IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


හෙල්මට් නීතිය දෙකට දෙවාරනේ

ෆුල් ෆේස් හෙල්මට් නීතීය අද (02) සිට බල පැවැත්වෙන නමුත් නීතීය අකුරටම ක්‍රියාත්මක නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

එවැනි හෙල්මට් පැළැද යන යතුරුපැදිකරුවන්ට දින කිහිපයක් අවවාද කරන බවත් අවශ්‍ය වුහොත් දඩ කොළ ද නිකුත් කරන බත්ව ඔහු පවසයි.

අද යතුරු පැදිකරුවන් බොහෝ දෙනෙක් වෙනත් හෙල්මට් පැළැද ගමන් බිමන් ගිය බව පෙනිණි.

ෆුල් ෆේස් හෙල්මට් පැළැද සිටි යතුරු පැදිකරුවන් නවතා පොලීසිය උපදෙස් දෙන අයුරු දැක ගැනීමට හැකි විය.

යුද සමයේ වරින්වර හෙල්මට් නීතීය ඉවත් කැරිණි.

ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහිව මාතර තරුණ බෞද්ධ සංගමය මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ද ඉදිරිපත් කැර ඇත.හෙල්මටයක් නොමැතිව යතුරු පැදියක් පදවන්නකුට රුපියල් 500ක දඩ කොළයක් නිකුත් කැරේ.

එවැනි පුද්ගලයකුට උසාවියේ නඩුවක් පැවැරිමෙන් පසු දඩය රුපියල් 2500 දක්වා වැඩි වීමට ඉඩ ඇතැයි පොලීසිය කියයි.

 DSC05557 DSC05558 DSC05576 DSC05587 vlcsnap-2015-04-02-10h50m16s89

 

 

 



අදහස් (0)

හෙල්මට් නීතිය දෙකට දෙවාරනේ

මදුසංඛ Thursday, 02 April 2015 03:59 PM

ෆුල්ෆේස් හෙල්මට් හින්දා කොල්ලකෑම් වැඩිවෙනවා නම් මාර්ග අනතුරු නවත්වන්න වාහන ධාවනයත් නතර කළයුතුයි. (නි)

:       0       0

කුමාර Thursday, 02 April 2015 09:21 AM

බලන්න මෙතන පෙන්නනවා ෆුල් ෆේස් හෙල්මෙට් එක ගලවලා වෙනත් හෙල්මට් එකක් දාලා යන්න කියලා. එ්කෙන් වෙන්නේ තවත් අනතුරු වලට මුහුණ දෙන එක විතරයි. කලින් මේ නිතිය ගේන්න ඉස්සෙල්ල හොඳ මෙල්මට් එකක් පාරිබෝගිකයන්ට හඳුන්වල දෙන්න ඕනේ. ආරක්ෂාව අතින් හොඳ දෙයක් හැටියට. නැතිව එක එක මන්ද මානසිකත්වයෙන් පෙලෙන මිනිසුන්ගේ ආශාවන් ඉෂ්ට කරන්න සමස්ත තරුණ පරපුර අනතුරේ දාන එකද පොලිසියේ රාජකාරිය? තවත් මෝඩ වැඩ නොකරන ලෙසට පොලිසියෙන් ඉල්ල සිටිනවා. මිනිහෙක් මලහම එ්කේ වගකීම පොලිසිය බාර ගන්නවද ? (ස)

:       0       0

සමීර Thursday, 02 April 2015 07:04 PM

සම්පත්ගේ මොළය තියෙන්නේ කොහෙද? (නි)

:       0       0

සමීර Thursday, 02 April 2015 07:07 PM

සම්පත් මගේ ළඟ හිටියා නම් හොඳට කියාදෙනවා මම අමතක නොවෙන්න (නි)

:       0       0

රවී Thursday, 02 April 2015 10:02 AM

මට සෙට් උනානම් ඔලුවට හෙල්මට් එක දම්මලා බයික් එකේ වාඩි කරවලා කියලා දෙන්නේ. (ස)

:       0       0

අහිංසා Monday, 06 April 2015 03:24 AM

සම්පත් කාර් එකක යන උම්බෑ කියන සතා වගේ පේන්නෙ.එයාලට තියන ආරකෂාවක් බයිසිකලේ යන අයට නෑනේ. (ස)

:       0       0

සමිපත් Thursday, 02 April 2015 11:00 AM

ෆුල්ෆේස් හෙල්මට් දාගෙන යනගමන් කාටහරි වෙඩි නියන්නත් පුළුවන්. ගෑනු ළමයින්ගේ මාල කඩන්නත් පුළුවන්. රණවකගේ අදහස වැරදියි. සම්පූර්නයෙන්ම තහනම් කළ යුතුය. (ස)

:       0       0

සිසුරංග Thursday, 02 April 2015 12:11 PM

අපි ඉල්ලන්න අපේ ආරක්ෂාව. ගෑනු ලම්යින්ගේ මාල කඩන එක ඔපෙන් ෆේස් හෙල්ම්මේට් එකක් දාලා ලේන්සුවකින් මුහුණ අවරණය කරලා කරන්න පුළුවන්. කියනවනම් තර්ක ගොඩක් කියන්න පුළුවන්. (ර)

:       0       0

ගිහාන් රංගන විජයහෙවගේ Thursday, 02 April 2015 12:52 PM

මේ හෙල්මට් විකිණීම තමන්ගේ රැකියාව ලෙස කරන මිනිසුන් මේ ගෙනාපු හෙල්මට් නැවත විකුනන්නේ හෝ නැවත එම හෙල්මට් විකිනීමට ඇති මාර්ගය ඇහිරෙනවා. එතකොට ඒ මිනිසුන්ගේ රැකියාව කඩාගෙන වැටෙනවා. ඒ වගේම අනතුරු වෙලා කීදෙනෙකුට මරුවා තුරුලට යන්න වෙයිද දන්නේ නැහැ. අනික මිනිස්සු සල්ලි දීලා ගත්තු හෙල්මට් දුම් අල්ල අල්ල ගෙදර තියන් ඉන්නද? (ර)

:       0       0

රණවක Thursday, 02 April 2015 05:36 AM

සම්පුර්ණ මුහුණු ආවරණය කරන ලද හෙල්මට් හෝ වෙනත් හෙල්මට් පැලඳ සිටිය යුත්තේ යතුරු පැදියේ ගමකරන විට පමණි. නතරකල වහාම හිස් ආවරණ ඉවත්කල යුතුය. කිසියම් ආයතනයකට හිස් වැසුම් පැළඳ ඇතුල් වීමට තැත්කිරීමේදී ආරක්ෂක අංශ වලට තම බලය පාවිච්චිකර වැලැක්වීමට නොහැකිනම් වෙඩි තැබීමට අවසර දිය යුතුය. මහමග හෙල්මට් පැළඳ ඇවිදින අය අල්ලා දඩ ගැසීම හෝ නීති මගින් කටයුතු කල යුතුය. හෙල්මට් දමාගෙන යතුරු පැදි වල යෑම අනිවාර්ය කල යුතුය. (ස)

:       0       0

සදරුවන් Thursday, 02 April 2015 06:14 AM

රණවක නිවැරදි ..දුක ඉතින් ලොකු මොළවලට තේරේන්නේ නෑනේ.ප්‍රාෙයා්ගික නිති ලොකු පිටු වල ඉන්න අය ගන්න ගියාම මෙහෙම වෙනවා.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 23 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 79 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 114 0

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 95 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 287 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 328 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site