IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


හොලිවුඩය සරසන ළමා නිළියෝ

කුඩා කාලයේ අප සියලු දෙනා ළමා චිත්‍රපට සඳහා වැඩි ඇල්මක් දක්වන බව නොරහසකි. එමෙන්ම ළමා කාලයේදී ඒ චිත්‍රපටවලට මෙන්ම ඒවායේ රඟපෑ ළමා චරිතවලටද ඒ ඇල්ම ඒ ආකාරයෙන්ම තිබීම පොදු කාරණාවකි. අප මෙම ලිපිය මගින් ගෙනහැර දක්වන්නේ මේ වනවිට හොලිවුඩයේ අඩුවයසින් ජනප්‍රියත්වයට පත්ව ඇති රංගන ශිල්පීන් පිළිබඳවය. 2016 වසර තුළ මේ වනවිට වැඩි ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින රංගන ශිල්පීන් තිදෙනෙකු පිළිබඳව IMDb වෙබ් අඩවිය මෙසේ වාර්තා කර තිබිණි.

 

Bailee Madison

2016-08-05-ent-04මේ වනවිට 16 වැනි වියේ පසුවන ඇය ක්ෂේත්‍රයට පිවිසියේ 2006 වර්ෂයේදීLonely Hearts නම් චිත්‍රපටය ඔස්සේය. මෙම චිත්‍රපටය සඳහා ඇය දායක වූයේ ඇයට වයස අවුරුදු 07දීය. ඉන්පසු ඇයට 2007 වර්ෂයේදී රූපවාහිනී කතාමාලාවක රංගන වරම් හිමි විය. ඒ CSI: NY නම් රූපවාහිනී කතාමාලාවයි. ඉන්පසු ඇය 2007 වර්ෂය තුළ රූපවාහිනී කතාමාලා කතාමාලා 05ක් සඳහා රංගනයෙන් දායක වූවාය.එමෙන්ම ඇය2008 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා චිත්‍රපට 13ක් සඳහා රංගනයෙන් දායක වී තිබේ.

ඉන්පසු අවුරුදු කිහිපයක් චිත්‍රපටවලට සමු දී සිටියද ඇය මේ දක්වා රූපවාහිනී කතාමාලා සඳහා ඇය 2016 වනතෙක් දායක විය.ඇය නැවත චිත්‍රපට සඳහා පිවිසීමට නියමිත වන්නේ 2017 වර්ෂයේදී Cowgirls Story චිත්‍රපටය ඔස්සේය. ඇය මේවනවිට සම්මාන 04කින් පිදුම් ලබා ඇත. ඒ 2008 වර්ෂයේදී පැවැත්වූ Young Artist Awardsහිදී Best Performance in a Feature Film Young Actress Age Ten or Younger ලෙස සහ Best Performance in a Feature Film – Young Ensemble Cast සම්මානය සහ Supporting Young Actress ලෙසයි.

එම වර්ෂයේදීම MovieGuide Awards හිදී Most Inspirational Television Acting සම්මානයෙන්ද පිදුම් ලැබීය. 2017 වර්ෂයේදී ඇය චිත්‍රපට දෙකක් සඳහා දායක වීමට නියමිතය.

 

 


 

 

Mackenzie Foy

2016-08-05-ent-052009 ළමා නිරූපිකාව ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය මේවනවිට 15 වැනි වියේ පසුවෙයි. 2000 වර්ෂයේදී උපන් ඇය 2009 වර්ෂයේදී "Til Death"රූපවාහිනී කතාමාලාවට රංගනයෙන් දායක වෙමින් රංගන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වීමට වරම් හිමිවිය.

ඇය ඇමෙරිකානු ළමා නිරූපිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත්වූයේවෙළෙඳ දැන්වීම් ඔස්සේය.2011 වර්ෂයේදී චිත්‍රපට ක්ෂේත්‍රය පිවිසීමට අවස්ථාව උදාවූයේThe Twilight Saga: Breaking Dawn – Part 1චිත්‍රපටය ඔස්සේය. ඉන්පසු 2012 වර්ෂයේදී The Twilight Saga: Breaking Dawn චිත්‍රපටයේ දෙවැන්නටද දායක වීමට වරම් හිමිවිය. ඇය මේ වනවිට චිත්‍රපට 08ක් සඳහා දායක වී ඇත. මෙම වර්ෂයේදී ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් තිරගත වීමට නියමිතය. ඒ The Great Wall නම් චිත්‍රපටයයි. 2009 වර්ෂයේ සිට ඇය රූපවාහිනී කතාමාලා 06ක් සඳහා දායක විය.

මේ වනවිටත් විකාශය වන Jesse Stone: Lost in Paradise රූපවාහිනී කතාමාලාවෙහිද ඇය රංගනයෙන් දායක වෙයි. The Twilight Saga: Breaking Dawn – Part 2 චිත්‍රපට හේතුවෙන් 2013 වර්ෂයේදී ඇය සම්මාන දෙකකින් පිදුම් ලැබුවාය. ඒGolden Raspberry Awardහිදී Worst Screen Couple නම් සම්මානය සහ Worst Screen Ensemble නම් සම්මානයයි. ඉන්පසු 2015 වර්ෂයේදී Saturn Award නම් සම්මාන රාත්‍රියේදී Best Performance by a Younger Actor නම් සම්මානයෙන් පිදුම් ලබා ඇත.

 

 


 

 

Morgan Lily

2016-08-05-ent-062000 වර්ෂයේ උපන් ඇය ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූයේ 2002 වර්ෂයේදීය. ඇගේ පළමු චිත්‍රපටය වූයේ 2005 වර්ෂයේදී තිරගතවූ Shards නම් චිත්‍රපටයයි. ඒ වනවිට ඇයට වයස අවුරුදු 05ක් විය. මෙම චිත්‍රපටයෙන් පසු ඇය නිරූපණ ක්ෂේත්‍රයටද ප්‍රවිෂ්ටවූ අතර, නිරූපණ මේ වනවිට රූපවාහිනී වෙළෙඳ දැන්වීම් 21ක් සඳහා දායක වී තිබේ.

2008 වර්ෂයේදී Henry Poole Is Here චිත්‍රපටය ඔස්සේ ඇය විශාල ජනප්‍රියත්වයක් ලබාගත් අතර, 2011 වර්ෂයේදීX-Men: First Class චිත්‍රපටය සඳහාද දායක විය. ඇය රංගනයෙන් දායක වූ Raven ළමා චරිතයට බොහෝදෙනා ආදරය කළහ. ඉන්පසු 2014 වර්ෂයේදී තිරගතවූ X-Men: Days of Future Pastචිත්‍රපටය සඳහාද ඇය රංගනයෙන් දායක වූ අතර, ඒ සඳහා ඇයට බොහෝ ප්‍රතිචාර හිමිවිය.

මේ වනවිට චිත්‍රපටය 22ක් සඳහා දායක වී ඇති ඇය රංගනයෙන් දායක වූ Grey's Anatomy චිත්‍රපටය ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය.

 

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 



අදහස් (0)

හොලිවුඩය සරසන ළමා නිළියෝ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 98 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 175 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 89 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 108 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 428 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති
2024 ඔක්තෝබර් මස 06 484 1

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39154 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site