IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ළදරු ඡායාරූපකරණයේ ආකර්ෂණීයත්වය වෙනුවෙන් maagee & co

20160825Radesh-2ඡායාරූප කලාවට නව තාක්ෂණික ශිල්පක්‍රම එකතු වන්නේ යම්සේද නව සංකල්පයන්ද එකතු වේ. අතීතයේ පැවති ඡායාරූප කලාව හා වර්තමාන ඡායාරූප කලාව පිළිබඳව මඳක් සැලකිලිමත්ව අවධානය යොමු කළහොත් ඡායාරූප කලාවට මේ දක්වා එකතු වී ඇති විවිධාකාර සංකල්ප හා නැඹුරු වීම් හඳුනාගත හැකිය. එම සංකල්ප දහසකුත් අතරේ අලුත උපන් කිරිකැටියන්ගේ ඡායාරූප විවිධ තේමාවන් ඔස්සේ ලබාගැනීම වර්තමානය වන විට සමස්ත ලෝකයේම ජනප්‍රිය වී ඇත. ඒ එම ඡායාරූප මගින් ඔබේ කිරිකැටියාගේ හුරතල් පෙනුම තවත් තීව්‍ර කර කැමරා කාචයේ  සටහන්කර ගැනීම නිසායි.

මෙම නව සංකල්පය යුරෝපය ඇතුළු අපරදිග රටවල වඩාත් ජනප්‍රිය වී ඇති අතර, දැන් දැන් එය අප රට තුළද දැකගත හැකිය. එවන් ළදරු ඡායාරූපකරණයේ ආකර්ෂණීයත්වය රඳවා තබාගැනීම වෙනුවෙන් විවිධ තේමාවන් හඳුන්වා දෙන තරුණියක අපට හමුවිය. ඇය නමින් ඉරංගි ලෙස අපි ඔබට හඳුන්වා දෙන්නෙමු. ඇය ළදරු ඡායාරූපකරණයේ නව මානයන් පිළිබඳව අප සමග මෙලෙස අදහස් බෙදාගනු ලැබීය.

අලුත ඉපදුන චූටි බබෙක්ගේ ලස්සන ඉරියව් ඡායාරූපගත කිරීම පහසු දෙයක් නොවෙයි. නමුත් අපි පැය කිහිපයක් තුළ ගන්නා වෙහෙස මහන්සිය තුළින් ආකර්ෂණීය ඡායාරූප එකතුවක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

20160825Radesh-1අපි ළඟට රැගෙන එන බබාලාට ඒ ඒ අයට විශේෂ වූ තේමාවන් සකස්කර දී ඒවාට අදාළ ඇඳුම් ආයිත්තම්, වටපිටාව සකස්කර එහි නිර්මාණශීලී බව ඇති කිරීමයි මා විසින් සිදුකරන්නේ. මගේ ස්වාමිපුරුෂයා වන රදේෂ් මා විසින් ඡායාරූප සඳහා සූදානම් කරනු ලබන ළඳරුවන්ව කැමරාවට හසුකර ගැනීම සිදුකරනවා.

මට මේ වගේ දෙයක් කරන්න මුලින්ම අදහස ආවේ අන්තර්ජාලයේ තිබුණු ළදරු ඡායාරූප එකතුවක් නැරඹීමෙන් පසුවයි. නිර්මාණකරණය පිළිබඳ මගේ තිබුණු දක්ෂතාවයත් එක්ක මේ වගේ නිර්මාණශීලී තේමාවන්වලට ළදරු ඡායාරූප ලබාගැනීමට හැකියාවක් ඇති බව මම මගේ සැමියාට පැවසුවා. ඒ අනුව ඔහු මට උදව් කළා මගේ නිර්මාණශීලී හැකියාව උපයෝගී කරගෙන අපේ රටට අලුත් සංකල්පයක් හඳුන්වා දෙන්න.

මෙම සංකල්පය විදෙස් රටවල වඩාත් ජනප්‍රියයි. නමුත් අපිට ඒක තාම අලුත්. ඒ නිසාම අපේ රටේ මේක කරන්න ටිකක් අපහසුයි. මොකද මේ සඳහා වැයවන පිරිවැය ටිකක් වැඩියි. බබාලගේ ඇඳුම්, පසුතලය ආදිය නිර්මාණය කරගැනීම අපේ රටේ ටිකක් අමාරුයි. දැනට මම විදේශයන්ගෙන් මේවා ආයනයනය කරලයි ඡායාරූපකරණය සඳහා යොදාගන්නේ.

අපි එක බබෙක්ට පාවිච්චිකරන ඇඳුම් පැලඳුම් හා පසුතලය තවත් බබෙක්ට පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම දෙමව්පියන් ඉල්ලීමක් කළොත් ඔවුන්ගේ හිතේ තිබෙන අදහසක් අනුව මේ දේවල් නිර්මාණයකර දෙන්නත් හැකියාවක් තිබෙනවා.

