වැලිවේරිය රතුපස්වල පිට්ටනියේ සාමකාමීව උද්ඝෝෂණයේ නිරතවෙමින් සිටින තමනට පිට්ටනියෙන් එළියට පැමිණිය නොහැකි ලෙස පොලිස් රැකවල් දමා ඇතැයි උද්ඝෝෂකයෝ කියති.
උද්ඝෝෂකයන් සිටි පැත්තෙන් ඇතිවූ හූවෙන් පසුව පොලිසිය මේ පියවර ගෙන ඇතැයි ගැමියෝ කියති.
විසඳුමක් ලැබෙන තෙක් නොනැගිටින බව පවසමින් රතුපස්වල ගල්ලොලුව විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ආගමික වතාවත් සිදුකර පැදුරක් එළා බිම වාඩි වූහ.
පැමිණි පිරිසට බීමට ජලය සපයා ගැනීමට හෝ එළියට යා නොහැකි වන අයුරින් පොලිස් කැරළිමර්දන භටයෝ රැකවල් දමාගෙන සිටිති.
ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් පිරිස ඇමතූ සංවිධායකයකුට පොලිසිය පැවසුවේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර ගෙන නොමැති නිසා වහා එය නවත්වන ලෙසයි.
විරෝධතාවේ යෙදී සිටින නීතීඥ පාලිත සේනාතරත්න මහතා පැවසුවේ උසස් පොලිස් නිලධාරියෙක් තමාට තර්ජනය කළ බවයි. ගැමියන්ගේ ගැටළුවට විසඳුම් ලබා නොදී පොලිසිය ගැමියන් පීඩාවට පත් කරන බව ද ඔහු පැවසීය.
මේ ගැන විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රාවතී, කරුණාකරලා ඔයා මෙහෙට ඇවිත් වතුර ටිකක් බීලම බලන්න. ඊට පස්සේ නාලා කරලාහෙම කථා කරන්න. (දී)
පාලිත නමින් පෙනී සිටින්නේ මුස්ලිම් කෙනෙක් ඔයා ඔච්චරටම සිංහල නම් වලට අසද මොරෝක්කොවෙන් ආපු මහත්තයෝ (දී)
කර්මාන්ත ශාලාවේ බලය පේනවා නේද ? අනෙක වින්සන් මහතා ලංකාවේ ඉඳලම නැ වගේ. අපේ පොලිසිය වෙරි ගූඩ් හොඳේ. (දී)
මං හිතන්නේ ලංකාවේ පොලීසිය කොම්පැණි කාරයන් ගෙන් ජරාව කාලත් නෑ එහෙම කන්නෙත් නෑ (දී)
ඔය පොලිසියේ මහත්වරු ටික දැරනියගල නූරි වතු යායට යැවුවා නම් හොදයි. මොකද හරි නිර්භීත මහත්වරු. (නි)
මෙවැනි රැලි මර්ධනයෙන් නවත්තන්න බෑ. මිනිසුන්ගේ ඉතා මූලික අවශ්‍යතාවයක් ගැනයි මිනිසුන් කියන්නේ.මෙිකේ දේශපාලනයක් නෑ.(දී)
බල්ලෝ බුරති (නි)
මේ කර්මාන්ත ශාලව කාගෙද දන්නෙ නැහැ (නි)
පොලිසිය කරන්නෙ මේ පිරිසට උදව්වක්. කන්නෙ බොන්නෙ නෑ කියලා ඉදගත්ත අයට හොරෙන් කෑවා බීවා කියලා වචන අහන්න වෙන්නෙ නෑනෙ දැන්. මොකද කාටවත් එලියට යන්න බැහැනෙ. ඒ ගොල්ලන් උපවාසය නතර කරලා හරි නොකා නොබී මැරුණම හරි පොලිසිය යන්න දේවිනෙ. (නි)
