පුත්තලම හෝල්සිම් කම්හලේ සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින් දින 16ක් තිස්සේ එහි සේවකයන් පිරිසක් අට්ටාලයක් හදාගෙන ගෙන ගිය විරෝධය සමාගමේ කොන්ත්‍රාත් කරුවකු ද වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් අද කඩා කප්පල් කර දැමූ බව සේවකයෝ කියති.
පොලිසිය බලා සිටිය දී වූ මේ සිදුවීමෙන් සේවකයන් දෙදෙනෙක් කැපුම් තුවාල සහිතව රෝහල් ගත කළ බව ද සේවකයෝ පවසති.
ඔවුන්ගේ අට්ටාලය ද කඩා ගිනි තබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි අමතක කරන්න එපා.හැමදාමත් නත්තල් නැහැ.දවසක රටේ සාමාන්‍ය ජනයා නීතිය අතට ගත්දාට, කියන්න එපා 'විදේශීය කුමන්ත්‍රණ' කියලා (නි)
ඔන්න ඕවා නිසා තමයි දේශපාඥයින් වටින්නේ... (නි)
අන්න නියම සුදුස්සා. ඊළඟ ඡන්දෙත් දිනනවා. "දුප්පතාගේ හිතවතා" කියන කෑල්ල අනිවාර්යයෙන්ම ඡන්ද පෝස්ටරේට දාන්න (නි)
පෙනෙනවානේ දේශීය හා විදේශීය කුමන්ත්‍රණ වල වෙනස.(නදී)
ඊලඟ ජන්දෙත් මේගොල්ලන්ටම දෙමු. ලාංකීය ජනතාවට ජයවේවා. (ස)
දේශපාලකයෝ රටේ නීතිය සමග සෙල්ලම් කරන විට ශ්‍රී ලංකා පොලිසිය නරඹන්නකුගේ තත්වයට පත්වෙලා. (ස)
එයා අරන් තියෙන්නෙ මිනිස්සුන්ට ගහන කොන්ත්‍රාත් එක වෙන්න ඇති. (ස)
ඕවා තමයි පහුගිය දවස් වල විපාක දුන්නේ.(නදී)
ඔන්න ප්‍රජාතන්ත්‍රවාදයේ තරම. (ස)
මිනිසුන්ට කැපුම් තුවාල? පොලිසිය නිකම් බලාගෙන ඉන්න ඇති දේශපාලුවා නීතිය අතට ගනිද්දී. (නදී)
දැන් තියෙන්නේ පොලිසිය වහලා දාන්න. අපරාදේ පඩි ගෙවන්නේ. බලාගෙන ඉඳිද්දී ගැහුවත් අල්ලනේ නැත්නම් හොරු අල්ලන්න කොහොමත් බැහැනේ. (නදී)
ගොඩක් ආයතනවල කරන්නේ කොන්තරාත් කරුවෙකු ලවා මිනිසුන් සපයාගන්න එකයි .සල්ලි ගන්නේ කොන්තරත්කරු .ඔහු ගෙවන්නේ අඩුවෙන්. සේවකයෝ කොන්තරාත් කරුගේ. මේක වහල් සේවයක්.(නදී)