍ය පාලනයේ තියාගත්තාම...

:       0       38

Nimal Saturday, 14 September 2024 09:38 AM

තව සතියකින් හොඳටම මතක් වෙලා එයි...

:       0       31

ජයනාත් Saturday, 14 September 2024 10:11 AM

ඒ සම්බන්ධ අපිට නම් ඕන තරමට දේවල් තියෙනවා කියන්න. හොර රැල එළවන්නම ඕනෑ...

:       1       31

S.Rajapaksha Saturday, 14 September 2024 10:36 AM

ඔය ආණ්ඩුකාරයා සබරගමුවේ මහ ඇමැති වෙලා හිටපු කාලයේ ඔහුගේ ගම්ප්‍රදේශයේ ගාල්ලේ හාමුදුරුකෙනෙකුට අයත් තැනක කීර්ති කියලා ළමා නිවාසය සඳහා මහල් ගොඩනැගිල්ලක් හදලා පුස්තකාලයකුත් පළාත් සභා අරමුදල් යොදාගෙන ගොඩනැගිලි හැදුවා. පොත් ලබා දුන්නා ටික දිනකින් නිවාසය වසා දැම්මා. ගොඩනැගිලි වලට පළාත් සභා දේපළ වලට වුනේ මොකක්ද කියලා බලපු කෙනෙකුත් නැහැ. එක් වරක් පළාත් සභා නිලධාරි කීප දෙනෙක් පරික්ෂා කරන්න ගියාලු... ඒත් අවට පිරිසක් ඇතුල්වීමට ඉඩක් දුන්නේ නැහැ කියලා ආරංචියක් ලැබුණා. එම නිවාසය තිබුනේ ඔය හේරත්ගේ මාලිගාවට යාබදව කියලා ආරංචියක් තිබුණා...

:       0       32

පිටිගල මිලානෝ Saturday, 14 September 2024 11:03 AM

කීයක් ආපසු අත යටින් ලැබුණාද කියලා නම් හොඳට මතක ඇති…!

:       1       39

Kumara Saturday, 14 September 2024 11:07 AM

හොරකම් කරපුවා මතක නෑ...

:       0       33

Neel Saturday, 14 September 2024 11:37 AM

සැප්තැම්බර් 21 න් පසුව දිනයකදී මතයක් වෙයි

:       1       49

Piyasiri Kumasaru Saturday, 14 September 2024 11:40 AM

මොහුට ලොකු මුදලක් හිමිවෙන්න ඇති...

:       0       45

janahithaSaturday, 14 September 2024 04:44 PM

ලක්ෂ 50 ගොඩනැගිල්ලක් ඉදිකරන්න අමාරුවෙයි. ලොකු ගාණක් ගන්න හිතන්නවත් බැහැ. පාරම්පරික වෙදකමක් රැකගන්න රෝහලක් ඉදිකිරීමෙහි වරදක් නැහැ. සීනි සහ සුදුළූණු විදේශ ණයවලින් ගසාකන ලද මුදලින් රෝහල් පන් ලක්ෂය දිවයිනේ හදන්න තිබුණා. බැසිල්ගේ සුවිසල් හෝටල් ගොඩනැගිලි බලන්න මෙහෙ වරෙල්ලා...!

:       8       7

සෙනෙවිරත්න Saturday, 14 September 2024 11:47 AM

කමක් නැහැ අපි මේ ක්‍රමයම ගෙනියමු.. මැක්ස් ඔයගොල්ලන් එකඟයි නේද? මේක ඉතින් අලුත් වංචාවක් මුදල් අවභාවිතයක් නෙවෙයි, මේ වගේ ඒව අපි කොච්චර දැකලා තියෙනවාද? කමක් නැහැ ඔහෙම යං අපටත් යමක් ලැබේවිනේ...

:       4       33

සෙනෙවිරත්න Saturday, 14 September 2024 11:53 AM

සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතය නොදැක්කා වගේ සජිත් පස්සේම යන අපිට මේව එතරම් දේවල් නොවෙයි. වයස අනූවත් පැනපු ජනාධිපති උපදේශකයන් සහ මෙලෝ හසරක සුදුසුකමක් නැති ජනාධිපති උපදේශකයන් පත්කරගෙන රටේ මුදල් කාබාසිනිය කරන රනිල් පස්සෙ යන අපිට මේක මේ තරමට ගනන් ගන්නේ නැහැ...

:       8       46

සරත්Saturday, 14 September 2024 04:06 PM

සෙනෙවිරත්න, දැන් මොකක්ද මේ සිද්ධියේ සජිත් අතර තියන සම්බන්ධතාවය? ඔහේ කුහක ජෙප්පෙක් නේද? හලෝ ජෙප්පන් ආවොත් 3 වේල කන්න නැති රටක් වෙනව ලංකාව. සංස්කෘතික අරමුදලේ කිසිම වංචාවක් නොවූ බව විගණනයෙන් තහවුරු වුණා. ඒ සල්ලි සජිත් හොරකම් කරලා නෑ. 89 දී කප්පන් ගත්තු ඒවා හොරකම් නොවේද?

