පසුගිය ජනවාරියේ සිදුවූ හොරොව්පතානේ පාසල් දැරියගේ දෙපා පිළිස්සීමේ සිද්ධිය ගැන කිසිවක් හොරොව්පතාන පොලිසියෙන් වාර්තා කර නැතැයි ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක කියන්නීය.
ලංකාදීප පත්‍රයෙන් එය දැනගත් වහාම වාර්තා කැඳවීමට පියවර ගත් බවත්, ළමයින්ට එරෙහි වද හිංසා ගැන හැම පොලිසියක්ම ළමා රක්ෂණ අධිකාරියට දැනුම් දීම සාමාන්‍ය සිද්ධියක් බවත් ඇය සඳහන් කරන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස් කියලා මදි (දී)
හැම දෙයක් ම පොලිසිය ට භාර දීල හරියන්නේ නැහැ. ළමයින් සම්බන්ධව කටයුතු කරන්න බලතල තියෙන අය පත්තර වලින් වාර්තා වෙනකන් ඉන්නේ නැතිව මේවා කලින් ම සොයා බලන්න ඕන.(දිල්)
ඕවා කරන්න කාටද වෙලාව තියෙන්නේ? වාහන දෙකතුනක් නවත්වලා පන්සීයේ කෑලි දෙකතුනක් කපාගෙන, කුඩු ටිකක් ගංජා ටිකක් බිස්නස් කරගෙන, හැන්දෑවට ඩ්‍රින්ක් එකට හොර අරක්කු කාරයෙක් හරි කසිප්පු කාරයෙක් හරි අල්ලගන්නකොට දවස ඉවරයි.(නදී)
ළමා රක්ෂණ අධිකාරිය සැමවිට වෙනත් පාර්ශවයන්ට දොස් කීම, අත්අඩංගුවට ගැනීම, බලපෑමක් ඇතිවූ විට නිදහස් කිරීම හැර කර ඇති දෙයක් නැත. කුරුනෑගල විදුහල්පතිට කල අපරාදය ගැන මහජන විරෝදය දැන් වෙන පැත්තකට හරවන්න බොරු පුරසාර ගසයි.(නදී)
විසි එක්වන සියවස උදාවී තිබුනද ලාංකිකයා තවම ජීවත් වන්නේ අන්ධකාරය සමග බව මේ පුවත සනාත කරයි. අප්‍රිකාවේ සමහර ප්‍රදේශ වල ජීවත් වන නොදියුණු නූගත් වනචාරී ගෝත්‍රිකයන් සහ ගම් වල ජීවත් වන අපගේ ග්‍රාමීය ජනතාව අතර වැඩි වෙනසක් නොමැත. මීට හේතුව කුමක්ද ? අපගේ ප්‍රධාන පුවත් පත් වල අරගෙන බලන්න. මේ පුවත් පත් වල නිතිපතා මිත්‍යාව ගුරුකම් ප්‍රවර්ධනය කරති. ජනතාව මෝහ අන්ධකාරයෙන් මුදා ගැනීම වෙනුවට මෙම පුවත් පත් වල ලියන්නන් කරන්නේ මෝහ අන්ධකාරය වඩ වඩාත් සමාජය තුලට කාවැද්දීමයි. මෙම කා වැද්දීම කරන්නේද සාවද්‍ය ලෙස බුදු දහමද පටලවමිනි.මිත්‍යාව සමාජගත කිරීම හරහා ජනතාව මීහරකුන් ලෙස පාලනය කිරීමට පාලකයන්ට හැකියාව ලැබෙයි. පුවත පත් හරහා ගුරුකම් , විශ්ව බලය යනාදී ප්‍රලාප මගින් සමාජය නූගත් කිරීමද මෙයට එක් හේතුවකි. මෙවැනි නූගත් මෝහයෙන් වැසී ගිය සමාජයක් දේශපාලකයන්ට ආශිර්වාදයකි.(නදී)
පිලියන්දල පොලිසිය වගේ.(නදී)
සමහර පොලිසි කසිප්පු පොළවල් ඉවත් කරන්නත් මාසයක් කල් ඉල්ලන්නේ . තුවාල පොඩියි කියල ලොක්කෙක් කියල තිබුනේ.(නදී)
මේ ළමා රක්ෂණ අධිකාරිය බණ කතා කරනවා ,(අ)
පොලිසිය ළමයි පස්සේ යන්නේ නැහැ, පොලිසියට කාගෙන් හෝ ඔත්තුවක් ලැබුනොත් පොලිසිය ඒ ගැන සොයා බලාවි.(අ)
ලංකා පොලිසියට ඕනේ තරම් වෙන වැඩ තියෙනවා ළමුන් බලා ගන්නවාට වඩා. (අ)
ඒ වගේ වැදගත් වැඩ ඇරෙන්න තව කොච්චර වැඩ කරන්න තියෙනවාද? (දී)
බැනලා වැඩක් නැහැ දෙකක් දෙන්න ඕනේ (දී)
පොලිසිය හොයලා බලලා වැඩකලා නම් අද ලංකාවට මෙහෙම කලක් යයිද? (දී)
දැන් ළමයි බලන්නත් පොලිසියට වෙලා වගේ (දී)
මේ සිද්දියේදී බලවතුන් හිතා මතාම අහිසකයින්ට වද දී ඇති බව පැහැදිලියි.මේ හැමෝටම නීතියේ සාදාරනය ඉටු වේවා! ලංකාදීප පිටුපසින් සිටින නිසා මේ අහිංසකයින්ට දැන් ආරක්ෂාවක් තියනවා.(දී)
අපි නොදන්න පොලිසිය. අහින්සකයෙක්නම් බලා ගන්න තිබුනා ක්‍රියාත්මක වෙන ව්දිහ. (දී)
සත්‍යයා , ඔය හරියට හරි (අ)