ළමා නිවාසයක දරුවන් දෙදෙනකු අපයෝජනයට ලක් කළැයි කියන හා ළමයින් හත් දෙනකුට පහරදුන්නැයි කියන කළමණාකරුවකු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නැයි කළුතර අතිරේක මහෙස්ත්‍රත් අයේෂා අබ්දීන් මහත්මිය නියෝග කළාය.
ළමයින් සම්බන්ධ අධිකරණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා නිවාස භාර වෙනම කාර්යාංශයක් රටේ තිබෙනවා. සම්මුඛ පරීක්ෂණ එහෙම තියලා කළමනාකරුවන් පත් කරන්නේ ඒ අයයි. ළමා අපයෝජකයෙක් හැරෙන්න හොඳ ගතිගුණ තිබෙන කෙනෙක් ලංකාවෙන් හොයාගන්නම බැරි වුණා නම් ඔහුව පත් කළ අයවත් උසාවියට ගෙන්වා ප්‍රශ්න කළ යුතුයි. (නි)
මොවුන්ට දඩුවම් දෙන්න කියලා වෙන කාට හරි බාරදෙන්න ඕනෑ. පාතාලේ කට්ටියට දුන්නොත් හොඳයි. නැත්නම් හිරගෙදර කට්ටියට. එහෙම නැතුව මෙවැන්නන්ට තේරෙන්නේ නැහැ තමන් කරන අපරාධයේ තරම. (නි)
හැම තැනම අපයෝජන අනේ මන්දා ප්‍රාදේශීය මන්ත්‍රීලා ඇතුළු මේ ඔක්කොමලව ගිහින් දාන්න ඕනේ සිම්බාබ්වේ හරි ස්වාසිලන්තය හරි වගේ රටකට අන්තංපුරේකට වෙලා හිටපල්ලා කියලා.(නදී)
ළමා හා කාන්තා ආරක්ෂක දෙපාර්තමේන්තුව නිලදාරීන් පත් කරන්නේ මොන ප්‍රමිතියකින්ද?මේ දරුවන්ගේ ජිවිතවලට කව්රුන්ද වගකිවයුත්තේ?මේ කලමනාකාරිවරයාව වැරදි ඔප්පුකර ප්‍රසිද්දියේ දඩුවම් දෙන්න!අපරාද කරුවන්ට සුදු අත්දිග කමිස කළු කලිසම් සපත්තු මේස් උසාවි එනකොට කව්ද සපයන්නේ?දැන් හිර කාරයෝ හරිම ආඩම්බරයෙන් උසාවි යන්නේ ඔෆීස් යනකොට අදිනවට වඩා ජැන්ඩියට ඇදගෙන යන්නේ!මොවුන් නැවත සමාජයට කොහොමද මුහුණ දෙන්නේ?ඔහොම ගියොත් ලංකාව අපරාද කාරයන්ටම සින්න් වෙච්ච දේශයක් වෙනවා නුදුරේදීම!(නදී)
ළමා අපචාර කරන්නන් සහ අනෙකුත් සියලුම අපරාධකරුවන්ගේ සිවිල් අයිතිවාසිකම් අහෝසි කළයුතුයි. ඔවුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කළයුතුයි. (නි)
ඇත්තටම ළමයි කියන්නේ රටක අනාගතය. ඒ අනාගතය සුරකින්න අපි මීට වඩා පියවර ගන්න ඕනෑ. මෙහෙම දේවල් දිගින් දිගටම සිද්ධ වෙන්න දෙන්න බැහැනේ. නීතිය මීට වඩා තද වෙන්න ඕනෑ. ළමා පරපුර විනාශ වෙන්න දෙන්න බැහැ. (නි)