IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ළිං වතුර ප්‍රශ්නයට හූවත් එකතු වේ

වැලිවේරියේ රතුපස්වල ළිං වතුර ප්‍රශ්නයට විසඳුම් ඉල්ලමින් දෙදහසක් පමණ වන ගැමියන් හා පොලිසිය අතර ඇතිවූ බහින් බස් වීමෙන් පසුව බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා ඇතුළු නිලධරයන් වේදිකාවට නැග ශබ්ද විකාශන මගින් පිරිස අමතා අවසන් වන විටම හූ හඩ නැගී ආවේය.

ඔවුන් වේදිකාවෙන් නැග රැස්වීම පැවති ස්ථානයෙන් පිටව යන තුරු හූ හඩ නතර වූයේ නැත.

නියෝජ්‍ය පොලිස්පති පැවසූයේ මොරටුවේදී වතුර බෝතල් පහර එල්ල වීමට ඉඩ ඇති නිසා කිසම දේශපාලනඥයකු මේ රැස්වීමට නොපැමිණි බවයි.

එවිට සංවිධායකයකු ප්‍රශ්න කළේ ලිං වතුර අපවිත්‍ර වීමට හේතු වූ බව කියන කම්හල සම්බන්ධයෙන් පොලිසිය ගත් ක්‍රියාමාර්ගය පහදන ලෙසයි.

කුලරත්න මහතා මෙසේ කීවේය.

‘ලිංවලින් වතුර සාම්පල රැගෙන පරීක්ෂණයට යැව්වා. සමාගම සමගත් කතා කළා. අද මෙතන ඉදලා වැඩක් නෑ. හවස් වෙනකම් හිටියත් කිසිම දේශපාලනඥයෙක් එන්නේ නෑ. හෙට (සඳුදා) ගම්පහ දී බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ඒ ගැන සාකච්ඡාවක් පවත්වනවා. ගම නපියෝජනය කරමින් 50 දෙනකුට ඊට සහභාගී විය හැකියි.‘



අදහස් (0)

ළිං වතුර ප්‍රශ්නයට හූවත් එකතු වේ

ආනන්ද ආර් Sunday, 28 July 2013 05:51 PM

වතුර බෝතලේට බයවෙලා තියන තරම! මැතිවරණ කොමසාරිස් තුමනි, වතුර බෝතලය ඡන්ද සලකුණක් කරන්න බැරිද? (දී)

:       0       0

සමන් Sunday, 28 July 2013 06:20 PM

කොට්චර දේවල් සිදු උනත් අපේ ජනතාව චන්දෙදි අනාගන්නව.රුපියල් 100කට බත් පාර්සලයකට රැවටෙන ජනතාවක් ඉන්නේ. (දී)

:       0       0

පිටිගල Sunday, 28 July 2013 06:42 PM

ඉතා හොඳ ප්‍රවනතාවයක්. වතුර බෝතල් වෙනුවට වෙනත් දේවල් පාවිච්චි කරන්න ජනතාව පටන් ගනීවි ඒ ලඟට. එතකොට නං නවත්වගන්න පොලිසියට ටිකක් අමාරු වේවි. දෙසපාලකයන්ට පාරක බැහැලා යන්න බැරිවේවි මෙහෙම උනොත්. ජනතාව හැමදේම ඉවසන සීමාවක් තියෙනවා. (දී)

:       0       0

විජේබා Sunday, 28 July 2013 06:49 PM

ඔය ලින් වතුරෙන් වතුර බෝතල් පුරවල පාර්ලිමේන්තුවට හද්දීස්සියෙන් හරි ආවොත් තව ප්‍රශ්නයක්. ඉක්මනට ටෙස්ට් කරන්න. අනිත් එක ඒ ඇතුලේ ගහගන්නේ ඔවෙඉන් හින්ද ඔතෙන්ට එන්න බයත් ඇති (දී)

