IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


හොලිවුඩයේ අපේ තරුව 'ශලනි'

2016-07-27-ent-76

2017 වර්ෂයේදී තිරගත වීමට නියමිත, කොමික් කතා ඇසුරෙන් නිර්මාණය "Justice League" නම් හොලිවුඩ් චිත්‍රපටය අප රටට නෑදෑකමක් කීමට බොහෝ ඉඩකඩ තිබේ. ඒ "Justice League" චිත්‍රපටය සඳහා ශ්‍රී ලාංකික යුවතියක රංගනයෙන් දායක වීම ඊට ප්‍රධාන හේතුවයි. එහි රූගත කිරීම් ආරම්භ කර ඇති අතර, මේ වනවිට ලන්ඩනයේ ජීවත් වන ඇය කලා කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන අයෙකු බව අප සමගින් පැවසුවාය. ඊට අමරතව ඇය 2016 වර්ෂයේදී The Huntsman: Winter's War  චිත්‍රපටය සඳහාද දායක වී ඇත. ඇය නමින් ශලනි පීරිස්ය. ඇයගේ කලා දිවිය පිළිබඳව කතාබහ කිරීමට අපත් සමග ඇය මෙසේ එකතු වුවාය.

 

ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

2016-07-27-ent-79මගේ නම ශලනි පීරිස්. මම නුවර උපන් කෙනෙක්. මම දැනට අවුරුදු 07ක් තිස්සේ ලන්ඩනයේ ජීවත් වෙනවා. ඊට අමතරව කලා කටයුතු සඳහා සම්බන්ධ පුද්ගලයෙක් කියලත් කියන්න පුළුවන්.

 

මුලින්ම චිත්‍රපට පිළිබඳව කතා කළොත්, ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

චිත්‍රපට සඳහා දස්කම් බලන්න පරීක්ෂණ තියෙනවා. ඒ සඳහා මම අයදුම් කරලා. මේ වසරේ මුල් කාලයේ ඒ සඳහා මුහුණ දුන්නා. ඊට පස්සේ තමයි මට අවස්ථාව ලැබුණේ.

 

අවස්ථාව ලැබීම පිළිබඳව මොකද හිතෙන්නේ?

මුලින්ම කියන්න ඕනේ, මම කොමික් රසිකයෙක් කියලා. ඒ නිසයි මට ඕනෑකම තිබුණේ මේ සඳහා දායක වෙන්න. ඉතිං මේ අවස්ථාව මට ලැබුණා කියලා ඒ අය මට දැන්වූවාම මට ලොකු සතුටක් දැනුණා.

 

මෙහි චරිතය ගැන යම්කිසි දෙයක් කිව්වොත්?

මේ චරිතය ඉතාමත් ලොකු චරිතයක් නම් නෙමෙයි. නමුත් ඒ දේ මට වටිනවා කියලා කියන්න පුළුවන්. ඉතාමත් රහසිගත විද්‍යාගාරයක් සඳහා ඇතුළු වීමට හැකියාව සහ ඒ සඳහා බලතල තියෙන සෙබළියක්ගේ චරිතයක් සඳහා තමයි මම දායක වෙන්නේ.

 

ලැබුණු අවස්ථාව පිළිබඳව ආඩම්බරයක් තියෙනවාද?

ගොඩක් ලොකු ආඩම්බරයක් තියෙනවා. රංගනය පිළිබඳව තවත් ඉදිරියට හදාරලා. ඒ මගින් මහන්සි වෙලා. රංගන ශිල්පිනියක් විදිහට සාර්ථක වෙලා ලංකාවේ නම ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-07-27-ent-78 2016-07-27-ent-77
 



අදහස් (0)

හොලිවුඩයේ අපේ තරුව 'ශලනි'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 451 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1026 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 385 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 558 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1318 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site