ටිරෝන්, අදද දන්නේ පොලිසිය දේශපාලනීකරණය වෙලා කියලා. (නි)
පොලීසි ඕනේ නෑ. ගල් යුගයේ වගේ අපේ ප්‍රශ්න අපිම ගහ මරාගෙන බේර ගන්නම්. එයාල හිටියත් එච්චරනේ. (දී)
අපි කොච්චර විරෝධය පල කලත් පොලීසිය කරන වැඩ නවත්තන්නෑ. අහිංසක මිනිසුන්ගේ දුකට පොලිසිය උත්තර දෙන්නේ බැටන් පොලු වලින්ද?මේ සැහැසි කම් නවත්වන්නේ කෙසේද? (දී)
අම්ම තාත්ත සහෝදරයෙක් යාලුවෙක් පොලිසියට එනවා දැක්කත් පොලිසියේ මහත්තුරු හැංගෙනවා උදව්වක් ඉල්ලයි කියල .කොළොන්නාවේ මන්ත්‍රී ටනම් සැලියුට් ගහන්නේ පැනල . (දී)
සියලුම දෙනා එකමුතුවෙමු. දෙපැත්තේම දෙසපාලකයින් විස්වාස කිරීමට අමාරුයි පනිනවා ,රිලව් වගේ. (දී)
පොලීසිය මෙතන ඉන්න අහිංසකින්ගේ ඇස් වලින් පිරිසිදු වතුර අරගෙන පොවන්න වගෙයි හදන්නේ බැටන් පොල්ලෙන් වතුර ගන්න හැටි පොලීසිය හොදට දන්නවා . (දී)
එදානම් අපි ඇහුවේ "රාළහාමි මං පොලිසියෙ රාළහාමි මං - මහජනයගේ හිතවතා මෙ මං ...." කියලයි. (දී)
අපේ පොලිච්යට කවුද නරකයි කියන්නේ, ඒගොල්ලෝ පගා ගහන්නේ නැහැ, මිනිමරන්නේ නැහැ, දේශපාලක මහත්වරුන් ඉදිරියේ දෙකට, තුනට නැමෙන්නේ නැහැ. මගේ අදහස නීති ගරුකයි කියායි. (නි)
හොද අධ්‍යාපනයක් ලබපු අය නම් ඉදිරිය ගැන ටිකක් හරි හිතනවා (නි)
මේව මේ පොඩි දේවල්නෙ. ඇයි මේ පොලිසියටත් රජයටත් බනින්නෙ. (නි)
පොලිසියත් දේශපාලනීකරණය වෙලා වගෙයි. අහෝ ශ්‍රී ලංකා!(නි)
ධනවතුන් ලාබය වෙනුවන් සියල්ල විනාශ කරයි .දුප්පත් මිනිස්සු දුකේදී දේශපාලනය ධනවතුන් අතබව මතක තියාගන්න (නි)
මම ජීවත් වෙන්නේ යුරෝපා රටක.ලංකාවේ සහ මෙහෙ පොලිසියේ වෙනස ඔබලා දන්නවද?මෙහෙ පොලිසිය මහජනයාට ගරුකරනවා සහ ආරක්ෂා කරනවා.ලංකාවේ පොලිසිය...? (නි)
අන්තිමට කරන්නේ ඔක තමයි (දී)
මෙහෙමත් පොලිසියක්. (නි)
පොලිසිය දන්නේ අහිංසකමිනිසුන්ට මෙවැනි චන්ඩිකම් පෙන්වන්න විතරයි . නුරිවත්තේ මිනිසුන් 50ක් පමණ මරල ගැහැනුදරුවන් සියගණනක් දුෂනයකරපු බලවතුන්ට දෙකටත් නැවෙනවා.මතකද මීතොටමුල්ලේ මෙවැනිම කුණු ප්‍රස්නෙකට පොලිස්සිය කාන්තාවකට හිරිහැරකරපු ආකාරය. පොලිස්සියක් තියෙන්නේ සාමාන්‍ය ජනතාවට සේවයක් කිරීමට මිස හිරිහැර කිරීමට නෙවෙයි (දී)
මේ සිද්දෙයේදී පොලිසිය අකාරය ගැන මගේ පැහැදීමක් නැත (දී)