IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ළමා ශ්‍රමිකයන් 45,000ක් මෙහෙකාර සේවයේ

(විනීතා එම් ගමගේ)

වයස අවුරුදු 18ට අඩු ළමයින් 45000 කට ආසන්න පිරිසක් මෙහෙකාර සේවය ඇතුළු ශ්‍රම බලකායේ සිටින බව කම්කරු දෙපාර්තමේන්තුව කියයි.

එය සමස්ත ළමා ජනගහනයෙන් සියයට එකකි.

මෙම පිරිස අතරින් වැඩිම ළමා ශ්‍රමිකයන් සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇත්තේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්වල බව ද ඔහු පෙන්වා දුන්නේය.

දකුණු ආසියාතික රටවල් හා සංසන්දනයේ දී ශ්‍රී ලංකාව සතුටුදායක තැනක සිටින නමුත් රටක් ලෙස සතුටුවිය නොහැකි යැයි කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (27) පැවසීය.

2022 වසර ජාත්‍යන්තර ළමා ශ්‍රමය පිටුදැකීමේ වසර ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් නම් කර ඇති බව ද චන්ද්‍රකීර්ති මහතා කීය.

ඒ අනුව ලබන වසර අවසන් වන විට ගණිකාවෘත්තිය, අසභ්‍ය වී‍ඩියෝ පටවලට පෙනී සිටිම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, වැනි නරකම ආකාරයේ කටයුතුවලට ළමයින් යොදවා ගැනීම සම්පූ‍ර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නා බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග ශ්‍රී ලංකාව එකඟතාතවයකට පැමිණ ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම 2025 වෙද්දී ළමා ශ්‍රමය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට ද එම සංවීධානය සමග එකගතාවකට ආ බවත් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

 



අදහස් (3)

ළමා ශ්‍රමිකයන් 45,000ක් මෙහෙකාර සේවයේ

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 27 July 2021 11:37 AM

2025 වෙනකං බලබලා ඉන්නේ කුමටද? වහාම මේ ළමයි 45000 ළමා මෙහෙකාර සේවයෙන් නිදහස් කරගෙන, එම දරුවන්ට රජයෙන් මුදලක් ගෙවන්න. ඔවුන්ගේ දිළිඳුබවට කිසියම් වැඩදායී සේවයක් සලසන්න. දේශපාලන අංශවලට සියලු සැපසම්පත් වලින් සමන්විත අධි සැප පහසුකම්... ඒත්, මේ අසරණ දරුවන් ගැන කිසිඳු වගකීමක් නොමැත...

:       0       0

අතුල සෞදි Tuesday, 27 July 2021 02:24 PM

ලැජ්ජයි කොමසාරිස්තුමා... තමන්ගේ රාජකාරිය හරියට නොකිරීම පිළිබඳ මාධ්‍යයට කීම. මේවා ගැන සොයා නොබැලුවාට මේ අයටත් දඬුවම් දියයුතුයි...

:       0       113

SUNIL MILANO Tuesday, 27 July 2021 04:15 PM

මේ කොමසාරිස් නිකන් නින්දෙන් නැගිටලා වගේ දැන් තමයි ගණනය කරපුවා එළියට දාන්නේ... මෙපමණ දවසක් කොහේද දන්නේ නැහැ හිටියේ..? ජනාධිපතිතුමනි, මේ අය බුරුතු පිටින් අස්කරලා දාන්න. කිසිම දෙයක් කරන්නේ නැතිව පින් පඩි ගන්නවා.

:       0       29

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැසි
2024 නොවැම්බර් මස 06 62 0

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා


ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 2001 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 1494 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 274 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 3446 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1448 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 420 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1333 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 704 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site