පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ පැවැත්වෙන රැලියේ ක්‍රීඩා පිටියෙන් පිටත යොදා ඇති ශබ්ද විකාශන යන්ත්‍රවල රැහැන් කිසියම් පිරිසක් විසින් කපා දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කියයි.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ පැවැත්වෙන රැලියේ ක්‍රීඩා පිටියෙන් පිටත යොදා ඇති ශබ්ද විකාශන යන්ත්‍රවල රැහැන් කිසියම් පිරිසක් විසින් කපා දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝකටත් කියලා මම මගේ ලොකු පුතාට කිවුවා ඡන්ද වැඩ ටික ඒගොල්ලෝ බලාගනිවී. ගෙදරට වෙලා හිටපන් කියලා. (ර)
මෙහෙම වැඩ කරන්න ලැජ්ජා නැද්ද මන්දා (නි)
මේ ඡන්ද සටන නම් සෑහෙන අමාරු වේවි (නි)
ලැජ්ජාවේ බැහැ මේ වැඩ! (නි)
ඒ හින්දනේ අපේ ජනාධිපතිතුමා කිව්වේ මගේ ළඟ වෛරී දේශපාලනය නෑ කියලා(දිල්)
මට නිකන් ඉන්න වෙලාවට හිතෙනවා 9 වෙනිදායින් පස්සේ පඩිතුමාට මොන කල දසාවක් යාවිද කියලා ? (නදී)
දැන් පිස්සු බල්ලෝ වගේ කරන්නේ මොනවද කියලා තේරෙන් නැහැ. බලය හොයනවා විතරයි ඕනි. මිනිස්සු ඕනි නැහැ. මෛත්‍රි ජය වෙිවා. මොනවා කළත් අපි දිනනවා.(හේ)
සමහරවිට මේකත් විදේශීය බලවේගවල කුමත්‍කරී වැඩක් වෙන්න ඇති නේද?(හේ)
දැන් ඉතින් මොනවා හරි කියයි කව්ද දන්නේ ඕවගේ ඇත්ත නැත්ත. (ර)
මැතිවරණ ප්‍රචාරණයේ ලාභදායිම උපක්‍රම අනුගමනය කරනවා වගේ. (ර)
අපි නොදන්නා ලයිව් කිවුවලු. (නි)
මීටත් වැඩ ඉතා පහත් වැඩ තව තවත් කරාවි. හැබැයි ප්‍රතිපල නිකුත් වෙනකොට පරිස්සම් වෙන්න .(හේ)
මේ යන විදිය හරි නෑ වගේ.(හේ)
ශබ්ද විකාශන ඕනේ නැහැ. ඒවාට යන මුදල් දෙන්න පිලිකා රෝහලට. ජනතාව දන්නවා ඡන්දයක් තියන දවස (නදී)
අනේ මේ පරණ හංසයා නේ...අලුත් අයිතිකාරයත් එක්ක අලුත් නොම්මරයක් අරන්.(නදී)
රටේ සංවර්ධනයක් කරලා තියනවනන් වයර් කපන්න ඕනිද?(දිල්)
තවත් චන්ද ගුන්ඩුවක්. (නදී)
වෙනකෙනෙක් මාතර සංවිධානය කරනවට අකමැති කවුද කියලා අපි දන්නවා (නි)
"අපි නොදන්නා ලයිව් කිවුවලු" ඔබ නොදන්නා තව බොහෝ දේවල් තිබෙනවා (නි)
කවුරු මොනවා කළත් අපි ඔබ සමඟයි මෛත්‍රී මැතිතුමනි! (නි)
විරුද්ද පක්ෂ අපේක්ෂකයෙක් තරග කරන්න එපා නම් ඇයි ජනාධිපතිවරනයක් කැදෙව්වේ. මේක හරියට ක්‍රීඩා තරගයක් සංවිදානය කරලා තමන්ගේ කණ්ඩායම දිනවන්න ඕන නිසා අනික් කණ්ඩායම් ගහල එලවනවා වගේ වැඩක් .(නදී)
ඔය මොනවා ගොළු කළත් ජනතාවගෙ හඩ ගොළු කරන්න අමාරුයි එක දැනගත්තොත් හොදයි (දිල්)
වයර් කැපුවාම ඔක්කොම ඉවරයි කියලා හිතනවා ඇති (දිල්)
යන යකා කොරහත් බිඳගෙන යනවා කියලයි පැරැන්නෝ කියල තියෙන්නේ...බලෙන් මිනිස්සුන්ගේ මිදුල්වල කටවුට් ගහනවා, එකට විරුද්ධ වුනාම රෑට ඇවිත් ගහනවා. දැන් ශබ්ධ විකාශනවල වයර් කපනවා. වියරු වැටිලා තියෙන තරම පේනවනේ! බය නැත්නම් ජනතාවට තමන්ගේ තීරණේ නිදහසේ ගන්න ඉඩ දෙන්න බැරි මොකද? (හේ)
මෙහෙමත් ලජ්ජා නැති මිනිස්සු . ඔච්චර බය ද බලය නැති වේවි කියලා. (හේ)
පුළුවන් නම් මිනිස්සුන්ගේ ඡන්දෙත් නැති කරලා දාවි මෙයාලා (දිල්)
මෙහෙම පහත් වැඩ මීට කලින් කිසිම ආණ්ඩුවක් යටතේ මැතිවරණයකදී සිද්ධ වුනේ නැහැ. (ම)
වයර් විතරක් නෙවෙයි ඉන්ටෙනෙට් රුපවාහිනි දුරකථන , ස්කයිප් පුළුවන් නම් පත්තරවල පල කරන එක තහනම් කරන්නකෝ . එල්ලෙන්න වැල් නැති පොඩි පක්ෂ වත් මෙහෙම තුට්ටු දෙකේ වැඩ කරන්නේ නැහැ. (ම)
එතන කියන කතා ජනතාවට ඇහුණාම අපහසුවට පත්වෙන , ලජ්ජා හිතෙන කෙනෙක් කරන්න ඇති ...(ම)
මෛත්‍රී ජනාධිපති තුමනි, මේ බියගුළු, නොන්ජල් වැඩ වලින් ඔබට චන්ද වැඩිවෙනවා නොඅනුමානයි. අපි සියල්ල එකතුවී මේ නිවටයන් මැදින් ජයග්‍රහණයේ ගමන යමු. (නදී)
හංසයාට මේ තරම්ම බයයිද (දිල්)
මහින්ද මහත්තය දිනන්න හදන්නේ මෙහෙම කරලද..(නදී)
මීට වඩා බිහිසුණු දේවල් ඉදිරියේදී අපිට දකින්න ලැබෙන්නත් පුළුවන්. (නි)
මේක තනි පක්ෂයක රටක් නොවේ (නි)
කට්ටියක් බයවෙලා තිබෙන තරමක්! (නි)
මොනවා කළත් මේ සැරේ දිනනවා බොරු. (නි)
මේවා නොගැලපෙන බාල වැඩ.(හේ)
බය...බය...බය... නැතුව වෙන මොනවාද? (නි)
හොඳට හිතලා බලන්න කවුද මේවා කරන්නේ කියලා. (නි)
මේවා බලයෙන් වියරුවූ අය බලය සහ අසාධාරණයෙන් කරන දේවල්. මෙවර මහ ජනතාව බුද්ධිමත්ව තම ඡන්දය පාවිච්චි නොකළහොත්, ජනතාවට ඉතිරි වන්නේ කුමනාකාරයේ රටක්දැයි සිතාගත හැකියි (නි)