ඇත්තටම මෙය මම වෘත්තියක් හෝ ව්‍යාපාරයක් ලෙස නොවෙයි සිදුකරන්නේ.

මම ඉතා ආශාවෙන් විනෝදාංශයක් ලෙසයි සිදුකරන්නේ. පුංචි බබාලාට ලස්සට අන්දලා පුංචි පුංචි ලස්සන විලාසිතා කරන එක හිතට හරිම සතුටක් ලැබෙන දෙයක්. දැන් අපි මෙම ඡායාරූපකරණ වැඩපිළිවෙළ සකස් කරලා මාස 5ක් විතර වෙනවා. දැනට හොඳ ප්‍රතිචාර අපිට ලැබෙනවා. එක බබෙක්ගේ පින්තූර ගන්න අපිට පැය 5කට වැඩි කාලයක් යනවා. ඒ චූටි බබාලත් එක්ක මේ වගේ වැඩ කරද්දී ගොඩාක් ප්‍ර‘වේසමෙන් කරන්න ඕන නිසයි.

සාමාන්‍ය‘යෙන් බබෙක් මාස එකහමාරකට වඩා අඩු වයසක ඉද්දී ඡායාරූප ගන්න ලැබනවා නම් හොඳයි. ඒ වගේම බබාලා නිදාගෙන ඉද්දි තමයි ලස්සන පින්තූර ගන්න පුළුවන්. මොකද ඒ වෙලාවේ තමයි අපිට බබාව ලස්සන පසුතලයක තියලා පින්තූර ගන්න පුළුවන්. නැත්නම් වටපිටාවේ ඉන්න අයව දැකලා එයා කලබලවෙලා අඬනවා.

පුංචි බබාලා නිදාගෙන ඉද්දි ඡායාරූප ගන්නකොට ඇහැරෙනවා. ඉතින් පින්තූර ගන්න යම්කිසි වෙලාවක් දෙන්න වෙනවා.

අපි ළඳරු සමට හානි නොවන පසුබිම් මේ සඳහා යොදා ගන්නවා. ඒ පසුබිම් ඉතා මෘදුව සැප පහසුවට නිපදවලයි තියෙන්නේ. එවැනි පසුබිම් සකසන්න යොදාගන්නා අමුද්‍රව්‍ය අපේ රටෙන්ම සපයාගන්න පුළුවන්නම් අපිට වැයවන පිරිවැය අඩුකරගත හැකියි. දැනට බබාලගේ ඇඳුම් මහන්න උදව්වට කෙනෙක් ඉන්නවා. අනෙක් දේවල් අපි ආනයනය කරලයි ගෙන්වා ගන්නේ.

ළදරු ඡායාරූප ගැනීම් සඳහා අපි මවටයි, බබාටයි අවශ්‍ය පහසුකම් ලබාදෙන්න මම වෙනමම කාමරයක් සකසලයි තිබෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ මුදල් දැරීමේ හැකියාව අනුව පැකේජ් 5ක් හඳුන්වා දී තිබෙනවා.  අපේ මිල අධිකම පැකේජය රුපියල් 500,000ක් පමණ වෙනවා. එහිදී දරු ප්‍රසූතියට පෙර ගර්භිණී සමයේ මවගේ ඡායාරූප ගැනීමත්, baby Shower එක, ඉපදුණු ගමන් රෝහල තුළදී ඡායාරූප ගැනීම, මාසයකට පසු බබාගේ ඡායාරූප ගැනීම, අම්මා කැමති තව මාසයකදී ඡායාරූප ලබා ගැනීම, පළමු උපන්දිනයට පෙර Cake Smash නැත්නම් බබා පළමුවරට කේක් එකත් එක්ක ලබන අත්දැකීම් හා දරුවාගේ පළමු උපන්දින සැමරුම ඡායාරූපගත කිරීම එම පැකේජයට ඇතුළත් කර තිබෙනවා.

මම මුලින්ම මේ අදහස අනුව ඡායාරූප ගත්තේ මගේ ඥාති බබෙක්ගේ. ඊට පසුව අපි maagee & co  නමින් ළදරු ඡායාරූපකරණය ආරම්භ කළා. ඒ සඳහා  අපි බත්තරමුල්ලේ රොබට් ගුණවර්ධන මාවතේ අංක 157/20 දරණ ලිපිනයේ පිහිටි අපේ නිවසේ කාර්යාලයක් පවත්වාගෙන යනවා. අපිව 0773 550550 හෝ 0777 255222 යන දුරකථනයට අංක හරහා සම්බන්ධ කරගත හැකියි.

නදීශානි පතිරණ

20160825Radesh-3 20160825Radesh-4 20160825Radesh-5 20160825Radesh-6 20160825Radesh-7 20160825Radesh-8 20160825Radesh-9 20160825Radesh-10 20160825Radesh-11

 



අදහස් (0)

ළදරු ඡායාරූපකරණයේ ආකර්ෂණීයත්වය වෙනුවෙන් maagee & co

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 121 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 88 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1660 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 693 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1617 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1292 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site