:       0       0

නාමල් Sunday, 28 July 2013 12:27 PM

සාකච්චාවක් හරි ලැබුනේ උද්ගොෂණ කල නිසයි. බලමු කම්හල වන්දි ගෙවයිද කියලා? කම්හලේ නම පලකරන්න (නි)

:       0       0

ශාන සෞදි Sunday, 28 July 2013 12:40 PM

මොකද මේකට කිසිවක් මොකවත් ලියලා නැත්තේ. (නි)

:       0       0

පාලිත Sunday, 28 July 2013 12:51 PM

පොලිසිය හෝ හමුදාව දැනගත යුතුයි ඔය මහා ජනතාව අතර හමුදාවේ පොලිසියේ අයගේ දෙමුපියන්, සහෝදර සහෝදරියන් සිය ගණනක් සිටිය හැකි බව (නි)

:       0       0

සිසිර Sunday, 28 July 2013 01:18 PM

සුරේ එකටම කම්හල ගානක් දීලා ඇති (නි)

:       0       0

නිරාල් Sunday, 28 July 2013 01:16 PM

චන්ද කොළ දෙන්නත් එන්න එපා මැතිවරණ කාලෙට. මොවුන් හිතන් ඇත්තේ ඔවුන්ට ඇමතිකම් අහසින් පහත් වෙලා එහෙම නැත්තන් උප්පතියෙන්ම අරන් ඇවිත් කියලා. (නි)

:       0       0

පහන් Sunday, 28 July 2013 02:25 PM

හෙල දෙරණේ ගිනි අවිගත් යුද සෙබළුනි, අසනු මැනවි. යුක්තිය උදෙසා මොරදෙන ජනයා මඩිතොත් නිරතව වැනසෙන්නේ නුබද අයත් පන්තිය බව සිතට ගන්න්න (නන්දා මාලනි) (නි)

:       0       0

පහන් මඩුගල්ල Sunday, 28 July 2013 02:37 PM

අපු නැති කට්ටියට වතුර බෝතල් වලින් ගහන්නෙත් නැහැ කතිරේ ගහන්නේත් නැහැ බලමුකෝ මොකෝ වෙන්නේ කියල .දැන් මේකේ අදහස් දාන චක්‍ර වර්තිලා කියන්නේ දෙනදෙයක් කාල වෙන දෙයක් බලන ඉන්න කියලද . කදානේ ගෙදර ,කට්ටියට ගෝල්ඩන් ගෙදර මේ සටනේදී දරන වෙහෙස අගය කරමි (දී)

:       0       0

සමරේ Sunday, 28 July 2013 02:41 PM

වතුරබෝතල් වෙනුවට මොනව හරි ලැබේවි, චන්දෙනම් ලැබෙන එකක් නැහැ . හැමදාම බොරුව රජකරයිද. (දී)

:       0       0

ලුම්බිණි Sunday, 28 July 2013 02:50 PM

නියෝජ්‍ය පොලිස්පතිගේ කතාවත් අර ලේකම්ගේ කතාවට දෙවැනි නැහැ. මොරටුවේදී වගේ වතුර බෝතල් පහර එල්ල වීමට ඉඩ ඇති නිසා කිසිම දේශපාලනඥයකු මේ රැස්වීමට නොපැමිනෙන බව වේදිකාවක ඉදන් කියන කොට මිනිසුන් හූ නොකිය වෙන මොනවා කියන්නද? (දී)

:       0       0

කරුණාජීව Sunday, 28 July 2013 04:07 PM

මෙතරම් කර්මාන්ත පුර සහ වෙළඳ කලාප තියෙද්දිත් ඇයි මෙවැනි කම්හල් ජනතාව පදිංචි වෙලා සිටන ප්‍රදේශ වල පිහිටුවා තියෙන්නේ. පැහැදිලි විසඳුම් තියෙනවනේ මෙවන් ප්‍රශ්න වලට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 4 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 259 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1413 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1575 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 553 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1779 3

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37036 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24402 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site