හවුන්ස්ලෝ ජනහඬ පදනම සංවිධානය කළ තුන් කොන් ක්‍රිකට් තරඟාවලිය පසුගියදා ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වුබව නිවේදනය කර ඇත.
ලන්ඩන් නුවරදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්තානය නියෝජනය කරමින් ආධුනික ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගීවූ තරඟාවලියක් පැවැත්වුයේ ප්‍රථම වතාවටය.
ලන්ඩන් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික, ඉන්දියා සහ පකිස්තා ජාතික ක්‍රිකට් ලෝලයින් ගෙන් සැදුම්ලත් ආධුනික ක්‍රිකට් සමාජ 19ක් මෙවර තරඟාවලියට සහභාගීවී ඇත.
මෙම තරගාවලිය සුදනම්කිරීමේ මුලික අරමුණ ඒ ඒ රටවල පිරිස් එකමුතුකිරීමත් ඒ මඟින් එම පිරිස් අතර සහයෝගීතාවයක් සහ මිත්‍රත්වයක් ගොඩනැගීමත් බව ජනහඬ කියයි.
ලන්ඩන් නුවර සැබවින්ම බහු ජාතික බහු ආගමික පරිසරයක් පෙන්නුම කරන බැවින් මෙවන් සහයෝගිතා වැඩකටයුතු තුලින් ඔවුනොවුන්ගේ සමාජීය, ආගමික සහ සුභ සාදක වැඩකටයුතු වඩාත් සාර්ථක කරගැනීම සඳහා පුළුල් වශයෙන් සහභාගීත්වයක් මෙන්ම උදව් උපකාරද ලබාගැනීමට හැකිවන බවද ඔවුන් පවසති.
හවුන්ස්ලෝ පාර්ලිමේන්තු මන්ත්‍රීනි සීමා මල්හෝත්‍රා, ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ එච්.එම.කේ.හේරත්, හවුන්ස්ලෝ නගරාධිපති සචින් ගුප්තා, පළාත් සභා මන්ත්‍රී ජග්දීෂ් ශර්මා, ගෝපාල් දිලාන්,ප්රිතම් ග්රේවාල් සහ ජෝන් චාර්ට් මෙම උත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස සහභාගීවුහ.
ජනහඬ පදනමේ අනුශාසිකා සුර්යා සමරවීර සහ කනෙක්ස් කනකතුරි ද එදින අරාධිතයින් අතර වුහ.
මෙම තරගය සංවිධානය කිරීමේ අනුග්‍රාහකත්වය ලබාදුන්නේ ශ්‍රී ලංකා ගුවන් සමාගමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවිධ ශ්‍රී ලංකා සමිති වල මුදල් වංචා වලට චෝදනා ලබපු අය ඉහත ඡයාරුප වල හිනාවී ගෙන ඉන්නවා.(නදී)
නගරාදිපති, මන්ත්‍රී ඔක්කොම ඉන්දියන් නේද ? ලංකාවෙන්, ඉන්දියාවෙන් බෝට්‌ටු වලින් හොරෙන් ගිය අයටත් බටහිර රටවල පුරවැසි භාවය දෙනවා. ඊට පස්සේ අපේ අය ඒ රටවල ලොකු පුටුවල වාඩි වෙනවා. ඔබාමා මහත්තය කළු උනත් ලොකුම පුටුව එයාට ලැබුණා. හැබය් සුද්දෝ මේවා දැකල නිකන් ඉන්නවා. මේක මෝඩ කමද, ශිෂ්ට සම්පන්න කමද කියල මම දන්නේ නෑ. හැබයි මේවගේ දේවල් අපේ රටේ උනානම් අපේ උදවිය මොනවා කරයිද කියලා හිතා ගන්නත් බැහැ.(නදී)
විජේසිංහ, ඔයා කියන එක හරි. ඕක බලපාන්නේ දැන්ම නෙමෙයි. අවරුදු 50ක් විතර ගිහින් උප සංස්කෘත පිහිටුවන්න කියන මානසිකත්වය එනකොට. නමුත් එංගලන්තයේ නීති මෙන්ම තරුණ පරමපරාවට ඕනෑ බටහිර සංකෘතිය තියෙන නිසා අවුරුදු 50 ක කාලය තුල මිනිසුන් උප සංස්කෘති, වෙනම නීති ඉල්ලන එකක් නැහැ කියලා හිතනවා. (නි)
විශේෂ කුසලතා මත පැමිණි දොස්තරලා සහ අනිත් වෘත්තිකයන් සුළු පිරිසක් හැරුනාම ඉතිරි සිංහලයෝ ඔක්කොම 'එසයිලම්' ගහපු අය මෙහෙ ඉන්නේ. (අ)
ඔය පුක්කුස වීරසිංහ නමින් ලියන්නේ වෙනකෙනෙක් කියලා නියම කෙනා කියනවා. මේගැන විපරම්කලොත් හොඳයි කියලයි මම හිතන්නේ. පුක්කුස මේගැන බ්‍රිතාන්‍ය පොලිසියට දැනුම්දෙනබව කියනවා. (ත)
ලන්ඩන් වල සිටින සමහර අපේ සිංහල අය යම් කෙනෙක් හොද දෙයක් කරන කොට ඉරිසියාව වගේ දැනෙනවා ඇති. එත කොට සමහර අපේම සිංහල කිහිප දෙනෙක් පමණක් තමන්ට කිසි දෙයක් කර ගන්න බැරිනිසා, රටට වැඩ දායක වැඩක් කරන අයගේ කකුලෙන් අදිනවා. අනුන්ගේ නම් පාවිච්චි කරමින් ඊ මේල් හදාගෙන මෙවැනි දේවල් කරනවා. නමුත් මේ අයව නීතියට ගෙන එන්න පුළුවන් පොලිසියට පැමිණිලි කිරීමෙන්. පොලිසියට දැනුම් දීමෙන් තමන් නිවැරදි බව ලෝකයට පෙන්නවන්න පුළුවන් ඔබගේ නම පාවිච්චි කරලා නම්. මට දුක කවදාද සිංහලයා එකමුතුව වැඩ කරන දවස එන්නේ කියලා මොකද සමහර අය මුදල් පසුපස යනවා ජාතියට හෙන ගැහුවත් ඒ අයට වැඩක් නැත. බොහොම දුකයි මේ වෙන දේවල් දිහා බැලුවම.(නදී)