:       15       11

චමින්දSaturday, 14 September 2024 04:42 PM

සරත් හරි... සෙනෙවිරත්න වගේ මිනිස්සු ඉන්නකන් මේ රට හදන්න බැහැ. අතිශයින්ම පසුගාමී මිනිස්සු. හැමදේකම වැරැදි දකින්නේ. මේ මානසිකත්වය තියෙන්නේ මාලිමාවේ මිනිස්සු ළඟ... අනිත් හැමෝම වැරැදි. ඔවුන් හරි...

:       9       10

Samarasekara Saturday, 14 September 2024 05:39 PM

සජිත් සහ චමින්ද හරියටම හරි... ඇත්ත කිව්වාම ජෙප්පො රතු ලයිට් දානවා.

:       3       6

යෝගා Saturday, 14 September 2024 12:20 PM

වැරැද්දක් කරලා තියෙනවා නම් වහා නඩු පවරා දඬුවම් කරන්න. එහෙම නැතුව සිස්ටම් චේන්ජ් කරන්න කියලා මෙලෝ හසරක් දන්නැති මිනීමරුවන්ට ඡන්දේ දීලා මේක උතුරු කොරියාවක් කරන්න අවශ්‍යද...?

:       14       17

sam Saturday, 14 September 2024 12:37 PM

ඩිමෙන්ෂියාව... මේ තනතුරෙන් වහාම ඉවත් කරන්න. ඡන්දයෙන් පස්සෙ මතක් වෙයි. කොහොමද දූෂණය...?

:       0       21

Chandima Saturday, 14 September 2024 12:41 PM

මේ තරම් අමතක වෙනවා නම් ආබාධිතයෙක් වෙන්න ඇති. හැබැයි පොලිසියට ගෙනිහින් බන්ඩාරාලහාමිට බාරදුන්නා නම් මතක්වෙයි...!

:       0       22

ගමේ එකාලා Saturday, 14 September 2024 02:06 PM

ඔය ආණ්ඩුකාරයා හොරා.. හොරා කාපුවා කොච්චර ද කියලා මතකවත් නැතුව ඇති...

:       0       26

Shashika51 Saturday, 14 September 2024 02:28 PM

මේක බොරුවක්. ලක්ෂ 28යි හම්බවෙලා තියෙන්නේ කියලා අයිතිකාරයා කියලා තිබ්බා..

:       4       13

රත්තරං Saturday, 14 September 2024 08:07 PM

ඒ අයිතිකරුට ලැබිලා තියෙන ගණන වෙන්න ඇති... ඒත් පළාත් සභාවේ ආණ්ඩුකාරයාගේ වැය ශීර්ෂයෙන් කොපමණ වියදම් වෙලාද බැලුවොත් සත්‍යම තත්වය තේරුම් ගන්න පුළුවන්...!

:       0       3

නන්දන Saturday, 14 September 2024 03:03 PM

මුදල් මේ ආකාරයට වියදම් කළාට පස්සේ විස්තරද මේවා සොයා ගැනෙන්නේ. මුදල් නිදහස් කිරිමට පෙර මේවා නවත්වන්න ක්‍රමයක් නැද්ද? රටේ රාජ්‍යයක් නැද්ද?

:       0       21

Ruwan Saturday, 14 September 2024 07:02 PM

සමූපකාරේ උම්බලකඩේ ඉඳන් හොරා කාපු ඔය හාදයාට අමාත්‍යාංශය වලින් හොරා කන එක මහ අරුමයක් නෙමෙයි. ඒකටම හරි යන පුතෙකුත් ඉන්නවා. කෑගල්ල පැත්තේ මිනිස්සු දන්නවා ඔය ඇමැතිතුමා ඒ කාලේ උන්නු හැටියි... අද වෙද්දී මාළිගාවක් වගේ ගෙයක් හදන් ඉන්න හැටියි ගැන... කොහොමත් තමන්ට උදව් කරන අයට ලොකුම හැන්දෙන් බෙදන්න හරි දක්ෂයි. හැබැයි හරියට නීතිය ක්‍රියාත්මක වෙන රටක නම් ඔය හාදයා මේ වෙද්දී ඉන්න ඕනේ හිර ගෙයක... පෝර, ගෑස්, හොරකම් කරන් එළිපිටම අහු වුණු කෙනෙක්ට ආණ්ඩුකාරකම් කරන්න දෙන්නේ මේ වගේ ට්‍රැක්ලන්තයක්ම විතරයි...

:       0       12

නන්දන පනා-මිලානෝ Saturday, 14 September 2024 07:25 PM

තාත්තා මහීපාල සහ පුතා කණක හේරත් සල්ලි දැක්කොත් ගන්නේ දිවෙන්…. ඒ තරම් පෙරේතයි…

:       0       10

සෙනෙවිරත්න Sunday, 15 September 2024 11:22 AM

සරත් කව්ද සජිත් හොරකම් කලා කිව්වේ, මුදල අවභාවිතා කළා, ඔයාට අවුල මේ මුදල් අවභාවිතය නොවෙයි මගේ අදහස, සජිත් ආවොත් අපට ප්‍රේමදාස අංක දෙක නාඩගම බලතැහැකි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 148 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5349 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 849 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4178 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3798 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2485 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16881 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 265 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site